Upul Narandeniya

Upul Narandeniya Medical Doctor

කතානායක ඇවිදල තියෙන්නෙත් ඉන්ධන වලින්ද ? 🤪
23/08/2026

කතානායක ඇවිදල තියෙන්නෙත් ඉන්ධන වලින්ද ? 🤪

🔴කථානායකට ඉන්ධන ලීටර් 6,122ක්..
නියෝජ්‍ය කථානායකටත්
සීමාව ඉක්මවා ඉන්ධන!
විගණනයෙන් හෙළිදරව්වක්...

8 වන සහ 9 වන පාර්ලිමේන්තු සභාවාරයන්හි කථානායක, නියෝජ්‍ය කථානායක සහ පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු උසස් තනතුරු දරන්නන්ගේ ඉන්ධන භාවිතය සහ වරප්‍රසාද සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් මඟින් තොරතුරු අනාවරණය කර තිබේ. කථානායකවරයාට ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් සීමාවන් පනවා නොතිබීම හේතුවෙන් 9 වන පාර්ලිමේන්තුවේ අවසන් වර්ෂ දෙක වන 2023 සහ 2024 වර්ෂවලදී ඔහු සාමාන්‍යයෙන් මාසිකව පිළිවෙළින් ඉන්ධන ලීටර් 3,994ක් හා 6,122ක් භාවිත කර ඇති බවත්, එය 2022 වර්ෂයට සාපේක්ෂව පිළිවෙළින් 66%ක සහ 155%ක ප්‍රශ්නගත වර්ධනයක් බවත් වාර්තාව පෙන්වා දෙයි. මේ සඳහා අදාළ වර්ෂවලදී පිළිවෙළින් රුපියල් 19,373,866ක සහ රුපියල් 26,045,103ක වියදමක් දරා ඇත.

නියෝජ්‍ය කථානායක ධුරය කැබිනට් නොවන අමාත්‍ය ධුරයකට සමාන කර වරප්‍රසාද ලබා දී තිබුණද, නියමිත ඉන්ධන සීමාවන් ඉක්මවා වාහන තුනකට අමතරව පෞද්ගලික මෝටර් රථයක් සඳහාද රුපියල් 8,545,037ක් වටිනා ඉන්ධන ලීටර් 21,299ක් ලබාගෙන ඇති බව හෙළි වී ඇත. මීට අමතරව, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා 2022 සහ 2023 වර්ෂවලදී එකවර නිල වාහන දෙකක් භාවිත කර ඇති අතර, 2022 සිට 2024 දක්වා කාලය තුළ අමාත්‍යාංශ ලේකම්වරයෙකුට හිමිවන ප්‍රමාණය මෙන් විශාල අතිරික්තයක් ලෙස ඉන්ධන ලීටර් 15,063ක් (රුපියල් 6,071,690ක් වටිනා) භාවිත කර ඇත. එපමණක් නොව, නියෝජ්‍ය මහලේකම් සහ සහකාර මහලේකම්වරුන්ගේ සීමාව ඉක්මවූ පෞද්ගලික වාහන භාවිතය සඳහා රුපියල් 8ක අවම මුදලක් අය කිරීම නිසා 2015 සිට 2022 ජුනි දක්වා කාලය තුළ රජයට රුපියල් 2,712,995ක මුදලක් අහිමි වී ඇති බවද විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

21/08/2026


20/08/2026

I’m dreaming fast 💨

17/08/2026

Learn about EL Nino effect

14/08/2026
පෙරහැරේ VIP ගාර්ඩ් දාගෙනම නටන්න ඕනද ඉතිං. ලංකෙවෙ කෙල්ලො ඒ තරන්ම සංවර නැද්ද..?
14/08/2026

පෙරහැරේ VIP ගාර්ඩ් දාගෙනම නටන්න ඕනද ඉතිං. ලංකෙවෙ කෙල්ලො ඒ තරන්ම සංවර නැද්ද..?

වෛද්‍යවරැන්ගේ සේවයට සරිලන වැටුපක් ඔවුන්ට ලැබෙනවාද? වෛද්‍යවරුන්ගේ රාජකාරිය, දීමනා හා පහසුකම් ගැන මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය...
12/08/2026

වෛද්‍යවරැන්ගේ සේවයට සරිලන වැටුපක් ඔවුන්ට ලැබෙනවාද?

වෛද්‍යවරුන්ගේ රාජකාරිය, දීමනා හා පහසුකම් ගැන මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්‍යාලයට තොරතුරු ඉල්ලීමක් යොමු කළා. මේකට හේතුව උනේ වෛද්‍යවරුන් හිඟය මැද අමාරුවෙන් ඇදගෙන යන මහනුවර දිස්ත්‍රික්කයේ එක්තරා රෝහලක වෛද්‍යවරුන් සම්බන්ධ ව සමාජ මාධ්‍යයේ දමා තිබූ අපහාසාත්මක පළකිරීම්. ලබා ගත් තොරතුරුවලින් හෙළි වෙන කරුණු කීපයක් මම කියන්නම්. ඉතිරිවා ඔබට ම කියවගන්න අදාළ ලේඛන මම මෙහි පළ කරලා තියෙනවා.

මේ රෝහලේ ප්‍රශස්ත කාර්‍යයන් සඳහා වෛද්‍යවරුන් 8ක් අවශ්‍ය වුවත් ඉන්නේ 4යි. ඉතුරු අය ලබාගන්න, කාඩර් එක වැඩි කරන්න කියලා ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්‍යාලයෙන් අදාළ තැන්වලින් ඉල්ලීම් කරලා තියෙනවා.

මේ අදාළ මාසයේ දී වෛද්‍යවරුන් මිනිස් පැය 1136 ක් ඔන්කෝල් හා දෙවන ඔන්කෝල් රාජකා‍රි කර තිබෙනවා. නමුත් ඔවුන්ට ගෙවා ඇත්තේ පැය 240ක් සඳහා පමණයි. ඉතිරි පැය 896 ම රාජකාරි කර ඇත්තේ ගෙවීමක් නොලබා.

රාත්‍රියක පැය 18ක් ඔන්කෝල් රාජකාරි කරන වෛද්‍යවරයකුට උපරිම ගෙවා ඇත්තේ උපරිම ව දිනකට පැය 6ක් සඳහා පමණයි. ඉතිරි පැය 12ම රාජකාරි කරන්නේ ගෙවීමක් නොලබා. මෙහෙම තත්තවයකත් සමහරු බලාපොරොත්තු වෙනවා රාත්‍රී ඔන්කෝල් රාජකාරියේ ඉන්න වෛද්‍යවරයෙක් සම්පූරණ වෙලාවම රෝහලේ රැඳී ඉන්න ඕන කියලා.

ලංකාවෙ වෛද්‍යවරයෙක්ගේ ශ්‍රමය කොච්චර සූරාකෑමකට ලක් වෙනවා ද කියන එක මේ තොරතුරු මගින් හොඳින් බලාගන්න පුළුවන්. ලංකාවේ බොහෝ ප්‍රාදේශීය රෝහල්වල තත්ත්වය මේක තමයි.
Copied from Rangana Kuruwita
Post credit to Rangana Kuruwita

Adresse

Brønshøj

Underretninger

Vær den første til at vide, og lad os sende dig en email, når Upul Narandeniya sender nyheder og tilbud. Din e-mail-adresse vil ikke blive brugt til andre formål, og du kan til enhver tid afmelde dig.

Kontakt Praksis

Send en besked til Upul Narandeniya:

Genveje

Del