International Meditation Centre - Scotland

International Meditation Centre - Scotland කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස් අති​න්..

To teach the original teachings of the Buddha in the
Theravada tradition
and to support the spiritual development and mindfulness

*විශේෂ තෙදින නේවාසික භාවනා වැඩසටහන*කාර්යබහුල ජීවිතයේ ලද කෙටි විවේකය අර්ථවත් කරගනිමින්, උතුම් සීලයක් සමාදන්ව, පින්වත් ස්ව...
22/08/2026

*විශේෂ තෙදින නේවාසික භාවනා වැඩසටහන*

කාර්යබහුල ජීවිතයේ ලද කෙටි විවේකය අර්ථවත් කරගනිමින්, උතුම් සීලයක් සමාදන්ව, පින්වත් ස්වාමීන් වහන්සේලා ඇසුරේ ධර්මය ඉගෙන ගැනීමටත්, බණ භාවනා කරමින් නිරාමිස සතුටක් අත්විඳීමටත් ඔබට අනර්ඝ අවස්ථාවක් උදා වී ඇත. දෙලොව සැපවත් කරන පින් රැස් කරගැනීම උදෙසා ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කරනු ලබන සුවිශේෂී තෙදින නේවාසික භාවනා වැඩසටහන සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

වැඩසටහන් විස්තර:

දිනයන්: අගෝස්තු 28, 29 සහ 30

සහභාගීත්වය: සීමිත පිරිසකට පමණක් අවස්ථාව ඇත (කරුණාකර ඔබගේ පැමිණීම කල්තියා තහවුරු කරන්න).

ස්ථානය: ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා අසපුව, Kirkton Court, Kirriemuir, DD8 4JT.

අර්ථවත් මිනිස් ජීවිතයක්: භාවනාව තුළින් ඔබේ කාර්යබහුල මිනිස් ජීවිතය වඩාත්ම සුවපත් වන අතර එය වඩාත් අර්ථවත් බවට පත් කරයි.

සිත දියුණු කරගැනීමේ සුවිශේෂී ක්‍රමය: සිත දියුණු කරගන්නා සුවිශේෂී ක්‍රමය භාවනාවයි. ඔබට භාවනාව දියුණු කරගත හැකිනම්, මේ ජීවිතයේදීම ඔබේ සිත වේගයෙන් දියුණු වීමට පටන් ගනී.

ලැබීමට අපහසු දුර්ලභ අවස්ථාවක්: මේ ලෝකයේ සිත දියුණු කරනු ලබන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. ඒ සඳහා ලැබෙන මෙම දුර්ලභ අවස්ථාව මගනොහැර ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න.

වැඩසටහනේ සුවිශේෂී පහසුකම්:

උතුම් අටසිල් සමාදන් වීම: මෙම වැඩසටහන පැවැත්වෙන කාලය පුරාවටම සැදැහැවතුන් හට අටසිල් සමාදන්ව වාසය කිරීමේ අවස්ථාව සැලසෙන අතර, එමගින් ජීවිතයට සුවිශේෂී අධ්‍යාත්මික යහපතක් උදා කරගත හැක.

නවාතැන් පහසුකම්: කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවයටම සහභාගි විය හැකි අතර, දෙපාර්ශවය සඳහාම වෙන වෙනම ආරක්ෂිත නවාතැන් පහසුකම් සලසා ඇත.

දුරකථන: 078 18305734

විද්‍යුත් තැපෑල (Email): [email protected]

ලියාපදිංචිය (Online Registration):
👉 https://meditationscotland.uk/meditation-retreat/

🌟🙏 *Namo Buddhaya!* 🙏🌟  Great news for parents! Registration is now OPEN for new students joining our *Online Dhamma Sch...
21/08/2026

🌟🙏 *Namo Buddhaya!* 🙏🌟

Great news for parents!
Registration is now OPEN for new students joining our *Online Dhamma School (UK) for the 2027 Academic Year*.

Give your child the gift of Dhamma learning, guided by experienced monks and teachers, in a supportive online environment.

📅 *New academic year starts:* Sunday, 13 September 2026
📌 *Induction Session:* Mandatory for all new parents & students

👉 Register your child’s interest here:
https://docs.google.com/forms/d/e/1FAIpQLSfG8KZLfeSnK5LH1iLYyFzNDzlZqcm6-hvnLz0273SCrj3d8g/viewform

Theruwan Saranayi 🙏🙏

නමෝ බුද්ධාය !පසුගිය අගෝස්තු 15 වන සෙනසුරාදා උදෑසන සහ දවල, මහ සගරුවන 12 නමක් විෂයෙහි පරිශ්කාර සහිතව සංඝගත දක්ෂිනාවක්, අසප...
21/08/2026

නමෝ බුද්ධාය !

පසුගිය අගෝස්තු 15 වන සෙනසුරාදා උදෑසන සහ දවල, මහ සගරුවන 12 නමක් විෂයෙහි පරිශ්කාර සහිතව සංඝගත දක්ෂිනාවක්, අසපුවට සම්බන්ධ පිංවතුන්ගේ එකමුතුවෙන් පැවැත්වින.

පිං කැමති ඔබත් දැකබලා සතුටුව අනුමෝදන් වෙත්වා !

21/08/2026

A lot of people ask about Buddhism and where to start reading, so h...

20/08/2026
20/08/2026

ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් විසින් සේරුවිල ශ්‍රීමත් ලලාට ධාතුන...

නමෝ බුද්ධාය !එක්සත් රාජධානිය මහමෙව්නාව Online දහම් පාසලේ 2027 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුනට දැන් ලියාපදිංචි විය හැක. ලිය...
19/08/2026

නමෝ බුද්ධාය !

එක්සත් රාජධානිය මහමෙව්නාව Online දහම් පාසලේ 2027 අධ්‍යයන වර්ෂය සදහා නවක සිසුනට දැන් ලියාපදිංචි විය හැක.
ලියාපදිංචියෙන් පසු දහම් පාසලේ සියලු කටයුතු පිළිබඳ දැනුවත් කෙරෙන Induction session එකට සහභාගී වීම අනිවාර්‍ය වේ.
එළඹෙන සැප්තැම්බර් 13 වෙනි ඉරිදා සිට Online දහම් පාසල අලුත් වර්ශය සදහා ආරම්භ වේ.

තෙරුවන් සරණයි🙏🙏

Namo Buddhaya!

Registration is now open for new students for the 2027 academic year at the Mahamevnawa UK Online Dhamma School.
After registration, attendance at the Induction Session, where you will be informed about all aspects and activities of the Dhamma School, is mandatory.
The Online Dhamma School will begin its new academic year on Sunday, 13 September.

Theruwan Saranayi🙏🙏

*ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා අසපුව   ආරම්භ කොට වසර දෙකයි !* 2026 අගෝස්තු 16 වන හෙට දිනට, ස්කොට්ලන්තයේ කිරිමිය හි පිහිටි ම...
16/08/2026

*ස්කොට්ලන්ත මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කොට වසර දෙකයි !*

2026 අගෝස්තු 16 වන හෙට දිනට, ස්කොට්ලන්තයේ කිරිමිය හි පිහිටි මහමෙව්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය මිලදී ගෙන වසර 2ක් සම්පූර්ණ වේ.
මාතෘ භූමියෙන් බැහැරව වාසය කරන බොහොමයක් සැදැහැවතුන්ගේ සිතට මහත් වූ සැනසීමක් හා දහම් ආලෝකයක් ලබාදෙන මෙම සොඳුරු පින්බිම පිළිබඳව, ශ්‍රද්ධා රූපවාහිනියේ "මනුපියස" වැඩසටහන ඔස්සේ පැවැත්වූ විශේෂ සාකච්ඡාව නැරඹීමට පහත සබැඳිය (Link) ඔස්සේ එකතු වන්න.
▶️ වීඩියෝව නැරඹීමට: https://youtu.be/FDaGZ8dBWBU
සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏

: www.soyuru.lk

නමෝ බුද්ධාය !Sustainable Kirremuir සංවිධානය ඊයේ දින අප ස්කොට්ලන්තයේ මහමෙව්නාව අසපුව කේන්ද්‍ර කරගෙන අප අසපුවට සම්බන්ධ දරු...
16/08/2026

නමෝ බුද්ධාය !

Sustainable Kirremuir සංවිධානය ඊයේ දින අප ස්කොට්ලන්තයේ මහමෙව්නාව අසපුව කේන්ද්‍ර කරගෙන අප අසපුවට සම්බන්ධ දරුදැරියන් ගේ සහභාගීත්වයෙන් පරිසර සංරක්ෂණ වැඩසටහනක් එම සංවිධානයට සම්බන්ධ ස්වේච්ඡා සාමජිකයන්ගේ එකමුතුවෙන් පැවැත්වුණා.

අප පින්වත් ස්වාමින් වහන්සේ විසින් දරුදැරියන් පංචසීලයේ පිහිටුවා අගනා කෙටි ධර්මානුශාසනාවකින් අනතුරුව, වැඩසටහනකට ආරම්භ කෙරුණා.

එහිදී අප දරුදැරියන් කුරුල්ලන් සදහා bird boxes සකස් කර අසපු බිම පුරා ඒවා සවිකරා.

ඊට අමතරව වන මල් වගාවක්, Kirremuir Community Garden චාරිකාවකට සම්බන්ධ වෙමින් අගනා පාරිසරික අත්දැකීමක් ලබා ගත්තා.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව්බඹ විහරණයත්, සතුනට හා පරිසරයට දයානුකම්පාව, ආදරය දැක්වීම කොතරම් අගනා දෙයක් දැයි එහිදී දරුදැරියන් ඉගෙන ගත්තා......

Namo Buddhaya!

The Sustainable Kirremuir organization held an environmental conservation program yesterday at the Mahamevnawa Monastery in Scotland with the participation of children associated with the monastery.

Our Venerable Thero established the children in the Panchasila and after a valuable short sermon, the program was started.

There, our children prepared bird boxes for birds and installed them throughout the monastery grounds.

In addition, we gained a valuable environmental experience by participating in a wild flower cultivation and a tour of the Kirremuir Community Garden.

The children learned how valuable it is to practice the four virtues of kindness, compassion, equanimity and equanimity, and to show compassion and love to animals and the environment......

Address

MIMC Scotland Kirkton Court
Kirriemuir
DD84JT

Alerts

Be the first to know and let us send you an email when International Meditation Centre - Scotland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share