NK Medical Laboratories Pvt Ltd

NK Medical Laboratories Pvt Ltd We brings the reliability to your doorsteps... Feel the modern, reliable and speedy diagnostic experience...

12/06/2026
ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන..DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) - දියවැඩි...
07/05/2026

ඔන්න අද කියන්න යන්නේ දියවැඩියාව නිසා හම්බවෙන තවත් එක තෑග්ගක් ගැන..

DIABETIC NEPHROPATHY ( ඩයබිටික් නෙෆ්‍රෝපති ) - දියවැඩියාව සමග එන වකුගඩු රෝගය

දියවැඩියාව කියන ලෙඩේ එක්ක සමහර අයට මුල් කාලෙදි ලොකුවට රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑනේ.අපේ ගොඩක් අය ලෙඩකට බෙහෙතක් ගන්න පෙළඹෙන්නේ දරාගන්න බැරි අමාරුවක් වේදනාවක් තිබ්බොත් විතරයි.එහෙම නැත්නම් අවුරුදු ගානක් වුනත් ඔහේ ඉන්නවා කට්ටි පැන පැන ගොඩ බෙහෙත් කර කර.

දියවැඩියාව කියන ලෙඩේ තියන කෙනෙක්ට කෙලවෙන්නෙම ඔන්න ඔතන.ඇගට එහෙමට ලොකු කේස් එකක් නෑ.මාසයක් දෙකක් බෙහෙත් අරන් නවත්තලා දානවා.

හැබැයි මේ ලෙඩේ භයානකකම තියෙන්නෙම ඔතන.දියවැඩියාව කියන්නේ එක ලෙඩක් නෙවෙයි.ලෙඩ පැකේජ් එකක් එක්ක එන ලෙඩක්.

ඔය ලෙඩ පැකේජ් එකේ එන එක ලෙඩක් තමයි මේ වකුගඩු රෝගය කියන්නේ.

වෙන්නේ මේකයි..

සාමාන්‍යයෙන් මේක දියවැඩියාව කියන රෝගය කෙනෙක්ට හදුනාගෙන අවුරුදු 10-15ක් විතර ගියාට පස්සේ තමයි වෙන්නේ.

දියවැඩියාව කියන්නේ අපේ රුධිරයේ තියෙන සිනී ප්‍රමාණය ඉහල යන එකටනේ.ඉතින් මෙහෙම කාලයක් තිස්සේ ඕන ගානට වඩා රුධිරයේ සිනී තියෙන්න තියෙන්න ඒක අපේ ගොඩක් අවයව වලට නරක විදියට බලපානවා.එයින් එකක් තමයි වකුගඩු කියන්නේ.

වකුගඩු කියන්නේ අපේ ඇගේ තියන රුධිරය ෆිල්ටර් කරන අවයවය.අපේ ඇගට ඕන දේවල් තියාගෙන ඕන නැති දේවල් ෆිල්ටර් කරලා අපේ ඇගෙන් මූත්‍රා විදියට අයින් කරලා දාන එක තමයි එයාගේ වැඩේ.
මේකට උදව් වෙන්නේ Nephron කියලා පොඩි අයිටම් එකක්.මේ nephron මිලියන් දෙකක් විතර එකතු වෙලා තමයි අපේ වකුගඩු වැඩ කරන්නේ.

ඉතින් දියවැඩියාව නිසා ටිකෙන් ටික කාලයත් එක්ක මෙන්න මේ වකුගඩු වලට ඩැමේජ් වෙනවා.එතකොට ඔය කිව්ව ෆිල්ටර් කරන වැඩේ හරියට කරගන්න බැරිවෙනවා.ඊට පස්සේ අපේ ඇගට ඕන ඒවයි ඕන නැති ඒවයි එපා ඒවයි ඔක්කොම ටික අපේ ඇගේ එකතුවෙන්න ගන්නවා.ඊට පස්සේ තමයි ඔන්න ලෙඩේ පටන් ගන්නේ.

සමාන්‍යයෙන් කාටහරි කෙනෙක්ට වකුගඩු අමාරුව තියෙනවා කියලා දැනගන්න ක්‍රම දෙකක් තියෙනවා..

1.වෙනත් රෝග සායන වලදි හෝ අහඹු ලෙස කරන මූත්‍රා හෝ රුධිර පරීක්ෂණ මගින් -
මොකද සාමාන්‍යයෙන් වකුගඩු රෝගීන් මුල් අවස්ථා වලදී රෝග ලක්ෂණ එන්නේ නෑ.ඉතින් ඒ නිසා දියවැඩියාව අධි රුධිර පීඩනය වගේ සායන වලදි මාස තුනෙන් තුනට serum creatinine / සීරම් ක්‍රියැටිනීන් කියන පරික්ෂාව කරනවා.ඒකෙන් අපට යම් අදහසක් ගන්න පුලුවන් කෙනෙකුගේ වකුගඩු වල ක්‍රියාකාරිත්වය ගැන

2.රෝග ලක්ෂණ නිසා පසුව කරන පරීක්ෂාවන් මගින් -
වකුගඩු රෝගයේදි එන රෝග ලක්ෂණ සමහරවිට ටිකක් සංකීර්ණයි.ඒ කියන්නේ විවිධ විදියට මේ රෝග ලක්ෂණ එන්න පුලුවන්..මෙන්න මේක අනිවාර්යයෙන් එනවා කියලා කියන්න අමාරුයි.මේ පහලින් කියන්නේ මූලික අවදියේදි එන්න පුලුවන් රෝග ලක්ෂණ ටිකක්...

✅කකුල් සහ මුහුණ ඉදිමීම
✅අධික මහන්සිය
✅කෑම අරුචිය
✅මූත්‍රා සමග පෙණ පිටවීම
✅සමෙහි ඇතිවන කැසීම්

ඊට අමතරව මේක අපේ ශරීරයේ තියන බහුතරයක් පද්ධති වලට සහ අවයව වලට බලපාන රෝගයක්..ඉතින් මේ නිසා වකුගඩු අමාරුව තියන අයට ගොඩක් රෝග ලක්ෂණ අමාරුකම් එන්න පුලුවන්.මේ පහලින් කියන රෝග ලක්ෂණ ගොඩක් එන්නේ වකුගඩු අමාරුවේ පසු අවදි වලදි...

✅නිතර එන ඔක්කාර ගතිය,වමනය කෑම අරුචිය
✅වකුගඩු අමාරුව නිසා ශරීරයේ රක්තහීනතාවය එන්න පුලුවන්.ඒ නිසා මහන්සිය කම්මැලිගතිය වගේ දේවල් දැනෙන්න පුලුවන්
✅හුස්ම ගැනීමට අපහසුවීම
✅සිහිමද ගතිය,අධික හිසරදය
✅සම වියලීම සහ කැසීම
✅නින්ද නොයාම
✅අස්ථි වල ඇතිවන දුර්වලතා ,කොන්ද කැක්කුම
✅මානසික ඒකාග්‍රතාවය නොමැති වීම
✅රුධිර පීඩනය වැඩිවීම

වගේ දේවල්......

මේ වගේ රෝග ලක්ෂණ ඇතිවුනාට පස්සේ වකුගඩු අමාරුව diagnosis / රෝග නිර්ණය කරගන්නේ කොහොමද ?

❎මුලින්ම රුධිර පරීක්ෂණ විදියට

S.Creatinine - වකුගඩු වල ක්‍රියාකාරිත්වය බලන්න මේ පරීක්ෂාවෙන් පුලුවන්
eGFR - මේ පරීක්ෂාවෙන් බලන්නේ වකුගඩු වල රුධිරය පෙරීමේ හැකියාව.වකුගඩු වල ක්‍රියාකාරිත්වය අඩුවෙන්න අඩුවෙන්න මේ අගය අඩුවෙනවා.වකුගඩු රෝගීන් වර්ගීකරණය කරන්නත් මේ අගය යොදාගන්නවා...

❎මූත්‍රා පරීක්ෂණ / UFR වලිනුත් මේ ගැන අදහසක් ගන්න පුලුවන් - මූත්‍රා වල ප්‍රෝටීන සහ sugar තිබීම මගින්

❎ස්කෑන් පරීක්ෂණ
උඩින් කිව්ව රුධිර පරීක්ෂණ සහ ultra sound scan එකක් යන දෙකම එකතුව විදියට අරන් තමයි හරියටම වකුගඩු රෝගය නිශ්චය කරගන්න පුලුවන් වෙන්නේ..

ඔය විදියට තමයි වකුගඩු රෝග වලට එන රෝග ලක්ෂණ එන්නේ සහ රෝගය නිශ්චය කරගන්නේ...

මෙහෙම වකුගඩු රෝගය ඇතිවෙලා කියලා දැනගත්තට පස්සේ ඒක රිවස් කරන්න ප්‍රතිකාර නෑ.කරන්න ඕන තව දුරටත් ඩැමේජ් වෙන එක අඩු කරන්න ප්‍රතිකාර කරන එකයි මේ නිසා එන සංකූලතා අඩුකරගන්න ප්‍රතිකාර කරන එකයි.ඒ ටික මම තව පෝස්ට් එකකින් ලියන්නම්.

පේනවනේ දියවැඩියාව එක්ක එන එක තෑග්ගක තරම..තව ඉවර නෑ.ලියන්න නම් බොහෝමයි.හිමීට ලියමු..

වකුගඩු අමාරු ගැන ඔයාලටත් මොනවාහරි අත්දැකීම් තියෙනවා නම් කමෙන්ට් තීරුවේ ලියාගෙන යන්න.කෙනෙක්ට ඒවා වැදගත් වෙයි.

( උපුටාගැනීමක් )

මුත්‍රා වල වර්ණයෙන් ඔබේ සෞඛ්‍ය ගැන දැනගන්න පුළුවන් බව ඔබ දන්නවාද? 🤔🩺අපි වතුර බොන ප්‍රමාණය අනුව මුත්‍රා වල පාට වෙනස් වෙන ...
25/11/2025

මුත්‍රා වල වර්ණයෙන් ඔබේ සෞඛ්‍ය ගැන දැනගන්න පුළුවන් බව ඔබ දන්නවාද? 🤔🩺

අපි වතුර බොන ප්‍රමාණය අනුව මුත්‍රා වල පාට වෙනස් වෙන බව අපි දන්නවා. නමුත් වතුර වලට අමතරව ඔබ ගන්නා ආහාර, බෙහෙත් වර්ග සහ ශරීරයේ සැඟවුණු රෝග ගැනත් මේ වර්ණයෙන් කියැවෙනවා.

👇 වර්ණය අනුව තත්ත්වය බලාගන්න:

1️⃣ ඉතා පැහැදිලි / අවර්ණ (Clear): ඔබ ඕනාවටත් වඩා වතුර බොනවා විය හැකියි. මෙය ශරීරයේ ලවණ (Electrolytes) දියවීමට හේතු විය හැක. එසේම මෙය අක්මා රෝග (Cirrhosis/Hepatitis) වල ලක්ෂණයක් වීමටත් පුළුවන්.

2️⃣ ලා කහ හෝ තද කහ (Yellow/Amber): මෙය සාමාන්‍ය තත්ත්වයයි. නමුත් තද කහ පැහැයෙන් කියවෙන්නේ ඔබ විජලනය (Dehydration) වී ඇති බවයි. වතුර බීම වැඩි කරන්න. Vitamin B ගන්නා විටදී ද තද කහ පැහැයක් ගත හැක.

3️⃣ තැඹිලි පාට (Orange): පිත්තාශයේ හෝ අක්මාවේ ගැටළුවක් (පිත රුධිරයට එක්වීම) විය හැක. නැතිනම් ඔබ වතුර බොනවා මදියි.

4️⃣ තද දුඹුරු / තේ පැහැති (Dark Brown): මෙය බරපතල විජලනය හෝ අක්මා රෝගී තත්ත්වයක් විය හැක. එසේම අධික ව්‍යායාම නිසා මාංශ පේශි බිඳවැටීමකදී (Rhabdomyolysis) වුවද මෙය සිදුවිය හැක.

5️⃣ නිල් හෝ කොළ පැහැති (Blue/Green): මෙය ඉතා කලාතුරකින් වන දෙයක්. ආහාර වර්ණක, ඇතැම් බැක්ටීරියා ආසාදන හෝ ඖෂධ වර්ග නිසා මෙය සිදුවිය හැක.

6️⃣ පෙන සහිත බව (Foamy): මුත්‍රා වල පෙන ස්වභාවයක් තිබේ නම් එය වකුගඩු රෝගී තත්ත්වයක් හෝ මුත්‍රා වල ප්‍රෝටීන් වැඩි වීමක් විය හැක.

⚠️ විශේෂ අවවාදයයි: ඔබේ මුත්‍රා වල අසාමාන්‍ය වර්ණයක් දින 2-3 කට වඩා පවතී නම්, හෝ මුත්‍රා සමඟ රුධිරය පිටවේ නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

මේ වැදගත් කාරණය ගැන දැනුවත් වෙන්න, යාලුවොත් එක්ක
#මතුගමඅපි

Address

Delgas Junction, Yatiyana
Agalawatta
12200

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when NK Medical Laboratories Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category