28/09/2025
ඉයේ දින(2025/09/28) වඩිනාගල ප්‍රාදේශීය රෝහලේ ඖෂද හා රෝහල පිලිබඳ සමීක්ෂණය හා අධීක්ෂණ කටයුතු සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීමේ අංශයේ නිලධාරින් අප රෝහල වෙත පැමිණි අතර එම නිලධාරින්ගේ සියලු අධීක්ෂණයන්ගෙ අනතුරුව අප රෝහලේ කාර්‍ය මණ්ඩලය හා ඔවුන්ගේ කාර්‍යන් බෙහෙවින් අගය කලහ,
අප රෝහලේ ඖෂධ ගබඩාවේ ඇති පිරිසිදු කමත්,
නිවැරදිව හා අනුපිළිවෙළින් ලේබල් කරමින් අසුරා ඇති ඖෂධ පිලිබඳවත්,
එම නිළධාරි බෙහෙවින් අගය කරමින් කියා සිටියේ ඔවුන් දුටු හොදම රෝහල වඩිනාගල ප්‍රාදේශීය රෝහල බවය.
ඒ වෙනුවෙන් අප රෝහලේ ඖෂධ සංයෝජක නිලධාරියා වන සම්පත් මහතාටත්,ඖෂධ ගබඩාව නිසි ආකාරයෙන් පිරිසිදුව පවත්වාගෙන යන අපගේ කාර්‍ය මණ්ඩලයටත් ස්තූතිය පුද කරමු...
එමෙන්ම හදිසි ප්‍රතිකාර ඒකකය
5s සංකල්පය යටතේ සකසා,
නියමිත ආකාරයට අපද්‍රව්‍ය බැහැර කරමින්,
සියලු උපකරණ ලේබල් කර,
ශීතකරණයද නියමිත ආකාරයට නඩත්තු වීමද,
එහි පවතින උශ්නත්ව මානය හා දිනපතා උෂ්ණත්වය සලකුණු කිරීමද,
ඖෂධ අල්මාරි ආකර්ෂණීය ආකාරයට ලේබල් කරමින්,
කල් ඉකුත්වන ඖෂධ කල් තියා දින පෙනෙන ආකාරයට දර්ෂණය වීමට සලස්වමින්,
මනා පිලිවෙලකට හා පිරිසිදුව පවත්වාගෙන යාමට හෙද නිළධාරින් හා සියලුම කාර්‍ය මණ්ඩල නිලධාරින් වෙහෙස වෙයි,ඒ පිළිබඳවද පැමිණි නිලධාරින් බොහෝ සෙයින් අපව අගය කලහ,
අවසාන වශයෙන් පැමිණි ඖෂධවේදීන් ඇතුලු සියලුම නිලධාරින් පවසා සිටියේ
"වැඩ කරන්න ආස හිතෙන් තැනක් ☺️"
යනුවෙන් ය...
ඉතින් මේ සදහා ඇප කැප වෙන අප රෝහලේ සියලුම නිලධාරින්ට අපගේ හදපිරි ස්තූතිය පුද කරන්නෙමු ❤️🙏