Medicare Thissa Wewa, Anuradhapura

Medicare Thissa Wewa, Anuradhapura For providing updated personalised medical care for you.

https://youtu.be/G5Q9qdgOMu8
06/11/2022

https://youtu.be/G5Q9qdgOMu8

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය | சுகாதார மேம்பாட்டு பணியகம் | Health Promotion Bureau |

පිළිස්සීමකදි ලබා දිය යුතු ප්‍රථමාධාරවිවිධ ආලේපන ගැල්වීම සුදුසුද?
08/10/2022

පිළිස්සීමකදි ලබා දිය යුතු ප්‍රථමාධාර
විවිධ ආලේපන ගැල්වීම සුදුසුද?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ශ්‍...

ළඟම ඉන්න කෙනෙකුට සර්පයකු දෂ්ඨ කළොත් දිය යුතු ප්‍රථමාධාර
08/10/2022

ළඟම ඉන්න කෙනෙකුට සර්පයකු දෂ්ඨ කළොත් දිය යුතු ප්‍රථමාධාර

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ශ්‍...

ළඟම ඉන්න කෙනෙකුට වලිප්පුව හැදුනොත් මොකද කරන්නේ?
08/10/2022

ළඟම ඉන්න කෙනෙකුට වලිප්පුව හැදුනොත් මොකද කරන්නේ?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ශ්‍...

අධික රුධිර වහනය විටකදී කල යුත්තේ කුමක්ද?
08/10/2022

අධික රුධිර වහනය විටකදී කල යුත්තේ කුමක්ද?

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සඳහා ශ්‍...

නිවසේදී රුධිර පීඩනය මැන ගන්නේ කෙසේද?
08/10/2022

නිවසේදී රුධිර පීඩනය මැන ගන්නේ කෙසේද?

නිවසේදි අදි රුදිර පීඩනය මෑනගන්නෙ කෙසේද || සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය | Health Promotion Bureau | සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යන.....

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකා වර්ගය - මුඛ පිළිකා ?
08/10/2022

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලම පිළිකා වර්ගය - මුඛ පිළිකා ?

ස්වයං මුඛ පරීක්ෂාව | Self mouth examination | Health Srilanka | Sinhala | Health Promotion Bureauසෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (HPB) යනු සෞඛ්‍ය අධ්‍යාපනය, සෞඛ්‍...

 #මුඛ පිළිකා වළක්වා ගමු. කල්තියා හඳුනා ගැනිමෙන් මරු - කටින් බේරේමු.
08/10/2022

#මුඛ පිළිකා වළක්වා ගමු. කල්තියා හඳුනා ගැනිමෙන් මරු - කටින් බේරේමු.

මරු - කටින් ගැලවූ මිතුරා ( සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)
—--------------------------------------------------------

"ඇත්තටම මේ අමාරුව මට දැනෙන්න අරගෙන මාස දෙක හමාරක් විතර වෙනවා. මුලින්ම යටි තොලේ වම් පැත්තේ උෂ්ණ බිබිලක් වගේ දෙයක් මතු වුණා. ඒක සනීප වෙන්න කල් ගත වුණ නිසා ඩිස්පෙන්සරියකින් වතාවක් බෙහෙතුත් අරගත්තා. ඊට පස්සෙ කාලයක් ගොඩ වෙදකම් කළා. ඒ කිසිම දේකින් තුවාලෙ නිට්ටාවට සනීප වුණේ නෑ. ඒ වෙලාවෙ ඔෆිස් එකේ යාළුවෙක් තමා කිව්වෙ, අපි මේක ඩෙන්ටල් එකට පෙන්නමු කියලා. අපි ගමේ ඉස්පිරිතාලේ ඩෙන්ටල් එකට ගියා. එතනින් ලොකු ඉස්පිරිතාලේ විශේෂඥ දන්ත සායනයට යැව්වා. එතනදි තුවාලෙන් කොටසක් ටෙස්ට් කරන්න අරගත්තා. රිපෝට් එක ගන්න මට ආපහු එන්න කියල පණිවිඩයක් එව්වා. රිපෝට් එකේ හැටියට මේක මුඛ පිළිකාවක්. ඇඟේ අනිත් තැන් වලටත් පැතිරෙන්න ඉඩ තියෙන නිසා ඉක්මනින් ඔපරේෂන් කරන්න ඕනෙ බව මම දැනගත්තෙ ඒ වෙලාවෙ"

ඊලඟ දවසේ ශල්‍යකර්ම ලැයිස්තුවේ මුලටම ඇතුළත් වෙලා ඉන්න 44 වියැති සුරේෂ්, මහ රෝහලේ වාට්ටුවක දි අපට හමුවුණ වෙලාවෙ තමන්ගෙ කතාව විස්තර කරන්න පටන්ගත්තේ ඒ විදිහට.

“මම පුද්ගලික ආයතනයක අයකිරීමේ නිලධාරී විදියට වැඩ කරන කෙනෙක්. අරක්කු සිගරට් නිසා මේ වගේ දේ වෙන්න පුළුවන් බව මම දැනගෙන හිටියා. ඒ හින්දා මම සිගරට් බිව්වේම නෑ. අරක්කු බීමත් හරිම කලාතුරකින්. ඒ වුණාට මම අවුරුදු විස්සෙ විතර ඉඳන් බාබුල් කියන විට කනවා. ඒවා ගෙදර ගෙනැත් තියාගෙන හැමදාම හවසට ටික ටික කෑවා. ටික කාලයක් මෙහෙම යනකොට පොඩි සැර දෙයක් කෑවත් කට දන්න පටන්ගත්තා. කොටින්ම මට කෑම කන්න වුණේ සුදට හදලා විතරයි. නෝනා පෙරැත්ත කළත් මේ පුරුද්ද මම මුලදී නැවැත්තුවේ ම නැහැ. නෝනගෙ ඉල්ලීම පිට පස්සේ නතර කරල දැම්මත්, දැන් පේන විදිහට ඒකේ බලපෑම දිගටම තිබිල තියෙනවා. බාබුල්වල තියෙන පුවක් දුම්කොළවලින් මෙච්චර විනාශයක් වෙන්න පුළුවන් කියලා මම හිතුවෙ නෑ”.

එහෙම කියලා සුරේෂ් මොහොතක් කල්පනාවට වැටුනා. ලෙඩ්ඩු බලන වෙලාව පටන්ගෙන, නැවතිලා ඉන්න අයගේ නෑදෑ හිතවත්තු එක්කෙනා දෙන්නා වාට්ටුවට එන්න පටන් ගනිද්දි, සුරේෂ් ආයෙම කතාව පටන්ගත්තා.

"මට ඉස්කෝලෙ යන වයසෙ දුවල දෙන්නෙක් ඉන්නවා. එයාල බය වෙයි කියල තාම ඇත්ත කතාව කිව්වෙ නෑ. ඉස්පිරිතාලෙන්, නෝනට ඇත්ත විස්තරේ කියන්න කියනකොටත් එයා රිපෝට් එක අඳුනන ඩොක්ටර් කෙනෙකුට පෙන්නලා මේක පිළිකාවක් බව දැනගෙන තිබුණා. යාළුවගෙ පෙරැත්තෙට එදා ඉක්මණින් මෙතනට නාවානම් මොනවයින් මොනවා වෙයි ද කියන්න බෑ. පවුලෙ රස්සාවක් කරන්නෙත් මම විතරයි". දිග සුසුමක් හෙළන ගමන් ඔහු එහෙම කිව්වා.
මගේ වාසනාවට මුඛ පිළිකාවේ මුල් අවස්ථාවේදීම ආපු නිසා ඔපරේෂන් එකෙන් පස්සේ එන්න පුළුවන් ප්‍රශ්න අඩුයි කියලා දොස්තර මහත්තය කිව්වා.

හෙට ශල්‍යකර්මය 100% ක්ම සාර්ථක වෙලා, මුඛ පිළිකාව නිට්ටාවටම සුව වෙන්න ප්‍රාර්ථනා කරන ගමන් මරු - කටින් යාන්තමින් ගැලවුනු ඔහුගේ කතාව ඔබට කියන්න අවසරයත් අරගෙනම අපි සුරේෂ්ට සමු දුන්නා.
…………….
මුඛ පිළිකාවට ප්‍රධාන හේතූන් ලෙස හඳුනාගෙන තිබෙන්නේ දුම්කොළ හෝ පුවක් සමඟ බුලත් විට සැපීම, දුම් බීම සහ මත්වතුර භාවිතයයි. සාම්ප්‍රදායික බුලත්විටට අමතරව විවිධ ආකාරයෙන් සැකසූ බාබුල් වැනි පුවක් සහ දුම්කොළ නිෂ්පාදනත් පිළිකාකාරක ලෙස ක්‍රියා කරනවා.

මුඛ පිළිකා යනු ශ්‍රී ලංකාවේ පිරිමි අය අතර සුලබම පිළිකා වර්ගයයි. සෑම දිනකම ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු මුඛ පිළිකාව නිසා මියයනවා. සෑම දිනකම හය දෙනෙකු මුඛ පිළිකා රෝගීන් ලෙස හඳුනා ගැනෙන අතර වඩාත් කනගාටුවට කරුණ වන්නේ ඒ අතරින් 70% ක් පමණ දෙනා රෝහලට පැමිණෙන විටත් තුන්වන හෝ හතරවන මට්ටමට වර්ධනය වූ සුව කිරීමට අපහසු අවසාන අවස්ථාවල පසුවීමයි. අවසාන අවස්ථාවල දී ප්‍රතිකාර කලත් මුහුණේ විකෘතිතා ඇති වන අතර, ආහාර ගැනීමේදී සහ කතා කිරීමේදී ඇති වන අපහසුතා ජීවිත කාලය පුරාවටම අත් විදීමට සිදුවෙනවා. ඒ වගේම තම රැකියාව පවා කර ගෙන යාමේ දුෂ්කරතා මතු වෙනවා.

මෙලෙස ඔබේත් ඔබගේ ආදරණීයයන්ගේත් ජීවිත අඳුරට ඇද දමන ඉහත කී භයානක පුරුදු වලින් නොපමාව අත්මිදීම මඟින් මුඛ පිළිකාවට ඇති අවදානම අඩු කරගන්න ඔබට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ අවදානම් හැසිරීම්වල යෙදෙන ඔබේ ආදරණියයන් එක්ක මේ පණිවිඩය බෙදාගෙන ඒ අයවත් ගලවාගන්න ඔබ කටයුතු කරාවි කියලත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබට යම් මුඛ සෞඛ්‍ය ගැටලුවක් ඇත්නම්, කල් නොයවා දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගැනීමත් ඉතා වැදගත්. ඔබ සැමට නිරෝගී දිවියක්!

Address

Thissa Wewa
Anuradhapura
50000

Opening Hours

Monday 06:00 - 08:00
16:00 - 20:00
Tuesday 06:00 - 08:00
16:00 - 20:00
Wednesday 06:00 - 08:00
16:00 - 20:00
Thursday 06:00 - 08:00
16:00 - 20:00
Friday 06:00 - 08:00
16:00 - 20:00
Saturday 07:00 - 08:00
17:00 - 20:00
Sunday 07:00 - 08:00
17:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Medicare Thissa Wewa, Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medicare Thissa Wewa, Anuradhapura:

Shortcuts

Share

Category