31/07/2024
"යෝ ගිලානං පස්සති, සෝ මං පස්සති"
"ගිලලුන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කිරීම හා සමානයි"
අපි උදේ ඉඳලා හවස් වෙනකම්ම කියා ගන්න බැරි තරම් වෙහෙසකර ජීවන සටනක නිරත වෙද්දි, ගතට හිතට නිදහසක්, විවේකයක් හොයන වාර අනන්තයි.. ඇත්තටම නම් සියලු මූලික අවශ්‍යතා සපිරෙනව නම් ගෙදරට වෙලා , ගෙදර ඇඳට වෙලා විවේකයෙන් ඉන්න අපි කොච්චර පෙරුම් පුරනවද?
ඒත් චුට්ටක් හිතන්න ! අසනීප වෙලා ඇඳට වැටුන කෙනෙක්ට කොයි තරම් සැප පහසුකම් දුන්නත් ඒ හිත ඉල්ලන්නෙම ආයෙ ඇවිදින්න, ආයෙ කලින් කර කර හිටපු හැම දේම කරන්න.කොටින්ම කිව්වොත් එහෙම උන දවසට හිත ඉල්ලන්නෙම අර පරණ කටුක , දුෂ්කර ජීවන සටනමයි..
ඒ කියන්නෙ 🤔
හිත ඉල්ලන්නෙ අපි ළඟ නැති දේමද??
🖋️වෙද හාමිනේ