Dr. Gayan

Dr. Gayan අපි ගැන දැනුවත් වීම සඳහා

සමහර අයට පොඩි තුවාලයක් වුණාම, ඒක සනීප වෙලා එතන වගේ ඉදිමිලා උඩට නෙරා එනවා නේද? මේවාට තමයි අපි කීලොයිඩ් (Keloids) කියලා කි...
29/04/2026

සමහර අයට පොඩි තුවාලයක් වුණාම, ඒක සනීප වෙලා එතන වගේ ඉදිමිලා උඩට නෙරා එනවා නේද?
මේවාට තමයි අපි කීලොයිඩ් (Keloids) කියලා කියන්නේ.

​ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ?
මේක ලෙඩක්ද?
පිළිකාවක් වෙන්න පුළුවන්ද?

අද අපි ඒ ගැන කතා කරමු. 👇

​📍 මොකක්ද මේ කීලොයිඩ් එකක් කියන්නේ?
​සරලවම කිව්වොත්, මේක අපේ ඇඟේ තුවාලයක් සුව කරන ක්‍රියාවලිය ඕනවට වඩා සිද්ධ වීමක්. සාමාන්‍යයෙන් තුවාලයක් වුණාම ශරීරයෙන් කොලජන් කියන ප්‍රෝටීනය හදනවා ඒ තුවාලය වහන්න. හැබැයි කීලොයිඩ් හැදෙන අයගේ සිරුරෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් කොලජන් හදනවා. ඒ නිසා තුවාලය සීමාවෙනුත් එහාට ගිහින් ලොකුවට වගේ හැදෙනවා.
​🤔 ඇයි මෙහෙම වෙන්නේ?
​සමහර අයට මේක ජානමය වශයෙන් එන දෙයක්. පවුලේ කාට හරි තියෙනවා නම් ඔයාටත් ඇති වෙන්න ඉඩ වැඩියි.
• ​තියුණු දෙයකින් වෙන කැපුම් තුවාල
• ​operation කරපු කැළැල්.
• ​හීරීම් නිසා ඇති වෙන තුවාල.
• ​පොඩි පිච්චීමක් වුණත් මේකට හේතු වෙන්න පුළුවන්.

​⚠️ මේකෙන් වෙන බලපෑම මොකක්ද?
​කෙලොයිඩ් එකක් නිසා ජීවිත අවදානමක් නෑ. ඒත්...
• ​ඒ තැන පෙනුම නිසා මානසික අවුල් වෙන්න පුළුවන්
• ​සමහර වෙලාවට තදින් කසන්න ගන්නවා.
• ​ඇඳුම් පැළඳුම් ගැටෙනකොට වේදනාවක් එන්න පුළුවන්.
• ​joint එකක වගේ තැනක හැදුණොත් අතපය හොලවන්න අපහසු වෙන්න පුළුවන්.

​🚫 මේක පිළිකාවක් වෙන්න පුළුවන්ද?
​බය වෙන්න එපා! කීලොයිඩ් කියන්නේ පිළිකාවක් නෙවෙයි. ඒකෙන් වෙනත් අවයව වලට හානියක් වෙන්නෙත් නැහැ.

⚠️හැබැයි ඔයාගේ ඇඟේ තියෙන ගෙඩියක් වේගයෙන් ලොකු වෙනවා නම් හරි පාට වෙනස් වෙනවා නම්, තනියම තීරණ ගන්නේ නැතුව වෛද්‍ය උපදෙස් ගන්න එක නුවණට හුරුයි.

​💊 මේවා නැති කරගන්න treatment තියෙනවාද?
​ඔව්, අනිවාර්යයෙන්ම. හැබැයි මේවා ගෙදරදී කපන්න හෝ මිරිකන්න යන්න එපා. එතකොට වෙන්නේ තවත් ලොකු වෙන එක.
Dermatologist කෙනෙක් හම්බවෙන්න.

​වැදගත්ම දේ:
ඔයාට කීලොයිඩ් හැදෙන ස්වභාවයක් තියෙනවා නම්, අනවශ්‍ය විදිහට ඇඟේ තැන් විදින්න (Piercing) හෝ Tattoo ගහන්න යන්න, තුවාල කරගන්න එපා. මොකද පොඩි ඉඳිකටු පාරකින් පවා ලොකු කෙලොයිඩ් එකක් හැදෙන්න පුළුවන්.

​මේ ගැන ඔයාලගේ අත්දැකීම් මොනවාද?

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

පරම්පරාවෙන් එන වකුගඩුවේ "දිය බුබුළු" රෝගය ගැන ඔබ දැනුවත්ද? 🧬🩺​සමහර වකුගඩු රෝග තියෙනවා ඒවා පරම්පරාවෙන් පරම්පරාවට එනවා. අද...
28/04/2026

පරම්පරාවෙන් එන වකුගඩුවේ "දිය බුබුළු" රෝගය ගැන ඔබ දැනුවත්ද? 🧬🩺

සමහර වකුගඩු රෝග තියෙනවා ඒවා පරම්පරාවෙන් පරම්පරාවට එනවා. අද අපි කතා කරන්නේ ඒවගේ ලෙඩක් ගැන. Polycystic Kidney Disease (PKD) එහෙමත් නැත්නම් වකුගඩුවල "Cysts" (තරල පිරුණු ගෙඩි) ඇතිවන රෝගී තත්ත්වය ගැන.

​⚠️ මොකක්ද මේ PKD කියන්නේ?
​සරලවම කිව්වොත්, අපේ වකුගඩුවල වතුර පිරුණු බුබුළු වගේ ගෙඩි විශාල ප්‍රමාණයක් හැදෙන එක. මේ ගෙඩි වල size එක සහ ගණන වැඩි වෙනකොට, වකුගඩුවේ ලේ පිරිසිදු කරන ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගන්නවා.
​මේක ගොඩක් වෙලාවට ජානමය (Genetic) තත්ත්වයක්. ඒ කියන්නේ අම්මට හෝ තාත්තට තිබුණොත් දරුවන්ට එන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි පවුලේ ඉතිහාසයක් නැති අයටත් කලාතුරකින් මෙහෙම වෙන්න පුළුවන් (Acquired PKD).

​❓ රෝග ලක්ෂණ මොනවාද?
​මුල් කාලයේදී කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න.
📍 බඩේ හෝ කොන්දේ දෙපැත්තේ ඇතිවන අසාමාන්‍ය වේදනාව.
📍 මුත්‍රා සමඟ ලේ පිටවීම (මුත්‍රා රතු හෝ රෝස පැහැ වීම).
📍 පාලනය කළ නොහැකි අධික රුධිර පීඩනය (High BP).
📍 බඩේ නිතර ඇතිවන බර ගතිය හෝ පිපුරුම් ගතිය.

​🚨 නොසලකා හැරියොත් මොකද වෙන්නේ?
​මේ ගෙඩි වකුගඩුව පුරා පැතිරුනොත්, අවසානයේදී වකුගඩු වැඩ කරන්නෙම නැති වෙන්න පුලුවන්. එහෙම උනොත් Dialysis යන්ත්‍රයක පිහිට පතන්න හරි වකුගඩු බද්ධ කිරීමක් (Kidney Transplant) දක්වා යන්න හරි වෙනවා.

​✅ අපිට කරන්න පුළුවන් මොනවාද?
​ඔයාට ඉහත රෝග ලක්ෂණ තියෙනව නම් හරි පවුලේ කාට හරි වකුගඩු රෝග ඉතිහාසයක් තියෙනව නම්, වෛද්‍යවරයකු හමුවන්න.
🔎 Ultrasound හෝ CT Scan පරීක්ෂණයක් මගින් වකුගඩුවල මේ තත්ත්වය හඳුනාගන්න පුළුවන්.

​මතක තියාගන්න, කලින් හඳුනා ගැනීමෙන් සංකූලතා අවම කරගන්න පුළුවන්! 💡

​වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

26/04/2026

පොල්තෙල් වැඩිපුර කෑවොත් cholesterol හැදෙනවද?

26/04/2026

හවස 6.00 වෙනකල් අහන ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙනවා.....
❓️❓️❓️

දුඹුරු සීනි (Brown Sugar) සුදු සීනි වලට වඩා ඇත්තටම ගුණද? 🧐 👇"ඩොක්ටර්, මම දැන් සුදු සීනි බොන්නේ නෑ.. දුඹුරු සීනි වලට මාරු...
05/04/2026

දුඹුරු සීනි (Brown Sugar) සුදු සීනි වලට වඩා ඇත්තටම ගුණද? 🧐 👇

"ඩොක්ටර්, මම දැන් සුදු සීනි බොන්නේ නෑ.. දුඹුරු සීනි වලට මාරු වුණා." මේ දියවාඩියාව තියෙන ලෙඩ්ඩු ගොඩක් අය කියන කතාවක්. ගොඩක් අය හිතාගෙන ඉන්නේ දුඹුරු සීනි කියන්නේ ගුණ දෙයක් කියලා.

එතකොට ඇත්ත කතාව මොකක්ද....?
අද ඒ ගැන....

🔴 සුදු සීනි සහ දුඹුරු සීනි හදන්නේ කොහොමද?
මේ දෙකම හදන්නේ උක් ගස් (Sugarcane) වලින්.

සුදු සීනි හදනකොට උක් යුෂ වල තියෙන "මොලෑසස්" (Molasses) කියන කොටස සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ඉතිරි වෙන්නේ 99.9% ක්ම පිරිසිදු සුක්‍රෝස්.

ඒත් දුඹුරු සීනි හදපකොට සුදු සීනි වලට ආයෙත් අර අයින් කරපු "මොලෑසස්" ටිකක් එකතු කරලා තමයි දුඹුරු පාට ගන්නේ. එහෙම නැත්නම් පිරිපහදු කරනකොට මොලෑසස් පොඩ්ඩක් ඉතිරි කරනවා.

🟡 දුඹුරු සීනි වල ඇත්තටම පෝෂණයක් තියෙනවද?
ඔව්, අර එකතු කරපු මොලෑසස් නිසා දුඹුරු සීනි වල කැල්සියම්, පොටෑසියම් සහ යකඩ වගේ දේවල් ඉතා සුළු වශයෙන් තියෙනවා. හැබැයි ඒක කොච්චර පොඩි ප්‍රමාණයක්ද කියනවා නම්, ඒකෙන් අපේ ඇඟට ලැබෙන විශේෂ සෞඛ්‍ය වාසියක් නැහැ.

⚠️ භයානකම ඇත්ත
❌️සුදු සීනි තේ හැන්දක තියෙන කැලරි ප්‍රමාණයම තමයි දුඹුරු සීනි තේ හැන්දකත් තියෙන්නේ.
❌️මේ දෙකම ඇඟට ගියාම රුධිරයේ සීනි මට්ටම (Blood Sugar) වැඩි කරන්නේ එකම වේගයකින්.

"මම බොන්නේ දුඹුරු සීනි නිසා මට දියවැඩියාව එන්නේ නැ" කියලා හිතනවා නම් හරි "සීනි තිබුනට මම දුඹුරු සීනී බොන නිසා අවුලක් නෑ කියලා හිතනවා නම් ඒක ලොකු රැවටීමක්.

💡 එතකොට ඇයි මිනිස්සු දුඹුරු සීනි වලට මෙච්චර ආස?
ඒකට හේතුව දුඹුරු සීනි වල තියෙන විශේෂ රසය (Caramel flavor) සහ තෙතමනය හේතු වෙන්න පුලුවන්.

✅ අවසාන නිගමනය:
ඔබ සුදු සීනි පාවිච්චි කළත්, දුඹුරු සීනි පාවිච්චි කළත් දෙකම එක හා සමානව ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ පාට නෙවෙයි, ඔබ දවසකට පාවිච්චි කරන ප්‍රමාණයයි.

මේ වැදගත් පණිවිඩය ඔයාගේ ආදරණීයයන් අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. මොකද ගොඩක් අය මේ වෙනස දන්නේ නැහැ.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න.

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

,

05/04/2026
"දරුවෙක්ට හැදෙන මේ හරිම අමුතු උණ ගැන ඔබ දැනුවත්ද?"අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙමව්පියෝ කලබල කරවන, හැබැයි මුලින්ම අඳුරග...
20/03/2026

"දරුවෙක්ට හැදෙන මේ හරිම අමුතු උණ ගැන ඔබ දැනුවත්ද?"

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙමව්පියෝ කලබල කරවන, හැබැයි මුලින්ම අඳුරගත්තොත් සාර්ථකව සුව කරන්න පුළුවන් රෝගයක් ගැන. ඒ තමයි Kawasaki Disease කියන්නේ.

🔴මොකක්ද මේ රෝගය?
මේක ඇත්තටම අපේ ඇඟේ තියෙන රුධිර නාල වල ඇතිවන ඉදිමීමක් (Inflammation). විශේෂයෙන්ම හදවතට ලේ ගෙනියන රුධිර නාලවලට මේක බලපාන්න පුළුවන් නිසා මේ ගැන අවධානයෙන් ඉන්න එක හරිම වැදගත්.

🔴මේක ලංකාවේ නිතර හමුවන ලෙඩක්ද?
මේක හරිම සුලභ ලෙඩක් නෙවෙයි, හැබැයි ලංකාවේ දකින්න තියෙනවා. ඒ නිසා "අපේ දරුවට හැදෙන්නේ නැහැ" කියලා හිතලා නොසලකා හරින්න එපා.

🔴කාටද හැදෙන්නේ?
වැඩිපුරම මේක දකින්න හම්බවෙන්නේ අවුරුදු 5 ට අඩු දරුවන් අතරේ. ගොඩක් වෙලාවට කුඩා පිරිමි දරුවන් අතර මේ රෝගය වැඩියි.

🔴අඳුරගන්නේ කොහොමද? (ප්‍රධාන ලක්ෂණ)
දරුවෙක්ට දිගටම දවස් 5 කට වඩා තද උණ තියෙනවා නම් මේ ලක්ෂණත් තියෙනවාද බලන්න.
✔️ ඇස් රතු වීම: උණත් එක්කම ඇස් දෙක හොඳටම රතු වෙනවා (හැබැයි කඳුළු හෝ කබ ගලන්නේ නැහැ).
✔️ දිව "ස්ට්‍රෝබෙරි ගෙඩියක්" වගේ රතු වෙලා තියෙනවා නම් (Strawberry Tongue), තොල් පැලිලා රතු වෙලා නම්.
✔️ ඇඟ පුරාම රතු පාට පලු/කුෂ්ඨ දාන්න පුළුවන්. ඒ වගේම අත්ල සහ යටි පතුල් රතු වෙලා ඉදිමීම.
✔️ බෙල්ලේ වසා ගැටිති ඉදිමීම.
✔️ ලෙඩේ ටිකක් දවසක් තිබුනම ඇඟිලි තුඩුවල හම ගැලවෙන්න ගන්නවා.

🔴ඇයි මේක භයානක වෙන්නේ?
මේ රෝගය භයානක වෙන්නේ හදවතේ රුධිර නාල වලට බලපෑම් කළොත් විතරයි. එහෙම වුණොත් රුධිර නාල ඉදිමිලා Aneurysm හැදෙන්න පුළුවන්. ඒ නිසාම තමයි මේකට ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඕනේ.

🔴ප්‍රතිකාර තියෙනවද?
රෝහල්ගත කරලා දෙන ප්‍රතිකාර වලින් දරුවාව සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. වැදගත්ම දේ තමයි රෝගය ඉක්මනින් හඳුනාගෙන විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ආරම්භ කිරීම.

⚠️දරුවෙක්ට දවස් 5 කට වඩා උණ තියෙනවා නම්, ඇස්/කට රතු වෙලා නම් ඒක සාමාන්‍ය උණක් කියලා හිතලා ගෙදර ඉන්න එපා. වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.

📢 මේ වගේ සෞඛ්‍ය සම්බන්ධ ලිපි කියවන්න page එක follow කරන්න.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න.

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

,

"මට දැන් ඉස්සර වගේ කකුල් වල පණ නෑ වගේ ඩොක්ටර්...","කකුල් දෙක නිකන් ගිනි ගන්නවා වගේ දැනෙනවා..."දියවැඩියාව කාලයක් තියෙන ගො...
01/02/2026

"මට දැන් ඉස්සර වගේ කකුල් වල පණ නෑ වගේ ඩොක්ටර්...",

"කකුල් දෙක නිකන් ගිනි ගන්නවා වගේ දැනෙනවා..."

දියවැඩියාව කාලයක් තියෙන ගොඩක් අය කියන කතාවක් තමයි මේ.

අද අපි කතා කරමු දියවැඩියාව නිසා ස්නායු වලට හානි වෙන්නේ කොහොමද කියලා.

දියවැඩියාවෙදි අපේ ලේ වල තියෙන සීනි මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වෙනවා. අපි කන කෑම වලින් ලැබෙන සීනි ශක්තිය විදිහට ඇඟේ සෛල වලට ඇතුළු වෙන්න Insulin කියන හෝමෝනය උදව් වෙන්න ඕනේ. ඒත් දියවැඩියාවේදී එක්කෝ ඉන්සියුලින් හෝමෝනය හැදෙන්නේ නෑ, එහෙම නැත්නම් තියෙන ඉන්සියුලින් හරියට වැඩ කරන්නේ නෑ. එතකොට ලේ වල සීනි මට්ටම වැඩි වෙනවා.

මොළේ ඉදන් අපේ ඇඟ පුරාම තොරතුරු ගෙනියන්නේ ස්නායු වලින්. ස්නායු කියන්නෙත් අපේ ඇඟේ තියෙන සෛල වර්ගයක්. අපේ ලේ වල සීනි මට්ටම වැඩි වෙන එක ස්නායු වලට බලපානවා. මේක වෙන්නේ ප්‍රධාන ක්‍රම දෙකකට

1️⃣ස්නායු සෛල වලටත් ඔක්සිජන් සහ පෝෂණය ඕනේ. ස්නායු වලට රුධිරය අරන් යන සිහින් නහර තියෙනවා. ලේ වල සීනි මට්ටම වැඩි වුණාම මේ පුංචි ලේ නහර වල බිත්ති වලට හානි වෙලා ඒවා වැහෙනවා. එතකොට ස්නායු වලට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය ලැබෙන්නේ නැතුව ඒවා දුර්වල වෙලා මැරෙන්න පටන් ගන්නවා.

2️⃣අපේ ගෙදර කරන්ට් වයර් වල පිටින් ප්ලාස්ටික් ආවරණයක් තියෙනවා වගේ, ස්නායු වටේටත් ආරක්ෂිත ආවරණයක් තියෙනවා. දිගින් දිගටම සීනි වැඩි වුණාම මේ ආවරණයට හානි වෙනවා. එතකොට ස්නායු හරහා පණිවිඩ හුවමාරු වෙන්නේ හරිම අවුල් විදිහට.

එහෙම උනාම එන රෝග ලක්ෂණ මොනවද? 🤒
සාමාන්‍යයෙන් මේක පටන් ගන්නේ කකුලේ ඇඟිලි තුඩු වලින්. හරියට සපත්තු දෙකක් දාගත්තත් ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්.
✅️ කකුල් වල ඇඟිලි හිරි වැටීම.
✅️ කටු අනින්නා වගේ දැනීම (Pins and needles).
✅️ කකුල් රත් වීම හෝ අයිස් වගේ සීතල වීම.
✅️ නිකන්ම කකුල පණ නැති වෙලා යනවා වගේ දැනීම.
✅️ පොඩි තුවාලයක් වුණත් දැනෙන්නේ නැති වීම (මේක තමයි භයානකම දේ).

කකුල් හිරිවැටෙන එකෙන් බේරෙන්නේ කොහොමද?
මේක පාලනය කරගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි දියවැඩියාව පාලනය. ලේ වල සීනි මට්ටම නියමිත ගණනට පවත්වා ගැනීම. ඒකට වෛද්‍ය උපදෙස් මත දියවැඩියාව පාලනයට හරියටම බෙහෙත් ගන්න.

🚭දුම්පානයෙන් බොන කෙනෙක් නම් සම්පූර්ණයෙන්ම නතර කරන්න (දුම්පානය නිසා ලේ ගමනාගමනය තවත් අඩු වෙනවා).

👣හැමදාම රෑට නිදාගන්න කලින් තමන්ගේ කකුල් දෙක පරීක්ෂා කරන්න (තුවාල තියෙනවද කියලා).

💊හිරිවැටෙන එකට, කැක්කුමට බෙහෙත් තියෙනවා. වෛද්‍ය උපදෙස් මත ඒවා ගන්න ඕනේ.

ඔබටත් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම්, ඔබේ වෛද්‍යවරයා හමුවෙන්න.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

,

03/01/2026

"පණ යද්දි වතුර ටිකක් දෙන්න කෙනෙක් ඉන්න ඕනේ..."
අපි කතාවට කියනවා. ජීවිතේ අන්තිම කාලේ තනිවෙන්න හොඳ නෑ. ඒක ඇයි කියලා තනි උන කෙනෙක්ගෙන් අහල බලන්න.😪

මේ කියන්න යන්නේ එහෙම එකක් නෙවෙයි. අසනීප වෙලා අසාධ්‍යව ඉන්න කෙනෙක් දැක්කම, අපි කරන්න හදන දෙයක් ගැන මේ කියන්න හදන්නේ.
Accident එකකින් පස්සේ, heart attack එකකින්, අංශ භාගය හැදිලා ෆිට් එක හැදිලා සිහි නැතුව ඉන්න ලෙඩෙක්ට වතුර පොවන්න යනවා මම දැකලා තියෙනවා. වතුර පොවලා hospital එකට ගෙනාව රෝගීන් මම දැකලා තියෙනවා.

ඒත් එහෙම කරන එක හොඳ ද❓️❓️❓️

අපේ මුඛ කුහරය සහ නාස් කුහරය උගුරෙදි සම්බන්ධ වෙනවා. ආයෙත් උගුරෙදිම මේක ගලනාලය සහ ශ්වසනාලය විදියට දෙකට බෙදෙනවා. ගලනාලය දිගේ කෑම ආමාශයට යනවා. ශ්වසනාලය දිගේ වාතය පෙනහලු වලට යනවා.

අපි කෑම කන වෙලාවට ශ්වසනාලය පැත්ත වැහෙනවා. එතකොට කෑම පෙනහලු වලට යන්නේ නැතුව ගලනාලය දිගේ ආමාශයට යනවා. අපි හොඳ සිහියෙන් ඉන්නකොට මේක හරියට වෙනවා.
ඒත් රෝගියෙක් මද සිහියෙන් ඉන්නකොට හරි සිහිය නැති වෙලා ඉන්නකොට, මේක හරියට වෙන්නේ නෑ. ඒ වෙලාවට ඔයා දෙන වතුර/කෑම ටික ගලනාලයට යනවා වෙනුවට කෙලින්ම යන්නේ පෙනහළු වලට. පෙනහළු වලට වතුර, කෑම ගියාම දරුණු ආසාදනයක් ඇති කරනවා. මේකට කියනවා Aspiration Pneumonia (ඇස්පිරේෂන් නියුමෝනියාව) කියලා.
රෝගියෙක් මේ වගේ තත්ත්වයකට පත්වුණොත්, මැරෙන්න වුනත් පුලුවන්.

❌️මේ වගේ තත්ත්ව වලදී රෝගියාට වතුර/ කෑම දෙන්න එපා❌️
✳️රෝගියාට හොඳින් සිහිය නැත්නම්.
✳️කතා කරන දේට නිසි ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම්.
✳️ආහාර ගිලීමේ අපහසුවක් පෙන්වානම්.
✳️වලිප්පුව වැනි තත්ත්වයක් ඇති වී තිබුන නම්
✳️රෝගියා අධික ලෙස නිදිමත ගතියකින් ඉන්නවා නම්.

🔥රෝගියාට තිබහ දැනෙනවා නම් මොකද කරන්නේ?
අසාධ්‍ය රෝගියෙකුගේ තොල කට වේලෙන එක සාමාන්‍ය දෙයක්. ඒ වෙලාවට වතුර පොවන්නේ නැතුව පිරිසිදු පුළුන් කෑල්ලක් හරි රෙදි කෑල්ලක් වතුරෙන් තෙමලා, තොල් තෙත් කරන්න. එතකොට රෝගියාට දැනෙන අපහසුව අඩුවෙනවා. පෙනහළු වලට වතුර යන්න තියෙන අවදානම නැති වෙනවා.

අපි හැමෝම කැමතියි අපේ ආදරණීයයන් ලෙඩ උනාම සැනසීමෙන් ඉන්නවා දකින්න. ඒත් නොදැනුවත්කම නිසා වතුර/කෑම දෙන්න ගිහින් ඔවුන්ව හුස්ම හිරවෙන තත්ත්වයට පත් කරන්න එපා.

වාට්ටුවේදී "කටින් මුකුත් දෙන්න එපා" කියලා උපදෙස් දීලා තියෙනවා නම්, ඒ දේ අකුරටම පිළිපදින්න.

😡ගෙදර දි අසනීප වෙන ලෙඩෙක් hospital එකට අරන් එන අතරමගත් ගොඩක් අය මේ වරද කරනවා.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

,

සමහර විට මේ විදියට වෙන්නේ කැරපොත්තෙක් පොඩි වෙලා කියලා අපි හිතනවා. ඒත් මේ එහෙම තත්ත්වයක් නෙවෙයි. මේකට කියන්නේ අංශ පැපොල ක...
29/12/2025

සමහර විට මේ විදියට වෙන්නේ කැරපොත්තෙක් පොඩි වෙලා කියලා අපි හිතනවා. ඒත් මේ එහෙම තත්ත්වයක් නෙවෙයි. මේකට කියන්නේ අංශ පැපොල කියලා.

පැපොල එහෙම නැත්නම් Chickenpox හැදෙන්නේ Varicella-zoster කියන වෛරස් එක නිසා. පොඩි කාලේ අපිට පැපොල හැදුණම, ඒකට හේතු වුණු වෛරස් අපේ ඇඟෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යන්නේ නැහැ. ඒක අපේ ස්නායු පද්ධතියේ හැංගිලා ඉන්නවා. එහෙම හිටියට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒත් අපේ ප්‍රතිශක්තිකරණය දුර්වල වුණාම මේ වෛරසය ආයෙත් ඇහැරිලා ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ අවස්ථාවට තමයි අපි "අංශ පැපොල" කියන්නේ. ඒක පලවෙනි පාර පැපොල හැදිලා අවුරුදු ගාණකට පස්සේ වෙන්න පුලුවන්.

බිබිලි මතු වෙන්න දවස් දෙක තුනකට කලින් ඇඟේ එක පැත්තක (අංශයක) දැවිල්ලක්, කැක්කුමක් හෝ හිරිවැටීමක් දැනෙන්න පුළුවන්. පස්සේ වේදනාව තිබුණු තැන දිය බිබිලි ඇති වෙනවා.

මේ රෝගයේ ප්‍රධානම ලක්ෂණය තමයි බිබිලි මතු වෙන්නේ ශරීරයේ එක පැත්තක විතරයි. ඒකයි මේකට "අංශ" පැපොල කියන්නේ. ඒ නිසා ගොඩක් වෙලාවට, සතෙක් ගෑවිලා, එහෙම නැත්නම් සතෙක් පොඩි වෙලා කියලා අපි හිතනවා.

මේකත් එක්ක තව උණ, ඔලුවේ කැක්කුම, මහන්සිගතිය තියෙන්න පුලුවන්.

මේක ඕනෙම වයසක කෙනෙක්ට හැදෙන්න පුලුවන්. ඒත් වයස අවුරුදු 50ට වැඩි අයට, ප්‍රතිශක්තිය අඩු අයට (දියවැඩියාව, පිළිකා වැනි රෝග හෝ ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් බොන අය) හැදෙන්න තියෙන අවදානම වැඩියි.
අංශ පැපොලට ප්‍රතිකාර තියෙනවා. බිබිලි මතු වෙලා මුල් පැය 72 ඇතුළත වෛද්‍ය ප්‍රතිකාර ආරම්භ කළොත් වේදනාව අඩු කරගන්නත්, ලෙඩේ ඉක්මනින් සුව කරගන්නත් පුළුවන්.

ඒත් සමහර අයට බිබිලි හොඳ උනාට පස්සෙ මාස ගාණක් යනකම් ඒ හරියේ තද කැක්කුමක් තියෙනවා. ඒ වගේම ඇස් වටේට බිබිලි මතු වුණොත් පෙනීමටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්.

අංශ පැපොල බිබිලි වල තියෙන දියර ගෑවුණොත්, කලින් පැපොල හැදිලා නැති කෙනෙක්ට පැපොල හැදෙන්න පුළුවන්.

අපේ ඇඟේ එක පැත්තක දැවිල්ලක් එක්ක බිබිලි මතු වෙනවා නම්, බල බල ඉන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමුවෙන්න.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

,

"අම්ම මොකක්ද තියෙන අමාරුව?""ගෑනු ඇගෙන් ලේ ගියා. දැන් හොදයි. OPD එකට ආවම කිලිනික් දැම්මා. එ හින්දා ආවේ."Medical student ක...
28/12/2025

"අම්ම මොකක්ද තියෙන අමාරුව?"

"ගෑනු ඇගෙන් ලේ ගියා. දැන් හොදයි. OPD එකට ආවම කිලිනික් දැම්මා. එ හින්දා ආවේ."

Medical student කාලේ gyne appointment එක කරන කාලේ උන දෙයක්.
අපි clinic එකට එන ලෙඩ්ඩුන්ගෙන් විස්තර අහලා ඒක sirට present කරන්න ඕනේ. එදා මට හිටිය ලෙඩා වයස අවුරුදු 70 ක විතර විතර අම්ම කෙනෙක්. මම විස්තර අහද්දී කිව්වේ යෝනි මාර්ගයෙන් ලේ යනවා කියලා. පරීක්ෂා කරලා බලන්න ඕන උනත් ලෙඩා කැමති උනේ නෑ.

ඒ කියපු විස්තර ටික පොතේ ලියාගෙන සර් එනකල් බලාගෙන හිටියා. සර් ආවට පස්සේ අපි ටික සර් ළග වටවෙලා බලාගෙන ඉන්නවා. ලෙඩෙක් ඇතුලට ආවම ඒ ලෙඩා බලපු අපේ කෙනා ලෙඩා ගැන සර්ට present කරන්න ඕනේ.
මගේ ලෙඩා ඇතුලට ආවා. ඔන්න දැන් මගේ වාරේ.
මම ඉස්සරහට ඇවිත් "සර්, මේ ලෙඩා ඇවිත් තියෙන්නේ යෝනි මාර්ගයෙන් ලේ ගිහින්....." කියලා පටන් ගෙන කියලා විස්තර කියාගෙන ගියා.

මගේ කතාවට පස්සේ සර් ලෙඩාගෙන් විස්තර අහන්න පටන් ගත්තා.
"මගේ ගෑණු ඇඟ පැත්තෙන් ගෙඩියක් වගේ එලියට එනවා" කියලා සර්ට කිව්වා.
යකෝ මට කියලා තියෙන්නේ තනි කෙප්පයක් 😡😡
සර් එකපාරම මං දිහා බැලුවා. මම ලෙඩාගෙන් විස්තර අහන්නේ නැතුව බොරුවක් කිව්වා නේද? වගේ බැල්මක් සර්ගේ තිබුනේ.
දැන් පරීක්ෂා කරලා බලන්න ඇඳට දැම්මා. යෝනි මාර්ගයෙන් ටෙනිස් බෝලයක් වගේ ගෙඩියක් එලියට ඇවිත්.
අද ගර්භාෂය පාත් වීම ගැන...

අපේ ශ්‍රෝණිය එහෙම නැත්නම් යටි බඩේ තියෙන ගර්භාෂය, මුත්‍රාශය සහ ගුද මාර්ගය නියමිත තැන තියාගෙන ඉන්නේ මාංශ පේශි සහ පටක වලින් හදපු "දැලක්" වගේ ශක්තිමත් ආධාරකයකින්. මේ මාංශ පේශි දුර්වල වුණාම, අර ඉන්ද්‍රියයන් යෝනි මාර්ගය දෙසට හෝ ඉන් පිටතට නෙරා එන්න පටන් ගන්නවා. මේකට තමයි ගර්භාෂය පහත් වීම කියන්නේ.

මෙහෙම වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා.
1️⃣සාමාන්‍ය විදිහට දරුවන් ලැබීම.
දරුවන් කිහිප දෙනෙක් ලැබීම නිසා මාංශ පේශි ඇදීමට ලක් වෙනවා.
2️⃣ වයසට යාම සහ ආර්තවහරණය නිසා ඒ පටක වල ශක්තිමත් බව අඩු වෙනවා.
3️⃣මළබද්ධය නිසා නිතර තැටමීම හෝ අධික බර එසවීම.
4️⃣ඇදුම වැනි රෝග නිසා නිතර කැස්ස ඇතිවීමෙන් බඩ ඇතුළේ පීඩනය වැඩි වීම.
5️⃣අධික තරබාරුව.

මුල් කාලෙදි ලොකුවට රෝග ලක්ෂණ නැති වෙන්න පුළුවන්. ඒත් තත්ත්වය වැඩි වෙනකොට,
🎈යෝනි මාර්ගය ඇතුළේ මොකක් හරි දෙයක් තියෙනවා වගේ දැනීම.
🎈වැඩි වෙලාවක් හිටගෙන ඉන්නකොට යටිබඩේ ඇතිවන බර ගතිය හරි වේදනාව.
🎈සමහර වෙලාවට යෝනි මාර්ගයෙන් පිටතට ගෙඩියක් වගේ කොටසක් නෙරා ඒම.
🎈මුත්‍රා පිට කිරීමේ අපහසුව හෝ නිතර මුත්‍රා යාම.
🎈ලිංගික සම්බන්ධතා වලදී ඇතිවන අපහසුව.

මේකට සාර්ථක ප්‍රතිකාර තියෙනවා.
1️⃣ජීවන රටාව වෙනස් කිරීම (බර අඩු කර ගැනීම, මළබද්ධය පාලනය කිරීම සහ බර එසවීම සීමා කිරීම.)

2️⃣Pelvic Floor Exercises / Kegel Exercises
මුල් අවස්ථාවේදී මේක වැදගත්. දුර්වල වුණු මාංශ පේශි ශක්තිමත් කරන්න මේ ව්‍යායාම වලට පුලුවන්. (Kegel Exercises කියලා YouTube එකේ search කරලා බලන්න)

3️⃣Pessary (පෙසරි) භාවිතය
යෝනි මාර්ගය ඇතුළන් පොඩි රබර්/ සිලිකන් රින්ග් එකකින් පාත්වුණු ගර්භාෂය ආයෙත් තිබුන තැන තියන්න පුලුවන්. Operation එකට කැමති නැති අයට හරි Operation කරන එක අවදානම් අයට මේක කරන්න පුලුවන්.

4️⃣තත්ත්වය දරුණු නම්, Operation එකකින් ගර්භාෂය ආයෙතී තිබුන තැන තියන්න හරි ඕනෙනම් ගර්භාෂය කරන්න හරි පුලුවන්.

ගොඩක් අම්මලා ලැජ්ජාව නිසා මේ ගැන කාටවත් කියන් නැතුව දුක් විඳිනවා. ඔයාට මේ ලක්ෂණ තියෙනවා නම්, රජයේ රෝහලක ප්‍රසව හා නාරිවේද සායනයකට හරි ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් (VOG කෙනෙක්) හම්බවෙන්න.

📢 සමාජය දැනුවත් කිරීම යුතුකමක් කියලා මම හිතන නිසා කාර්ය බහුල උනත් මේ වගේ දෙයක් ලියන්න වෙලාව වෙන් කරගන්නවා. මට පුලුවන් ලියලා දාන්න විතරයි. මගේ facebook පිටුවේ ඉන්න අය මේක දකී. මේ ලිපිය තව අයට දකින්න share කරන්න. කාටමහරි වැදගත් වේවි.

වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න

© Dr. Gayan Senevirathne
🗣Please share, not copy-paste, to keep the info accurate and updated.
🗣නිවැරදි තොරතුරු සඳහා Share කරන්න. Copy paste කරන්න එපා.

,

Address

Anuradhapura
50000

Telephone

+94707500966

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Gayan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category