29/04/2026
සමහර අයට පොඩි තුවාලයක් වුණාම, ඒක සනීප වෙලා එතන වගේ ඉදිමිලා උඩට නෙරා එනවා නේද?
මේවාට තමයි අපි කීලොයිඩ් (Keloids) කියලා කියන්නේ.
ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ?
මේක ලෙඩක්ද?
පිළිකාවක් වෙන්න පුළුවන්ද?
අද අපි ඒ ගැන කතා කරමු. 👇
📍 මොකක්ද මේ කීලොයිඩ් එකක් කියන්නේ?
සරලවම කිව්වොත්, මේක අපේ ඇඟේ තුවාලයක් සුව කරන ක්‍රියාවලිය ඕනවට වඩා සිද්ධ වීමක්. සාමාන්‍යයෙන් තුවාලයක් වුණාම ශරීරයෙන් කොලජන් කියන ප්‍රෝටීනය හදනවා ඒ තුවාලය වහන්න. හැබැයි කීලොයිඩ් හැදෙන අයගේ සිරුරෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් කොලජන් හදනවා. ඒ නිසා තුවාලය සීමාවෙනුත් එහාට ගිහින් ලොකුවට වගේ හැදෙනවා.
🤔 ඇයි මෙහෙම වෙන්නේ?
සමහර අයට මේක ජානමය වශයෙන් එන දෙයක්. පවුලේ කාට හරි තියෙනවා නම් ඔයාටත් ඇති වෙන්න ඉඩ වැඩියි.
• තියුණු දෙයකින් වෙන කැපුම් තුවාල
• operation කරපු කැළැල්.
• හීරීම් නිසා ඇති වෙන තුවාල.
• පොඩි පිච්චීමක් වුණත් මේකට හේතු වෙන්න පුළුවන්.
⚠️ මේකෙන් වෙන බලපෑම මොකක්ද?
කෙලොයිඩ් එකක් නිසා ජීවිත අවදානමක් නෑ. ඒත්...
• ඒ තැන පෙනුම නිසා මානසික අවුල් වෙන්න පුළුවන්
• සමහර වෙලාවට තදින් කසන්න ගන්නවා.
• ඇඳුම් පැළඳුම් ගැටෙනකොට වේදනාවක් එන්න පුළුවන්.
• joint එකක වගේ තැනක හැදුණොත් අතපය හොලවන්න අපහසු වෙන්න පුළුවන්.
🚫 මේක පිළිකාවක් වෙන්න පුළුවන්ද?
බය වෙන්න එපා! කීලොයිඩ් කියන්නේ පිළිකාවක් නෙවෙයි. ඒකෙන් වෙනත් අවයව වලට හානියක් වෙන්නෙත් නැහැ.
⚠️හැබැයි ඔයාගේ ඇඟේ තියෙන ගෙඩියක් වේගයෙන් ලොකු වෙනවා නම් හරි පාට වෙනස් වෙනවා නම්, තනියම තීරණ ගන්නේ නැතුව වෛද්‍ය උපදෙස් ගන්න එක නුවණට හුරුයි.
💊 මේවා නැති කරගන්න treatment තියෙනවාද?
ඔව්, අනිවාර්යයෙන්ම. හැබැයි මේවා ගෙදරදී කපන්න හෝ මිරිකන්න යන්න එපා. එතකොට වෙන්නේ තවත් ලොකු වෙන එක.
Dermatologist කෙනෙක් හම්බවෙන්න.
වැදගත්ම දේ:
ඔයාට කීලොයිඩ් හැදෙන ස්වභාවයක් තියෙනවා නම්, අනවශ්‍ය විදිහට ඇඟේ තැන් විදින්න (Piercing) හෝ Tattoo ගහන්න යන්න, තුවාල කරගන්න එපා. මොකද පොඩි ඉඳිකටු පාරකින් පවා ලොකු කෙලොයිඩ් එකක් හැදෙන්න පුළුවන්.
මේ ගැන ඔයාලගේ අත්දැකීම් මොනවාද?
වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න