Sarathie

Sarathie 24 වසරක අධ්‍යාත්මික මෙහෙවර.

ජ්‍යොතිෂය ආධ්‍යාත්මික ශාස්ත්‍රයකි. ජ්‍යොතිෂය ගණිතය මත පදනම් වූවද ජ්‍යොතිෂවේදියෙකු සතුව මනා අධ්‍යාත්මික ශක්තියක් තිබය යුතුය. වර්තමාන භවය තුළ සිදු කරනු ලබන ක්‍රියාවන්ගේ ප්‍රතිඵල හෙවත් දිට්ඨධම්මවේදනීය කර්ම විපාක කේන්දරය තුළ සටහන් නොවේ. ඒ පිළිබඳව දැනගැනීමේ හැකියාව ලැබෙනුයේ අධ්‍යාත්මික ශක්තිය තුලිනි. සේවාලාභීන්ගේ ගැටළු කරදර මඟහරවාලමින්, පරාජිත සිත් තුළ ජයග්‍රාහී සිතුවිලි පුබුදුවමින් ඔවුන් සැනසිලිදායක ම

ාවතකට යොමු කළ හැකි වන්නේ ආධ්‍යාත්මික ශක්තියෙන් යුතු උපදේශකයෙකුට පමණි. එවන් ජ්‍යොතිෂවේදීන් විරළ ය. සංජීව කුළුපන බණ්ඩාර මහතා එවන් ජ්‍යොතිෂවේදියෙකි. ඔහු ජ්‍යොතිෂවේදියෙකුටත් වඩා ආධ්‍යාත්මවේදියෙකි.

ජ්‍යොතිෂය බිහි වූයේ වසර හත් දහසකට පමණ පෙරය.එකල පෙරදිග ලෝකය අධ්‍යාත්මික ලෝකයකි. බටහිර ජනයා බාහිර ලෝකය ගවේෂණය කළ අතර පෙරදි...
02/06/2026

ජ්‍යොතිෂය බිහි වූයේ වසර හත් දහසකට පමණ පෙරය.එකල පෙරදිග ලෝකය අධ්‍යාත්මික ලෝකයකි. බටහිර ජනයා බාහිර ලෝකය ගවේෂණය කළ අතර පෙරදිග ජනයා ඇතුලාන්තය ගවේෂණය කළහ. මුනිවරු වැඩි වශයෙන් පෙරදිග පහල වන්නටත් විද්‍යාඥයින් වැඩි වශයෙන් අපරදිග බිහි වන්නටත් හේතුව එයයි.

ජ්‍යොතිෂය බිහි වූයේ පෙරදිගය. පෙරදිග ජනයාට දිවි නසාගන්නට අවශ්‍යත්වයක් නොවීය. ඔහුහු අධ්‍යාත්මික ප්‍රීතියෙන් කල් ගෙවූහ. එනිසා ඉපැරණි ජ්‍යොතිෂ ලේඛනවල සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් තොරතුරු සොයාගන්නට නැත. අද තත්වය මුළුමනින්ම වෙනස්ය. පෙරදිග අපරදිග යැයි කියා වෙනසක් නැත. සෑම රටකින්ම පාහේ සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වේ. අපේ රටේ ඉගෙනගන්නා දරුවන් පවා සියදිවි නසාගැනීමට පෙළඹීම කණගාටුදායකය. එනිසා සියදිවි නසාගැනීමට පොළඹවනු ලබන ග්‍රහ තත්වයන් පිළිබඳව තරමකින් හෝ දැනුවත් වීම වැදගත්ය.

ග්‍රහයින් අතරින් බලවත්ම ග්‍රහයා කවුරුන්දැයි ඇසුව හොත් ජ්‍යොතිෂය ගැන තරමක් හෝ දන්නා අයෙක් නම් ඒ රවි හෙවත් සූර්යයා යැයි කියනු ඇත. ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා ය.ඒ විෂය සම්මත ජ්‍යොතිෂය තුල පිළිගනු ලබන කාරණයකි. රාහු ග්‍රහ ලෝකයක් නොවේ. නමුත් ජ්‍යොතිෂය තුල රාහු ග්‍රහයෙකි. වේගවත්ම ග්‍රහයා රාහුය. බාධා අවහිර බිඳගෙන වේගයෙන් ඉදිරියට යාමේ ශක්තිය ලබාදෙන්නේ රාහුය. රාහු යනු චුම්භක ශක්තියකි. චුම්භකයක ආකර්ෂණ ශක්තිය හා විකර්ශණ ශක්තිය යන දෙකම ඇත.ආකර්ෂණ ශක්තිය රාහුගෙනි. විකර්ෂණ ශක්තිය කේතුගෙනි. රාහු පතුරුවන ග්‍රහයා ලෙසද පිළිගැනේ.

රාහු කේතු සම්බන්ධයෙන් කටයුතු කිරීම සීරු මාරුවට කළ යුතුය. හොඳ වුණොත් හොඳටම හොඳ, නරක වුණොත් හොඳටම නරක අද්භූත ග්‍රහයින් දෙදෙනෙකි. රාහු දශාව තුල විභාග ඉහලින්ම සමත්ව විශ්වවිද්‍යාලවලට ඇතුළු වන දරුවන් මෙන්ම අධ්‍යාපනය කඩාකප්පල් කරගනිමින් දුරාචාරවලට යොමු වන දරුවන් ද වෙති.

රාහු ඉක්මන් තීන්දු තීරණවලට යොමු කරවන ග්‍රහයා බැවින් රාහු දශා ගත කරන දරුවන් ගැන නිරන්තර අවදානයෙන් පසුවීම වැදගත්ය. රාහු ඇතැම් අවස්ථාවල දැඩි මානසික පීඩා ඇති කරන ග්‍රහයෙකි. අන්‍යයන්ගේ අවවාද අදහස් නොසළකා තම තනි මතයට හිතුවක්කාර තීන්දු තීරණ ගැනීමට පොළඹවන අවස්ථා ද ඇත. මත්ද්‍රව්‍ය කෙරෙහි යොමු කිරීමද රාහුගේ කාරියකි.

රාහු කුජ සමග සම්බන්ධ වීම ජන්මියාගේ වේගය වඩාත් වැඩි වීමට හේතු විය හැකිය. එවිට ජන්මියා ප්‍රචණ්ඩකාරී වීමටද ඉඩ තිබේ.මෙවන් ග්‍රහ තත්වයක් අටවැනි භාවය හා ලග්න භාවය සමග සම්බන්ධව යෙදුණු විට සියදිවි නසාගැනීමට පෙළඹීමට ඉඩ තිබේ. රාහු සඳු සමග නොමනා භාවයක සංයෝග වීම සිතුවිලි අදහස් වේගයෙන් වෙනස් වීමට හේතු වේ. රාහු සිකුරු සමග නොමනා තැනක අසුබ ආකාරයට සංයෝග වීම නොගැළපෙන බැඳීම් ඇති වීමට මෙන්ම ඒ හේතුවෙන් ඉක්මන් හා නොසුදුසු තීරණවලට යොමු වීමට ද හේතු වේ. මෙවන් ග්‍රහ තත්වයක් ජීවිත හානි කරගන්නා තරමට අවදානම් සහගත දැයි යන්න ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීමෙන් දැන ගත යුතුය.

සියදිවි නසාගැනීම ලග්න භාවයේ හෝ ලග්නාධිපතිගේ සම්බන්ධයකින් තොරව සිදු නොවේ. ලග්න භාවය යනු තමන්ය. තමන්ගේ මානසිකත්වය ක්‍රියාත්මක වන ආකාරය නිවේදනය වන්නේ ලග්න භාවයෙන් හා ලග්නාධිපති ගෙනි.

කේතු යනු ග්‍රහයින් අතර ගුප්තම ග්‍රහයාය.කේතු දශා කාලයේදී යමෙක් බොහෝ දේ හෙළි නොකර සඟවාගෙන සිටීමට ඉඩ තිබේ. හුදකලාව ප්‍රිය වේ. කතාබහ අඩු වේ. ගුප්ත ගති ලක්ෂණ ඇති වේ.මෙවන් කාලයක් ගත කරන දරුවෙක් තම ප්‍රේම සම්බන්ධතාව කිසිවෙකුටත් නොදැනෙන පරිදි රහසේ පවත්වාගෙන යාමට ඉඩ තිබේ. සම්බන්ධතාව හේතුවෙන් ඇති වන මානසික පීඩනයකදී ගන්නා ක්‍රියාමාර්ග ද කිසිවෙකුටත් නොදැනෙන පරිදි ක්‍රියාවට නැංවීමට ඉඩ තිබේ. කේතු සිකුරු සමග එක්වීම රහස් ප්‍රේම සම්බන්ධතාවලට ඉඩ ඇති කරවන පිහිටීමකි. තම දරුවන් කිසිම ස්ථානයකට තනිව නොයවන දෙමාපියෝ සිටිති.එසේ තනි නොකරන ඇතැම් දරුවන්ද රහස් ප්‍රේම සම්බන්ධතාවල පැටලී අතුරුදන් වන අවස්ථා ඇත. සම්බන්ධතා කෙසේ පවත්වාගෙන ගියා දැයි දෙමාපියෝ පුදුමයට පත් වෙති. මෙවන් අවස්ථාවල එම දරුවන්ගේ කේන්දරවල කේතුගේ බලපෑම මූලිකවම පෙනෙන්නට තිබේ. මෙවැනි ග්‍රහ සංයෝගයක් සමග අශිෂ්ට ආකාරයට සම්බන්ධ වන කුජ ජන්මියා සියදිවි හානි කරගැනීමට යොමු කරලීමට ඉඩ තිබේ.

කේතුගේ දශා සෑම විටම අයහපත් නොවේ. ජන්ම පත්‍රය තුල යහපත් ලෙස සටහන් වූ කේතුගේ දශා කාලය යහපත්ය. කේතු ඥානකාරක ග්‍රහයෙකි. එබැවින් ග්‍රහයින්ගේ බලපෑම් පරික්ෂා කිරීම සූක්ෂමව කළ යුතු කටයුත්තකි. ඒ සඳහා මනා අත්දැකීම් අවශ්‍ය වේ.

සියදිවි නසාගැනීම සිදුවන්නේ ජලයේ ගිලීමෙන් නම් ඊට සඳුගේ සම්බන්ධයෙක් පැවතිය යුතුය. වස විෂ ශරීරගත වීමෙන් සිදු වන මරණයකදී රාහුගේ සම්බන්ධය ප්‍රමුඛව පෙනෙන්නට තිබේ. දුම්රියට හෝ වෙනත් වාහනයකට පැනීමෙන් වන දිවි නසාගැනීම්වලදී කුජගේ මූලික සම්බන්ධය දකින්නට තිබේ. ගෙල වැලලා ගැනීම්වලදී රාහු හෝ කේතු සමග වන කුජගේ සම්බන්ධය දකින්නට ලැබේ. ගින්න හෝ විදුලිය හේතුවෙන් වන මරණවලදී රවි ප්‍රමුඛව සම්බන්ධ වේ. උස් ස්ථානවලින් පැනීමෙන් සිදු වන මරණවලදී කුජ රාහු එක්ව එල්ල කරන ලද බලපෑම දකින්නට ලැබේ.

සියදිවි නසාගැනීම සම්බන්ධ තොරතුරු මෙලෙස පොදුවේ විග්‍රහ කෙරුවද ජන්ම පත්‍රය තුල ඒ ඒ ග්‍රහයින්ගේ බලපෑම අවදානම් සහගතද නැද්ද යන්න මෙන්ම එම ග්‍රහයින්ගේ දශා කාල සීමාවන් අවදානම් සහගතද නැද්ද යන්න ජන්ම පත්‍රය පරීක්ෂා කිරීමෙන් තොරව නිවැරදිව ප්‍රකාශ කිරීම අපහසුය. ඒ සඳහා අත්දැකීම් බහුල ජ්‍යොතිෂවේදියෙකුගේ සහය ලබා ගත යුතුය.

අධ්‍යාත්මවේදී,

සංජීව කුළුපන බණ්ඩාර

30/05/2026
රැල්ලට ගසාගෙන යන්නේ මැරුණු මාළුන් යැයි කියමනක් තිබේ. සැබවින්ම, රැල්ලට හසු වුණු අයෙක් ජීවත් වීම නතර කළ අයෙකි. ඔහු රොබෝවෙක...
25/05/2026

රැල්ලට ගසාගෙන යන්නේ මැරුණු මාළුන් යැයි කියමනක් තිබේ. සැබවින්ම, රැල්ලට හසු වුණු අයෙක් ජීවත් වීම නතර කළ අයෙකි. ඔහු රොබෝවෙකි. දිශාවක්,මානයක් නොමැතිව ජලයේ පාවෙන දිරූ දැව කඳක් මෙන් තමන් යන්නේ කොහේදැයි නොදැන, එය සමූහයා දැන සිටිය යුතු බව විශ්වාස කරන අයෙකි. සමූහයක් වැරදි විය නොහැකි බව විශ්වාස කරමින් අඳුරේ අත පත ගාන අයෙකි.

නමුත් යථාර්ථය නම් බොහෝ දෙනෙක් නිවැරදි විය නොහැකි බවය. නිවැරදි වීම යනු අද්විතීය අත්දැකීමකි.නිවැරදි වීම යනු ප්‍රඥාවන්ත වීමය.

බහුතරයක් දෙනා යමක් කරන බැවින් එය නිවැරදි විය යුතුය යන අවිඥානික ගණනය කිරීමෙන් වළකින්න. සමූහයක් කිසි විටෙකත් සත්‍යයක් සොයාගෙන නැත. මිනිසුන් සත්‍යය සොයාගෙන ඇත්තේ තනිවය.

දේශපාලන රැළි, ආගමික රැළි ආදී සෑම රැල්ලකම උත්සාහය වන්නේ පුද්ගලයෙක් මළ සමූහයක කොටසක් බවට පත් කිරීමය. පුද්ගලයෙක් සිහිසුන්ව සිටින තරමට, ඔහුගේ හැසිරීම සාමුහිකත්වයක ආධිපත්‍යයට යටත් වන තරමට ඔහු භයානක අතින් අඩු තත්වයට පත් වේ. එවිට ඔහුට තමන්ගේම වහල් භාවය පවා විනාශ කළ නොහැක. පුද්ගලයෙකුට තනිව සිතන්නට ඉඩ නොතබන්නේ එබැවිනි.

සෑම පුද්ගලයෙකුම අව්‍යාජ විඥානයකි. ඔහු සමූහයක කොටසක් බවට පත් වූ මොහොතේම ඔහුට ඔහුගේ සිහිය නැති වේ. එවිට ඔහු සාමුහික යාන්ත්‍රික මනස විසින් ආධිපත්‍ය දරයි.

අප ජීවතුන් අතර සිටී නම් අප තුල ප්‍රභවයක් තිබිය යුතුය.

අප,අප ගැනම අවධානයෙන් සිටිය යුතුය.

අධ්‍යාත්මවේදී

සංජීව කුළුපන බණ්ඩාර

ඉතාමත් සරලව, ගැඹුරු සිද්ධාන්ත, ව්‍යංගාර්ථ ආදියෙන් තොරව, ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ කර ගත හැකි අයුරින් මෙම අනාවැකිය සහිත ...
19/05/2026

ඉතාමත් සරලව, ගැඹුරු සිද්ධාන්ත, ව්‍යංගාර්ථ ආදියෙන් තොරව, ඕනෑම අයෙකුට පහසුවෙන් අවබෝධ කර ගත හැකි අයුරින් මෙම අනාවැකිය සහිත විග්‍රහය මම පල කරනු ලැබුවේ 2009.03.08 දින එවකට මුද්‍රණය වූ ඉරිදා වාසනා නමැති ජ්‍යොතිෂ පුවත්පතේ ය. මාස දෙකයි දින කීපයක් තුල අනාවැකිය සැබෑ විය.

එම කාලයේ ඇතැමුන් පැවසුවේ කොටි නායකයා දැනටමත් වෙනත් රටකට පලා ගොස් සැඟව සිටින්නට ඉඩ කඩ ඇති බවය. තවත් සමහරෙකුගේ මතය වූයේ අවසාන මොහොතේ හෝ ඔහු නිරුපද්‍රිතව ගැලවෙනු ඇතැයි යන්නය. විදෙස් මැදිහත් වීමකින් ඔහුගේ මරණය වැළකී යනු ඇතැයි මත ඉදිරිපත් කරන්නෝ ද වූහ. සියලු මත සුණු කරමින් ඔහු මරණයට පත් විය.

සංජීව කුළුපන බණ්ඩාර.

නිට්ටඹුවෙ. 2026.05.09
12/05/2026

නිට්ටඹුවෙ.
2026.05.09

අවුරුදු නැකත් සම්බන්ධයෙන් වාද විවාද ඇති වූයේ අද ඊයේ නොවේ. අවුරුදු නැකත් සම්බන්ධයෙන් මත ගැටුම් වඩාත් උත්සන්න වන්නට වූයේ ව...
04/04/2026

අවුරුදු නැකත් සම්බන්ධයෙන් වාද විවාද ඇති වූයේ අද ඊයේ නොවේ. අවුරුදු නැකත් සම්බන්ධයෙන් මත ගැටුම් වඩාත් උත්සන්න වන්නට වූයේ වසර තුන හතරකට පෙර සිටය. තත්වය බෙහෙවින් උත්සන්න වන්නේ අවුරුදු ලං වන විටය. මෙවර ද එසේමය.

ජ්‍යොතිෂය අධ්‍යාත්මික මානයේ විද්‍යාවකි. අද වන විට ජ්‍යොතිෂයේ අධ්‍යාත්මික සාරය නැත. සියල්ලෝ ජ්‍යොතිෂය උගතුන්ය. ජ්‍යොතිෂයේ ඉගෙනීමට තිබෙන ප්‍රමාණයට වඩා අවබෝධ කරගැනීමට තිබෙන ප්‍රමාණය ඉතා විශාලය. අධ්‍යාත්මික මානයේදී දැනුම, වියත්බව වැදගත් නොවේ. එසේ වූවද, අද තිබෙන්නේ වියතුන්ගේ ජ්‍යොතිෂයකි.

ජ්‍යොතිෂය බිහි කළ ඍෂිවරු අවබෝධයට පත්වූවන්ය. එනම් මනස ඉක්මවා ගියවුන්ය. ජ්‍යොතිෂවේදීන්ගේම වචනයෙන් කිව හොත් ඔවුන් තුන්කල් දුටු ඍෂිවරයින් වහන්සේලාය. අවබෝධ කර ගැනීම යනු මනස පුරවා ගැනීම නොව මනස හිස් කිරීමය. මනසට නොවැටහෙන දේ අවබෝධ වන්නේ එවිටය.

හමුදා නිලධාරියෙක් ආධුනික සෙබළෙකුගෙන් මෙසේ විමසුවේය.

"නීරෝ...ඔබ දන්නා විදියට කොඩිය කියන්නෙ මොකක්ද?"

සෙබළා පිළිතුරු දුන්නේය.

"කොඩිය කියන්නේ විවිධ වර්ණයෙන් යුතු රෙදි කැබැල්ලක්"

'මොකක්...ඔබ වැරදියි. කොඩිය කියන්නෙ සියලු දේ...කොඩිය කියන්නෙ මව. මතක තියාගන්න...ඔබේ මව..."

හමුදා නිලධාරියා ඊළඟ සෙබලාට ඒ ප්‍රශ්නයම යොමු කළේය.

'කොඩිය යනු කුමක්ද?"

'නීරෝගෙ අම්මා..."

වියතුන් ගේ ආකාරය එලෙසය. වියතුන් සමඟ ඇසුර ප්‍රවේශමෙන් කළ යුතුය. ඔවුන් ගුරුන් ගෙන්, පොතපතින් ගෙන මනස පුරවාගෙන සිටින කප්පරක් දැනුම තේරුම් ගෙන සිටින්නේ විවිධ ආකාරයටය. එමන්ම,දැනුමට ඔබ්බෙන් වූ කිසිදු සත්‍යයක් ගැන ද ඔවුහු නොදනිති.

අවුරුදු නැකත් හඳුන්වන්නේ නැකත් චාරිත්‍ර යනුවෙනි.මන්ද, රටක සියලු දෙනාට වාසනාව කැන්දන නැකතක් පිළියෙළ කිරීම සක්කරයාටවත් කළ නොහැක්කකි. කළ හැකිව ඇත්තේ අසුබතා හැකි තාක් මඟහැර යහපත් වේලාවක් පිළියෙළ කිරීම පමණි. එම නැකත් චාරිත්‍ර ඉටු කළ පමණින් සියලු දුක්ඛ දෝමනස්සයන් පහව ගොස් හතරවටින් වාසනාව උදා වන්නේ නැත. අවුරුදු නැකත්වල එකම වැදගත්කම වන්නේ සියලු දෙනා එකම මොහොතක චාරිත්‍ර ඉටු කිරීමය. එයිනුත් වඩාත් වැදගත් වන්නේ කිරි ඉතිරවීම ය. එය ප්‍රතිඵලදායක වන්නේ සියලු දෙනා තම ඇතුලාන්ත පාරිශුද්ධතාවයෙන් යුතුව යහපත් චේතනාවෙන් කිරි උතුරවන්නේ නම් පමණි. ඒ සම්බන්ධයෙන් වියතුන් දන්නා ඉටිගෙඩියක් නැත.වියතුන් සිටින්නේ පරිධියේ විනා ඇතුලාන්තයේ නොවේ.

සම්මත කරන ලද අවුරුදු නැකත් විවේචනය කරන පාර්ශවයන් නිතර සමාජ ගත කරන අදහසක් නම් වැරදි නැකත් චාරිත්‍ර හේතුවෙන් බරපතළ විපත් සිදු වන බවය. එය බරපතළ මිත්‍යාවකි. අවුරුදු නැකතෙහි බලපෑමකින් තමන්ට, තම පවුලට හෝ රටට කිසිදු විපතක් සිදු නොවේ. බොහොමයක් දෙනා නිවෙසකට ගෙවදින්නේ නැකතටය. එහිදී, නිවෙසට ඇතුල්වීම, ලිප ගිනි මෙලවීම හා ආහාර අනුභවය සඳහා නැකත් ලබාදීම සිදු වේ. මෙම නැකත් අනුගමනය කර නිවෙසට ගෙවැදීමෙන් පසුව කවදා හෝ වැරදි අවුරුදු නැකත් අනුගමනය කළ හොත් නිවෙසට ගෙවැදීමේදී අනුගමනය කළ නැකත්වල බලය මුළුමනින්ම භංග වී යන බවක් කිසිදු ජ්‍යොතිෂවේදියෙක් මෙතෙක් පවසා ඇති බවක් ඔබ අසා තිබේද ? ව්‍යාපාර සම්බන්ධයෙන්ද එසේමය. රටක් හෝ ලෝකය සම්බන්ධයෙන් වූ විශ්ව සැලසුම ද අවුරුදු නැකත් හේතුවෙන් වෙනස් නොවේ. වර්තමානයේ ඇතැම් ජ්‍යොතිෂවේදීන් ජනවාරි පළමුවැනිදාට ද කිරි ඉතිරවීම සඳහා නැකතක් ලබා දෙන බව පෙනෙන්නට තිබේ. ඉදිරියේදී සෑම මාසයකම පළමුවැනිදාට කිරි ඉතිරවීම සඳහා නැකත් ලබා දීමට ද බැරි නැත.

සියලු දෙනා එකම මොහොතක නැකත් චාරිත්‍ර ඉටු කිරීමෙහි වැදගත්කම මෙන්ම යහපත් චේතනාවන් පෙරදැරිව නැකත් චාරිත්‍ර ඉටු කළ යුතු බව ද මම ඉහතින් සඳහන් කලෙමි. ඊට තවත් යමක් එක් කළ යුතුය. නැකත් පිළියෙළ කිරීම හා එම නැකත් ජන ගත කිරීම ද මෛත්‍රී සහගතව, ඇතුලාන්ත පාරිශුද්ධතාවයෙන් යුතුව කළ යුත්තකි. පටන්ගැන්මේ පටන් එකිනෙකා අභිභවා තම මමත්වය පෝෂණය කරගැනීමේ චේතනාවෙන් සකසන නැකතකින් කිසිවෙකුට සිදු වන සෙතක් නැත. සිංහල අවුරුදු රාජ්‍ය නැකත් කමිටුව නියෝජනය කළ ජ්‍යොතිෂවේදියෙක් ලෙස එහිදී දුටු වියත් ජ්‍යොතිෂවේදීන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් තිබේ.

රටේ සම්මත නැකත් සියලු දෙනා එක්ව අනුගමනය කිරීම නිරවුල්ය. මතක තබා ගත යුතු වැදගත්ම කාරණය නම් ඔබ කුමන නැකතක් අනුගමනය කළ ද, ඒ මොහොත තුළ ඔබේ ඇතුලාන්ත පාරිශුද්ධත්වය ඉහළින්ම පවත්වාගත යුතු බවය. මන්ද, විශ්වය හා සම්බන්ධ වන්නේ ඔබේ ඇතුලාන්තය යි.

අධ්‍යාත්මවේදී සංජීව කුළුපන බණ්ඩාර.

ඔබ භාවනා කරන අයෙක් නම් දැනටමත් මෙම අත්දැකීම ලබා ඇති බවට කිසිදු සැකයක් නැත.ඔබ අධ්‍යාත්මිකව ඉහළට එසැවෙන විට ඔබ වටා සිටින ඇ...
03/04/2026

ඔබ භාවනා කරන අයෙක් නම් දැනටමත් මෙම අත්දැකීම ලබා ඇති බවට කිසිදු සැකයක් නැත.

ඔබ අධ්‍යාත්මිකව ඉහළට එසැවෙන විට ඔබ වටා සිටින ඇතැමුන් ඔබෙන් දුරස් වන බවක් දැනී තිබිය යුතුය.පහල සංඛ්‍යාතයක ඔබ සමග සිටි අය ඔබ ඉහළ සංඛ්‍යාතයකට ගමන් කරන විට ඔබෙන් දුරස් වී යාම ස්වභාවික සංසිද්ධියකි. එය තනි වීමක් නොවේ. "පැරණි ඔබ" සමග සිටි අයගේ බර උසුලමින් ඔබට ඊළඟ මට්ටමට ළඟා විය නොහැක. ඔබ "සැබෑ ඔබ" බවට පත් වන තරමට ඔබේ කවය කුඩා වන අතර එය ඉතාමත් අර්ථාන්විත ද වෙයි.

ඔබ ඔබේම සත්‍යයේ ආලෝකයට පිවිසෙන විට ඔබ වටා ඇති අවකාශය වෙනස් වීමට පටන් ගන්නා බව ඔබට පෙනී යයි. ඔබ සැබෑ වන තරමට අනෙක් අය ඔබ වෙනුවෙන් ගොඩනග ඇති කුඩා අවකාශවලට ඔබේ ගැළපීම අඩු වෙයි. එබැවින් ඔබේ සමීපයේ සිටින හිත මිත්‍රාදීන්ගෙන් සමන්විත සමූහ කවය ස්වාභාවිකවම කුඩා වෙයි. මෙම සමූහයා කුඩා වීම කිසිසේත්ම පාඩුවක් නොවේ. එය පූජනීය පිරිපහදු කිරීමකි. සංගීතයට ඉඩ සැලසීම සඳහා අවට ඝෝෂාව ඉවත් කිරීම වැනි ය.ඉන් පසුව ඇති වන නිහඬතාවය තුල ඔබ දකින ඉහල සංඛ්‍යාතයේ සීමිත පිරිස ඔබේ සෙවනැල්ල ගැන පමණක් දන්නා දහසකට වඩා වටිනා බව ඔබට අවබෝධ වනු ඇත.

වෙස් මුහුණක් පැළඳීමේ අවශ්‍යතාවය තව දුරටත් ඔබට නොදැනෙන විට, ඔබ එයට යටින් ඇති "සැබෑ ඔබට" ආදරය කරන අය ආකර්ෂණය කර ගනියි.

මෙම පටු මාර්ගය මනරම් අභයභූමියක් බවට පත් වන අතර එහිදී කතා කරන සෑම වචනයකටම විශ්වීය වටිනාකමක් ඇති වෙයි.ජීවිතය සැබවින්ම අර්ථවත් වන්නේ මෙම සීමිත අවකාශය තුලය. මන්ද, ඔබ අවසානයේ පහසුව සඳහා නොව ඔබේ සාරය අගය කරන අයගෙන් වට වී ඇත.

අධ්‍යාත්මවේදී සංජීව කුළුපන බණ්ඩාර

ලංකාවේ ප්‍රමුඛ සුපිරි වෙළඳසල් ජාලයක නුගේගොඩ ශාඛාවේ සිදු කළ ශාන්තිකර්මය.2026.02.11
10/03/2026

ලංකාවේ ප්‍රමුඛ සුපිරි වෙළඳසල් ජාලයක නුගේගොඩ ශාඛාවේ සිදු කළ ශාන්තිකර්මය.
2026.02.11

නමෝ තේ සබ්බ දස්සාවි නමෝ තේ කරුණාකර නමෝ තේ තිණ්ණ සංසාර නමෝ තේ අමතං දද උතුම් බුදු ගුණ බලයෙන් මේ ආතුර සැමට නිමල සෙත් සිරි ස...
02/02/2026

නමෝ තේ සබ්බ දස්සාවි
නමෝ තේ කරුණාකර
නමෝ තේ තිණ්ණ සංසාර
නමෝ තේ අමතං දද

උතුම් බුදු ගුණ බලයෙන් මේ ආතුර සැමට නිමල සෙත් සිරි සුවය සැලසේවා!

2026.02.01 ඉරුදින
දාම්පෙ

Address

Avissawella
0094

Alerts

Be the first to know and let us send you an email when Sarathie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Sarathie:

Share