Dr.Achini Isanka

Dr.Achini Isanka Consulting Homoeopathic Physician- BHMS(WBUHS,Kolkata,India) | NIH(Kol,India) | SLHMC Reg. No.-0345

උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන් සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා....
24/07/2025

උක් පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෙක් එක්ක කරපු සාකච්ඡාවක දී දැනගන්න ලැබුණු දෙයක් හුදීජන පහන් සංවේගය සඳහා ලියලා තියන්න හිතුනා. කතාව මෙහෙමයි, සීනි නිෂ්පාදනයේ දී මුලින්ම හැදෙන්නේ දුඹුරු සීනි. ඒ හැදෙන දුඹුරු සීනි වලට තවත් වියදමක් කරලා ගෙන්දගම් සහ වෙනත් විරංජක රසායනික ද්‍රව්‍ය දාලා සුදු සීනි බවට පත් කරනවා. සුදු සීනි ඒ හින්දා දුඹුරු සීනි වලට වඩා පිළිකාකාරකයි, මේ කතාව ගොඩ දෙනෙක් දන්නවා. සමහරවිට ඔබ නොදන්න කතාව මෙන්න...
සෞඛ්‍යමය හේතු නිසා දැන් දැන් ලංකාවෙ වැඩිපුර ඉල්ලුම තියෙන්නේ දුඹුරු සීනි වලට. එත් දුඹුරු සීනි කල් තියාගන්න බෑ. තෙත ගතියෙන් යුක්තයි. ටික කලක් ගිහිල්ලා පැසීම නිසා මද්‍යසාරමය සුවඳක් එනවා. ඒ නිසා කර්මාන්ත ශාලාවලින් වැඩිපුර නිෂ්පාදනය වෙන්නෙත්, ආනයන කරන සීනිත් සුදු සීනි. දුඹුරු සීනි වලට තියෙන මෙම සෞඛ්‍යමය ඉල්ලුම නිසා තොග පිටින් සුදු සීනි ලබාගන්නා කර්මාන්තකරුවන් ඒවට ඩයි දාලා දුඹුරු සීනි බවට පරිවර්තනය කරනවා .
හොඳම දුඹුරු සීනි හම්බුනොත් හොඳයි. ඩයි දාපු දුඹුරු සීනි හම්බුනොත් ඒව සුදු සීනි වලටත් වඩා පිළිකා කාරකයි...
ඩයි දාපු දුඹුරු සීනි අඳුනගන්නේ මෙහෙමයි. ඒව තෙත ගතියෙන් යුක්ත නෑ. ඒකාකාරීව දුඹුරු පාට නෑ සමහර ඇට වැඩිපුර දුඹුරුයි සමහර ඇට ටිකක් සුදුයි.
මේක ශෙයා කරොත් තව කෙනෙක් පිළිකාවකින් බේරෙයි....

උපුටා ගැනීමකී.

Sugar in your blood is called diabetes.Sugar in your brain is called dementia.Sugar in your teeth is called cavities.Sug...
21/07/2025

Sugar in your blood is called diabetes.
Sugar in your brain is called dementia.
Sugar in your teeth is called cavities.
Sugar in your liver is called fatty liver.
Sugar in your cells is oxidative stress.
Sugar on your skin is called aging.

Avoid sugar for a healthy life.

#හෝමියෝපති

🛑🛑🛑 පොඩි දරුවාගේ සූප්පුවේ 🍼ඉදන් ඉස්කෝලේ ගෙනියන කෑම පෙට්ටියට 🍲 යනකම් තියෙන්නේ පිළිකාකරක කියලා දෙමව්පියන් වන ඔබ දන්නවාද? 😱...
07/07/2025

🛑🛑🛑 පොඩි දරුවාගේ සූප්පුවේ 🍼ඉදන් ඉස්කෝලේ ගෙනියන කෑම පෙට්ටියට 🍲 යනකම් තියෙන්නේ පිළිකාකරක කියලා දෙමව්පියන් වන ඔබ දන්නවාද? 😱

🪣 අපි එදිනෙදා ජීවිතයේ උදේ ඉඳන් හවස් වෙනකන් කොයිතරම් ප්ලාස්ටික් බඩු පාවිච්චි කරනවා ද?

හිතන්න ඔබ උයලා ඉතුරු උන කෑම ටිකක් තියෙනවා.
🪣 දැන් මේ ටික ගබඩා කරන්න මොන විදිහේ භාජනයක්ද භාවිතා කරන්න ඕන?

🪣 අපි දැකලා තියෙනවා බොහෝ දෙනා ඒ සඳහා පදික වේදිකාවෙන් බොහොම අඩු මුදලට රුපියල් 100 ට 200ට අරගත්ත පාට පාට ලස්සන භාජන පාවිච්චි කරනවා.
ඒවායේ නමක් ගමක් නැහැ. ඒවා කොහෙන්ද එන්නේ මොනවයින්ද හදලා තියෙන්නේ කියලා දන්නේ නෑ.
ඒ බොහෝමයක් ඒවා recycled plastic එහෙම නැතිනම් ප්‍රතිචක්‍රීකරණය කල ප්ලාස්ටික්.

❌❌❌ කිසිම දවසක ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ආහාරත් සමග ගැටීමට සුදුසු නැහැ.

මොකද ඒව කීප වතාවක් රත් කරලා තියෙන්නේ.
ඒ වගේම ඒවායේ ලොකු වර්ණක ප්‍රමාණයක් (pigments) තියෙනවා. මේවා ආහාරත් සමඟ ගැටීමට කිසිසේත්ම සුදුසු නෑ.

🛑 ඒක හින්දා අඩු මුදලට ඔබ ගන්න ඒ භාජනය සමහර විට ඔබව දිගු කාලීන රෝගියෙක් කරන්නට හේතු වෙන්නට පුළුවන් .

🛑 ඔබ මොන විදිහකින් හෝ ප්ලාස්ටික් භාජනයක් පාවිච්චි කරනවා නම් මෙන්න මේ කාරණා බලන්නට ඕනේ.

🪣 පළවෙනි කාරණාව තමයි එය පාරභාෂ විය යුතුයි . පාරදෘෂ්‍යයයි නෙමෙයි. යන්තම් ඇතුලට පේනවා. ඒකෙන් කියවෙන්නේ මේකේ වර්ණක භාවිතා කරලා නෑ කියන එක.

🛑 මේ භාජන වල පිටිපස්සේ ගහලා තියෙනවා මොනවද ප්ලාස්ටික් ජාතියේ අංකය කියලා.

🛑 අංක 5
මේක වඩාත්ම හොඳයි ආහාර ගබඩා කිරීම සඳහා

🛑 හැන්දක සහ ගෑරුප්පුවක සලකුණත් යොදලා තියෙනවා.එහෙම නැතිනම් වීදුරුවක් සහ ගෑරුප්පුවක සලකුණක් යොදලා තියෙනවා.
ඒකෙන් කියවෙන්නේ මේ භාජනය ආහාර දැමීම සඳහා සුදුසුයි කියන එක.

🛑 ඒ වගේම සමහර වෙලාවට ප්ලාස්ටික් භාජන වල ආහාර දාලා ෆ්‍රීසර් එකේ දානවා. සමහරක් භාජන ෆීසර් එකේ ඔරොත්තු දෙන්නෑ. දැම්මොත් කුඩා පිපිරුම් ඇති වෙනවා.ඒවා ඇහැට පෙනෙන්නේ නැති තරම් කුඩා පිපුරුම්. මේවා හරහා රසායනික ද්‍රව්‍ය මේ ආහාර වලට එකතු වෙන්නට පුළුවන්.

❄️ ප්ලාස්ටික් භාජන වල හිම මලක සලකුණක් ගහලා තියෙනවා ඒකෙන් කියන්නේ මේක ෆ්‍රීස් කරන්නට පුළුවන් ආහාර දාලා . කිසි ගැටලුවක් වෙන්නේ නැහැ කියන එක.

🛑 ඉතින් මෙන්න මේ වගේ සලකුණු කීපයක් ඔබ බලන්නට ඕනා ආහාරත් සමඟ ඔබේ ප්ලාස්ටික් භාජනය ගැටෙනවා නම් .

🪣 අපි දැකලා තියෙනවා සමහර අය පාට පාට කෝප්පවල රස්නෙන් සමහර වෙලාවට ප්ලේන්ටි එකක්, උණුවතුර වගේ දෙයක් දාලා බොනවා. ප්ලාස්ටික් වල තියෙන රසායනික ද්‍රව්‍ය මේ උණුවතුරත් එක්ක අපේ ශරීරයට ඇතුළු වෙන්නට පුළුවන්.

❌❌❌ මේ රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වයට දැඩි බලපෑමක් එල්ල කරනවා.

🛑 මදසරු භාවය ඇති වෙන්නත් පුළුවන්.

🛑 බොහෝ දෙනා හිතන්නේ මේ මද සරු භාවය පිරිමින්ට ඇති වෙනවයි කියලා විතරයි. නමුත් ගැහැණු අයගෙත් ඔසප් චක්‍රයටත් බලපෑම් ඇති කරනවා.

🛑 මේ රසායනික අණු බොහෝ වෙලාවට අපේ හෝමෝන වල තියෙන රසායනයට සමානයි.
ඉතින් අන්න ඒක හින්දා අපේ සිරුරත් එක්ක අන්තර් ක්‍රියා කිරීමේදී අපිට විවිධ රෝගාබාධ ඇති වෙනවා.

◾️පුරස්ථ ග්‍රන්ථි (prostate gland) ඉදිමුම් ඇතිවෙන්නට පුළුවන්.
◾️විවිධ පිළිකා වර්ග ඇති වෙනවා.
◾️අධික තරබාරු භාවයටත් මේක හේතු වෙන්නට පුළුවන්
◾️හිතාගන්න බැරිවෙලාවට කොලෙස්ට්‍රෝල් මට්ටම ඉහළ යනවා
මේ හෝමෝන වල අසමතුලිතතාව නිසා.

🪣 ඉතින් මේ වගේ රෝගාබාධ විශාල ප්‍රමාණයකට මේ ප්ලාස්ටික් භාජන හේතු වෙනවා.

🪣 අපේ පාසල් දරුවෝ අරගෙන යන විවිධ වර්ණයෙන් විවිධ හැඩයෙන් තියෙන ප්ලාස්ටික් බෝතල් වල විශේෂ ලේබල් එකක් දකින්නට පුළුවන් BPA free කියලා.

🛑 අපි කාලයක් තිස්සේ මේ බෝතලේ පාවිච්චි කරනකොට ඔබ දන්නවා මේ බෝතලේ දුර්වර්ණ වෙනවා. ඒකට හේතුව තමයි ආලෝකය යටතේදී මේ ප්ලාස්ටික් ක්‍රමක්‍රමයෙන් දිරාපත් වෙන්නට පටන් ගැනීම.

🛑 අන්න එතකොට මේක BPA තියෙනවා නම් ඒක ජලයට එකතුවෙලා ටිකෙන් ටික අපේ ශරීරයට යනවා. ගියාට පසුව විවිධ රෝගාබාධ ඇති වෙනවා.
ඒ විතරක් නෙමෙයි. අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට දැඩි හානි ඇති වෙන්නට පුළුවන්.

🛑 ඒක හරහා අපි විවිධ රෝගාබාධ වලට ගොදුරු වෙනවා. හේතුව බලාගෙන ගියහම දීර්ඝ කාලයක් තිස්සේ මේ නුසුදුසු ප්ලාස්ටික් භාජනයකින් වතුර බී තිබීම.

◾️ඒ වගේම වකුගඩු ආබාධ
◾️ඊළඟට ජීරණ පද්ධතියේ ඇතිවන ගැටලු
◾️කුඩා දරුවන්ගේ වර්ධනයේදී ඇතිවන ගැටලු
◾️මොළේ වර්ධනයේ විවිධ ගැටලු
◾️ඒ වගේම වර්ධනය අඩපණ වෙන්නටත් මේ BPA කියන සංයෝගය හේතු වෙනවා.

🛑 ඒක නිසාවෙන් විශේෂයෙන්ම වතුර බෝතලයක් ගන්නකොට මේ BPA free ද කියලා බලලා ගන්න.

🛑 ඒ වගේම ශ්‍රී ලංකා රජය විසින් ගුණාත්මක නොවන ප්ලාස්ටික් ගෙන්වන්නන් සහ නිපදවන්නන් කෙරෙහි දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවට දන්වා සිටීම සතුටට කාරණාවක්

ආහාර සමග ගැටෙන ප්ලාස්ටික් නිසා ඇතිවෙන්න පුළුවන් තවත් සංකූලතා පිලිබද වෙනත් ලිපියකින් තවදුරටත් කතා කරමු.✨

ස්තූතියි 🤍

උපුටා ගැනීමකි

මුල් අයිතිය සහ ගෞරවය
SL Doctors’ Voice 🙏🌷

ඔබට බඩගිනි වූ විට, ඔබේ ශරීරය ඇතුළතින් පිරිසිදු වීමට පටන් ගනී! මෙම ස්වාභාවික ක්‍රියාවලිය Autophagy ලෙස හඳුන්වන අතර, එය අප...
28/06/2025

ඔබට බඩගිනි වූ විට, ඔබේ ශරීරය ඇතුළතින් පිරිසිදු වීමට පටන් ගනී! මෙම ස්වාභාවික ක්‍රියාවලිය Autophagy ලෙස හඳුන්වන අතර, එය අප සතුව ඇති බලවත්ම සුව කිරීමේ යාන්ත්‍රණයකි.

නිරාහාරව සිටීම හෝ කැලරි සීමා කිරීම අතරතුර, ඔබේ ශරීරය බිඳ වැටී හානියට පත් සෛල, වයස්ගත සංරචක සහ විෂ සහිත අපද්‍රව්‍ය ඉවත් කර ඒවා ප්‍රයෝජනවත් කොටස් බවට ප්‍රතිචක්‍රීකරණය කිරීමට පටන් ගනී.

එය ඔබව නිරෝගීව තබා ගන්නා, ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරන සහ පිළිකා සහ ඇල්සයිමර් වැනි රෝග වැළැක්වීමට පවා උපකාරී වන අභ්‍යන්තර විෂ ඉවත් කිරීමේ පද්ධතියක් වැනිය.

ඇත්ත වශයෙන්ම, මෙම සොයාගැනීම කෙතරම් වටිනවාද කියනවා නම් එයට 2016 දී වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමි විය!
ඉතින් ඊළඟ වතාවේ ඔබට ටිකක් බඩගිනි දැනෙන විට, මතක තබා ගන්න - ඔබේ ශරීරය පිරිසිදු කිරීමේ මාදිලියට යන බව.

උපුටා ගැනිමකී
ස්තුතියි මුල්හිමිකරුට

පැටියෝ ඔයාට නිවන් සුව ලැබේවා 🥺🙏 අනිවාර්යෙන් දැනුවත් වෙන්න. දරුවො ඇහේ තියන් බලාගන්න...💔වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක මහතා ද...
05/06/2025

පැටියෝ ඔයාට නිවන් සුව ලැබේවා 🥺🙏 අනිවාර්යෙන් දැනුවත් වෙන්න. දරුවො ඇහේ තියන් බලාගන්න...💔

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක මහතා දාපු පෝස්ට් එකක්.. අපි කාටත් හොඳ පාඩම් මේවා.. කාර්මිකයෙක්ට කොච්චර වගකීමක් තියෙනවද කියලා මේකෙන් පේනවා නේද..

එක විනාඩියක් ඇති !
ඔව්
එක විනාඩියක් ඇති !

දයාබර අම්මේ තාත්තේ

ඔබේ හුරතල් පුතා දුව
ඔබේ ඇස් මානයේම තබා ගන්න
අඩුම තරමින් අවුරුදු පහක් වත්
යන්තමින් තම ආරක්ෂාව ගැන
තේරෙන වයසට එනතුරුවත්
ඇස් මානයෙන් පිටට නොයවන්න
" ඇහේ තියන් දරුවන් හදන්න "
නැතිනම් ඒ ඇස් වලට දරාගන්න
බැරිවෙයි දරුවකුගේ වෙන්වීමේ දුක...!

අද දහවල් මට රෝහලෙන් එන ඇමතුමකි ,
" අයියේ අවුරුද්දක බබෙක් කරන්ට් වැදිල ඇවිත් , ට්‍රාන්සර් එකක් ,
සිහිය නෑ ගේනකොටත් ! ? "

තරුණ වෛද්‍යවරයාගේ කටහඩත් වෙව්ලන හැටි මට දැනෙයි.

" මල්ලි , හාර්ට් එක කොහොමද ? "

" අයියේ මට හාර්ට් බීට් එක ඇහෙන්නේ නෑ "

විනාඩි දෙකක් පමන යනවිට මම හදිසි ප්‍රතිකාර ඒකකයේය . යනවිටත් වෛද්‍යවරුන් හෙදියන් ඇදක් වටා වටවීගෙනය

අසරණ මවක් අසල ඉදගෙන අඩමිනි.
" අනේ මහත්තයෝ විනාඩියකට මම කුස්සියට ගිය ටිකට පුතා කරන්ට් වයර් එක අල්ලගෙන වැටිල හිටිය "
" ඇයි ගෙදර ට්‍රිප් ස්විච් එක off වෙලා නැද්ද ? "
" නෑ .මම තමයි කරන්ට් එක off කරල ලමයාව වඩා ගත්තේ , එතකොටත් කරන්ට් වයර් එක අතේ ගුලි කරගෙන හිටියෙ , අනේ මගේ පොඩි පුතා. අනේ බෙිරල දෙන්න මහත්තයෝ "

රෝහල දෙවනත් වන්නට අම්මා කෑගසයි.

මම දරුවා අසලට ගියෙමි. මේ මගේ පුතාල දෙන්නා ඒ වයසේ වැනි හුරුබුහුටි දරු පැටියෙකි. තොල් සහ ඇගිලි නිල් පැහැතිය. කටින් මව් කිරි වෑස්සේ.

ළමා රෝග විශේෂඳ වෛද්‍යවරිය ඇතුළු ළමා වාට්ටුවේ සියළු වෛද්‍යවරුන් ඊලග මිනිත්තු කිහිපයේදි හදිසි ප්‍රතිකාර අංශයේය. අවැසි සියළු හදිසි ප්‍රතිකාර ඇරඹින.

හෘද මසාජ් දිගටම ක්‍රියාත්මකය , සියළු උත්සාහය හෘදය නැවත පණ ගැන්වීමටය. වරින් වර මම දරුවාගේ හෘද ස්පන්දනය වෙදනලාව පපුවට තියා බැලුවෙමි. වෙදනලාව ගොළුය.

සියළු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් දරු පැටියා මෙලොවින් සමුගත්තේය.

මේ පණිවිඩය මෙය කියවන සියළුම අම්මලාටත් තාත්තලාටත්ය

නිවසේ විදුලි පරිපථ දෝෂ සියල්ල වහා විසදන්න. කිසිදු විදුලි වයරයක් එලියට නිරාවරණය කර නොතබන්න. විදුලි ප්ලග් දරුවන්ට ඇගිලි ගැසිම වලක්වන පරිදි ආවරණය කර තබන්න. ගුවන්විදුලි රූපවාහිනිවල වයර් සහ දුරකථන චාජර් වල වයර් වල හානි ඇතිවිට ඒවා අලුත් කරන්න නැතිනම් ආවරණය කරන්න.

නිවසේ ට්‍රිප් ස්විචය සතියකට සැරයක්වත් නිවැරදිව ක්‍රියාකරන්නේදැයි පරීක්ෂා කර බලන්න.එසේ නොමැති නම් වහා විදුලි කාර්මිකයකු ගෙන්වා ඒවා පරික්ෂා කර නිවැරදි කරන්න.

සැමවිටම ඔබේ දරුවා ඔබේ ඇස් මානයෙන් පිටතට නොයවන්න !!

ඔබට ඉවතට යන්නට වෙනවා නම් තවත් තේරුමක් ඇති අයකුට එම වගකීම පවරා යන්න

මෙවන් අකල් මරණ වලක්වාගත හැකිව තිබූ ඒවාය. මේ දුක ජීවිත කාලය තුලම වරදකාරී හැගිමක් ලෙස ඔබව සදාකල් පීඩාවට පත්කරනු ඇත.

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක

උපුටා ගැනීමකි ❤️

04/06/2025

What to expect at every age: a guide to women’s health screenings.

03/06/2025

Heart Attacks in the Young: A Cardiologist’s Perspective on a Growing Crisis

By Dr. Gotabhaya Ranasinghe

A Shocking Trend in My Own Practice

As a cardiologist practicing for over 25 years, I have seen a disturbing rise in heart attacks among young adults—especially in Sri Lanka and other South Asian countries. What was once rare in people under 40 has now become alarmingly common. Every month, I encounter individuals in their late 20s and early 30s suffering from heart attacks—many without traditional risk factors like obesity or family history.

So what’s driving this surge?

In my professional opinion, the answer lies primarily in modern lifestyle choices—specifically, poor diet, physical inactivity, chronic stress, and inadequate sleep. These aren’t just “bad habits” anymore. They are root causes of inflammation, oxidative damage, and early plaque formation in coronary arteries.

The Hidden Dangers in the Modern Diet

One of the most overlooked contributors to early heart disease is poor diet, especially the consumption of:

1.⁠ ⁠Refined Sugar

Sugar is not just empty calories. It is a potent inflammatory and oxidative agent. Excessive sugar intake leads to insulin resistance, metabolic syndrome, and damages the endothelial lining of arteries, triggering the formation of atherosclerotic plaques. In Sri Lanka, the consumption of sugary foods and beverages is rampant—especially among the youth. This is reflected in the rising rates of type 2 diabetes, even in teenagers and young adults.

2.⁠ ⁠Seed Oils (Industrial Vegetable Oils)

Most processed and fast foods are cooked in oils like sunflower, canola, soybean, corn, and palm oil—what we call seed oils. These oils are high in omega-6 polyunsaturated fatty acids (PUFAs), which are highly unstable and prone to oxidation when heated. This generates free radicals—highly reactive molecules that damage the endothelium (the inner lining of your blood vessels), increasing the risk of plaque buildup.

In contrast, coconut oil (traditionally used in Sri Lanka) and olive oil are much more stable and heart-friendly.

3.⁠ ⁠Ultra-Processed Foods

Almost every packaged snack or fast food contains either refined sugar or seed oils—or both. These foods are engineered to be hyper-palatable but are toxic to the cardiovascular system when consumed regularly.

Sedentary Life: A Modern Killer

Many young people now live highly sedentary lives. Whether it’s due to screen time, commuting, or work, daily movement has drastically decreased. Physical inactivity leads to insulin resistance, poor circulation, and increased visceral fat—even in people who are not visibly overweight.

My recommendation:
At minimum, engage in 40 minutes of physical activity at least five days a week. You don’t need a gym membership. Walking is the simplest and most powerful habit to protect your heart. Other activities like swimming, cycling, or dancing are excellent too. The key is consistency.

The Forgotten Pillar: Sleep

Many young professionals and students sacrifice sleep in pursuit of productivity or entertainment. But what they don’t realize is that sleep deprivation is a major cardiovascular risk factor. Poor sleep increases stress hormone levels (like cortisol), impairs glucose metabolism, and produces oxidative stress that damages the arteries.

Aim for at least 7 hours of quality sleep per night. It’s not a luxury—it’s a medical necessity.

Final Thoughts: Prevention Is Possible—and Essential

Young people must realize that heart disease is not just their parents’ problem anymore. It is now a disease of the young—quiet, creeping, and often fatal when ignored.

But this is not inevitable. The good news is, early lifestyle changes are extremely powerful. You can reverse many of these risk factors before they become dangerous.

As a cardiologist, here’s my advice to everyone under 40:
• Cut down refined sugar and processed carbs.
• Avoid seed oils—stick to coconut oil or olive oil.
• Eliminate ultra-processed foods from your diet.
• Move your body daily.
• Sleep 7–8 hours every night.
• Listen to your body—don’t ignore unusual fatigue, palpitations, or chest tightness.
• Do regular health check-ups starting from your late 20s, especially if there’s a family history.

Your heart doesn’t wait until retirement to give out. But it will reward you if you take care of it now.

-copied

Address

Near District Hospital, Galle Road
Baddegama South
80200

Opening Hours

Monday 11:00 - 18:00
Tuesday 11:00 - 18:00
Thursday 11:00 - 18:00
Sunday 11:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Achini Isanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share