09/05/2026
මොනවාද මේ Clear Aligners?
Clear Aligners යනු දන්ත සැකැස්ම නිවැරදි කිරීම සඳහා භාවිතා කරන, පැහැදිලි සහ ඉවත් කළ හැකි විකලාoග දන්ත orthodontic උපකරණයකි. සාම්ප්‍රදායික ලෝහ braces වලට විකල්පයක් ලෙස වර්ධනය වූ මෙම තාක්ෂණය, computer-aided design (CAD) සහ three-dimensional digital imaging මත පදනම්ව එක් එක් රෝගියාට විශේෂයෙන් නිර්මාණය කරනු ලබන තාක්ෂණික මෙවලමකි.
Clear aligners සාමාන්‍යයෙන් thermoplastic polyurethane ,multilayer medical-grade polymer වැනි ද්‍රව්‍ය වලින් සාදා ඇති අතර, දන්ත මතුපිට පෘශ්ථයට සෘජුවම ගැලපෙන පරිදි සකස් කරනු ලැබේ. එම aligners මගින් දත් වලට ක්‍රමානුකූල, මෘදු සහ නිරන්තර බලයක් (controlled orthodontic force) යොදමින් දත් චලනය සිදු කරයි. මේ ක්‍රියාවලිය periodontal ligament remodeling සහ alveolar bone resorption/apposition යන ජෛවීය ක්‍රියාවලීන් මත පදනම් වේ.
සාම්ප්‍රදායික Fixed Orthodontic Braces සමඟ සසඳන විට clear aligners පැළදීමේදී පෙනුම අතින් වඩාත් පිළිගැනෙන අතර පැලදීමේදී පිටතට නෙපෙනෙනෙ තරම් වේ.ආහාර ගැනීමේදී සහ දත් පිරිසිදු කිරීමේදී ඉවත් කළ හැකි බැවින් පිරිසිදුකම පවත්වා ගැනීම පහසු කරයි. සාමාන්‍ය braces මෙන් Brackets සහ arch wires නොමැති නිසා මුඛය තුවාල වීම් වැනි ගැටලු අඩුවේ. එමෙන්ම aligners භාවිතයේදී දත්වල මැලියම් එකතු වී ඝණ වීම සහ විදුරුමස් ආසාදනය සාමාන්‍යයෙන් අඩු බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, clear aligners සෑම විකෘතිතාවකට සමාන ලෙස සුදුසු නොවේ. ඇතැම් අවස්ථාවලදී fixed appliance therapy තවමත් වඩාත් ප්‍රයෝජනවත් ලෙස සැලකේ. ඇතැම් විකෘතිතා සදා Aligners වඩාත් සුදුසු වන අතර පහසුවෙන් ඉකමණින් නිවරදි කල හැකි වේ.Aligners වල සාර්ථකත්වය රෝගියාගේ කැමවීම මත (patient compliance) රඳා පවතින අතර, දිනකට නිශ්චිත කාලයක් පැළඳීම අත්‍යවශ්‍ය වේ.
වර්තමාන විකලාoග ක්ෂේත්‍රයේදී clear aligner therapy යනු aesthetics, digital dentistry සහ minimally invasive biomechanics එකට ඒකාබද්ධ කළ නවීන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැලකේ. Artificial intelligence-assisted treatment planning, intraoral scanning සහ 3D printing තාක්ෂණයන්ගේ වර්ධනයත් සමඟ clear aligners භාවිතය ගෝලීයව වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
මෙරටදී ද මෙම ප්‍රතිකාර සදහා දැන් අවස්ථාව පවතී.
-දන්ත ශල්‍ය වෛද්‍ය තුෂාර ෆොන්සේකා.