Base Hospital, Balapitiya - මූලික රෝහල, බලපිටිය

Base Hospital, Balapitiya - මූලික රෝහල, බලපිටිය Base Hospital Balapitiya (BHB) is the leading and largest type A base hospital in Southern Province

2026 ජනවාරි 13 වන දින අම්බලන්ගොඩ සෙන්ට්‍රල් සිංහ සමාජය මඟින් සංවිධානය කරන ලද බාහිර සුව දිවි සායනයක් වතුගෙදර ශ්‍රී ආනන්දා...
07/03/2026

2026 ජනවාරි 13 වන දින අම්බලන්ගොඩ සෙන්ට්‍රල් සිංහ සමාජය මඟින් සංවිධානය කරන ලද බාහිර සුව දිවි සායනයක් වතුගෙදර ශ්‍රී ආනන්දාරාමයේදී, බලපිටිය මූලික රොහලේ බෝ නොවන රෝග ඒකකය විසින් පවත්වන ලදී. මෙහිදී පෙරදී බෝනොවන රෝග හඳුනා නොගත් අය සඳහා රුධිර පරීක්ෂණ සිදු කරන ලද අතර දහම්පාසල් දරුවන්ගේ ශරීර ස්කන්ධ ඒකකය, මුඛ පරීක්ෂණ සහ ඇස් පරීක්ෂය සිදු කරන ලදී.
තවද සෞඛ්‍ය ප්‍රවර්ධන හා පෝෂණය සම්බන්ධ දේශන වෛද්‍ය හා හෙද කාර්‍යමණ්ඩලය විසින් පවත්වන ලදී.

සුවදිවි සායනය
බෝ නොවන රෝග ඒකකය
මූලික රෝහල - බලපිටිය

ක්ලේශ ගින්නෙන් දැවී තැවී ගිය හදවත්, අමා දම් සිසිලෙන් නිවා සනසා ලන්නට උතුම් සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල යෙදී ඇති සුපිම්...
19/06/2025

ක්ලේශ ගින්නෙන් දැවී තැවී ගිය හදවත්, අමා දම් සිසිලෙන් නිවා සනසා ලන්නට උතුම් සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල යෙදී ඇති සුපිම්බර වෙසක් මාසයේ 30 වන දින රාත්‍රී පුරා දේශනා කල සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවත්, 31 වන දින හිමි දිරි උදෑසන මහා සංඝරත්නය උදෙසා සිදු කෙරුනු දානමය පිංකම, කාර්යය මණ්ඩලය හා නේවාසික රෝගීන් සඳහා උදෙසා සිදු කෙරුනු උදෑසන දානයමය පිංකම.

🌍💙 International Nurses Day 2025 💙🌍Base Hospital Balapitiya proudly celebrated Nurses Day on 15.05.2025, honoring our de...
17/06/2025

🌍💙 International Nurses Day 2025 💙🌍
Base Hospital Balapitiya proudly celebrated Nurses Day on 15.05.2025, honoring our dedicated nursing staff for their compassion and care. Thank you for being the heart of healthcare! 👩‍⚕️👨‍⚕️

සුපින්බර වෙසක් පුර පසළොස්සක පොහොය දින බලපිටිය මූලික රෝහලේ පැවති උදෑසන සඳහම් දේශණය, රෝගීන් වෙනුවෙන් සිදු කල සිසිල් පැන් ද...
31/05/2025

සුපින්බර වෙසක් පුර පසළොස්සක පොහොය දින බලපිටිය මූලික රෝහලේ පැවති උදෑසන සඳහම් දේශණය, රෝගීන් වෙනුවෙන් සිදු කල සිසිල් පැන් දන්සල හා රාත්‍රි කාලයේ පැවති ආලෝක පූජා මෙසේය..

2025.03.24 දිනට යෙදුණු ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව ප්‍රජාව දැනුවත් කිරීමේ වීදි නාට්‍ය රෝහල්කාර්ය මණ්ඩලයේ  සහභාගීත්වයෙන් 2...
31/03/2025

2025.03.24 දිනට යෙදුණු ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව ප්‍රජාව දැනුවත් කිරීමේ වීදි නාට්‍ය රෝහල්කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2025.03.25 දින අම්බලන්ගොඩ නගරයේදී සහ රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් සැමට ස්තුතියි.

මාර්තු මස 08 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රෝහල්, සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන ඒකකය අම්බලන්ගොඩ පොලිස් ස...
25/03/2025

මාර්තු මස 08 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් රෝහල්, සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රවර්ධන ඒකකය අම්බලන්ගොඩ පොලිස් ස්ථානය හා එක්ව සංවිධානය කරන ලද රෝහල්කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ විශේෂ දේශනය, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති, ශාස්ත්‍රපති එච්. ආර්. කේ. ද සිල්වා මහතාගේ සම්පත් දායකත්වයෙන් 2025 මාර්තු 11වන දින රෝහල් ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

බලපිටිය මූලික රෝහලේ "සුව සවි පියස" අරඹන ලද වගයි.
20/02/2025

බලපිටිය මූලික රෝහලේ "සුව සවි පියස" අරඹන ලද වගයි.

ලෝක ලාදුරු දිනය නිමිති කර ගනිමින් පවත්වනු ලැබූ සුව නිල දරු චිත්‍ර තරඟය පසු ගිය දින පැවත්වූ අතර එහි ජයග්‍රාහකයන් හට ත්‍යා...
13/02/2025

ලෝක ලාදුරු දිනය නිමිති කර ගනිමින් පවත්වනු ලැබූ සුව නිල දරු චිත්‍ර තරඟය පසු ගිය දින පැවත්වූ අතර එහි ජයග්‍රාහකයන් හට ත්‍යාග බෙදා දීම සමගින් ලාදුරු දින සැමරුම් උත්සවය පසුගිය 11 වන දින රෝහල් ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි

Address

Balapitiya

Alerts

Be the first to know and let us send you an email when Base Hospital, Balapitiya - මූලික රෝහල, බලපිටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Base Hospital, Balapitiya - මූලික රෝහල, බලපිටිය:

Shortcuts

Share

Category