Medihub.lk

Medihub.lk medihub.lk is a Pharmaceutical service provider in Sri Lanka. We delivery medicine island wide.

ප්‍රෙෂර් බෙහෙත් හරියට නොබොන අය මෙය අනිවාර්යයෙන්ම කියවන්නබ්ලඞ් ප්‍රෙෂර් කිව්වම කෙනෙක් ඒක එතරම් ගණන් ගන්නෙ නෑ. බෙහෙතක් ගන්...
03/11/2024

ප්‍රෙෂර් බෙහෙත් හරියට නොබොන අය මෙය අනිවාර්යයෙන්ම කියවන්න

බ්ලඞ් ප්‍රෙෂර් කිව්වම කෙනෙක් ඒක එතරම් ගණන් ගන්නෙ නෑ. බෙහෙතක් ගන්නෙම නෑ. එහෙම නැත්නම් කාලයක් යන කොට බොන බෙහෙත් ටික අත්හරිනවා. ඒකෙ ඵලවිපාක ගැන ඔබ බොහෝ කතා අහල ඇති. ඒත් හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ කියන මේ කතාව ඔබ අහල නැති වෙන්න පුළුවන්.

එඕටික් ඩිෂෙක්සන් එහෙම නැත්නම්, ඩිෂෙක්ටින් ඇනියුරිසම් කියන්නෙ මේ පාලනය නොකළ පෙෂර් රෝගීන්ට ඇතිවෙන හදිසි තත්ත්වයක්. මේ ඒ ගැන අප හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ මහත්මා කියන කතාව.

“එඕටික් ඩිෂෙක්සන් නමැති හදිසි තත්ත්වය ඇති වෙන්න මූලික වන්නේ මහා ධමනියේ අභ්‍යන්තර ආස්තරණයේ ඇති දුර්වලතාවයක් හා පාලනය නොකල අධික රුධිර පීඩනය. මහා ධමනිය සහමුලින්ම තීරු වලට ඉරිල අධික අභ්‍යන්තර රුධිරවහනයකින් රෝගියා ජීවිතක්ෂයට පත් වෙනවා. එහෙම නැත්නම් මොළයට හා අනෙකුත් ශරීරයේ අභ්‍යන්තර අවයව වලට හා අත්පා වලට රුධිර සැපයුම අඩාල වීමෙනුත් රෝගියා මිය යන්න පුළුවන්.”

“මීට කලකට පෙර මේ රෝගී තත්ත්වය ඉතා කලාතුරකින් සිදුවුවත්, අද දවසේ මෙම රෝගීන් වැඩි වීමේ පැහැදිලි ප්‍රවණතාවක් තිබෙනවා. ඖෂධ මිල අධික නිසා රුධිර පීඩනය සඳහා භාවිතා කරන්න රෝගීන් මැලිකමක් දක්වනවාද? එහෙම නැත්නම් අධික ආතතිය නිසා රුධිර පීඩනය අධික වීමෙන් එසේ සිදුවනවාද යන්න ගැටලු‍වක්.”

“කෙසේ නමුත් ඉක්මණින් රෝගය හඳුනාගෙන වහ වහා ප්‍රතිකාර කළොත් රෝගීන් යම් ප්‍රතිශතයක් මරණයෙන් ගලවා ගත හැකි වනවා. ඒ සදහා අවශ්‍ය ශල්‍ය උපකරණ වල මිල ඉතා අධිකයි. ඒ නිසා මේ සඳහා රජයට මිලියන කීපයක අධික වියදමක් දැරීමට සිදුවේ.”

“එම නිසා තම තමන්ගෙ රුධිර පීඩනය නියමාකාරයෙන් කෙසේ හෝ පාලනය කරගත යුතු අතර, ආතතිය හා ක්ෂණිකව කෝප වීම පාලනය කර ගැනීම ඉතා වැදගත්ය.”

මේ නිසා පසුසටහන විදිහට සිහිපත් කරන්නම් ප්‍රෙෂර් එක තියෙද්දි ඒකට බෙහෙත් නොබී ඉන්නව කියන්නෙ ජීවිතය පරදුවට තැබීමක්. ජීවිතයත් එක්ක සූදු කෙළියක යෙදීමක්. ඔය හදිසි කෝපය, ඉවසීමක් නැතිකමත් මේ විදිහේ ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන ඇබැද්දි වලට හේතු වෙන්න පුළුවන්.

ප්‍රෙෂර් එක තියෙනවා නම් ඊට නියමිත බෙහෙත් නොවරදවා බොන්න. සංයමයෙන්, ශික්ෂණයෙන් යුතු ජීවිතයක් ගත කරන්න. හෘද උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍ය ගාමිනී රණසිංහ මහත්මා අත්දැකීමෙන් දෙන අවවාදය එයයි.

Medihub.lk

03/11/2024

| අමතක මතකයන් 👈🙂

යම්කිසි සිදුවීමක් වුණාට පස්සෙ මේක මීට කලිනුත් මේ විදියටම වුණා වගේ දැනෙනවා. කවදාවත් නොගිය තැනකට ගියාමත් මීට කලින් මෙතනට ඇවිත් තියෙනවා වගේ මතකයක් එනවා. ඒත් කොච්චර මතක් කරත් ඒක සිදුවුණේ කවදද කියල මතක් කරගන්නම බැහැ.

ඔයත් සමහරවිට මේ අත්දැකීම ජීවිතේ එක පාරක් හරි විඳල ඇති. මෙහෙම වෙන්නෙ ඇයි? පෙර භවයේ මතකයක් නිසාද? නැත්තං ඒක හීනයක්ද? ඒ ගැන තමයි අද මම කියන්න යන්නෙ..

මේ සංසිද්ධියට කියන්නෙ déjà vu (ඩේජා වූ) කියලා. ඒක ප්‍රංශ වචනයක්. තේරුම තමයි already seen (දැනටමත් දැකපු) කියන එක.

මේක ගැන 2003 වසරෙදි Psychological Bulletin කියන journal එකෙන් කරපු සමීක්ෂණයකට අනුව හැම 3 දෙනෙකුගෙන් දෙදෙනෙක්ම මේ අත්දැකීම විඳල තියෙනවා.

මේක අපේ මොළයෙ පොඩි ප්‍රශ්නයක්. DeJa Vu තත්වයක් ඇතිවෙන්න සාමාන්‍යයෙන් වයස අවුරුදු 10ක් වත් වෙන්න ඕනෙලු. ඔය තත්වය ඇතිවෙන්න හේතු ගොඩක් බලපානවා. අපි හේතු කිහිපයක් එකින් එක සලකා බලමු.

1) ඔයා ගොඩක් පොඩි කාලෙ ඔයාගෙ ගෙදර ගෘහභාණ්ඩ තිබුණු පිළිවෙල මතකද? නැහැ නේද? ඔයා පෙරේදා රෑට කෑවෙ මොනවද කියල වත් ඔයාට මතකද? ඉතින් එහෙම එකේ පොඩි කාලෙ ගෙදර ගෘහභාණ්ඩ තිබුණ පිළිවෙළ ගැන මොන මතකයක්ද?

හැබැයි ඔන්න දැන් ඔයා කොහෙහරි ගෙදරකට යනවා. මේ ගෙදරත් ගෘහභාණ්ඩ තියල තියෙන්නෙ ඔයා පොඩි කාලෙ හිටපු ගෙදර පිළිවෙලටමයි. ඔයාට ඒක මතක නෑ. ඒත් ඒක ඔයාගෙ මතකයේ තැන්පත් වෙලා තියෙනවා. ඒක නිසා ඔයාට ලොකු හුරුපුරුදු ගතියක් දැනෙනවා. මීට කලින් මෙතනට ආවා වගේ දැනෙනවා. ඒත් කවදද ආවෙ කියලා මතකම නෑ. එහෙම වෙන්නෙ අර පැරණි මතකය නිසා..

2) ගොඩක් සංචාරය කරන අයට සහ හොඳින් සිහින නැවත ආවර්ජනය කරන්න පුළුවන් අයටත් DeJa Vu තත්වය ඇතිවෙනවලු..

3) ඔයාට ඇස් 2ක් තියෙනවා. කන් 2කුත් තියෙනවා. ඒත් ඔයාට පේන්නෙ දෙපාරකටද? ඇහෙන්නෙ දෙපාරකටද? නැහැනෙ? මොකද ඔයාගෙ ඇස් දෙකෙන්ම දකින දේවල් වලට අදාල signals ඔයාගෙ මොළයෙ පිටුපස කොටසෙ තියෙන Visual Cortex එකට යන්නෙ එකම වෙලාවෙදි නිසා.

ඒත් ඉතාම කලාතුරකින් ඔය සිග්නල් දෙක අතරෙ පොඩි delay එකක් ඇතිවෙනවා. ඒ කියන්නෙ ඔයාගෙ වම් ඇහෙන් ලබාගත්ත සිග්නල් එක මොළයට ගිහින් පුංචිම පුංචි වෙලාවකට පස්සෙයි දකුණු ඇහෙන් ලබාගන්න සිග්නල් එක මොළයට යන්නෙ. දැන් මොළය පිස්සු වැටෙනවා. ඇයි ඉතින් මොළයට එකම සිග්නල් එක මිලිතත්පර ගානක් තුල දෙපාරක්ම ලැබුණනෙ.

ඒත් හැමදේම හරියට සිද්දවෙනවා කියල හිතන් ඉන්න මොළය හිතන්නෙ ඒ සිග්නල් 2ම එක පාර ලැබුණා කියලයි. ඉතින් දෙවෙනි සිග්නල් එක එනකොට ඒ දත්ත ටිකම පළවෙනි සිග්නල් එකෙන් ලැබුණත් මොළය ඒක පිළිගන්න සූදානම් නැති නිසා එතන DeJa Vu තත්වයක් ඇතිවෙනවා. එතනදි අපි මේක මීට කලින් දැක්කා වගේ මතක් වෙන්නෙ අර වම් ඇහෙන් මිලිතත්පර ගාණකට කලින් මොළයට ලැබුණු සිග්නල් එකේ දැකපු දේවල් ටික තමයි.

4) අපි පාඩම් කරන ගොඩක් දේවල් හොඳින් අපේ මතකයට යන්නෙ එකම දේ නිතර නිතර පාඩම් කරද්දි. මොකද අපේ මොළයෙ කෙටි කාලීන මතකය (Short Term Memory) සහ දිගු කාලීන මතකය (Long Term Memory) කියල 2ක් තියෙනවනෙ. අපි සාමාන්‍යයෙන් අහන දකින දේවල් යන්නෙ කෙටි කාලීන මතකයට. කාලයක් එකම දේ කිහිප වරක්ම කෙටි කාලීන මතකයට ආවම මොළය තීරණය කරනවා මේක වැදගත් දෙයක් කියලා. එහෙම හිතල ඒ දෙය කෙටි කාලීන මතකයෙන් දිගු කාලීන මතකයට යවනවා.

හැබැයි බොහොම කලාතුරකින් සමහර දේවල් කෙටිකාලීන මතකය bypass කරල එක පාරම කෙලින්ම දිගු කාලීන මතකයේ තැන්පත් වෙනවා. ඒත් මොළය හිතන්නෙ මේක සාමාන්‍ය ක්‍රමයටම කෙටි කාලීන මතකයෙන් ආපු මතකයක් කියලයි. එහෙම හිතල එයා කෙටි කාලීන මතකය පුරාම search කරල බලනවා මේක කොහෙන්ද ආවෙ කියල. ඒත් හොයාගන්න බැහැනෙ. ඉතින් එතනත් deja vu තත්වයක් ඇතිවෙනවා.

5) මීට අමතරව අපස්මාරය වගේ රෝග නිසා වගේම සමහර බෙහෙත් හා වේදනා නාශක නිසාත් deja vu ඇතිවෙන්න පුළුවන්

ඉතින් මේක පෙර භවයේ මතකයක් වත්, සමාන්තර ලෝකයක සිදුවීමක් වත්, වෙනත් ගුප්ත බලයක් වත් නොවන බව දැන් ඔයාලට පැහැදිලි ඇති.. මේක සාමාන්‍ය සිදුවීමක්.. හැබැයි ඉතින් මේක නිතරම දිගින් දිගටම වෙනව නම් වහාම neuro surgeon කෙනෙක් හම්බවෙලා පරික්ෂා කරගත්තොත් හොඳයි කියන එකත් අමතක කරන්න එපා..

Medihub.lk

උපුටා ගැනීමකි ..

07/05/2024
ලෝකයේ දෙවැනියටම දරාගත නොහැකි වේදනාවටමටත් හතරවෙනි පාරටත් , ඊයේ ඒ දරුණුම වේදනාවට මුහුණදෙන්න සිදුවුනා... 😪😪😪IV Morphine වලට...
13/04/2024

ලෝකයේ දෙවැනියටම දරාගත නොහැකි වේදනාවට
මටත් හතරවෙනි පාරටත් , ඊයේ ඒ දරුණුම වේදනාවට මුහුණදෙන්න සිදුවුනා... 😪😪😪IV Morphine වලටවත් ඒ වේදනාව සමනය කරන්නට බැරිඋනා... IV Fentanyl 50Mg වලට යාන්තමින් අඩු වුනේ.... මුත්‍රා ගල් - Urinary calcui..☠️☠️☠️
අනේ හතුරෙක්ටවත්, දන්න කියන කිසිම කෙනෙක්ට ඒ වේදනාව දැනෙන්න එපා...🙏🙏🙏
ඒ නිසාම මුත්‍රා ගල් ඇතිවීම හා වලක්වාගැනීම සම්බන්ධව තොරතුරු ඔයාලා හැමෝගෙම දැනගැනීම පිණිස දාන්න හිතුනා..
මුත්‍රා ගල් ඇතිවීම වලකා ගනිමු... 💯💯💯💯
දවසට ලීටර් 03ක් හෝ 04ක් වතුර බොමු...💦💦💦💦

මූත්‍රා ගල් ඇති වීම සුලභ රෝගී තත්ත්වයකි.....

වතුර අඩුවෙන් බොන විට මුත්‍රා ඉතා සාන්ද්‍ර වේ... එවිට වකුගඩුවේ සිට මුත්‍රා ගමන් මාර්ගයේ කුඩා කැටති ඇතිවේ. මෙම කැටති සාමාන්‍යයෙන් මුත්‍රා සමග ගසාගෙන යන අතර විශාල කැටති වකුගඩුවේ ඉතිරිවේ. මෙම කැටති ක්‍රම ක්‍රමයෙන් එකතුවී විශාල ගල් ඇතිවේ. විශාල ගල් මුත්‍රා මාර්ගය අවහිර කරයි.

මුත්‍රා ගල් වර්ග...

මුත්‍රා ගල් එහි සංයුතිය අනුව වර්ග කිහිපයකට බෙදා දක්වන්න පුලුවන්.

1. කැල්සියම් සහිත ගල්

මේවා කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ෆොස්ෆේට් වැනි රසායනික සංයුතීන්ගෙන් යුතු වේ. මෙම ගල් වර්ගය X-ray පරීක්ෂණයට හසු වනවා. මුත්රා ගල් වලින් 80% ක පමණම සංයුතිය වන්නේ කැල්සියම් ඔක්සලේට්. ඒ නිසා බහුතරයක් ගල් වර්ග මෙම සරල පරීක්ෂණයෙන් හදුනා ගැනීමේ හැකියාව තිබෙනවා.

2. යුරික් අම්ල ගල්

අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම නිසා, තරබාරු කම, ගවුට් රෝගයේදී(මෙයත් පිෂ්ඨය නොමැතිව ප්‍රෝටීන් පමණක් ආහාරයට ගැනීමෙන් සෑදෙන රෝගයකි) මෙම ගල් සැදීමට පුළුවන. අධික ආම්ලික මුත්‍රා ඇතිවිට මෙම ගල් සෑදේ. මේවා සාමාන්‍ය X-ray වලට හසු නොවේ.

3. සිස්ටීන් ගල්

1% ක් පමණ සුළු පිරිසකට මෙම ගල් වර්ගය ඇතිවන අතර වකුගඩුවේ ඇති ඇමයිනෝ අම්ල ගමනා ගමන මාර්ගයේ පරම්පරා ගත රෝගී තත්වයක් නිසා මෙම ගල් වර්ගය සෑදේ. මෙම ගල් තරුණ අවධියේදීම ඇතිවන අතර ජීවිත කාලය පුරාම මෙම ගැටළුව පවතී. දිර්ඝකාලින ප්‍රතිකාර ලෙස වැඩිපුර වතුර බිම, ප්‍රෝටීන් ආහාර පාලනය, රෝගය පිළිබඳව දැනුවත් කිරීම යන දේ කළහැකි අතර ඇතැම්විට ඖෂධ යොදාගනී.

4. අසාදන ගල්

මෙම වර්ගයේ ගල් ඇතිවන්නේ නිතර හැදෙන මුත්‍රා අසාදන වලට නිසියාකාරව ප්‍රතිකාර නොකළ විටයි. මෙහිදී මුත්‍රා මර්ගයේ ඇතිවන පරිසරය ගල් ඇතිවී ඉක්මනින් වර්ධනය වීමට උපකාරීවේ. මෙවැනි ගල් ඉතා විශාල වන අතර වකුගඩුව විනාශ කිරීමට පවා පුළුවන.

මූත්‍රා ගල් ඇති වීමට හේතු මොනවාද?

මූත්‍රා ගල් ඇති වීමට හේතු වන ප්‍රධානම කාරණාව ලෙස ජලය අඩුවෙන් පානය කිරීම දක්වන්න පුලුවන්. ජලය පානය කිරීම මග හැරෙන සහ වැඩි වශයෙන් තාපයටත් ඉර එලියටත් නිරාවරණය වන රැකියාවන් තවත් සුලභ හේතුවක්. බේකරි කර්මාන්තය මේ සදහා හොඳ උදාහරනයක්. තේ වැනි ඔක්සලේට් අධික අහාර වර්ග මූත්‍රා මර්ගයේ ගල් ඇති වීමේ ඉඩ වැඩි කරන්වා. අනෙකුත් හේතු කාරණා ලෙස වකුගඩු වල ව්‍යුහයේ වෙනස්කම්, පවුලේ වෙනත් අයෙකුට මූත්‍රා ගල් තිබීම, බඩවැල් හෝ වකුගඩු ආශ්‍රිතව පවතින වෙනත් රෝගී තත්වයන් හදුනාගන්න පුලුවන්.

රෝගය ඇතිදැයි දැන ගන්නේ කෙසේද?

මුත්‍රා ගල් ඇතිවිට මුලික අවදියේදී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොවේ. රෝගලක්ෂණ නොමැතිවිට මෙය බොහෝවිට සොයාගන්නේ වෙනත් රෝගයක් හඳුනා ගැනීමට සිදුකරන X-ray පරීක්ෂණ මගිනි.
එහෙත් ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ දරාගත නොහැකි බඩේ කැක්කුමයි. එම කැක්කුම වෘශණ කෝශ වලටද තදින් දැනේ...මෙම වේදනාව යටිබඩ දිහාවට විහිදී යන සහ විටින් විට එන යන තද වේදනාවකි. ඇතැම් විට වමනය පවා ඇතිවිය හැක.

ප්‍රධානම රෝග ලක්ෂණය වේදනාවයි. මුත්‍රා ගමන අඩාල වීම නිසා වකුගඩු තුල ඇතිවන පීඩනයෙන් වකුගඩුවේ ආවරණය ඇදීමකට ලක් වී වේදනාව ඇති කරනවා... තවද මුත්‍රාවල වර්ණය අනුවද හදුනාගත හැක.. කහ පැහැති සාන්ද්‍රණය වැඩි මුත්‍රා පිටවෙනවනම් මුත්‍රා ගල් සම්බන්ධ ව අවධානය යොමුකල යුතුය...

ගල ඇති ස්ථානය අනුව කොන්දේ හෝ යටිබඩේ වේදනාව ඇති විය හැකියි... එය කොන්ද යටිබඩ හරහා මුත්‍රාශය, වෘෂණ කෝශ දක්වා ඉතාමත් තියුණු ලෙස විහිදීයයි...
වෙනත් වේදනාවකින් මෙය වෙන් කර හදුනාගැනීමට පහත ලක්ෂණ උපයෝගී වෙනවා .

- ඉතාම අධික වේදනාව

- පැය කිහිපයක් පැවතීම

- ක්ෂනිකව පටන් ගැනීම

- වෙනත් කාර්යකට සම්බන්ධයකින් තොර වීම

- වේදනාව ශිෂ්ණය හෝ කෝශ වෙත ගමන් කිරීම

- දා ඩිය දැමීම

- වමනය

- මල පහ කිරීමට තදින්ම අවශ්‍ය බව දැනීම...

ප්‍රතිකාරය ආරම්භ කළ පසු වේදනාව තරමකට සමනය වේ. නමුත් මින් ප්‍රතිකාර සම්පූර්න බව අදහස් නොවේ. එබැවින් වෛද්‍යවරයා පවසන තුරු ප්‍රතිකාරයට සහභාගී විය යුතුයි.

උණ සමග ඇති වන ඇග වෙව්ලීම ආසාදනයක ලක්ෂණ විය හැකියි. එබැවින් මෙවැනි අවස්ථාවකදී නොපමාව වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

සමහර අවස්ථා වලදී (විශාල ගලක් ඇති විට, මුත්‍රා වාහිනී වලට හානි වූ විට, වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වූ විට, ආසාදනයකදී), සැත්කමකින් පසුව මුත්‍රා වාහිනී තුලට සිහින් ලෝහ නාලයක් (stent) ඇතුලු කරයි. එය තාවකාලික බැවින් මාස 6කින් ඉවත් කල යුතුය. එය සිහි තබාගෙන නිසි කලදී වෛද්‍යවරයා ලවා ඉවත් කර ගත යුතුයි.

ප්‍රතිකාර වෙත යොමු වීමේදී ඔබට දැනට ඇති අසනීප, ඔබ ගන්නා බෙහෙත්, දැනට අත් බෙහෙත් හෝ අයුර්වේද ප්‍රතිකාර ගන්නේ නම් ඒවාත්, වෛද්‍යවරයාට නොසඟවා පැවසීම වැදගත් වේ.

මුත්‍රා ගල් වලින් ඇති වන සංකූලතා මොනවාද ?

මුත්‍රා සමග ලේ වහනය වීම, ගල්නිසා මුත්‍රා ආසාදන ඇති වීම, ප්‍රතිකාර වලින් පසුවත් ගල් ඉතිරි වීම, නැවත නැවත ගල් ඇති වීමේ අවදානම මෙම තත්වයේ සංකූලතා කිහිපයක්.

මූත්‍රා ගල් ඇති වීමෙන් වැලකෙන්නේ කෙසේද ?

1. ජලය වැඩි වශයෙන් පානය කිරීම ඉතා වැදගත් . දිනකට පානය කල යුතු ජලය පරිමාව එක් එක් පුද්ගලයා මත, කර්යශීලී බව අනුව, දේශගුනය අනුව වෙනස් වනවා. එබැවින් මූත්‍රාවල පැහැය සුදු පැහැයට හැරෙන ප්‍රමාණයට ජලය පානය කිරීම නිර්දේශ කරන්න පුලුවන්. දෙහි වැනි පානද භාවිතයට සුදුසුය.

2. ඔබගේ බර උසට සරිලන ප්‍රමාණයට අඩු කර ගැනීම.

3. පෙර සදහන් කරන ලද ඔක්සලේට් අධික ආහාර අවම කිරීම.

4. දිනකට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබා ගැනීම. (කැල්සියම් වැඩි වීමත් අඩු වීමත් යන දෙකම අහිතකරයි)

5. අධික ලෙස මාංශ ගැනීමෙන් වැලකීම.

6. හදුනාගත් රෝග වලට නිසි ලෙස ප්‍රතිකාර ගැනීම.

7. වරක් රෝගය වැලදුනු කෙනෙක් නම් වෛද්‍ය උපදෙස් අනුව නිසි කලට පූර්ව හදුනාගැනීමේ පරීක්ෂණ වලට ලක් වීම.

8. කෙටි අහාර(Fast foods), ලුණු අධික අහාර වලින් වැලකීම.

9. මධ්‍යසාර භාවිතයෙන් වලකින්න, නැතිනම් භාවිතය අවම කරන්න.

10. එලවලු සහ පලතුරු වැඩි වශයෙන් අහාරයට ගන්න...

ඇතැම් කරුණු උපුටාගන්නා ලද අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේ මා දැනට සේවය කරන ජන්‍ය මෞත්‍ර ලිංගික වාට්ටුවේ ( Urology ward)මෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය Sohan Perera සර්ගෙන් සහමෞත්‍ර ලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය T අරවින්තන් සර්ගෙන් සහ ජේශ්ඨ හෙද සහෝදරයින්ගෙන් ද තොරතුරු ලබාගෙන පළකරමි....
ඒ මොහොතේ මගෙ ඒ දරුණු වේදනාව සමනය කරන්න කැපවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ කාර්‍යමන්ඩලයටත් , මං නේවාසිකව ප්‍රතිකාර ලැබූ ward 27 වෛද්‍ය, හෙද ඇතුලු සියලු කාර්‍යමන්ඩලයටත් , මගේ urology ward එකේ විනෝද් අයියා, සාගර අයියා ඇතුලු උපකාර කල මගේම හෙද සහෝදරත්වයටත් බොහොම පිං...🙏🙏🙏🙏
මේ දරුණුම වේදනාවකින් යුතු මුත්‍රා ගල් ඇතිවීම වලකාගමු.🔥🔥

H.M.D.W රවී බණ්ඩාර
හෙද නිළධාරී
Urology ward 21/22
ශික්ෂණ රෝහල..
කුරුණෑගල
2024/04/11

18/01/2024

මේ දිනවල සිරිපා කරුණා කරන බැතිමතුන්ගේ දැනගැනීම සඳහා කරුණු කීපයක් සටහන් කරන්නම්.

1. මේ දිනවල රාත්‍රියට සීතල වැඩියි, ඊයේ රාත්‍රි 12°C ක් පමණ කඳු පාමුල උෂ්ණත්වය , ඉහළට යන විට තවත් අඩුවිය හැකියි.
ඒක නිසා උණුසුම රැකෙන් ඇඳුම් ඇඳන් එන්න. අත් ආවරණ පළඳින්න.
2. සීත ගඟුලෙන් දිය නාන්නෙ පරිස්සමෙන්, නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිය නැතිවූ රෝගින් කීප දෙනෙකු ප්‍රතිකාර සඳහා අපට යොමු වූවා.
3. ඇදුම ,හතිය, අධික රුධිර පීඩනය,දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ගලයන් සැම විටම ඖෂධ රැගෙන එන්න අමතක කරන්න එපා. ඔවුන් දැඩි සීතල තත්ව හමුවේ කරුණා කරන්න එපා.
4. පාචනය, උදරාබාධ තත්වයන් බහුලයි. පිරිසිදු ආහාර හා ජලය භාවිතා කරන්න හැකි සැමවිටම.
5. ක්ලාන්ත තත්වයක් ඇතිවූ විට බිම වාඩි වන්න, නැත්නම් දිගා වන්න, සහය ඉල්ලා සිටින්න.ඉවසගෙන දිගටම කරුණා කරන්න එපා.
6. පඩිපෙළ වලින් වැටී තුවාල සිඳුවීම් බහුල නිසා ඉවසීමෙන් ප්‍රවේසමෙන් අනිත් අයටත් ඉඩදී කරුණාකරන්න .

ඔබට වෛද්‍යාධාර හෝ ප්‍රථමාධාර සහයක් අවශ්‍යනම් අපගේ නල්ලතන්නි පොලීසිය ඉදිරිපිට මධ්‍යස්ථානයේ ස්වේච්ඡා සෞඛ්‍ය කණ්ඩායම් සිටිනවා...එහි පැමිණ ප්‍රතිකාර ලබාගත හැකියි. (සති අන්ත හෝ ප්‍රධාන නිවාඩු දිනවල සෞඛ්‍යදාන ව්‍යාපාරය විසින් නෙමිලේ කඳවුරු පවත්වනවා)
සෑම සිරිපා සමයකම හදිසි අනතුරු නිසා හෝ රෝගාබාධ උත්සන්න වීම නිසා ජීවිත නැතිවෙනවා. මේ දින කීපයට විශාල ජීවිත ප්‍රමාණයක් අප ගලවා ගත්තා..
එම අවස්ථා අඩු කළ හැක්කෙ ඔබ නිසි සෞඛ්‍ය උපදේශ පිළිපදින්නේ පමණි.

නීරෝගීව කිසිදු පීඩාවකින් තොරව සිරිපා කරුණා කිරීමට ඔබටත් ශක්තිය ලැබේවා !

වෛද්‍ය සජිත් මංජුල
වෛද්‍ය කදවුරු ප්‍රධානී
ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය

Address

Boralesgomuwa

Telephone

+94716922001

Alerts

Be the first to know and let us send you an email when Medihub.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Medihub.lk:

Shortcuts

Share