Unseen Medical World

Unseen Medical World Medical & Health

06/01/2026

What happens while eating water melonin the human body ?

Unseen Medical World

17/12/2025

ඔයාලට මේ page එක වැදගත් ද ලමයි?
එහෙම නම් මට ආයේ medical study වලට අවශ්‍ය දේවල් නැවත දාන්න පුලුවන්
🙂👍

වෛද්‍යවරයකු වශයෙන් විශේෂයෙන්ම පුසව නාරි වෙිද.හෝ ලමා රෝග sections වල වැඩ කරන විට.මුහුන දෙන අනු වෙිදනීයම අත් දැකීමක් ..ane...
18/03/2023

වෛද්‍යවරයකු වශයෙන් විශේෂයෙන්ම පුසව නාරි වෙිද.හෝ ලමා රෝග sections වල වැඩ කරන විට.
මුහුන දෙන අනු වෙිදනීයම අත් දැකීමක් ..anencephalic baby...

Neural tube එකේ බරපතල වර්ධන වෙනස් කමි නිසා....මෙි දරැවන්ගේ මොලය හා.හිස්කබලේ වැඩි කොටසක් හැදිල නෑ....

මම මෙවැනි දරැවන් කහිප දෙනෙක් දැකල තියෙනවා...

මෙි අය ජීවත් කරන්න බෑ.ඉපදිලා ටික වෙිලාවකින් මැරෙනවා...මෙි ලගදී මෙි පුදේශයේ සිදුවූ එවැනි උපතක් මට අතීතය මතකයක් හිතට ගෙනාවා..

එතකොට මම Teaching hospital එකක.labour room එකේ වැඩ කලේ...දොස්තර රස්සාවට ආපුම කාලේ....

මෙි වගේ දරැවෙක් බිහි වුනා....

මැරෙන්න පැත්තකට දාල තිබුනේ ....

අතපය ගගහ දගලනව ...බලන් ඉන්න බෑ...

මම පාන් තිරයක්.dextrose වතුරෙන් පොගවල කටෙි තිබිබ ..කිරි උරන්න ලදරැවෙකුට මොලය.අවශ්‍ය නෑ.ඒක.reflex.එකක් .
අනේ ලේන් පැටියන්ට කිරි පෙවනවා වගේ බීගන බීගන ගියා...

මම කැඩිචිච incubator එකක් හොයාගෙන ඒකට දාල ..dextrose පෙවිවා දිගටම කවුරුත් දන්නෑ .

අමිම අඩු ගානේ බලන්න වත් ආවෙි නෑ...

දැන් මැරෙයි මැරෙයි කියල හිතුවට දවස් හතරක් හිටිය...මම dextrose පොවනව කියල කටිටිය දැන ගත්තෙම නෑ..හැමොිටම පුදුමයි .

හතරවෙන දවසේ.dextrose බොන්න කට අරින්න හැදුවට...කට ඇරගන්න බැරිවුනා...මුලු ඇගම ගැහෙන්න ගත්ත ....

මට එතකොට බබලා හිටියේ නෑ.බැදලත් නෑ.

මගේ adopted baby.....

එයාගේ පපුව ගැහෙන එක.නතර වෙනකන් ..එයාට හැගීමි දැනෙන්න මොලයක් නැතත්..
මම පුතාගේ චූටි අත්දෙක අතගෑව....

පිනක් කරහම සමහර වෙලාවට තාම මට එයා මතක් වෙනවා..

Dr Uthpala

දරුණු ගණයේ ලියුකේමියා රෝගයෙන් මියගිය පුතුගේ මව 🥺❤️නිවන් සුව ලැබේවා පුතේ 🥺❤️🙏
18/03/2023

දරුණු ගණයේ ලියුකේමියා රෝගයෙන් මියගිය පුතුගේ මව 🥺❤️

නිවන් සුව ලැබේවා පුතේ 🥺❤️🙏

අම්මා ලග ඉන්නම ඕනී දවස් 🥺🥺
08/03/2023

අම්මා ලග ඉන්නම ඕනී දවස් 🥺🥺

24/02/2023

❤️

Unseen Medical World

ඉස්කෝලේ යන කාලෙදි, ෆ්‍රී ටයිම් එකක කයියක් ගහන් ඉද්දිපන්තියෙ ඉඳපු ළමයෙක්කිව්ව කතාවක් මතක් වුණා.."ගෑණුන්ගෙ බඩවල් මාරයි නේ....
23/02/2023

ඉස්කෝලේ යන කාලෙදි, ෆ්‍රී ටයිම් එකක කයියක් ගහන් ඉද්දි
පන්තියෙ ඉඳපු ළමයෙක්
කිව්ව කතාවක් මතක් වුණා..

"ගෑණුන්ගෙ බඩවල් මාරයි නේ.."

එහෙම කිව්වම ඔක්කොම එයාගෙ දිහාට හැරුණා, ඔක්කොම හිතුවෙ වැරදියට...

මං ඇහුවා "ඒ මොකද එහෙම කියන්නෙ" කියලා...

"නෑ බන්.. ඒකෙ ඇතුළෙ ළමයෙක් හැදෙනව කියන්නෙ.. හිතා ගන්නත් බෑනෙ.."

අනික් උන්ගෙ කටවල් ටික වැහුණා..

ඇත්තටම ඒ වෙලාවෙ ඒකට උත්තරයක් විදියට,
"ඔවු නේ බන්, ඇත්තටම කොහොමද එහෙම වෙන්නෙ"
කියලා කිව්වත්, දැන් තේරෙනවා කොච්චර ලොකූ දෙයක් ද ඒ ළමයා කිව්වෙ කියලා...
ඇත්තටම පිස්සු වගෙ දැන් හිතද්දි..

හැමෝම නොදන්නව නෙවෙයිනෙ, ගැහැණියක් මවක් වෙන්න පිරිමියෙක් ඕනමයි..

ඒත් ගැහැණිය කොච්චර කාලයක් දරන් ඉන්න ඕනද...
ඇත්තටම හිතාගන්න පුළුවන් ද
ගෑණුන්ගෙ බඩ ඇතුලෙ ළමයෙක් හැදෙනව කියලා...

පස්සෙ තේරෙද්දිනේ දැන ගන්නෙ
බඩ ඇතුලෙ තියෙන ගර්භාෂයේ
බබෙක් හැදෙනව කියලා...

සර්ව සම්පූර්ණ වෙලා මිනිස් රූපයක් බිහිවෙන්න කොච්චර දේවල් ඒක ඇතුළෙ සිද්ධ වෙනව ඇද්ද...
හම ඇදිලා, ඉඩ හැදිලා ආමාශෙ, මුත්‍රාශෙ හැඩ ගැහිලා..
දන්නවද බබා ලොකු වෙන්න වෙන්න අම්මගෙ බඩේ අනික් ඉන්ද්‍රියන් වලට ඉඩ මදි වෙනවා..
වෙනද තිබ්බ ඉඩකඩ නැති වෙනවා..

ඉතින් වෙනදා කන ප්‍රමාණෙට කන්න බැරි වෙනවා, බඩ පුරෝදාලා වගේ දැනෙන්නෙ..
මුත්‍ර පිරෙන්නත් ඉඩ මදි නිසා
හැම වෙලාවෙම ඒ වැඩේ කරන්නත් යන්න වෙනවා..
රෑද, උදේද, දවල්ද, යක්කු ගස් නගින වෙලාවද අදාල නෑ, හැම තිස්සෙම ඒකට යන්න වෙනවා...

ඒ විතරක්ම ද.. බබා ලොකුවෙද්දි දඟලන්න ගනිද්දි, සමහර පාරවල්වේදනාත්මකයි..
එයා වතුර බෝලයක් ඇතුලෙ හිටියට විසේ නම් අඩුවක් නෑනෙ.. ඉතින් අම්මට එවත් ඉවසන්න වෙනවා...

බඩ තුනී වෙලා, ඇදිලා ඇදිලා නහරත් පේන්න පටන් ගත්තාට පස්සෙ, ඇතුළෙන් වදින පාරවල් කොහොමද ඉවසගන්නෙ...

ඇත්තටම ගෑණු අයගෙ බඩ හරිම පුදුමයි..

පිරිමියගෙ එක ශුක්‍රාණුවකින් ජීවයක් බිහි කරන්න අවශ්‍ය පරිසරය ගොඩ නගනවා..
තමන්ගෙ ඇඟේ තියෙන හැම පෝශණ කොටසක්ම පවා දන් දෙනවා හා සමානයි ඉතින්..

උතුම් මව් පදවිය ලබන්න තමන්ගෙ කුසේ දරුවෙක් වැඩෙනව දකින්න, ගැහැණු ගොඩක් ආසයි...

එදා ඒ ප්‍රශ්ණෙ වැඩිය හිතුවෙ නැති වුණාට අද නම් හිතද්දි ඇත්තටම එයා කිව්ව දේ ඇත්තම කතාවක් නේද කියලා හිතෙනවා..

ඇත්තටම,
ගැහැණුන්ගෙ බඩවල් නම් මාරයි...

උපුටාගැනීමකි

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94759958150

Website

Alerts

Be the first to know and let us send you an email when Unseen Medical World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category