13/02/2026
ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් (uterine fibroids/leiomyomas) යනු කුමක්ද?
🌻ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් (uterine fibroids/leiomyomas) යනු ඔබේ ගර්භාෂ බිත්තියේ ඇතුළත ස්ථර වල හෝ පිටත ඇති වන ,මාංශ සහ පටක වලින් සෑදුණු වර්ධනයන් වේ.
🔼මෙම වර්ධනයන් සාමාන්‍යයෙන් පිළිකා නොවන (benign) අතර කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබේ.
🌻ෆයිබ්‍රොයිඩ් වර්ධනය වන්නේ කොහේද?
🔼ෆයිබ්‍රොයිඩ් තනි ගැටයක් /එක් වර්ධනයක්(one growth)ලෙස හෝ පොකුරක් (cluster) ලෙස වර්ධනය විය හැක.
🔼ෆයිබ්‍රොයිඩ් පොකුරු වල විෂ්කම්භය මිලිමීටර 1(1mm) සිට සෙන්ටිමීටර 20 (20 cm) ට වඩා වැඩි හෝ ඊටත් වඩා විශාල විය හැක.
🔼මෙම වර්ධනයන් ඔබේ ගර්භාෂයේ බිත්තිය තුළ(Intramural), ඔබේ ගර්භාෂයේ ප්‍රධාන කුහරය තුළ (submucosal)හෝ ඔබේ ගර්භාෂයේ පිටත පෘෂ්ඨයේ (subserosal) වර්ධනය විය හැක.
🌻ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් වර්ග
✅පිහිටා ඇති ස්ථානය සහ ඒවා සම්බන්ධ වන ආකාරය අනුව විවිධ ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් වර්ග තිබේ.
🔼Intramural fibroids: මෙම ගර්භාෂ ෆයිබ්‍රොයිඩ්, ඔබේ ගර්භාෂයේ මාංශ පේශි බිත්තියට (myometrium) කාවැදී ඇත. ඒවා වඩාත් සුලභ වර්ගයයි.
🔼Submucosal fibroids
මෙම ෆයිබ්‍රොයිඩ් ඔබේ ගර්භාෂයේ අභ්‍යන්තර ශ්ලේෂ්මල පටලය(endometrium) යටතේ වර්ධනය වේ.
🔼Subserosal fibroids: මෙම ෆයිබ්‍රොයිඩ් වර්ගය ඔබේ ගර්භාෂයේ පිටත පෘෂ්ඨයේ (perimetrium) වර්ධනය වේ. ඒවා තරමක් විශාල වී ඔබේ ශ්‍රෝණිය දක්වා වර්ධනය විය හැකිය.
🔼Pedunculated fibroids:
අවම වශයෙන් පවතින වර්ගයකි. මෙම ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් , ගර්භාෂයට කුඩා කඳක් හෝ කුඩා කොටසක් (stalk or stem ) මගින් සම්බන්ධ වේ. ඒවා බොහෝ විට "හතු වැනි "ලෙස විස්තර කරනු ලබන්නේ කුඩා කඳක් සහ පසුව පළල් මුදුනක් ඇති බැවිනි.
🌻ෆයිබ්‍රොයිඩ් බහුලව දක්නට ලැබෙනවාද?
✅ෆයිබ්‍රොයිඩ් යනු ඉතා සුලභ වර්ධනයකි. ✅ගර්භාෂයක් ඇති කාන්තාවන්ගෙන් ආසන්න වශයෙන් 40% සිට 80% දක්වා කාන්තාවන්ට ෆයිබ්‍රොයිඩ් ඇත.
✅ඒවා බොහෝ විට ඇති වන්නේ අවුරුදු 30 ත් 50 ත් අතර කාන්තාවන් තුළය.
✅පළමු ඔසප් වීම සිදු නොවූ (menarche) කාන්තාවන් හට ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සාමාන්‍යයෙන් ඇති නොවේ. ✅ආර්තවහරණය (menapause)වූ කාන්තාවන් තුළද ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් තත්ත්වය ඇති නොවේ.
🌻ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් වල රෝග ලක්ෂණ මොනවාද?
✅බොහෝ කුඩා ෆයිබ්‍රොයිඩ් කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොකරන අතර ඔබේ වෛද්‍යවරයා විසින් නිතිපතා නිරීක්ෂණය කිරීම හැර වෙනත් ප්‍රතිකාර අවශ්‍ය නොවේ.
✅ ප්‍රමානයෙන් විශාල ෆයිබ්‍රොයිඩ් මගින් විවිධ රෝග ලක්ෂණ ඇති කරයි.
🔼ඔසප් වීමේදී අධික රුධිර වහනයක් ඇතිවීම හෝ අධික වේදනාවක් ඇතිවීම.(Excessive or painful bleeding during your period).
🔼 ඔසප් වීම් දෙකක් අතර රුධිර වහනයන් ඇතිවීම.(Bleeding between your periods)
🔼නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම.(මෙහිදී ෆයිබ්‍රොයිඩ් මගින් ඔබේ මුත්‍රාශය මත පීඩනයක් ඇති කරන විටදී මෙය සිදුවිය හැක).(Frequent urination - this can happen when a fibroid puts pressure on your bladder).
🔼ලිංගිකව සංසර්ගයේදී ඇතිවන වේදනාව. (Pain during s*x)
🔼කොන්දේ වේදනාව.(Low back pain)
🔼මලබද්ධය හෝ ඔබේ ගුද මාර්ගයේ තදගතියක් දැනීම.(Constipation or feeling pressure on your re**um)
🔼දිගු කාලීන (නිදන්ගත) යෝනි ශ්‍රාවයක් ඇතිවීම.(Long-term/chronic vaginal discharge)
🔼මුත්‍රා කිරීමේදී අපහසුතාවයන් ඇතිවීම. (මුත්‍රා කිරීමට අපහසු වීම හෝ නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම ආදී රෝග ලක්ෂණ ඇතිවීම)
🔼බඩ පිපීම හෝ පුරවා දමා තිබීම.
(Increased abdominal distention /enlargement).
🔼සාමාන්‍යයෙන් ආර්තවහරණයෙන් පසු හෝමෝන මට්ටම අඩු වන නිසා ,ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් වල හැකිලී යාමක් සිදුවන නිසා රෝග ලක්ෂණ පහව යාමක් සිදුවේ.
🌻ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් ඇතිවීමට හේතුව කුමක්ද?
🔼නිශ්චිත හේතුවක් පැවසිය නොහැකි නමුත් , ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මගින් යම් කාර්යභාරයක් ඉටු කරන බව විශ්වාස කරයි.
🔼බොහෝවිට ගර්භාශ ෆයිබ්‍රොයිඩ් ප්‍රජනක වයසේ සිටින කන්තාවන් තුළ ඇති වේ.
🔼අධ්‍යයනවලින් පෙනී යන්නේ හෝමෝන මට්ටම වැඩි වූ විට (ගර්භණී සමයේදී මෙන්) ෆයිබ්‍රොයිඩ් වර්ධනය වන අතර, හෝමෝන මට්ටම අඩු වූ විට (ආර්තවහරණයට මාරුවීමේදී මෙන්) ගර්භාශ ෆයිබ්‍රොයිඩ් හැකිලෙන බවයි.
🌻ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් සඳහා අවදානම් සාධක මොනවාද?
🔼තරබාරුකම සහ ඉහළ ශරීර ස්කන්ධ දර්ශකය (Obesity and a higher body mass index -BMI).
🔼ලේ ඥාතීවන අයට ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් තත්ත්වය පැවතීම.(Family history of fibroids)
🔼දරුවන් නොමැති වීම.(Not having children)
🔼ප්‍රථම ඔසප් වීම (menarche) ලාබාල අවදියේදි ආරම්භ වීම. (Early onset of menstruation - getting your period at a young age)
🔼ප්‍රමාද වී ආර්තවහරණය වීම.
(Late age for menopause)
🌻ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් නිසා ඇතිවන සංකූලතා මොනවාද?
✔️බොහෝ ගර්භාෂ ෆයිබ්‍රොයිඩ් බරපතල සංකූලතා ඇති නොකරයි. කෙසේ වෙතත්, ෆයිබ්‍රොයිඩ් වල වඩාත් පොදු සංකූලතා වන්නේ,
🔼පාලනය කළ නොහැකි වේදනාව.
🔼අධික රුධිර වහනය.
🔼රක්තහීනතාවය. (Anemia)
🔼වඳභාවය -මෙය කලාතුරකින් ඇතිවේ.(Infertility -this is rare).
🍁ඔබත් අතුරු ආබාධ රහිත ආරක්ෂාකාරී හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුවපත් භාවයට පත්වන්න.
Dr.M.Dinithi Upeksha Indrarathne
BHMS(WBUHS ,India )
SLHMC Reg.no. 306
ප්‍රතිකාර සඳහා අමතන්න.
0784295324
Dr.Dinithi Upeksha Indrarathne Facebook පිටුවට සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබාගන්න.
🔼ප්‍රතිකාර ලබාගත හැකි ස්ථාන
🍁කියෝ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානය.
නො.04,
අත්තිඩිය පාර,
මැලිබන් හන්දිය,
රත්මලාන.
🍁ප්‍රතිකාර කරනු ලබන දින.
(ඉරිදා,සඳුදා ,අඟහරුවාදා ,සෙනසුරදා උදෑසන 11 සිට සවස 6 දක්වා)
🍁Cure Homoeopathy Medical Center.
No.04,Attidiya Road,
Maliban junction, Rathmalana.
🍁කියෝ හෝමියෝපති වෛද්‍ය මධ්‍යස්ථානය.
කුරුණෑගල පාර,
රඹුක්කන.(රඹුක්කන බස් ඩිපෝව ඉදිරිපිට)
🍁 ප්‍රතිකාර කරනු ලබන දින.
(බදාදා දින උදෑසන 10.30 සිට සවස 3.45 දක්වා)
🍁Cure Homoeopathy Medical Center.
Kurunegala Road,
Rabhukkana.(Infront of Rabhukkana bus depot)