Danza Feliz

Danza Feliz Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Danza Feliz, Meditation Center, 49/14 A, Dissanayaka Mawatha, Nikape , Dehiwala, Colombo.

21/05/2026

Bellanwila Rajamaha Viharaya

සුදු සරමට
කටපුරා සිනාව රන්දාගෙන
කඩිප්පු දෙකයි
පොකුරු බෙරයයි බන්දාගෙන
බෙල්ලන්විල වෙහෙරට
හේවිසි පූජාව වයන්නට
තවත් චිරාත් කාලයකට
අයුෂ බොහෝ වේවා 🙏

08/04/2026

Swan Dance

Performance -Bellanwila Damma School Students
Bellanwila Rajamaha Viharaya

Chamara Rathnayake


Muditha Dilshan

06/03/2026

10/02/2026
08/02/2026

Earth Goddess මිහිකත දෙවඟන

- Chamara Rathnayake

Events  Well come dance and oil Lamp Item
09/11/2025

Events Well come dance and oil Lamp Item

Dance Choreographer - Chamara Rathnayake
28/10/2025

Dance Choreographer - Chamara Rathnayake

"ශ්‍රී ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුළ කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුණේ නැහැ. මුල් කාලීන වේදික...
14/08/2025

"ශ්‍රී ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නර්තන සංස්කෘතිය තුළ කාන්තාවන්ට එතරම් වැදගත් තැනක් හිමිව තිබුණේ නැහැ. මුල් කාලීන වේදිකා නාට්‍ය හා චිත්‍රපටවල කාන්තාවන්ගේ චරිතවලට පණ පෙව්වේ පිරිමි අය. නර්තන කලාව ගත විට කාන්තාවන් නර්තන කලාවට පිවිසෙන්නේ 1930 දශකය වන විටයි. නර්තන කලාවට මුලින්ම පා තැබූ කාන්තාවන් ලෙස මිරියම් පීරිස් සහ චන්ද්‍රලේඛා හඳුනාගත හැකියි. නමුත් මොවුන්ගේ නර්තන ජීවිතය දීර්ඝ කාලීනව පැවතුන එකක් නොවෙයි.

මේ අතරේ හතළිහ දශකය මැද වන විට එක්තරා කාන්තාවක් නර්තනයට පිවිසෙනවා. ඇය එකල කාන්තාවන්ට ඉඩක් වෙන් නොවූ වේදිකාව මත කාන්තාවට ඉඩක් වෙන් කර ගනිමින් වේදිකාව මත දස්කම් පෙන්වන්නට පටන් ගන්නවා. ලාංකේය මුද්‍රා නාට්‍ය කලාව නංවාලීමට මූලික අඩිතාලම දමමින් දක්ෂ නාට්‍ය පරපුරක් ඇය බිහි කළා. මෙම පුරෝගාමී නර්තන ශිල්පිනිය තමයි වජිරා චිත්‍රසේන.

නල්ලපෙරුම ආරච්චිගේ චාර්ලිස් පෙරේරා සහ ලිලියන් පෙරේරා හට නල්ලපෙරුම ආරච්චිගේ වජිරා රුක්මනී දමයන්ති පෙරේරා උපන්නේ 1932 වසරේ මාර්තු මස 15 වන දිනයි. ඇයගේ පියා කළුතර නගර සභාවේ සේවය කළ අතර මාව කළුතර මහා විද්‍යාලයේ ගුරුවරියක්. වජිරාගේ පවුලේ සහෝදරියන් පස්දෙනෙක් සහ සහෝදරයන් දෙදෙනෙක් සිටි අතර වැඩිමහල් සොහොයුරියක් කුඩා වියේදීම ඇදුම රෝගය උත්සන්න වීමෙන් මියගියා. මුලින්ම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලද වජිරා ඉන්පසු කළුතර බාලිකාවට ගොස් අවසානයේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලැබුවා. ඇයව නැටුම් ශිල්පිනියක් කිරීමට ලොකුම ආසාව තිබුණේ ඇයට වඩා ඇගේ මවටයි.

වජිරාගේ ජීවිතය වෙනස් වන්නේ චිත්‍රසේනව හමුවීම තුළින්. ඔහු නමින් අමරතුංග ආරච්චිගේ මොරිස් ඩයස්. චිත්‍රසේන යනු ඔහුගේ අන්වර්ථ නාමයක්. පසුව ඔහු එම්. ඩී. චිත්‍රසේන ලෙස හැඳින්වෙනවා. වජිරා කුඩා අවධියේ දී තරුණ චිත්‍රසේන, කළුතර නගර ශාලාවේ විධුරී නාටකය රඟ දැක්වීමට පැමිණ තිබෙනවා. වජිරාගේ පියා නගර සභාවේ සේවය කළ අයෙක් නිසා වජිරා ඇතුළු පවුලේ උදවිය නිතර මෙම නාට්‍ය බැලීමට පැමිණ ඇති අතර සමහර දිනවල එම නාට්‍යයන් රඟ දක්වන කණ්ඩායම් රාත්‍රී ආහාරය සඳහා වජිරාගේ නිවසටද පැමිණ තිබෙනවා.

මෙකල වජිරා ඉතා කුඩා දැරියක් වූ අතර මේ ඇය චිත්‍රසේනයන්ව මුණ ගැසුණු මුල් අවධියයි. එකල චිත්‍රසේනගේ සහායක ශිල්පිනිය ලෙස කටයුතු කළේ ඉහත දී සඳහන් කළ චන්ද්‍රලේඛායි. වජිරාගේ වැඩිමහල් සොහොයුරිය වෛද්‍ය විද්‍යාලයයට තේරීම නිසා පවුලේ උදවියට කොළඹට පැමිණීමට සිදුවෙනවා. වජිරා කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයයට යන්නේ මෙම අවධියේ සිටයි. ඔවුන් කොළඹ නතර වන්නේ චිත්‍රසේනගේ නිවසේ. ඉන් කලක් ගිය පසු චිත්‍රසේන වජිරා සමග විවාහ වනවා. එවිට ඇයට වයස අවුරුදු 18 ක්.

1943 දී ලංකාව පුරා විසිරී සිටි දක්ෂ නර්තන ශිල්පියන් සහ බෙර වාදකයන් එකතු කර ගනිමින් චිත්‍රසේන නාට්‍ය සංසදය ආරම්භ වෙනවා. 1944 දී මෙය තවත් දියුණු වූ අතර එහි ප්‍රතිපලය වුණේ කොල්ලුපිටිය චිත්‍රසේන කලායතනය බිහි වීම. මෙම කලායතනය තුළ නර්තන කලාව පමණක් නොව ඊට සම්බන්ධ අනෙකුත් කලාවන් සම්බන්ධයෙන් විද්වත් කතිකාවක් ගොඩනැගෙනවා. ඒ සඳහා සම්බන්ධ වූ අය අතර සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, එඩ්වින් සමරදිවාකර, ඩබ්ලිව්.බී.මකුලොලුව, අමරදේව, ලයනල් අල්ගම, සෝමදාස, ඇල්විටිගල සහ සෝමබන්ධු විද්‍යාපති (චිත්‍රසේනයන්ගේ පළමු නැටුම් ශිෂ්‍යයා) ආදීන් විශේෂයි.

වජිරා, චිත්‍රසේනගේ නාට්‍යයකට පළමුව සම්බන්ධ වන්නේ විධුර’ නාට්‍ය තුළින්. ඇය එහි නාග කන්‍යාවකට රඟපා තිබෙනවා. විධුර නාට්‍යය සංගීතවත් කළේ ෂෙල්ටන් ප්‍රේමරත්නගේ පියා වූ සාදිරිස් මාස්ටර් විසින්. එකල පැජන්ට් ඔෆ් ලංකා යන නමින් තිබූ සංදර්ශනයකට චිත්‍රසේනගේ පියා අංග දෙකක් ඉදිරිපත් කරනවා. ඒ විජය සහ කුවේණි සහ රාවණා හා සීතා යන අංග දෙක. එහිදී වජිරා රාවණා හා සීතා නාට්‍යයේ මුවෙකුට පණ පොවා තිබෙනවා.

වජිරා මුද්‍රා නාට්‍ය කලාවට අත්පොත් තබන්නේ කුමුදුනී මුද්‍රා නාට්‍ය මඟිනි. එය නිර්මාණය වූයේ ආනන්ද සමරකෝන්ගේ ළමා ගීයක් ඇසුරෙනි. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා මුද්‍රා නාට්‍යයයි. ලාංකික මුද්‍රා නාට්‍ය කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් බඳු වූ නල දමයන්ති මුද්‍රා නාට්‍යයේ රංග වින්‍යාසය ඇය නිර්මාණය කළ එකක්. ඉන්පසු ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කළ හපනා ,ගිනි හොරා, වන මල්, සහ ඇන්ටිගනි යන කලාකෘතිවලට නිර්මාණය කළ රංග වින්‍යාසයන් තුළින් ඇයගේ හැකියාව මොනවට පැහැදිලි වනවා. ඇයගේ රංග ප්‍රතිභාව මනාව පෙන්වුනු තවත් මුද්‍රා නාට්‍ය කිහිපයක් ලෙස ගිණි හොරා, චණ්ඩාලිකා, රෂොමොන්, ශිවරංග, බෙර හඬ යන මුද්‍රා නාට්‍ය දැක්විය හැකියි. චිත්‍රසේන කලායතනයෙන් ලත් දැනුම නිසා තවතවත් තම දස්කම් මුවහත් කරගත් වජිරා, තම නර්තන කණ්ඩායමත් සමග 1957 දී සෝවියට් දේශයේ ක්‍රෙම්ලින් රංග පීඨයේ දී නිකිතා කෘෂ්ව් ඉදිරියේ රංගනයේ යෙදෙනවා. එයින් නොනැවතුණු ඔවුන් චෙකොස්ලොවැකියාව, පෝලන්තය, නැගෙනහිර ජර්මනිය, ප්‍රංශය, ඕලන්දය,ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව ඇතුළු රටවල් ගණනාවකට ගොස් තම දක්ෂතා පෙන්වා රටේ අනන්‍යතාව අන්තර්ජාතිකව ඉහළින් තැබීමට කටයුතු කරනවා.

ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තනවේදිනිය වෙමින්, කාන්තාවන්ගේ චරිත පිරිමින් රඟ දැක්වූ හා කාන්තාවන් ලෙසින් ඉදිරියට පැමිණි චන්ද්‍රලේඛා හා මිරියම් පීරිස් පිරිමි ඇඳුම් ඇඳ රංගනයේ යෙදුනු අවධියක, වේදිකාව මත කාන්තාවට ස්ථානයක් සහ අනන්‍යතාවයක් පළමුව අත්කර දුන්නේ වජිරා චිත්‍රසේනයන් විසින්.

වර්තමාන නර්තනවේදිනියන්ට තම කුසලතා පෙන්වීමට මඟක් සකස් කිරීමේ මූලික අඩිතාලම දැමීමේ පෙරගමන්කරුවෙක් ලෙස වජිරා චිත්‍රසේන හැදින්විය හැකියි. ඇය තම දියණියන් වන උපේඛා හා අංජලිකා යන අයවත් කලාවට හඳුන්වා දුන් අතර සිය ගණනක් කලා ගුරුන් හා ගුරුවරියන් බිහි කර තිබෙනවා. එවැනි මෙහෙවරක් කළ ඇය වසර අනූ දෙකක් ආයු වළඳා 2024 සැප්තැම්බර් 23 වැනිදා සිය ජීවිතයට සමුදෙනවා. චිත්‍රසේන කලායතනය තුළින් නාට්‍ය කලාවේ සභ්‍යත්වය ආරක්ෂා කර ගනිමින් ලාංකික මුද්‍රා නාට්‍ය කලාවක් ලෝකය හමුවේ තබමින් ඇය මේ රටට කළ සේවය ඉතා ප්‍රශංසනීය යි."

Coped -Next page

Address

49/14 A, Dissanayaka Mawatha, Nikape , Dehiwala
Colombo

Telephone

+94776544620

Website

Alerts

Be the first to know and let us send you an email when Danza Feliz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Danza Feliz:

Share