03/07/2026
මදුරු විකර්ෂක පාවිච්චි කරන ඔබ මේ දේවල් දැනගෙන හිටියාද ⁉️
ගොඩක් අය හිතන්නේ මදුරු දඟර, ප්ලග් කරන දියර (Vaporizers) සහ ලෝෂන් වලින් මදුරුවන්ව මැරෙනවා කියලා. නමුත් ඇත්තම කතාව ඒක නෙවෙයි. මදුරුවා අපිව හොයාගන්නේ අපේ හුස්මෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් , අපේ උණුසුම හා අපේ දහඩිය සුවඳ වගේ දේවල් වලින්. මේ විකර්ෂක වලින් කරන්නේ රසායනික වාෂ්පයක් මඟින් මදුරුවාගේ ඒ සංවේදක අවහිර කරලා එයාලව ටිකක් මංමුලා කරන එකයි.
හැබැයි මේවා වැරදි විදිහට පාවිච්චි කළොත් මදුරුවොත් බේරිලා, අපේ සල්ලිත් අපතේ ගිහින්, අපි ලෙඩ වෙන්නත් පුළුවන්. එහෙනම් මේවා නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද? අද HEO මහත්තයා කතා කරන්නෙ ඒ ගැන හොදේ.
01. ප්ලග් කරන දියර එහෙම නැත්නම් අපි කියන වේපරයිසර් (Vaporizers).
• අපි කරන වැරැද්ද:
දොර ජනෙල් සේරම වහගෙන, මුළු රෑම මේවා ප්ලග් කරලා තියාගෙන නිදාගන්න එක. මින් පිටවන රසායනික වාෂ්පය සංවෘත කාමරයක් තුළ දිගින් දිගටම ආශ්වාස කිරීමෙන් ඇදුම සහ ශ්වසන අපහසුතා ඇතිවෙන්න පුළුවන්.
• විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය: 👍
නිදාගන්න යන්න පැය භාගයකට කලින් කාමරයේ දොර ජනෙල් වසා මෙය ප්ලග් කරන්න. ඔබ කාමරයට යන විට එය නිවා දමා (Off), අනිවාර්යයෙන්ම වාතාශ්‍රය ලැබෙන්නට ජනෙල් ස්වල්පයක් විවෘත කරන්න.
පිටතට විවෘත වන ජනෙල් නැතිනම්, නිදාගන්නා අවස්ථාවේදී කාමරයේ දොර ස්වල්පයක් හෝ සම්පූර්ණයෙන්ම විවෘත කර තැබිය යුතුයි. එවිට නිවස ඇතුළතින් වාතය සංසරණය වීම සිදු වෙනවා.
ජනේලය පොඩ්ඩක් ඇරියම එළියේ ඉන්න මදුරුවෝ ආයෙත් ඇතුළට එන්නේ නැද්ද? 🤔
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පරීක්ෂණ වාර්තා වලට අනුව මෙයට හේතු 2ක් තියෙනවා.
පළමුවැන්න, ඔබ පැය භාගයක් කාමරය වසා තැබීමේදී එහි ඇතිවන රසායනික වාෂ්පය කාමරයේ බිත්ති, තිර රෙදි සහ ඇඳ ඇතිරිලි මත තැන්පත් වෙනවා (Residual Effect). ඔබ උපකරණය ඕෆ් කළත් ඒ තැන්පත් වූ රසායනික බලපෑම බොහෝ වෙලාවක් පවතිනවා.
දෙවැන්න, ජනේලය ස්වල්පයක් ඇර තිබෙන විට කාමරයේ ඇති රසායනික වාතය පිටතට කාන්දු වීම නිසා එළියේ ඉන්න මදුරුවන් ජනේලය අසලට පැමිණීම පවා වැළකෙනවා (Deterrent Effect).
හැකි නම් ජනෙල් වලට මදුරු දැල් සවි කිරීම වඩාත් ආරක්ෂිතයි 😇
02. මදුරු දඟර (Mosquito Coils)
අපි කරන වැරැද්ද:
වාතාශ්‍රය නොමැතිව දොර ජනෙල් සම්පූර්ණයෙන්ම වසාගෙන මදුරු දඟර දැල්වීම. මින් පිටවන ඝන දුම සෘජුවම ආශ්වාස කිරීම සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ක්‍රියාවකි.
විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය: 👍
මදුරු දඟර අනිවාර්යයෙන්ම භාවිතා කළ යුත්තේ දොර ජනෙල් විවෘත කර, හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානවල පමණයි. එය තැබිය යුත්තේ කාමරයට බාහිරින් සුළඟ ඇතුළු වන ජනේලය හෝ දොර අසලයි.
හුළං එන පැත්තේ තිබ්බහම දුම කෙලින්ම ඇඟට එන්නේ නැද්ද? 🤔
නැහැ, මෙතැනදී වෙන්නේ වෙනස්ම දෙයක්. පිටතින් එන සුළං ප්‍රවාහය මඟින් කොයිල් එකේ දුම එක තැනක ගොඩගැසෙන්න ඉඩ නොදී, ඉතා සරල රේඛීය දුම් රැල්ලක් ලෙස මුළු කාමරය පුරාම වේගයෙන් විසිරුවා හරිනවා (Dilution). මේ සියුම් දුමාරය ඇඳ යට, අල්මාරි සහ තිර රෙදි අස්සේ හැංගිලා ඉන්න මදුරුවන්ව ඇවිස්සී කාමරයෙන් පිටතට පලා යාමට සලස්වනවා (Repel). ඒ වගේම, ඇතුළු වන සුළඟත් සමඟ මේ දුම කාමරය පුරා සංසරණය වී අනෙක් පැත්තේ ඇති විවෘත දොර ජනෙල් වලින් පිටතට ඇදී යන නිසා, අපේ පෙනහළු වලට ඝන දුමක් ආශ්වාස වීම මුළුමනින්ම වැළකී යනවා.
03. ආලේප කරන ලෝෂන් වර්ග (Repellent Lotions)
අපි කරන වැරැද්ද:
මුළු ඇඟේම හෝ ඇඳුම් වලට යටින් ඇති සමේත් ආලේප කිරීම.
විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය: 👍
ලෝෂන් ආලේප කළ යුත්තේ ඇඳුම් වලින් ආවරණය නොවූ, බාහිරට නිරාවරණය වී ඇති සම මත පමණයි. ඇඳුම් යට ගෑවම ඒවා වාෂ්ප වෙන්න ඉඩක් නැති නිසා සමට අනවශ්‍ය විදියට රසායනික ද්‍රව්‍ය උරාගන්න පුළුවන්. ඒ වගේම ඇස්, තොල් අවට සහ තුවාල මත ගෑමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.
HEO මහත්තයගෙ පණිවිඩය 💡
ඔබ විකර්ෂකයක් මිලදී ගැනීමේදී එහි පිටත ඇසුරුමේ හෝ ලේබලයේ "පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි අංකය" (ROP Registration No.) අනිවාර්යයෙන්ම මුද්‍රණය කර තිබේදැයි පරීක්ෂා කර බලන්න. හොර රහසේ වෙළඳපොළට එන ප්‍රමිතියෙන් තොර ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටෙන්න!
ඒ වගේම මේ විකර්ෂක කියන්නෙ මේ දවස් වල පැතිරෙන ඩෙංගු රෝගයටම තාවකාලික විසදුමක් විතරයි එම නිසා මදුරුවන් බෝවන තැන් අවම කරගෙන මදුරු ගහනය අඩු කර ගැනීම මේ වෙලාවේ පවතින ප්‍රධානම දේ කියල අමතක කරන්න එපා .♥️👍
Admin@HEOමහත්තයා