Entomology අපි

Entomology අපි Health

In response to the increasing number of dengue cases reported across the country and in line with the Special Dengue Cle...
14/07/2026

In response to the increasing number of dengue cases reported across the country and in line with the Special Dengue Cleanup Campaign being conducted this week, a Special Mass Cleanup Programme was carried out today at Kilinochchi District Hospital.

The programme was conducted with the valuable support of the Sri Lanka Army, Sri Lanka Navy, Sri Lanka Air Force, Sri Lanka Police, and the staff of the Divisional Secretary's Office.

The activities were coordinated by the Regional Epidemiologist, with the support of the Director of Kilinochchi District Hospital,Regional Medical Officer,MOH, hospital staff, Health Entomology Officers, and Public Health Inspectors (PHIs).

The programme focused on eliminating potential mosquito breeding sites and strengthening dengue prevention and vector control measures within the hospital premises.

03/07/2026

නවීන මිසයිල හදන ලෝකේ ඩෙංගු තුරන් කරන්න එන්නතක් හදන්න අපහසු ඇයි ? 💉🩸

අභ්‍යවකාශ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) වැනි උපරිම තාක්ෂණික දියුණුවක් අත්පත් කරගෙන ඇති 2026 වසරේදී පවා, මිලිමීටර් කිහිපයක පුංචි මදුරුවෙකු හමුවේ ගෝලීය සෞඛ්‍ය පද්ධතියම අභියෝගයට ලක්ව ඇත.

"ඇයි ඩෙංගු මර්දනය මෙතරම් සංකීර්ණ?"

මීට ප්‍රධානතම හේතුව වාහක මදුරුවා සතු සුවිශේෂී කීට විද්‍යාත්මක සහ පරිණාමීය අනුවර්තන සමුදායයි. HEO මහත්තයා අද විද්‍යාත්මකව ඒ ගැඹුරු කරුණු පැහැදිලි කරදෙන්නම්. 👇

1. වෛරසයේ ප්‍රභේද හතර සහ සෛලීය සංකීර්ණතාව (DENV Serotypes)

ඩෙංගුය ඇති කරන්නේ Flaviviridae කුලයට අයත් RNA වෛරසයකින් හොදේ. මෙහි ආකාර එහෙම නැත්නම් අපි කියනව Serotypes 4ක් පවතී කියල. ඒවා DENV-1, DENV-2, DENV-3, DENV-4 කියල නම් කරනවා .

එක් ප්‍රභේදයක් ආසාදනය වීමෙන් පසු සිරුරේ නිපදවෙන ප්‍රතිදේහ (Antibodies) මඟින් ඉතිරි ප්‍රභේද තුනට එරෙහිව ආරක්ෂාවක් සපයන්නේ නෑ.ප්‍රතිදේහ මත පදනම් වූ ආසාදන තීව්‍රකරණය නැමැති සංසිද්ධිය නිසා, දෙවන වරට වෙනත් ප්‍රභේදයකින් ආසාදනය වූ විට සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියම වෛරසයට පක්ෂපාතී වී, රෝගියා දරුණු ඩෙංගු රක්තපාත තත්ත්වයට (DHF) පත් කරනවා. එන්නතක් නිපදවීම පවා අසීරු වී ඇත්තේ මේ ප්‍රභේද හතරේ අභියෝගය නිසයි.

2. Aedes aegypti (ඊඩීස් ඊජිප්ටයි)සහ Aedes albopictus(ඊඩීස් ඇල්බොපික්ටස්) මදුරුවන් සතු සූක්ෂ්ම අනුවර්තන හැකියාව.

දෙවනි කාරණය ටිකක් විශේෂයි හොදේ.ප්‍රධාන වාහකයා වන Aedes aegypti (නාගරික) සහ ද්විතීයික වාහකයා වන Aedes albopictus (අර්ධ නාගරික/ග්‍රාමීය) මදුරුවන්ගේ හැසිරීම් රටාව (Bionomics) අතිශය සංකීර්ණයි:

1️⃣ බිත්තරවල විජලන ප්‍රතිරෝධීතාව
මෙම මදුරුවන්ගේ බිත්තර ජලයෙන් තොරව, වියළි මතුපිටක වුවද මාස 6කට අධික කාලයක් සජීවීව පැවතිය හැක. නැවත ජලය ස්පර්ශ වූ සැනින් මිනිත්තු කිහිපයකින් කීටයන් බිහි වේ.

2️⃣ කෘතිම හා සූක්ෂ්ම අභිජනන ස්ථාන
ස්වාභාවික ජලාශ වෙනුවට මිනිසා විසින් නිර්මාණය කරන ලද ක්ෂුද්‍ර පරිසර පද්ධති වන ශීතකරණ තැටි, වායුසමීකරණ පද්ධති, විසිතුරු පැල බඳුන්, ගොඩනැගිලි මත ඇති සූක්ෂ්ම ජල රැඳවුම් මේ සඳහා ප්‍රමාණවත්ය.

3️⃣බිත්තර දැමීමේ විශේෂ කළාව නත්නම් අපි කීට විද්‍යාවෙදි කියනවා Skip Oviposition කියලා.
ගැහැණු මදුරුවා තම බිත්තර සියල්ල එකම ස්ථානයක දමන්නේ නැත. වර්ගයාගේ පැවැත්ම තහවුරු කරනු වස් ඇය ස්ථාන කිහිපයක බිත්තර ස්වල්පය බැගින් තැන්පත් කරයි. එම නිසා එක් ස්ථානයක් විනාශ කළද සමස්ත ගහණය පාලනය අපහසු වෙනවා.

4️⃣සිරස් වෛරස් සම්ප්‍රේෂණය (Transovarial Transmission)

මෙන්න මේක ටිකක් විශේෂ කාරනයක් හොදේ.ඩෙංගු වෛරසය ආසාදිත ගැහැණු මදුරුවෙකුගෙන් ඇයගේ බිත්තර හරහා ඊළඟ පරම්පරාවේ කීටයන්ට සෘජුවම වෛරසය ඇතුළු වේ. එනම්, ලේ උරා බීමකින් තොරවම උපදින විටම ඩෙංගු වාහකයන් ලෙස මදුරුවන් බිහි විය හැක!

5️⃣කෘමිනාශක සඳහා ප්‍රතිරෝධීතාවය දැක්වීම (Insecticide Resistance)
කාලාන්තරයක් තිස්සේ සිදු කරන රසායනික ධූමායනයන් (Fogging) සහ කීට නාශක භාවිතය නිසා මදුරුවන් තුළ ජානමය විකෘතිතා ඇති වී තිබේ.
වර්තමානය වන විට වාහක මදුරුවන් බහුලවම භාවිත වන පයිරෙත්‍රොයිඩ් (Pyrethroids) වැනි කෘමිනාශක කාණ්ඩයන්ට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තියක් ජෛව රසායනිකව වර්ධනය කරගෙන ඇත.

3. පාරිසරික සහ මානව සාධක

නියෝජිත නොවන නාගරීකරණය, ක්ෂුද්‍ර දේශගුණික විපර්යාස සහ මිනිසාගේ ආකල්පමය නොසැලකිලිමත්කම නිසා මදුරුවාට වඩාත් හිතකර ඝනත්ව වර්ධනයක් නිරන්තරයෙන් පවත්වා ගෙන යයි. කීට විද්‍යාත්මක දර්ශක වන බ්‍රෙටෝ දර්ශකය (Breteau Index )සහ බදුන් දර්ශකය (Container Index - CI) මේ දින වල ලංකාවේ ඉහළ මට්ටමක පවතින්නේ මේ නිසාවෙනි.

💡 අවසාන නිගමනය සහ විසඳුම

Wolbachia(වොල්බැකියා) වැනි ජෛව විද්‍යාත්මක පාලන ක්‍රම සහ නවීන ජාන තාක්ෂණයන් පර්යේෂණ මට්ටමින් කෙතරම් කරළියට ආවත්, කීට විද්‍යාත්මකව ඩෙංගු මර්දනයේ පදනම සෙලවිය නොහැකි රන් නීතියක් මත රඳා පවතී මොකක්ද ඒ ?

"කීටයා නැති තැන මදුරුවා නැත - මදුරුවා නැති තැන ඩෙංගු නැත!"

මේක හොදින් මතක තබා ගතයුතු දෙයක්.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ලෙස කොතෙක් කීට විද්‍යාත්මක සමීක්ෂණ සහ ධූමායන කටයුතු සිදු කළද, ප්‍රජා සහභාගීත්වය මත පදනම් වූ පරිසර කළමනාකරණය හා ප්‍රභව නිර්මූලනයෙන් තොරව මෙම වසංගතය පාලනය කළ නොහැක.

තාක්ෂණයට වඩා මිනිසාගේ ආකල්පමය වෙනස බලවත් වන දිනයට ඩෙංගු පරදා අප ජයගනු ඇත!
අදම විනාඩි 10ක් වෙන් කරලා ඔබේ වත්ත, නිවස සහ සේවා ස්ථානය පරීක්ෂා කරන්න.

සෞඛ්‍ය සම්පන්න, ඩෙංගු මුදාහල හෙටක් වෙනුවෙන් විද්‍යාත්මකව ජාතියක් ලෙස පෙළගැසෙමු 🇱🇰🤝

AdminHEO මහත්තයා (සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරී)

03/07/2026

මදුරුවො වැඩ කරන්නෙ අපේ ඔරලෝසුවට නෙවේ ⁉️

අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අපේ අතේ බඳින හෝ බිත්ති ඔරලෝසුවේ වෙලාව අනුවයි. ඒ අනුව ඩෙංගු රෝග වාහක Aedes aegypti සහ Aedes albopictus මදුරුවන් දෂ්ට කරන්නේ උදේ 6.00 - 9.00 සහ හවස 3.00 - 6.00/7.00අතර කාලයේ විතරක් කියලා අපි හිතනවා. පොත්පත් වල මේකට කියන්නේ "Bimodal Biting Pattern" එකක් කියලා.

හැබැයි ක්ෂේත්‍රයේදී අපි සිදුකරන ඩෙංගු රෝග වාහක මදුරුවන්ගේ උපරිම දෂ්ටන කලයන් සෙවීමේ පරීක්ෂණ වල්දී එනම් Double Net Trap (ද්විත්ව දැල් උගුල්) සහ Human Landing Catches (HLC) සමීක්ෂණ වලදී අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන අමුතුම දෙයක් තියෙනවා. ඒ තමයි, ඇතැම් දවස්වලට දවල් 12.00 සහ 1.00 වැනි අපි සිතන මද්දහන් වෙලාවන් වලදීත් මේ මදුරුවන් අපේ උගුල් වෙත ඇදී එන එක!
ඇයි මෙහෙම වෙන්නේ? හේතුව සරලයි. මදුරුවා වැඩ කරන්නේ ඔබේ අතේ තියෙන ඔරලෝසුවට නෙවෙයි, එයාලගේ සිරුර ඇතුළේ තියෙන "ජීව විද්‍යාත්මක ඔරලෝසුව" සහ පරිසර සාධක අනුවයි!

🔬මදුරුවාගේ ඔරලෝසුව කැරකෙන විද්‍යාත්මක රහස් මොනවද කියල බලමුද ?

ජාත්‍යන්තර පර්යේෂණ රැසකින් තහවුරු කර ඇති පරිදි, මදුරුවාගේ දෂ්ට කිරීමේ වේලාව තීරණය කරන්නේ ඔරලෝසුවේ කටු නෙවෙයි, පරිසරයේ පවතින ක්ෂුද්‍ර දේශගුණික තත්ත්වයන්ය.

1. වලාකුළු බරිත දිනවල මදුරුවාගේ ඔරලෝසුව : 🌥️

තායිලන්තයේ සහ මලයාසියාවේ සිදුකළ දීර්ඝ කීට විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව (Journal of the American Mosquito Control Association දත්ත ඇතුළුව), අහස වලාකුළු වලින් බර වී, අඳුරු කාලගුණයක් පවතින දිනවලදී මදුරුවාගේ සාමාන්‍ය උදේ/හවස "Double Peak" එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සූර්යාලෝකයේ වෙනසක් නොදැනෙන නිසා උන්ගේ ඔරලෝසුව මුළු දවසම එක දිගට දෂ්ට කරන්න (Continuous Biting) උන්ට අණ දෙනවා.

2. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය සකසන "Time
Table" එක: 🌡️

විද්‍යාත්මකව තහවුරු කර ඇති පරිදි ඩෙංගු මදුරුවාගේ ක්‍රියාකාරීත්වය උපරිම වෙන්නේ පරිසර උෂ්ණත්වය සෙල්සියස් අංශක 26-30 අතර සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය (Relative Humidity) 70% සීමාව ඉක්මවා ගිය විටයි. වැසි සහිත හෝ වලාකුළු බරිත දිනවල දවල් 12 වන විටත් පරිසරයේ ස්වභාවිකවම නිර්මාණය වෙන්නේ මදුරුවා ලේ බොන්න වඩාත්ම ප්‍රිය කරන මෙන්න මේ කියන පරිසරයයි.

3. නිවෙස් සහ කාර්යාල ඇතුළත මදුරු ඔරලෝසුව : 🏠

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්ත වලට අනුව Aedes aegypti කියන්නේ මිනිස් වාසස්ථාන ඇතුළත වෙසෙන (Endophilic) මදුරුවෙක්. පිටත පරිසරයේ දවල් 12 ට කොතරම් තද අව්ව තිබුණත්, නිවාස, පාසල් හෝ කාර්යාල කාමර ඇතුළත පවතින අඳුරු, සෙවන සහිත ස්ථාන (Microhabitats) නිසා මදුරුවාට පිටත මද්දහන දැනෙන්නේ නැහැ. මෙම
මදුරු විශේෂ දවල් 12 ටත් කිසිම බාධාවකින් තොරව ලේ උරා බොනවා.

🚨 අපිට වැරදුණු තැන:

"දවල් 12යි, දැන් මදුරුවෝ කන්නේ නැහැ" කියා සිතා අපි දවල් කාලයේදී මදුරු දෂ්ට කිරීම් වලට ඇති අවධානය සම්පූර්ණයෙන්ම අත්හරිනවා. නමුත් අපේ ඔරලෝසුවට වඩා මදුරුවාගේ ඔරලෝසුව සූක්ෂ්මයි!

දවල් කාලයේ පාසල් පන්ති කාමර සහ කාර්යාල මේස යට ඇති අඳුරු, සෙවන සහිත ස්ථාන මදුරුවාට දවල් 12 ටත් දෂ්ට කිරීමට කදිම පසුබිමක් හදනවා. දරුවන් සහ රැකියා නියුක්තිකයන් වැඩිපුරම ඩෙංගු බෝවන මදුරු දෂ්ටනයට ලක්වන්නේ මේ දවල් කාලයේදීයි.අහස අඳුරු කර, වලාකුළු බරිත වී ඇති දිනවලදී දවසේ ඕනෑම වේලාවක ඩෙංගු මදුරුවා සක්‍රීය විය හැකි බව මතක තබාගන්න.

💡 HEO මහත්තයගේ පණිවිඩය

ඔබේ අතේ ඇති ඔරලෝසුවේ වෙලාවෙන් ඩෙංගු මදුරුවාගේ ප්‍රහාර මනින්න එපා! කාලගුණය සහ පරිසර සාධක අනුව මෙම මදුරුවන් දවසේ අපි සිතන සමාන්‍ය උදේ සහ හවස වේලාවට වඩා වෙනස් වේලාවක ක්‍රියාත්මක විය හැක. සැමවිටම මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වන්න! . අවට පරිසරය මදුරුවන් බෝවන ස්තාන නොමැති තැනක් කරගන්න.

AdminHEO මහත්තයා (සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරී)

03/07/2026

මදුරු විකර්ෂක පාවිච්චි කරන ඔබ මේ දේවල් දැනගෙන හිටියාද ⁉️

ගොඩක් අය හිතන්නේ මදුරු දඟර, ප්ලග් කරන දියර (Vaporizers) සහ ලෝෂන් වලින් මදුරුවන්ව මැරෙනවා කියලා. නමුත් ඇත්තම කතාව ඒක නෙවෙයි. මදුරුවා අපිව හොයාගන්නේ අපේ හුස්මෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් , අපේ උණුසුම හා අපේ දහඩිය සුවඳ වගේ දේවල් වලින්. මේ විකර්ෂක වලින් කරන්නේ රසායනික වාෂ්පයක් මඟින් මදුරුවාගේ ඒ සංවේදක අවහිර කරලා එයාලව ටිකක් මංමුලා කරන එකයි.

හැබැයි මේවා වැරදි විදිහට පාවිච්චි කළොත් මදුරුවොත් බේරිලා, අපේ සල්ලිත් අපතේ ගිහින්, අපි ලෙඩ වෙන්නත් පුළුවන්. එහෙනම් මේවා නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද? අද HEO මහත්තයා කතා කරන්නෙ ඒ ගැන හොදේ.

01. ප්ලග් කරන දියර එහෙම නැත්නම් අපි කියන වේපරයිසර් (Vaporizers).

• අපි කරන වැරැද්ද:

දොර ජනෙල් සේරම වහගෙන, මුළු රෑම මේවා ප්ලග් කරලා තියාගෙන නිදාගන්න එක. මින් පිටවන රසායනික වාෂ්පය සංවෘත කාමරයක් තුළ දිගින් දිගටම ආශ්වාස කිරීමෙන් ඇදුම සහ ශ්වසන අපහසුතා ඇතිවෙන්න පුළුවන්.

• විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය: 👍

නිදාගන්න යන්න පැය භාගයකට කලින් කාමරයේ දොර ජනෙල් වසා මෙය ප්ලග් කරන්න. ඔබ කාමරයට යන විට එය නිවා දමා (Off), අනිවාර්යයෙන්ම වාතාශ්‍රය ලැබෙන්නට ජනෙල් ස්වල්පයක් විවෘත කරන්න.

පිටතට විවෘත වන ජනෙල් නැතිනම්, නිදාගන්නා අවස්ථාවේදී කාමරයේ දොර ස්වල්පයක් හෝ සම්පූර්ණයෙන්ම විවෘත කර තැබිය යුතුයි. එවිට නිවස ඇතුළතින් වාතය සංසරණය වීම සිදු වෙනවා.

ජනේලය පොඩ්ඩක් ඇරියම එළියේ ඉන්න මදුරුවෝ ආයෙත් ඇතුළට එන්නේ නැද්ද? 🤔

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පරීක්ෂණ වාර්තා වලට අනුව මෙයට හේතු 2ක් තියෙනවා.
පළමුවැන්න, ඔබ පැය භාගයක් කාමරය වසා තැබීමේදී එහි ඇතිවන රසායනික වාෂ්පය කාමරයේ බිත්ති, තිර රෙදි සහ ඇඳ ඇතිරිලි මත තැන්පත් වෙනවා (Residual Effect). ඔබ උපකරණය ඕෆ් කළත් ඒ තැන්පත් වූ රසායනික බලපෑම බොහෝ වෙලාවක් පවතිනවා.
දෙවැන්න, ජනේලය ස්වල්පයක් ඇර තිබෙන විට කාමරයේ ඇති රසායනික වාතය පිටතට කාන්දු වීම නිසා එළියේ ඉන්න මදුරුවන් ජනේලය අසලට පැමිණීම පවා වැළකෙනවා (Deterrent Effect).

හැකි නම් ජනෙල් වලට මදුරු දැල් සවි කිරීම වඩාත් ආරක්ෂිතයි 😇

02. මදුරු දඟර (Mosquito Coils)

අපි කරන වැරැද්ද:

වාතාශ්‍රය නොමැතිව දොර ජනෙල් සම්පූර්ණයෙන්ම වසාගෙන මදුරු දඟර දැල්වීම. මින් පිටවන ඝන දුම සෘජුවම ආශ්වාස කිරීම සෞඛ්‍යයට ඉතාමත් අහිතකර ක්‍රියාවකි.

විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය: 👍

මදුරු දඟර අනිවාර්යයෙන්ම භාවිතා කළ යුත්තේ දොර ජනෙල් විවෘත කර, හොඳින් වාතාශ්‍රය ඇති ස්ථානවල පමණයි. එය තැබිය යුත්තේ කාමරයට බාහිරින් සුළඟ ඇතුළු වන ජනේලය හෝ දොර අසලයි.

හුළං එන පැත්තේ තිබ්බහම දුම කෙලින්ම ඇඟට එන්නේ නැද්ද? 🤔

නැහැ, මෙතැනදී වෙන්නේ වෙනස්ම දෙයක්. පිටතින් එන සුළං ප්‍රවාහය මඟින් කොයිල් එකේ දුම එක තැනක ගොඩගැසෙන්න ඉඩ නොදී, ඉතා සරල රේඛීය දුම් රැල්ලක් ලෙස මුළු කාමරය පුරාම වේගයෙන් විසිරුවා හරිනවා (Dilution). මේ සියුම් දුමාරය ඇඳ යට, අල්මාරි සහ තිර රෙදි අස්සේ හැංගිලා ඉන්න මදුරුවන්ව ඇවිස්සී කාමරයෙන් පිටතට පලා යාමට සලස්වනවා (Repel). ඒ වගේම, ඇතුළු වන සුළඟත් සමඟ මේ දුම කාමරය පුරා සංසරණය වී අනෙක් පැත්තේ ඇති විවෘත දොර ජනෙල් වලින් පිටතට ඇදී යන නිසා, අපේ පෙනහළු වලට ඝන දුමක් ආශ්වාස වීම මුළුමනින්ම වැළකී යනවා.

03. ආලේප කරන ලෝෂන් වර්ග (Repellent Lotions)

අපි කරන වැරැද්ද:

මුළු ඇඟේම හෝ ඇඳුම් වලට යටින් ඇති සමේත් ආලේප කිරීම.

විද්‍යාත්මකව නිවැරදි ක්‍රමය: 👍

ලෝෂන් ආලේප කළ යුත්තේ ඇඳුම් වලින් ආවරණය නොවූ, බාහිරට නිරාවරණය වී ඇති සම මත පමණයි. ඇඳුම් යට ගෑවම ඒවා වාෂ්ප වෙන්න ඉඩක් නැති නිසා සමට අනවශ්‍ය විදියට රසායනික ද්‍රව්‍ය උරාගන්න පුළුවන්. ඒ වගේම ඇස්, තොල් අවට සහ තුවාල මත ගෑමෙන් අනිවාර්යයෙන්ම වළකින්න.

HEO මහත්තයගෙ පණිවිඩය 💡

ඔබ විකර්ෂකයක් මිලදී ගැනීමේදී එහි පිටත ඇසුරුමේ හෝ ලේබලයේ "පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි අංකය" (ROP Registration No.) අනිවාර්යයෙන්ම මුද්‍රණය කර තිබේදැයි පරීක්ෂා කර බලන්න. හොර රහසේ වෙළඳපොළට එන ප්‍රමිතියෙන් තොර ව්‍යාජ නිෂ්පාදන වලට නොරැවටෙන්න!
ඒ වගේම මේ විකර්ෂක කියන්නෙ මේ දවස් වල පැතිරෙන ඩෙංගු රෝගයටම තාවකාලික විසදුමක් විතරයි එම නිසා මදුරුවන් බෝවන තැන් අවම කරගෙන මදුරු ගහනය අඩු කර ගැනීම මේ වෙලාවේ පවතින ප්‍රධානම දේ කියල අමතක කරන්න එපා .♥️👍

Admin@HEOමහත්තයා

03/07/2026
03/07/2026
03/07/2026

ඩෙංගු රෝග වාහක මදුරු විශේෂයන්හි පවතින සුවිශේෂී අනුවර්තන හා හදුනා ගැනීම් සම්භන්ධයෙන් හිරු tv බලය වැඩසටහනට අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිළධාරීන්ගේ සංගමයේ සභාපති
-නජිත් සුමනසේන මහතා-

21/06/2026

⛔️ඩෙංගු මදුරුවා කුණු කාණු වල බෝ නොවන්නේ ඇයි? 🦟⛔️

බොහෝ දෙනෙක් හිතන්නේ හැම මදුරුවෙක්ම බෝ වෙන්නේ එකම විදිහට, කුණු කාණු සහ අපිරිසිදු වතුර එකතු වෙන තැන්වල කියලා. හැබැයි කීට විද්‍යානුකූලව ගත්තම ඩෙංගු රෝග වාහක මදුරුවා කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. ඩෙංගු රෝගය පතුරවන ඊඩිස් ඊජිප්ටයි හා ඊඩීස් ඇල්බොපික්ටස් (Aedes aegypti හා Aedes albopictus) මදුරුවන් කුණු කාණුවල බෝ නොවීමට ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා:

⛔️පැහැදිලි, නිශ්චල ජලය පමණක් සෙවීම 💧

ඩෙංගු මදුරු ගැහැණු සතා බිත්තර දමන්න තෝරා ගන්නේ පැහැදිලි සහ නිශ්චල (කැලඹීමක් නැති) වතුර විතරයි. කුණු කාණුවල තියෙන්නේ අපිරිසිදු, විවිධ රසායනික ද්‍රව්‍ය සහ කාබනික ද්‍රව්‍ය මිශ්‍ර වුණු වතුර නිසා ඒ පරිසරය ඩෙංගු බිත්තරවලට ඔරොත්තු දෙන්නේ නැහැ.

⛔️හිරු එළිය සහ සෙවන (Semi-shaded) ⛅

ඩෙංගු මදුරුවන් බිත්තර දාන්න කැමති සෙවන සහිත, ඒ වගේම මදක් හිරු එළිය වැටෙන කුඩා වතුර එකතු වන ස්ථානවලටයි. කාණුවල තියෙන අධික අඳුරු හෝ සම්පූර්ණයෙන්ම විවෘත ස්වභාවය බෝවීමට බාධාවක්.

⛔️බිත්තර අලවන්න වියළි හෝ මතුපිටක් අවශ්‍ය වීම 🧱

ඩෙංගු මදුරුවා කෙලින්ම වතුර උඩ බිත්තර දාන්නේ නැහැ. එම මදුරුවන් කරන්නේ වතුර මට්ටමට පෙනෙන මානයෙන්, බඳුනක හෝ ද්‍රව්‍යයක ඇතුළු බිත්තියේ වියළි කොටසක බිත්තර ඇලවීමයි. පස්සේ වතුර මට්ටම ඉහළ ගිහින් ඒ බිත්තර වතුරට යට වුණාම තමයි කීටයෝ මතු වෙන්නේ. කුණු කාණුවල මෙවැනි පිරිසිදු මතුපිටවල් සොයාගන්න අමාරුයි.

එහෙනම් ඩෙංගු හැදෙන්නේ කොහේද? ⚠️

අපේ ගෙවල් අවට තියෙන මේ පුංචි තැන් ගැන තමයි අපි ගොඩක්ම ප්‍රවේශම් වෙන්න ඕනේ:
• යෝගට් කෝප්ප, ටින්, හිස් පොල්කටු සහ ප්ලාස්ටික් බෝතල්
• ගෘහස්ථ මල් පෝච්චිවල අඩි තැටි
• ශීතකරණයේ පිටුපස වතුර එකතු වන තැටිය
• වැහි පීලි (Roof gutters) සහ ටයර්
• ගස් බෙන සහ කොළ අස්සේ රැඳෙන වතුර
• ⁠ස්ලැබ්(Slab) - බොහෝ හෙවන සහිත ස්ලැබ් වල බෝ වීමට හැකියාවක් ඇත

මෙන්න මේ හේතු නිසා තමයි සෞඛ්‍ය බලධාරීන් ඩෙංගු රෝගය සදහා නිතර නිවාස පරීක්ශා කිරීම් සිදුකරන්නෙ.

⛔️එහෙනම් කුණු කාණුවල මදුරු කීටයෝ නැද්ද?

උත්තරය ඉන්නවා! ශ්‍රී ලංකාව වැනි ඉහල ජෛව විවිධත්වයක් සහිත රටක ඉන්නෙ ඩෙංගු රෝග වාහක මේ මදුරු විශේෂ දෙක විතරක්ම නෙවේ මදුරු විශේෂ ගණනාවක මදුරුවන් ඉන්නවා ඒ අතරින් කුණු කාණු වැනි අපිරිසිදු ජලයෙහි බෝ වීමට ප්‍රිය කරන Culex quinquefasciatus , Culex tritaeniorhynchus වැනි Culex ගණයේ මදුරුවන් බෝ වෙනවා.මෙම මදුරුවන් ඩෙංගු රෝග වාහක
මදුරුවන් මෙන් උපස්තරය තුල බිතතර ඇලවීමක් සිදු නොකර ජලය මතුපිටට බිත්තර සමූහයක් ලෙස හෙලන නිසා මෙම ගණයේ මදුරුවන් බහුලව බෝ විය හැකිය නමුත් එම මදුරුවන්ගෙන් ඩෙංගු රෝගය පැතිරීමට අවධානමක් නැත.

ඒ නමුත් එම මදුරු විශෙෂ හරහා බරවා ,JE (Japanese encephalitis) වැනි වාහක රෝග බෝ විය හැකිය .එම නිසා කාණු පද්ධතිද මදුරුවන් බෝ නොවන සේ තබා ගැනීම අතිශය වදගත් කෙසේ නමුත්
ඩෙංගු රෝගය පාලනය කර ගැනීම සදහා නිවාස පරීක්ෂාවට මුල් තැන දෙන්නෙ මේ මෙදුරු විශේෂ වල තියන මෙන්න මේ විද්‍යාත්මක කරුණු පදනම් කරගනිමින් වඩාත් ඵලදායීම දර්ශක ලබා ගනිමින් ඩෙංගු රෝගය පාලනය කරගැනීමටය.

එම නිසා ඩෙංගු බලන්න ඔබේ නිවසට එන සෞඛ්‍ය නිළධාරීන්ට උපරිම සහයෝගය ලබාදී ඩෙංගු වලින් තොර ශ්‍රී ලංකාවකට පාර හදමු !🇱🇰❤️

AdminHEO මහත්තයා

21/06/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Entomology අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share