Ayurveda Seth Arana

Ayurveda Seth Arana A Fully Equipped Ayurvedic Channeling Center. Ancient Ayurveda Medicines and Techniques. Fully equipped Ayurveda Channeling center & Hospital

🦴✨ අස්ථි හා සන්ධි වේදනාව නිසා ඔබේ දෛනික ජීවිතය අපහසු වෙලාද?කොන්දේ වේදනාව, සන්ධි වේදනාව, ඇවිදීමේ අපහසුතා හෝ දිගුකාලීන වේද...
19/09/2026

🦴✨ අස්ථි හා සන්ධි වේදනාව නිසා ඔබේ දෛනික ජීවිතය අපහසු වෙලාද?

කොන්දේ වේදනාව, සන්ධි වේදනාව, ඇවිදීමේ අපහසුතා හෝ දිගුකාලීන වේදනාවක් නිසා ඔබේ දෛනික ජීවිතය සීමා වෙලාද? 🌿

ආතරයිටිස් | සයටිකා | Frozen Shoulder | CTS | කොන්ද ආශ්‍රිත වේදනා | කොඳු ඇට පෙළේ අපහසුතා | සන්ධි ආශ්‍රිත ගැටලු සඳහා නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න.

🌿 ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද චැනල් සේවාව ලෙසින් ආරම්භ වී,
රෝගීන් ලක්ෂ ගණනකට අධික පිරිසකට සුවය සහ සහනය ලබාදෙමින් වසර ගණනාවක් පුරා විශ්වාසය දිනාගත්...

🌿 ආයුර්වේද සෙත් අරණ

Nature • Healing • Pleasure

👩‍⚕️ ආයුර්වේද මහාචාර්යවරිය හමුවී
ඔබේ ශරීර තත්ත්වයට ගැළපෙන සුදුසු ප්‍රතිකාර සහ උපදෙස් ලබාගන්න.

🪷 අස්ථි හා සන්ධි ආශ්‍රිත අපහසුතා සඳහා ඖෂධ ප්‍රතිකාර සමඟ නිසි බාහිර ප්‍රතිකාර වෙත යොමු වීමද වැදගත් විය හැකියි.

🌿 සුදුසු බාහිර ප්‍රතිකාර මඟින් වේදනාව සහ අපහසුතාව අවම කරගැනීමටත්, ඔබේ දෛනික ජීවිතය වඩාත් සුවපහසු කරගැනීමටත් සහාය විය හැක.

📅 විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනය

🗓️ සැප්තැම්බර් 26 සෙනසුරාදා
📍 මාතර රුහුණු ශාඛාවේදී

⏰ සායන වේලාවන්

✨ සෙනසුරාදා | පෙ.ව. 8.30 – 11.30
📍 රුහුණු ශාඛාව – මාතර
(සෑම සති දෙකකට වරක්)

✨ ඉරිදා | පෙ.ව. 9.30 – 11.30
📍 ප්‍රධාන ශාඛාව – කෝට්ටේ
(සෑම සතියකම)

🌿 වේදනාව සමඟ ජීවත් වීමට පුරුදු නොවන්න.
ඔබේ සුවපහසු ජීවිතය වෙනුවෙන් නිවැරදි ආයුර්වේද මඟපෙන්වීමක් ලබාගන්න.

📞 අදම අමතා ඔබේ වේලාව වෙන්කරවා ගන්න.

📍 කෝට්ටේ ශාඛාව | 0115 289 248 / 0777 620 948
📍 මාතර රුහුණු ශාඛාව | 0412 050 400

🧠✨ ස්නායු ආශ්‍රිත අපහසුතා නිසා ඔබේ දෛනික ජීවිතයට බාධා ඇතිවෙලාද?අංශභාගය (Paralysis), පාකින්සන් (Parkinsonism), දිගුකාලීන ...
19/09/2026

🧠✨ ස්නායු ආශ්‍රිත අපහසුතා නිසා ඔබේ දෛනික ජීවිතයට බාධා ඇතිවෙලාද?

අංශභාගය (Paralysis), පාකින්සන් (Parkinsonism), දිගුකාලීන අත්පා හිරිවැටීම්, මස්පිඬු දියවීම (Muscle Wasting) ඇතුළු ස්නායු ආශ්‍රිත අපහසුතා සඳහා පළපුරුදු ආයුර්වේද වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න. 🌿

👩‍⚕️ ආයුර්වේද මහාචාර්යවරිය හමුවී, ඔබේ තත්ත්වයට ගැළපෙන සුදුසු ප්‍රතිකාර සහ උපදෙස් ලබාගන්න.

🌿 වසර 15ක සේවා අත්දැකීම් සමඟ

🌿 ආයුර්වේද සෙත් අරණ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයුර්වේද චැනල් සේවාව ලෙසින් ආරම්භ වී, රෝගීන් ලක්ෂ ගණනකට අධික පිරිසකට සේවය සලසමින් විශ්වාසය දිනාගත් ආයුර්වේද සුවසේවා නාමයක්.

Nature • Healing • Pleasure

🪷 ස්නායු ආශ්‍රිත අපහසුතා සඳහා ප්‍රතිකාර ලබාගැනීමේදී, අභ්‍යන්තර ඖෂධ ප්‍රතිකාර සමඟ සුදුසු බාහිර ප්‍රතිකාර වෙත යොමු වීමද වැදගත් විය හැකියි.

🌿 ආයුර්වේදයේ භාවිත වන ඖෂධීය ප්‍රතිකාර සහ සුදුසු බාහිර ප්‍රතිකාර මඟින් ශරීරයේ ක්‍රියාකාරීත්වයට සහාය වීමටත්, දෛනික ජීවිතයේ සුවපහසුව වැඩිදියුණු කරගැනීමටත් උපකාරී විය හැක.

✨ ඔබේ ස්නායු ආශ්‍රිත අපහසුතා සඳහා පළපුරුදු ආයුර්වේද වෛද්‍ය උපදෙස් සමඟ, ඔබ වෙනුවෙන්ම සකස් කළ බාහිර ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට ආයුර්වේද සෙත් අරණ බාහිර රෝගී අංශය ඔබ වෙනුවෙන් විවෘතයි.

📅 විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනය

🗓️ සැප්තැම්බර් 26 සෙනසුරාදා
📍 මාතර රුහුණු ශාඛාවේදී

📍 සායන වේලාවන්

✨ සෙනසුරාදා | පෙ.ව. 8.30 – 11.30
📍 රුහුණු ශාඛාව – මාතර
(සෑම සති දෙකකට වරක්)

✨ බදාදා | පෙ.ව. 10.00 – ප.ව. 12.00
📍 ප්‍රධාන ශාඛාව – කෝට්ටේ
(සෑම සතියකම)

🌿 ස්නායු ආශ්‍රිත අපහසුතා සමඟ ජීවත් වීම ඔබේ දෛනික ජීවිතයට බාධාවක් කරගන්න එපා.

ඔබේ තත්ත්වය පිළිබඳ නිසි වෛද්‍ය උපදෙස් ලබාගෙන, සුදුසු ප්‍රතිකාර මඟපෙන්වීමක් සමඟ සුවපහසු ජීවිතයක් වෙත පියවරක් තබන්න. 🌿✨

📞 අදම අමතන්න

📍 කෝට්ටේ ප්‍රධාන ශාඛාව
0115 289 248 / 0777 620 948

📍 මාතර රුහුණු ශාඛාව
0777 620 948 / 0412 050 400

🌿 මලබද්ධය තිබෙනවා නම් මේ ලිපිය කියවන්න“අදත් Toilet ගියේ නැද්ද?”දවස් දෙකක්…තුනක්…සමහරවිට ඊටත් වැඩි කාලයක්…Toilet යන්න බැර...
18/09/2026

🌿 මලබද්ධය තිබෙනවා නම් මේ ලිපිය කියවන්න

“අදත් Toilet ගියේ නැද්ද?”

දවස් දෙකක්…
තුනක්…
සමහරවිට ඊටත් වැඩි කාලයක්…

Toilet යන්න බැරිව ඉඳලා, ගිය දවසටත් හරි අමාරුවෙන් මලපහ කරනවාද?

“මට නම් හැමදාම මේක තමයි…”
“උදේ Toilet ගියොත් හොඳයි… ඒත් යන්නෙම නැහැ.”
“මලපහ කරන්න ගොඩක් වෙලා ඉන්න වෙනවා.”
“ගියාට පස්සෙත් සම්පූර්ණයෙන් පිටවුණේ නැහැ වගේ.”

මේ දේවල් ඔබටත් හුරුපුරුදුද?

සමහරවිට ඔබ මේ තත්ත්වය රෝගයක් විදිහටවත් හිතන්නේ නැතුව, ඔබේ දෛනික ජීවිතයේ කොටසක් කරගෙන ඇති.

ඒත්…

“මට හැමදාම මලබද්ධය තියෙනවා” කියලා හිතාගෙන ඒකත් එක්ක ජීවත් වෙන්න ඕනෙමද?

🤔 “මම Toilet යනවානේ… එහෙනම් මට මලබද්ධය තියෙන්නේ කොහොමද?”

මලබද්ධය කියන්නේ Toilet නොයා සිටීම විතරක් නෙවෙයි.

මලපහ කිරීමේදී,

• මලපහ ඉතා තද වීම
• මලපහ කිරීමට අධික ලෙස බලය යෙදීමට සිදුවීම
• Toilet එකේ සෑහෙන වෙලාවක් රැඳී සිටීමට සිදුවීම
• මලපහ සම්පූර්ණයෙන් පිට නොවූ බවක් දැනීම
• නැවත නැවතත් මලබද්ධය ඇතිවීම

වැනි දේවල් තිබුණත් ඒ ගැන අවධානය යොමු කරන්න ඕන.

ඒ නිසා “දවසකට සැරයක් Toilet යනවා නම් මට මලබද්ධය නැහැ” කියන අදහස හැමවිටම නිවැරදි නැහැ.

😣 “ඇයි මට හැමදාම මේ ප්‍රශ්නය?”

මේකට එකම හේතුවක් නැහැ.

ඔබේ ආහාර පුරුදු, ජලය පානය කරන ප්‍රමාණය, ශාරීරික ක්‍රියාකාරකම්, දෛනික පුරුදු සහ ඇතැම් ඖෂධ හෝ සෞඛ්‍ය තත්ත්ව මලබද්ධයට සම්බන්ධ විය හැකියි.

විශේෂයෙන්,

Fiber අඩු ආහාර + ජලය අඩුවෙන් පානය කිරීම + ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම

වැනි දේවල් දිගින් දිගටම සිදුවුණොත් මලපහ කිරීමේ රටාවට බලපෑම් ඇතිවිය හැකියි.

🚽 “Toilet එකේ පැය ගණන් ඉඳගෙන ඉන්න එක සාමාන්‍යද?”

සමහරුන්ට Toilet යන එකත් දවසේ stress එකක් වෙලා.

Phone එකත් අරගෙන Toilet එකට යනවා…
දිගටම ඉඳගෙන ඉන්නවා…
බලය යොදනවා…
ඒත් මලපහ කරන්න අමාරුයි.

ඊළඟ දවසෙත් ඒකම.

මේක ඔබගේ සාමාන්‍ය පුරුද්දක් වෙලා නම්, ඒ ගැන අවධානය යොමු කරන්න කාලය ඇවිල්ලා.

🩸 “මලබද්ධය නිසා තවත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්ද?”

ඔව්.

තද මලපහ නිසා නැවත නැවත බලය යෙදීමෙන් ගුද ප්‍රදේශයේ වේදනාව, A**l Fissure හෝ අර්ශස් වැනි ගැටලු ඇතිවීමට හෝ පවතින ගැටලු උග්‍ර වීමට ඉඩ තිබෙනවා.

ඒ නිසා මලබද්ධය කියන්නේ “Toilet යන්න අමාරුයි” කියන එකෙන් විතරක් අවසන් වෙන ප්‍රශ්නයක් නෙවෙයි.

🍎 “මම ගෙදර ඉඳන් මොනවා කරන්නද?”

පළමුව ඔබේ දෛනික පුරුදු ගැන අවධානය යොමු කරන්න.

✔️ Fiber බහුල ආහාර වැඩි කරන්න.
✔️ පළතුරු සහ එළවළු ආහාරයට එක්කරගන්න.
✔️ ප්‍රමාණවත් ජලය පානය කරන්න.
✔️ දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන්න.
✔️ මලපහ කිරීමට අවශ්‍යතාවය දැනුණු විට එය දිගින් දිගටම යටපත් නොකරන්න.

නමුත් මේ දේවල් කළත් ඔබගේ මලබද්ධය දිගටම පවතිනවා නම්, එහි හේතුව සොයා බැලීම වැදගත්.

🌿 “එහෙනම් මලබද්ධයට ප්‍රතිකාර තියෙනවාද?”

ඔව්. මලබද්ධය සඳහා ප්‍රතිකාර තිබෙනවා.

නමුත් හැමෝටම එකම ප්‍රතිකාර ක්‍රමය සුදුසු වෙන්නේ නැහැ.

ඒ නිසා ඔබේ රෝග ලක්ෂණ සහ තත්ත්වය අනුව නිවැරදි වෛද්‍ය පරීක්ෂාවක් සිදුකර ප්‍රතිකාර ක්‍රමය තීරණය කිරීම වැදගත්.

🌿 ආයුර්වේද සෙත් අරණ වෙතින් ඔබට මඟපෙන්වීමක්...

“මලබද්ධය නිසා හැමදාම අපහසුතාවයෙන්ද?”

ආයුර්වේද සෙත් අරණ බාහිර රෝගී අංශය වෙත පැමිණෙන ඔබට මලබද්ධය සඳහා වෛද්‍ය උපදෙස් සහ ආයුර්වේද ප්‍රතිකාර ලබාගත හැකියි.

🌿 නිවැරදි වෛද්‍ය පරීක්ෂාවකින් අනතුරුව, ඔබගේ තත්ත්වයට ගැළපෙන ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයක් තෝරාගෙන, මලබද්ධය නිට්ටාවටම සුව කිරීම සඳහා ප්‍රතිකාර සිදුකරනු ලැබේ.

ඔබගේ රෝග ලක්ෂණ, රෝග තත්ත්වය සහ අවශ්‍යතා අනුව ප්‍රතිකාර ක්‍රමය තීරණය කරනු ලබන අතර, ප්‍රතිකාරය සාර්ථකව අවසන් කර නිරෝගී තත්ත්වයට පත්වීම දක්වා අවශ්‍ය වෛද්‍ය මඟපෙන්වීම ලබාදීම අපගේ අරමුණයි.

💚 තවත් විශේෂ කරුණක්...

ආයුර්වේද සෙත් අරණ බාහිර රෝගී අංශය වෙත පැමිණෙන ඔබට වෛද්‍ය උපදේශන සේවාව නොමිලේ ලබාදෙන අතර, ප්‍රතිකාර සඳහා ලබාදෙන ඖෂධ සඳහා පමණක් මුදල් අය කිරීම සිදුකරනු ලබයි.

📌 හැබැයි… මලබද්ධය ගැන දැනගත යුතු දේ මෙතැනින් අවසන් වෙන්නේ නැහැ.

මලබද්ධය දිගින් දිගටම පැවතීමත්, නැවත නැවත බලය යෙදීමත් නිසා තවත් වේදනාකාරී ගැටලුවකට මඟ පෑදෙන්න පුළුවන්ද?

ඒ ගැටලුව ඇතිවුණාම ඔබට දැනෙන්න පුළුවන් විශේෂ සංඥා මොනවාද?
එය නොසලකා හැරීමෙන් තත්ත්වය තවත් අපහසු විය හැකිද?

🤔 ඒ ගැනත්, ඔබ දැනගත යුතු වැදගත් කරුණුත් අපගේ මීළඟ ලිපියෙන් කතා කරමු.

🌿 මේ වගේ ඔබට වටිනා සෞඛ්‍ය තොරතුරු සමඟ දිගටම අපත් සමඟ රැඳී සිටින්න.

මෙම ලිපිය ඔබට වටිනා එකක් කියලා හිතෙනවා නම්,
තවත් කෙනෙකුටත් මේ දැනුම වැදගත් වෙන්න පුළුවන්. 💚

📲 ඒ නිසා මේ ලිපිය තවත් කෙනෙකුට Share කරන්න.

දැනුවත් වෙමු.
එකිනෙකා දැනුවත් කරමු.
නිරෝගී ජීවිතයක් කරා පියවර තබමු. 🌿

📞 077 762 0948

ආයුර්වේද සෙත් අරණ
Nature • Healing • Pleasure 🌿

මේ දවස්වල සම මෙච්චර කසන්නේ ඇයි?“අනේ… මේ දවස්වල මගේ සමට මොකක් වෙලාද මන්දා…”නදීෂාට මේ ප්‍රශ්නය ආවේ පසුගිය දවස් කිහිපය පුරා...
18/09/2026

මේ දවස්වල සම මෙච්චර කසන්නේ ඇයි?

“අනේ… මේ දවස්වල මගේ සමට මොකක් වෙලාද මන්දා…”

නදීෂාට මේ ප්‍රශ්නය ආවේ පසුගිය දවස් කිහිපය පුරාම එකම විදිහට.

උදේට එතරම් ගැටලුවක් නැහැ.
ඒත් දවල් වෙද්දී උණුසුම වැඩි වෙනකොට, දහඩිය දමනකොට සමේ කැසීමත් එක්ක දැවිල්ලක් වගේ දැනෙන්න පටන් ගන්නවා.

මුලදී ඇය ඒක එතරම් ගණන් ගත්තේ නැහැ.

“මේ දවස්වල රස්නේ වැඩිනේ… ඒක නිසා වෙන්න ඇති.”

ඒත් දවසින් දවස කැසීම නැවත නැවතත් ඇති වෙද්දී, සම රතු වෙන්න පටන් ගනිද්දී, ඇයට ඒක තවදුරටත් සාමාන්‍ය දෙයක් වගේ දැනුණේ නැහැ.

---

ඇත්තටම මේ දවස්වල අපේ සමට මොකද වෙන්නේ?

අපේ සම කියන්නේ බාහිර පරිසරයෙන් ශරීරය ආරක්ෂා කරන වැදගත් ආරක්ෂක පටලයක්.

ඒ නිසා උණුසුම, දහඩිය, ආර්ද්‍රතාවය, දූවිලි සහ ඇතැම් skincare products වැනි පාරිසරික සාධක සමට බලපෑම් කරන්න පුළුවන්.

විශේෂයෙන් Eczema වැනි සමේ තත්ත්ව ඇති අයට, උණුසුම සහ දහඩිය වැනි දේ සමේ කැසීම සහ තත්ත්වය උත්සන්න වීමට බලපාන්න පුළුවන්.

ඒ නිසා,

“කසනවා විතරයි… පස්සේ හරියයි.”

කියලා නැවත නැවතත් නොසලකා හරින්න එපා.

---

Eczema එකක් නම් හඳුනාගන්නේ කොහොමද?

Eczema ඇති විට පුද්ගලයා අනුව ලක්ෂණ වෙනස් විය හැකියි.

නමුත්,

• සමේ නිතර කැසීම
• වියළි සහ රළු සම
• රතු පැහැති හෝ වෙනස් වූ පැල්ලම්
• සමේ දැවිල්ල
• කැසීම නිසා සම සීරීම් ඇතිවීම

වැනි ලක්ෂණ ඇති විය හැකියි.

විශේෂයෙන් රෑට කැසීම වැඩි වෙනවාද? දහඩිය දැමූ විට තත්ත්වය වැඩි වෙනවාද? යම් යම් දේවල් භාවිතා කළ පසු සමේ වෙනසක් දැනෙනවාද?

කියන දේවල් ගැනත් අවධානය යොමු කරන්න.

---

මේ දවස්වල ඔබේ සම ගැන ඔබට කරන්න පුළුවන් දේවල්

උණුසුම් දිනවල සමටත් ටිකක් වැඩිපුර අවධානය දෙන්න. 🌿

💧 දහඩිය වැඩි වූ විට හැකි ඉක්මනින් ශරීරය පිරිසිදු කරගන්න.

🚿 ඉතා උණුසුම් වතුරෙන් දිගු වේලාවක් නාන්න එපා.

🧴 සම වියළි නම් ඔබට ගැළපෙන moisturizer එකක් භාවිතා කරන්න.

👕 තද ඇඳුම් වෙනුවට ලිහිල්, සුවපහසු ඇඳුම් තෝරාගන්න.

🧼 සමට irritation ඇති කළ හැකි සුවඳ සහිත හෝ සැර products භාවිතයෙන් පරිස්සම් වෙන්න.

ඒ වගේම වැදගත්ම දෙයක්…

ඔබේ සමට බලපාන trigger එක මොකක්ද කියලා හඳුනාගන්න.

මොකද එක් එක් පුද්ගලයාගේ සම එකිනෙකාට වෙනස්.

---

“Cream එකක් ගාගත්තම අඩුවෙයි...” කියලා හිතනවද?

සමේ කැසීමක් හෝ වෙනත් ලක්ෂණයක් ඇති වූ විට තාවකාලිකව යම් නිෂ්පාදනයක් භාවිතා කරලා අපහසුතාවය අඩු කරගන්න පුළුවන්.

ඒත් ලක්ෂණය නැවත නැවතත් ඇති වෙනවා නම්, හේතුව හඳුනාගැනීම වැදගත්.

සමේ තත්ත්වය දිගින් දිගටම පවතිනවා නම්, පැතිරෙනවා නම්, වේදනාවක් හෝ තුවාල ඇති වෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුයි.

---

එතකොට ආයුර්වේදයෙන්?

සමේ ගැටලුවක් කියන්නේ පිටතින් පෙනෙන ලක්ෂණයක් විතරක් නොවෙන්න පුළුවන්.

ආයුර්වේදයේදී පුද්ගලයාගේ ලක්ෂණ, ශරීර ස්වභාවය සහ සමේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් සුදුසු ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමට කටයුතු කරනවා.

ඒ නිසා දිගින් දිගටම ඔබව පීඩාවට පත් කරන සමේ ගැටලුවක් තිබෙනවා නම්, සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීමත් එක් විකල්පයක්.

---

ආයුර්වේද සෙත් අරණේ චර්ම රෝග ප්‍රතිකාර 🌿

නැවත නැවත මතුවන සමේ ගැටලුවක් නිසා දිනෙන් දින පීඩා විඳින්න අවශ්‍ය නැහැ.

Eczema වැනි චර්ම රෝග තත්ත්වයන් සඳහා ආයුර්වේද සෙත් අරණේදී සුදුසු ආයුර්වේද ප්‍රතිකාර මඟින් නිට්ටාවටම සුවය කරා යාමට ඔබට මඟ පෙන්වන්න අපි සූදානම්.

චර්ම රෝග පිළිබඳ ආයුර්වේද වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර සඳහා ආයුර්වේද වෛද්‍ය චූලා විජේරත්න මහත්මිය හමුවීමට අවස්ථාව තිබෙනවා.

ඔබේ සමේ ගැටලුව තවදුරටත් නොසලකා හරින්න එපා.

ඔබේ සමට අවශ්‍ය නිසි අවධානය අදම ලබාදෙන්න. 🌿

📍 ආයුර්වේද සෙත් අරණ
📞 077 762 0948

Ayurveda Seth Arana
Nature, Healing & Pleasure

අත හිරිවැටෙන්නේ නිකම්මද?“අනේ… ආයෙත් අත හිරිවැටෙනවා.”සමන්ති පොල් මිරිකමින් හිටියේ ඒ හිරිවැටීම හුරුපුරුදු දෙයක් වගේමයි. මු...
17/09/2026

අත හිරිවැටෙන්නේ නිකම්මද?

“අනේ… ආයෙත් අත හිරිවැටෙනවා.”

සමන්ති පොල් මිරිකමින් හිටියේ ඒ හිරිවැටීම හුරුපුරුදු දෙයක් වගේමයි. මුලදී එය ඇයට එතරම් කරදරයක් වුණේ නැහැ. අත ටිකක් ගසා ගත්තම හිරි ස්වභාවය අඩු වෙනවා. ඒ නිසා ඇය හිතුවේ,

“වැඩ වැඩි නිසා වෙන්න ඇති…”

කියලයි.

ඒත් දවස් ගෙවෙනකොට මේ තත්ත්වය නැවත නැවතත් ඇතිවුණා.

පොල් මිරිකනකොට…
රෙදි මිරිකනකොට…
දුරකථනය දිගු වේලාවක් අල්ලගෙන ඉන්නකොට…
වාහනය පදවන විට steering එක හෝ handle එක තදින් අල්ලගෙන ඉන්නකොට…

අතේ හිරිවැටීම ඇයව කරදර කරන්න පටන් ගත්තා.

එතැනින් නතර වුණේ නැහැ.

රාත්‍රියේ නින්දෙන් ඇහැරෙන විටත් අත හිරිවැටිලා තිබුණා.

ඇය නැවතත් අත ගසා බැලුවා.

ටික වෙලාවකින් හිරි ස්වභාවය අඩු වුණා.

“දැන් හරි…”

ඇය නැවතත් නිදාගත්තා.

නමුත් පසුදාත් ඒ දේම සිදුවුණා.

ඇත්තටම අත ඇතුළේ සිදුවෙන්නේ මොකක්ද?

අතේ මේ හිරිවැටීම හැමවිටම “වැඩ වැඩි නිසා” කියලා නොසලකා හරින්න පුළුවන් දෙයක් නොවෙන්න පුළුවන්.

මැණික් කටුව ප්‍රදේශයේ කුඩා උමඟක් වැනි මාර්ගයක් තිබෙනවා. එය Carpal Tunnel ලෙස හඳුන්වන අතර, එය හරහා අතේ සහ ඇඟිලිවල සංවේදනය හා චලනය සඳහා වැදගත් වන Median Nerve එක ගමන් කරනවා.

මේ ප්‍රදේශයේ ඉඩ අඩුවීමක් හෝ පීඩනයක් ඇති වූ විට එම ස්නායුවට බලපෑම් ඇතිවිය හැකියි.

එවිට…

හිරිවැටීම, කටු ඇනෙනවා වැනි සංවේදනය, වේදනාව, අතේ බර බව සහ අතේ ශක්තිය අඩුවීම වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.

විශේෂයෙන් මහපට ඇඟිල්ල, දබර ඇඟිල්ල, මැද ඇඟිල්ල සහ මුදු ඇඟිල්ලේ කොටසක මෙවැනි සංවේදන ඇතිවීම දක්නට ලැබෙනවා.

“අත ගැසුවම හරියන නිසා ප්‍රශ්නයක් නැහැ” කියලා හිතනවද?

සමහරුන්ට මුලදී අත ටිකක් ගසා ගත්තම හෝ අතේ පිහිටීම වෙනස් කළාම සහනයක් ලැබෙන්න පුළුවන්.

ඒ නිසා රෝග ලක්ෂණය සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා.

නමුත් නැවත නැවතත් ඇතිවන හිරිවැටීමක් ඔබේ ශරීරය ලබාදෙන සංඥාවක් විය හැකියි.

කාලය ගතවෙද්දී වේදනාව වැඩිවීම, අතේ ශක්තිය අඩුවීම, දේවල් අතින් වැටීම වැනි ගැටලු ඇතිවිය හැකියි. තත්ත්වය දිගුකාලීනව උත්සන්න වුවහොත් අතේ ඇතැම් මාංශපේශීවල දුර්වලතාවයක් හෝ ක්ෂයවීමක් පවා ඇතිවිය හැකියි.

ඒ නිසා “පස්සේ බලමු” කියලා කල් දමන්න එපා.

ඔබේ අතටත් මෙවැනි අත්දැකීමක් තියෙනවාද?

පොල් මිරිකනකොට අත හිරිවැටෙනවාද?

රෙදි මිරිකනකොට හිරිවැටෙනවාද?

බයික් එක පදවන විට handle එක අල්ලගෙන ඉන්න අමාරුද?

රාත්‍රියේ අත හිරිවැටිලා නින්දෙන් ඇහැරෙනවාද?

අතේ දේවල් අල්ලගෙන ඉන්න ශක්තිය අඩුවෙලා වගේ දැනෙනවාද?

එසේ නම්, එය නිකම්ම අත හිරිවැටීමක් ලෙස නොසලකා වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

ආයුර්වේදයෙන් මේ පිළිබඳව කළ හැක්කේ කුමක්ද?

අතේ හිරිවැටීම ඇති වූ විට වේදනා නාශකයක් ගෙන තාවකාලික සහනයක් ලබාගැනීමෙන් පමණක් නතර නොවී, එයට හේතුව හඳුනාගැනීම වැදගත්.

ආයුර්වේදය තුළ රෝගියාගේ ලක්ෂණ, තත්ත්වය සහ හේතු අනුව ප්‍රතිකාර ක්‍රම තෝරාගැනීමට අවධානය යොමු කරයි.

මැණික් කටුව ආශ්‍රිතව ඇතිවන වේදනාව, හිරිවැටීම සහ ස්නායු ආශ්‍රිත අපහසුතා සඳහා සුදුසු ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගත හැකියි.

ශල්‍යකර්මයකට යොමුවීමට පෙර, ඔබට ගැළපෙන ආයුර්වේද ප්‍රතිකාර පිළිබඳව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් විමසීමද එක් විකල්පයක් විය හැකියි.

අද සමන්තිට තේරුණේ එක දෙයක්…

අත හිරිවැටීම නිකම්ම අත හිරිවැටීමක් කියලා නොසලකා හරින්න බැහැ.

ශරීරය ලබාදෙන පුංචි සංඥාවක් වුණත්, එය නැවත නැවතත් ඇති වෙනවා නම් ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.

ඔබටත් මෙවැනි ලක්ෂණ තිබෙනවා නම්, අදම ආයුර්වේද සෙත් අරණ බාහිර රෝගී අංශයෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ආයුර්වේද සෙත් අරණ

Nature, Healing & Pleasure

ඔබගේ තත්ත්වය පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට සහ සායනික වේලාවක් වෙන්කරවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

📞 077 762 0948

🌸 ෆයිබ්‍රොයිඩ් තිබෙනවා නම් මේ ලිපිය කියවන්න 🌿“ඩොක්ටර්… මට Fibroid එකක් තියෙනවා කියලා Scan එකෙන් කිව්වා.”මේ වචන ටික ඇහුණ ...
17/09/2026

🌸 ෆයිබ්‍රොයිඩ් තිබෙනවා නම් මේ ලිපිය කියවන්න 🌿

“ඩොක්ටර්… මට Fibroid එකක් තියෙනවා කියලා Scan එකෙන් කිව්වා.”

මේ වචන ටික ඇහුණ ගමන් බොහෝ කාන්තාවන්ගේ හිතට එන පළවෙනිම දේ තමයි,

“Fibroid එකක් කියන්නේ මොකක්ද?”
“මේක භයානකද?”
“Operation එකක් කරන්න වෙයිද?”

කියන බය.

ඒත් මුලින්ම අපි ටිකක් සරලව මේක තේරුම් ගනිමු.

🌸 ගර්භාෂයේ හැදෙන මේ “ගැටිත්ත” මොකක්ද?

කාන්තාවකගේ ප්‍රජනන පද්ධතියේ වැදගත් අවයවයක් තමයි ගර්භාෂය.

ගර්භාෂයේ මාංශ පේශි පටක ආශ්‍රිතව ඇතිවන, සාමාන්‍යයෙන් පිළිකා නොවන ගැටිති තත්ත්වයක් තමයි Fibroid කියන්නේ.

මේක මුලදී ඉතා කුඩා විය හැකියි. කාලයත් සමඟ එහි ප්‍රමාණය වෙනස් විය හැකි අතර, එකක් පමණක් හෝ කිහිපයක් වුවත් ඇතිවිය හැකියි.

🌿 “ඒත් මට කිසිම අමාරුවක් නෑනේ…”

ඔව්. ඒක වෙන්න පුළුවන්.

Fibroid එකක් තිබුණා කියලා හැමෝටම එකම රෝග ලක්ෂණ එන්නේ නැහැ.

සමහරුන්ට කිසිම විශේෂ අපහසුතාවක් නොදැනෙන්න පුළුවන්.

තවත් කෙනෙකුට නම්,

• ඔසප් වීම වෙනදාට වඩා අධික වීම
• දිගු වේලාවක් ඔසප් වීම
• යටිබඩේ වේදනාව හෝ බරක් දැනීම
• කොන්දේ වේදනාව
• නිතර මුත්‍රා කිරීමට අවශ්‍ය වීම

වැනි වෙනස්කම් දැනෙන්න පුළුවන්.

ඇයි එහෙම වෙන්නේ?

එය බොහෝ දුරට Fibroid එකේ ප්‍රමාණය සහ ගර්භාෂයේ එය පිහිටා ඇති ස්ථානය වැනි කරුණු මත වෙනස් විය හැකියි.

🤔 “ඇයි මට මේක හැදුණේ?”

මේ ප්‍රශ්නයටත් එක වචනයකින් උත්තරයක් දෙන්න බැහැ.

Fibroid ඇතිවීමට එකම නිශ්චිත හේතුවක් තවමත් පැහැදිලිව හඳුනාගෙන නැහැ.

හෝමෝනවල බලපෑම් සහ ජානමය සාධක වැනි කරුණු ඒ සමඟ සම්බන්ධ විය හැකියි.

ඒ නිසා Fibroid එකක් ඇතිවුණා කියලා තමන් කළ වැරැද්දක් නිසා මේක ඇතිවුණා කියලා හිතන්න එපා.

🔎 “එහෙනම් මට Fibroid එකක් තියෙනවා කියලා කොහොමද දැනගන්නේ?”

සමහරවිට වෙනත් අපහසුතාවයක් නිසා වෛද්‍යවරයෙකු හමුවෙලා පරීක්ෂණයක් කරන අතරතුරදීත් මේක හඳුනාගන්න පුළුවන්.

Ultrasound Scan වැනි පරීක්ෂණයක් මඟින් Fibroid එකක් තිබේද, එහි ප්‍රමාණය සහ පිහිටීම වැනි කරුණු පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි.

අවශ්‍ය නම් වෛද්‍යවරයා තවත් පරීක්ෂණ නිර්දේශ කළ හැක.

⚕️ “Fibroid එකක් තියෙනවා නම් Operation එකක්ම කරන්න ඕනෙද?”

මෙතන තමයි බොහෝ දෙනා බය වෙන්නේ.

නමුත් Fibroid එකක් හඳුනාගත් පමණින් සෑම කෙනෙකුටම එකම ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ.

ප්‍රතිකාරය තීරණය කිරීමේදී Fibroid එකේ ප්‍රමාණය, පිහිටීම, රෝග ලක්ෂණ සහ කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය වැනි කරුණු සලකා බලනවා.

ඒ අනුව වෛද්‍යවරයා විසින් සුදුසු ප්‍රතිකාර මාර්ගය තීරණය කරයි.

ආයුර්වේද සෙත් අරණ තුළත් කාන්තා සෞඛ්‍ය ගැටලු පිළිබඳව වෛද්‍ය උපදෙස් සහ පුද්ගල තත්ත්වයට ගැළපෙන ප්‍රතිකාර පිළිබඳව මඟපෙන්වීම ලබාගත හැකියි. 🌿

🤰 ගැබ් ගැනීමට බලාපොරොත්තු වනවා නම්?

Fibroid එකේ පිහිටීම සහ ප්‍රමාණය අනුව සමහර අවස්ථාවල ගැබ් ගැනීම හෝ ගර්භණීභාවය සම්බන්ධයෙන් බලපෑම් ඇතිවිය හැකියි.

ඒ නිසා ගැබ් ගැනීමට බලාපොරොත්තු වන කාන්තාවකට Fibroid එකක් හඳුනාගෙන තිබේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගෙන තමන්ගේ තත්ත්වය නිවැරදිව ඇගයීම වැදගත්.

⚠️ “හැබැයි… මේක Cancer එකක්ද?”

මේක තමයි අවසානයේ හැමෝගෙම හිතට එන බය.

සාමාන්‍ය Fibroid එකක් පිළිකාවක් නොවේ.

ඒත් ගර්භාෂයේ ඇති සෑම ගැටිත්තක්ම Fibroid එකක් නොවන නිසා, ගැටිත්තක් හඳුනාගත් විට නිවැරදි වෛද්‍ය පරීක්ෂණයක් සහ උපදෙස් ලබාගැනීම වැදගත්.

🌿 ඔබේ ශරීරය කියන වෙනස නොසලකා හරින්න එපා.

ඔසප් වීමේදී වෙනදාට වඩා අධික වෙනස්කම් තිබෙනවා නම්…

දිගින් දිගටම යටිබඩේ හෝ කොන්දේ වේදනාවක් තිබෙනවා නම්…

නැත්නම් Fibroid එකක් තිබෙන බව දැනටමත් හඳුනාගෙන තිබෙනවා නම්…

එය නොසලකා හැරීම වෙනුවට නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගන්න.

---

🌿 “Fibroid සඳහා ශල්‍යකර්මයක් සිදුකළ පසුවත් නැවත ගර්භාෂයේ ගැටිති ඇතිවීමට අවදානමක් තිබේද?”

මේ ගැනත් බොහෝ කාන්තාවන්ගේ සිතේ ඇති ප්‍රධාන ගැටලුවක්.

ශල්‍යකර්මයෙන් පසුව Fibroid නැවත ඇතිවීම පිළිබඳව ඔබටත් ගැටලුවක් තිබෙනවා නම්, ඒ පිළිබඳව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

🌿 ආයුර්වේදයේදී මේ සඳහා ලබාදිය හැකි මඟපෙන්වීම කුමක්ද?

ශල්‍යකර්මයෙන් පසුව ඔබේ ශරීරයේ තත්ත්වය, පවතින ලක්ෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා අනුව සුදුසු ආහාර රටාව, ජීවන රටාව සහ පසු රැකවරණය පිළිබඳව වෛද්‍ය මඟපෙන්වීම ලබාගත හැකියි.

🌸 ඔබේ ගැටලුව පිළිබඳව වැඩිදුරටත් දැනගැනීමට...

ආයුර්වේද ක්ෂේත්‍රයේ කාන්තා රෝග පිළිබඳ එකම මහාචාර්යවරිය හමුවන්න

PhD, Sri Lanka
Gyn (Obs) – India
BAMS (Hons & MS)

ඔබේ තත්ත්වය පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගෙන, ඔබට ගැළපෙන මඟපෙන්වීම පිළිබඳව සාකච්ඡා කරන්න. 🌿

📞 077 762 0948

ආයුර්වේද සෙත් අරණ
Nature • Healing • Pleasure 🌿

🌸 ඔබේ දරු සිහිනයට… නව බලාපොරොත්තුවක් සෙත් අරණින්. 💗දරුවෙකු පිළිබඳ සිහිනයක් දකිමින් සිටින ඔබට, ඒ සිහිනය කරා යන ගමනේදී නිව...
16/09/2026

🌸 ඔබේ දරු සිහිනයට… නව බලාපොරොත්තුවක් සෙත් අරණින්. 💗

දරුවෙකු පිළිබඳ සිහිනයක් දකිමින් සිටින ඔබට, ඒ සිහිනය කරා යන ගමනේදී නිවැරදි වෛද්‍ය උපදෙස් සහ අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්.

🌿 කාන්තා ප්‍රජනක සෞඛ්‍යය හා දරුපල ප්‍රමාදවීම් සම්බන්ධ ගැටලු සඳහා ආයුර්වේද වෛද්‍ය උපදේශනය සහ ප්‍රතිකාර ලබාගන්න.

විශේෂයෙන්,

🔸 ගර්භාෂගත ගෙඩි (Uterine Fibroids)
🔸 අක්‍රමවත් ඔසප් ගැටලු
🔸 PCOS සහ ඩිම්බ මෝචනයේ අක්‍රමිකතා
🔸 දරුපල ප්‍රමාදවීම් හා ප්‍රජනක සෞඛ්‍ය ගැටලු
🔸 පුරුෂ පාර්ශවයේ ප්‍රජනන සෞඛ්‍යය හා පුරුෂ ධාතු ගුණාත්මකභාවය සම්බන්ධ ගැටලු

👩‍⚕️ ආයුර්වේද ක්ෂේත්‍රයේ කාන්තා රෝග පිළිබඳ මහාචාර්යවරියක් වන,

BAMS (Hons & MS) Gyn (Obs) – India
PhD – University of Colombo, Sri Lanka

විසින් වෛද්‍ය උපදේශනය ලබාදෙන විශේෂ කාන්තා රෝග සායනය.

💗 දරු සිහිනයක් දකින ඔබට… තනිවම ගැටලුව සමඟ සිටින්න එපා. නිවැරදි උපදෙස් ලබාගැනීමෙන් ඔබේ ගමනට නව බලාපොරොත්තුවක් එක් කරගන්න.

━━━━━━━━━━━━━━

🌿 ආයුර්වේද සෙත් අරණ – රුහුණු ශාඛාව | මාතර

📅 සැප්තැම්බර් 26 | සෙනසුරාදා

📍 No. 97, රාහුල පාර, මාතර

━━━━━━━━━━━━━━

🌸 කෝට්ටේ ප්‍රධාන ශාඛාවේදීත් කාන්තා රෝග සායනය පැවැත්වේ.

📅 අඟහරුවාදා | ප.ව. 4.30 – 6.00
📅 සෙනසුරාදා | පෙ.ව. 11.30 – ප.ව. 1.00

📍 No. 20/B, රජමහා විහාර පාර, කෝට්ටේ

🌿 රුහුණු ශාඛාව – සෑම පොහෝ දිනකම විශේෂ වෛද්‍ය සායනය

📞 වෙන්කරවා ගැනීම්:
0777 620 948 | 0412 050 400

💗 ඔබේ දරු සිහිනයට… අදම නිවැරදි පියවරක් තබන්න.

#කාන්තාසෞඛ්‍ය #දරුසිහිනය #ආයුර්වේද

🌿 Herbal Article 06Aloe Vera – Nature’s Soothing Gift for Skin & Hairඇලෝවෙරා (Aloe Vera) කියන්නේ අපේ දෛනික ජීවිතයේ පහසුව...
14/09/2026

🌿 Herbal Article 06
Aloe Vera – Nature’s Soothing Gift for Skin & Hair

ඇලෝවෙරා (Aloe Vera) කියන්නේ අපේ දෛනික ජීවිතයේ පහසුවෙන් හඳුනාගත හැකි, සාම්ප්‍රදායිකව දිගු කාලයක් තිස්සේ භාවිතා කර ඇති වටිනා ඖෂධීය ශාකයකි. විශේෂයෙන්ම skin & hair care සඳහා Aloe Vera අද වන විටත් ජනප්‍රිය ස්වභාවික ingredient එකක් ලෙස සැලකේ. 🌿

Aloe Vera කොළය ඇතුළත ඇති පැහැදිලි gel එකේ water content එක වැඩි අතර, සමට තෙතමනය ලබාදීමට සහ සන්සුන්, refreshing feeling එකක් ලබාදීමට එය උපකාරී විය හැක.

✨ 01. Deep Hydration for Your Skin

වියළි හා තෙතමනය අඩු සමක් සඳහා Aloe Vera gel එක lightweight natural moisturizer එකක් ලෙස භාවිතා කළ හැක. සමේ ස්වභාවික තෙතමනය පවත්වා ගැනීමට සහ fresh, soft feeling එකක් ලබාදීමට එය උපකාරී වේ.

🌱 02. Soothing & Cooling Care

හිරු එළියට නිරාවරණය වීමෙන් හෝ සුළු skin irritation එකක් නිසා සම උණුසුම් හෝ අපහසු ලෙස දැනෙන අවස්ථාවලදී, Aloe Vera gel එකේ ඇති cooling and soothing properties නිසා සමට සන්සුන් බවක් ලබාදිය හැක.

💚 03. Support for Healthy-Looking Skin

Aloe Vera තුළ ස්වභාවිකව පවතින විවිධ compounds නිසා එය healthy-looking skin පවත්වා ගැනීම සඳහා භාවිතා වන ජනප්‍රිය herbal ingredient එකකි. Regular skincare routine එකකට නිසි ලෙස එකතු කරගත හැකි ස්වභාවික සත්කාරයක් ලෙසද මෙය සැලකේ.

✨ 04. Natural Care for Acne-Prone Skin

Aloe Vera හි soothing properties නිසා acne-prone skin සඳහා භාවිතා කරන natural skincare ingredients අතර එය ප්‍රසිද්ධය. කෙසේ වෙතත්, acne හෝ වෙනත් සමේ රෝග සඳහා Aloe Vera පමණක් ප්‍රතිකාරයක් ලෙස භාවිතා නොකර, නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.

🌿 05. Hair & Scalp Care

Aloe Vera skin එකට පමණක් සීමා නොවේ. එය hair & scalp care සඳහාද සාම්ප්‍රදායිකව භාවිතා කරයි. හිස්කබලේ වියළි බව අඩු කිරීමට, scalp එක moisturized හා refreshed feeling එකක් ලබාගැනීමට Aloe Vera gel භාවිතා කළ හැක.

✨ 06. A Natural Glow

නිසි skincare routine එකක් සමඟ භාවිතා කරන විට Aloe Vera සමට soft, fresh and naturally healthy-looking appearance එකක් පවත්වා ගැනීමට සහාය විය හැක. 🌱

🌿 How Can You Use Aloe Vera?

Fresh Aloe Vera leaf එකකින් ලබාගන්නා clear inner gel එක සමට භාවිතා කිරීමට පෙර හොඳින් පිරිසිදු කර, කුඩා ප්‍රදේශයක patch test එකක් සිදු කිරීම වඩාත් සුදුසුය.

සමහර පුද්ගලයන්ට Aloe Vera නිසා irritation හෝ allergy ඇතිවිය හැකි බැවින්, අපහසුතාවක් ඇති වුවහොත් භාවිතය නතර කර වෛද්‍ය උපදෙස් ලබාගන්න.

🌱 Nature has its own way of caring for us.

Aloe Vera යනු එවැනි ස්වභාවික ත්‍යාගයකි.
සමේ තෙතමනය, සන්සුන් බව සහ ස්වභාවික රැකවරණය වෙනුවෙන් — nature-inspired care එකක් ලෙස එය අපගේ දෛනික ජීවිතයට එකතු කරගත හැක.

ආයුර්වේදය කියන්නේ රෝගයක් ඇති වූ විට පමණක් ප්‍රතිකාර සෙවීම නොවෙයි.

ස්වභාවික ඖෂධීය ශාකවල වටිනාකම හඳුනාගෙන, ඒවා නිසි ආකාරයෙන් භාවිත කරමින් ශරීරය, සම සහ මනස සමඟ ස්වභාවිකව සමබර ජීවන රටාවක් ගොඩනගා ගැනීම ද එහි වැදගත් කොටසකි.

ඒ නිසාම Ayurveda Seth Arana තුළ අපි ස්වභාවික ඖෂධීය ශාක සහ ආයුර්වේද දැනුම පිළිබඳ ඔබව දැනුවත් කිරීම අපගේ සෞඛ්‍ය අධ්‍යාපනික ගමනේ වැදගත් කොටසක් ලෙස සලකමු. 🌿

💚 Nature • Healing • Pleasure

Ayurveda Seth Arana
ස්වභාවික සත්කාරය, ආයුර්වේද දැනුම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙත…

Ayurveda Seth Arana
Nature • Healing • Pleasure 🌿

13/09/2026

🌿 සමේ වෙනසක්… ඔබේ ශරීරයෙන් ලැබෙන සංඥාවක් විය හැකියි.

කැසීම, රතු පැහැය, පොතු යාම, පැල්ලම්, බිබිලි වැනි සමේ ගැටලු ඇති වූ විට, ඒවා නොසලකා හැරීම වෙනුවට නිවැරදිව දැනුවත් වී, සුදුසු වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්. 🩺

✨ චර්ම රෝග පිළිබඳ ඔබ දැනගත යුතු වැදගත් කරුණු මොනවාද?

ඒ පිළිබඳව අද ආයුර්වේද වෛද්‍ය චූලා විජේරත්න මහත්මිය සමඟින් දැනගනිමු. 🌿

🎥 වීඩියෝව අවසානය දක්වා නරඹන්න.
ඔබට හෝ ඔබ ආදරය කරන කෙනෙකුට වැදගත් විය හැකි තොරතුරු රැසක් මෙහි අන්තර්ගතයි. 💚

👩‍⚕️ Dr. Chula Wijeratne
Senior Medical Officer
B.A.M.S. – University of Colombo
PG.Dip. – Food & Nutrition, University of Peradeniya
Reg. No. 9850

━━━━━━━━━━━━━━━

🌿 ආයුර්වේද සෙත් අරණ
වසර 15කට අධික කාලයක් පුරා සේවය සපයමින්, රෝගීන් ලක්ෂ ගණනකට අධික පිරිසකට සුවය සඳහා මඟපෙන්වූ විශ්වාසනීය ආයුර්වේද ආයතනයකි. 💚

📞 වැඩි විස්තර සඳහා දැන්ම අපව අමතන්න.

⭕ ආයුර්වේද සෙත් අරණ – ප්‍රධාන ශාඛාව
📍 21 B, රජමහා විහාර පාර, කෝට්ටේ
☎️ 011 5 288 055
📱 076 6 739 977

⭕ ආයුර්වේද සෙත් අරණ – රුහුණු ශාඛාව
📍 නො. 97, රාහුල පාර, මාතර
☎️ 041 20 50 400
📱 077 7 620 948

💬 WhatsApp: 077 762 0948

🌿 ගුදගත හා ශල්‍ය රෝග නිසා ඔබේ දෛනික ජීවිතයට බාධා ඇතිවෙලාද?අපහසුතාවය, වේදනාව හෝ දිගුකාලීනව පවතින රෝග ලක්ෂණ නිසා ඔබේ දෛනික...
12/09/2026

🌿 ගුදගත හා ශල්‍ය රෝග නිසා ඔබේ දෛනික ජීවිතයට බාධා ඇතිවෙලාද?

අපහසුතාවය, වේදනාව හෝ දිගුකාලීනව පවතින රෝග ලක්ෂණ නිසා ඔබේ දෛනික ජීවිතය අඩාල කරගන්න එපා. 🌱

අර්ශස් (Haemorrhoids), භගන්දර (Fistula), හර්නියා, ගල් තැලුම, ප්‍රොස්ටේට් ග්‍රන්ථි ආශ්‍රිත ගැටලු (BPH), අශ්මරි (මුත්‍රා ගල්), දිගුකාලීන තුවාල, දියවැඩියා තුවාල, නහර ගැටගැසීම, බඩවැල් ආශ්‍රිත රෝග, දිගුකාලීන ගැස්ට්‍රයිටිස් සහ මලබද්ධය ඇතුළු විවිධ ගුදගත හා ශල්‍ය රෝග තත්ත්වයන් සඳහා,

✨ සුදුසු ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.

👨‍⚕️ මහාචාර්ය ඒ.ඒ.ජේ. පුෂ්පකුමාර

BAMS (C'mbo) | M.S (Ay) India | PGDHD (C'mbo) | PhD
Professor in Shalya

🌿 වසර 15කට අධික සේවා අත්දැකීම් සමඟ
ආයුර්වේද ශල්‍ය ප්‍රතිකාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව.

📅 විශේෂ ආයුර්වේද වෛද්‍ය සායනය

📍 සැප්තැම්බර් 19 සෙනසුරාදා
ආයුර්වේද සෙත් අරණ – රුහුණු ශාඛාව, මාතර

🕗 පෙ.ව. 8.30 – 11.30
🌿 සෑම සති දෙකකට වරක්

📍 ප්‍රධාන ශාඛාව – කෝට්ටේ
🗓️ සෑම ඉරිදා දිනකම
🕐 ප.ව. 1.00 – 3.00

🌱 ඔබේ සෞඛ්‍ය ගැටලුව නොසලකා නොහරින්න.
නිවැරදි වෛද්‍ය උපදෙස් ලබාගෙන, ඔබට ගැළපෙන ප්‍රතිකාර මඟ පිළිබඳ දැනුවත් වන්න.

📞 අදම විමසන්න

📍 කෝට්ටේ ප්‍රධාන ශාඛාව
0115 289 248 | 0777 620 948

📍 මාතර රුහුණු ශාඛාව
0777 620 948 | 0412 050 400

🌿 ආයුර්වේද සෙත් අරණ
Nature, Healing & Pleasure

Address

No. 20B, Rajamaha Vihara Road, Kotte
Colombo
10250

Alerts

Be the first to know and let us send you an email when Ayurveda Seth Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurveda Seth Arana:

Shortcuts

Share

Category