Chamith Wimalawansha

Call Directions Website Contact the practice

Chamith Wimalawansha Life Transformation Coach / Psychological Counsellor
Contact For Sessions | 071-1228668

"මනුස්සයෙක් ජිවිතයේ දණින් වැටෙන තැන විශ්වය මැණික් තියනවා."මනුස්සයෙක්ගේ ජිවිතයේ මිනිස්සුන්ගේ රැවටිලා ජිවිතයේ කරගන්න දෙයක්...
26/10/2026

"මනුස්සයෙක් ජිවිතයේ දණින් වැටෙන තැන විශ්වය මැණික් තියනවා."

මනුස්සයෙක්ගේ ජිවිතයේ මිනිස්සුන්ගේ රැවටිලා ජිවිතයේ කරගන්න දෙයක් නැතිවෙන තරමට කඩාවැටෙන වෙලාව කියන්නේම විශ්වයේ ආශිර්වාදය ඒ මනුස්සයාට තට්ටු කරන වේලාව.

මොකද කාලයක් සතුටට දියුණුවට හේතු එලියෙන් හොය හොය ගිය මුලාව අවබෝධ කරවන වේදනාව විශ්වය මනුස්සයෙක්ට එන්නත් කරවන වේලාව ඒ වෙලාව.

අන්න එහෙම තැන්වල මිනිස්සු ගාව විශ්වය මැණික් තියනවා, හේතුව "කවුරුත් තමන්ව බේරගන්න එන්නේ නැහැ,

නිරන්තරයෙන් වෙනස් වෙන බාහිරය ගැන අධික බලාපොරොත්තු ගොඩගසා ගැනිම,
තමන්ගේ කම්මැලිකම තමයි සියල්ලට ප්‍රශ්නය කියලා එතනදි මනුස්සයෙක්ට තෙරුම් ගන්න පුලුවන්නම්

හැමදේටම උත්තරය තියෙන්නේ මං ගාව
මාව ඇතුලතින් වෙනස්කරගන්න එක තමයි උත්තරය කියලා.

එතනින් පස්සේ තමන්ගේ ජිවිතයේ වගකිමක් අරන් කටයුතු කරන මනුස්සයෙක්ගේ පොකට් එක බොහො දුරට හිස් වෙන්නේ නැහැ,මානසිකව කාටවත් ඒ මනුස්සයා පාලනය කරන්න බැහැ.
ජිවිතයේ ස්වාධිනත්වය නිදහස ඒ මනුස්සයාගේ ජිවිතයට එනවා.

Chamith Wimalawansha
Life Coach | Psychological Counselor
Spritual Therapist
For Sessions (071-1228668 whatsapp )

"ඔබට යමක් සිදුවේද ඒ සෑම දේම සිදුවන්නේ ඔබේම හොදටසහ විශේෂ හේතුවකට" What Ever Happend,Happend For Good.ජිවිතය එක්ක පොරබදලා ...
25/10/2026

"ඔබට යමක් සිදුවේද ඒ සෑම දේම සිදුවන්නේ ඔබේම හොදට
සහ විශේෂ හේතුවකට" What Ever Happend,Happend For Good.

ජිවිතය එක්ක පොරබදලා දේවල් මෙහෙම වෙන්න ඕන අර විදියට වෙන්න ඕන කියලා ඔයා කැමති විදියක් හිතුවත් අවසානේ හැමදේම විශ්වයේ රිද්මයකට යනවා සිද්ධ වෙනවා.

ඔයාගේ වටේ ඔයාට පාලනය කරන්න බැරි
චලනය වෙන බාහිර ලෝකය දේවල් එක්ක නිදහසේ ඉන්න ගනුදෙනු කරන්න ඉගන ගන්නම වෙනවා.
නැතිනම් ඉතුරු වෙන්නේ මානසික පීඩනය විතරයි.

මානසිකව නිදහස් වෙන්න,සියල්ල වෙන්නේ හේතුවකට සහ ඔබේම හොදට, ඒක තෙරෙන්නේ ඔයාට නීරසයි කියලා දැනෙන සිදුවිම් පසුකරන් ඔයා කාලයක් ගිහින් ආපස්සට හැරිලා බලනකොටයි.

ඕනවට වැඩිය ජිවිතය බරක් කරගන්න එපා!ජිවිතය සමග ගලන්න.සමහර දේවල් වලට ඔබට කරන්න දෙයක් තියනවා සමහර දේවල් පිලිඅරන් ඉස්සරහට යන්න වෙනවා.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
මනෝ උපදේශක | පරිවර්තන පුහුණුකරු
For sessions ( 071-1228668 Whatsapp )

"ජිවිතයේ සතුට සැනසීම සොයාගන්න වතුර වගේ වෙන්න හිතවතුනි කුඩා කාලයේ සිට මිනිස්සුන් ජිවිත ඇතුලේ මානසිකව තමන් කැමති විදියට ජි...
24/10/2026

"ජිවිතයේ සතුට සැනසීම සොයාගන්න වතුර වගේ වෙන්න හිතවතුනි

කුඩා කාලයේ සිට මිනිස්සුන් ජිවිත ඇතුලේ මානසිකව තමන් කැමති විදියට ජිවිතය තුල මිනිස්සු හැසිරිය යුතුයි, සිදුවිම් සිදුවිය යුතුයි කියන සිතුවිල්ල සමග ජිවත්වෙනවා.

නමුත් ස්භාදහම භාහිරය මිනිස්සුන්ගේ මනසේ කැමති අකමැති විදිය අදුරන්නේ නැහැ, සෑම විටම වෙනස්විමේ රිද්මය සමග පමණක් ගලායනවා.ඉර පායනවා බහිනවා,මිනිස්සු සමකාමිව ඉන්නවා කලහකාරි වෙනවා මේ අකාරයට.

ස්භාදහම මිනිස්සු කැමතියි කියලා සිතන විදියටත් වෙනස් වෙනවා,අකමැතියි කියලා හිතන විදියටත් වෙනස් වෙනවා.

මිනිස් මනසට නොගැලපෙන අයුරින් අකමැතියි කියලා සිතන අයුරින් බාහිරය වෙනස් වෙනකොට මිනිස්සු මානසිකව කඩාවැටෙනවා දුක්වෙනවා.

ඉතින් හිතවතුනි,තමන්ට ස්භාදහම බාර දෙන ඕනෑම තත්වයක් හොද නරක කියලා මානසිකව බෙදන්නේ නැතිව ඒ තත්වය පිලිගන්න පුලුවන් නම්,කලහැකි දේ කරමින් ස්භාදහමේ රිද්මය සමග ගගක් සේ ගලායන්න මානසිකව සුදානම් වෙන්න පුලුවන්නම් ඔබට සැනසිම සතුට ලැබෙනවා.

ගගක් ගලනකොට තමන් ඉන්න තැන හැඩය ගන්නවා වගේ ජිවිතය තමන්‍ට ලැබෙන තත්වය පිලිගැනිම අනුගත විම ඔබව ජිවිතයේ නිදහස් කරනවා.

Chamith Chathurangana
Certified Life Coach / Psychological Counselor
For Sessions (071-1228668 Whatsapp)

අමුත්තෙක් උනාම අපි කාපු බිපු ගියපු තැන්වල දේවල් මිනිසුන්ට අයිතිය කියනවද ? නැහැ නෙද හිතවතුනි,සතුටින් ගිහින් හිතේ දුකක් නැ...
23/10/2026

අමුත්තෙක් උනාම අපි කාපු බිපු ගියපු තැන්වල දේවල් මිනිසුන්ට අයිතිය කියනවද ? නැහැ නෙද හිතවතුනි,
සතුටින් ගිහින් හිතේ දුකක් නැතිව සතුටින්ම පිටවෙලා එනවා.මොකද හිතේ තියනවා අයිතිකරගන්න හෝ නැතිකරගන්න දෙයක් ඉතුරුවෙලා නෑ කියලා දන්න නිසා.

ඔබේ ජිවිතයත් තවකාලිකව ඔබට ලැබුනු නිවාඩු නිකෙතනයක්,මේකේ නිරන්තර වෙනස්වෙන තමන්ට අයිතිය කියන්න බැරි බාහිර මිනිස්සුන්ට දේවල් වලට අමුතු අයිතියක් කියන්නේ නැතුව දේවල් පාවිච්චි කරලා ඒ ඒ මොහොතට කරන්න තියන දේවල් කරලා නිදහසේ මිනිස්සු එක්ක ගනුදෙනු කරලා ඔයා ආපු ගෙදරට යන්න ලැහැස්ති උනානම් ඉවරයි.

ඉඩමක් මනුස්සයෙක් උනත් ඔයා ලියවිල්ලක් තියෙන නිසා මානසිකව ඔයාගේ කියලා හිතනවා,හැබැයි ඒ කිසිදෙයක් විනාශ වෙන එක වෙනස් වෙන එක ඔයාට පාලනය කරන්න බැහැ,ඉතින් කොහොමද ඔයාගේ කියන්නේ.හිතාගෙන ඉන්නවා එච්චරයි.

ඉතින් හිතවතුනි,නෙලුම් මලක් වතුරත් එක්ක සම්බන්ධයි හැබැයි වතුරේ ගැවෙන්නේ නැහැ,මානසිකව අමුත්තෙක් වගේ ජිවත්වෙන්න එය ඔබව නිදහස් කරනවා.

Chamith Wimalawansha
Life Coach / Psychological Counselor
For Sessions ( 71-1228668 Whatsapp )

ඔබ හදවතින්ම ජිවිතයේ දියුණුව සතුට සොයායන කෙනෙක් නම් සෑම සති අන්තයේම සෙනසුරාදා රාත්‍රි 9ට ජිවිත වෙනස් කරන Wisdom Room එකට ...
22/10/2026

ඔබ හදවතින්ම ජිවිතයේ දියුණුව සතුට සොයායන කෙනෙක් නම් සෑම සති අන්තයේම සෙනසුරාදා රාත්‍රි 9ට ජිවිත වෙනස් කරන Wisdom Room එකට එන්න.

Zoom එකෙන් අපි විවිධ මතෘකා ඔස්සේ සියල්ලන්ගේම අභ්‍යන්තරය අවබෝධයෙන් වෙනස් කරනවා.

පහත Group එකෙන් සමුහයට එකතු වෙන්න.

https://chat.whatsapp.com/J2ohgRHaKt7DuHDJsOpGhk?s=cl&p=a&mlu=4&ilr=4
🤍✨️🪷💎

"තමන් කැමතිම දේවල් වෙනස් වෙනකොට ඇයි අනේ මෙහෙම කියලා අහන්න එපා ! දේවල් වෙනස් වෙනකොට තමන්ගේ ඇතුල ගිනිගන්නේ ඇයි කියලා බලන්න...
22/10/2026

"තමන් කැමතිම දේවල් වෙනස් වෙනකොට ඇයි අනේ මෙහෙම කියලා අහන්න එපා !
දේවල් වෙනස් වෙනකොට තමන්ගේ ඇතුල ගිනිගන්නේ ඇයි කියලා බලන්න."

හිතවතුනි ඔබ කැමතිවුනත් නැතත් මල් පිපෙනවා පරවෙන වෙලාවට පරවෙනවා.
ඔබ කැමති වුනත් නැතත් ඔබට මුණහැහුණ දේවල් වෙනස් වෙනවා දුරස් වෙනවා විනාශ වෙනවා.

අපේ මනසට එය සංවේදි අහිමිවිමක් ලෙස දැනුනට ස්භාදහමට රිද්මය වෙනස්විම පමණයි,සමාන්‍යයයි.
පාලනය කරන්න බැරි බාහිර මිනිස්සු දේවල් තමන්ගේ සන්තකයේ තියාගන්න අධික වෙහෙසක් ගත්තාට වැඩක් නැහැ.වෙනස් විමේ වෙනසට අහුවෙන්න පුලුවන්.

මෝඩ විදියට ඇයි මෙහෙම කියලා බාහිරයට චොදනා කරන්න එපා.තෙරූමක් නැහැ.කරන්න දෙයක් තියෙනම් කරන්න නැතිනම් පිලිගන්න.

ඒ වෙනුවට තමන්ගේ ඇවිලෙන මනස තෙරුම් ගන්න තමන් කැමති විදියටම ලොකේ වැඩකරන්න ඕන කියන සිතුවිල්ල තෙරුම් ගන්න.නිදහසේ ආරම්භය බාහිරයට චොදනා කිරිම නවත්වලා ඇතුලට හැරිමෙනුයි පටන් ගන්නේ.

Chamith Chathurangana
Life Coach / Psychological Counselor
For Sessions ( 071-1228668 Whatsapp )

"ජිවිතය දැඩි ලෙස වේදනාත්මක කරලා තියෙන්නේ ජිවිතය විසින් නෙමෙයි, ඔබේම මනසේ නිර්මාණය කරගන්න බලාපො‍රොත්තු මගිනි "මිනිස්සු ඔබ...
21/10/2026

"ජිවිතය දැඩි ලෙස වේදනාත්මක කරලා තියෙන්නේ ජිවිතය විසින් නෙමෙයි, ඔබේම මනසේ නිර්මාණය කරගන්න බලාපො‍රොත්තු මගිනි "

මිනිස්සු ඔබට සලකන්න ඕන විදියක්
ඔබට දේවල් සිද්ධ වෙන්න ඕන විදියක්
ඔබව ජිවත් කරවන්න ඕන විදියක්

මේ අකාරයෙන් ජිවිතයේ ඔබ බලාපො‍රොත්තු වෙන අකාරයක් මනසේ තියනවා,එසේ තිබුනාට ගැටලුවක් නැහැ නමුත් ඒ බලාපො‍රොත්තු වන විදියටම දේවල් විය යුතුයි කියන මානසිකත්වයයි ගැටලුව.

ජිවිතය ගලන්නේ ස්භාදහමේ රිද්මයට උස් පහත් විම් ඒ රිද්මයේ ස්වරූපය,

ඔබ පරාජය වෙන අවස්ථා තියනවා
ඔබට අලාභ වෙන අවස්ථා තියනවා
ඔබ අකමැති දේවලුත් සිද්ධ වෙනවා

ඉතින් ජිවිතය ඒ සැටියෙන් පිලිගන්න පුලුවන්නම්,
තමන් බලාපො‍රොත්තු නොවන දේවලුත් වෙන්න පුලුවන් කියන දේ තෙරුම් අරන් Flow එකේ ජිවිතය සමග යන්න පුලුවන්නම් අමුතු මානසික වේදනාවක් නැහැ හිතවතුනි.

Chamith Wimalawansha
Certified Coach / Psychological Counselor |
For Sessions ( 071-1228668 whatsapp )

විශ්වයේ සියල්ල ඔබ සැබෑවටම සුදානම් වනතුරු බලාසිටි.-රූමී-
20/10/2026

විශ්වයේ සියල්ල ඔබ සැබෑවටම සුදානම් වනතුරු බලාසිටි.

-රූමී-

"මානසික සරණාගතයකු ලෙස ජිවත්වෙන්න අවශ්‍යයනම්, ජිවිතයේ සතුට තමා තුලින් නොසොයා බාහිර මිනිසුන්ගෙන් සොයන්න පටන් ගන්න."මිනිස්ස...
20/10/2026

"මානසික සරණාගතයකු ලෙස ජිවත්වෙන්න අවශ්‍යයනම්, ජිවිතයේ සතුට තමා තුලින් නොසොයා බාහිර මිනිසුන්ගෙන් සොයන්න පටන් ගන්න."

මිනිස්සු සබදතා Relationship පටන් ගන්නකොටම බොහෝ දෙනෙක්ට තමන්ව අමතක වෙනවා.
සිතුවිල්ලෙන් සිතුවිල්ල ආදරය කියන තත්වය ඇබ්බැහිවිමක් දක්වා යනවා.

ඉන් අනතුරුව සම්පුර්ණයෙන් ඒ මනුස්සයා Drive වෙන්නේ මෙහෙයවන්නේ මොළයට අනුව විනා යථාර්තයට අනුව නොවෙයි.

ඉන් පසුව අනිත් මනුස්සයාගේ Call එකක් Answer නොකරන තැන ඉදලා වචනයටත් මනස, බිය තරහව ,කලබලය,සැකය කියන හැගිම් සිතුවිලි නිතරම සිහියට එවනවා.

හිතවතුනි,මිනිස් හිත ඇතුලුව මේ ලොකේ සියල්ල Uncertainty වෙනස්විමට හසුවෙනවා.
අන්න එහෙම වෙනස් වෙන දේවල් මත ඔබේ සතුට පදනම් විම ඔබව මානසිකව දුර්වල සරණාගතයකු කරනවා.

මගේ යෝජනාව ඔබට,සබදතා කියන්නේ ජිවිතය පහසු රසවත් කරන දෙයක් මිසක් ජිවිතයම නොවෙයි.මිනිස්සු සබදතා වලට යොමු වෙන්නේ තමන්ගේ මනසෙන් දැනෙන පාලුව තනිකම වහගන්න පැලැස්තරය හැටියට.

ඔබට පුලුවන්නම් මුලින් ඔබ ඔබෙන් තෘප්තිමත් වෙලා කවුරු හිටියත් නැතත් හුදකලාව සමග සුවපහසු වෙන්න,ඉන් අනතුරුව සබදතාවයක් බොහො විට ඔබව අසරණ කරන දෙයක් වෙන්නෙ නැහැ.

තමන්ව අමතක කරලා තනිකමට බියේ සබදතා වලට යන්න එපා,තමන් සමග හුදකලාවට සුවපහසුනම් විතරක් සබදතාවයකට යන්න.

Chamith Chathurangana - Certified Coach
Psychological Counselor | මනෝ උපදේශක
For Sessions [071-1228668 🤍✨️]

"සම්මතයේ ඔබට දහසක් දේ අයිති වුවත් ඔබට ඔබේ ජිවිතයේකිසිදු දෙයක සත්‍යය අයිතියක් නැහැ,"ඔබ විසින් ඔබට ඒ සියල්ල අයිති බව මනසින...
19/10/2026

"සම්මතයේ ඔබට දහසක් දේ අයිති වුවත් ඔබට ඔබේ ජිවිතයේ
කිසිදු දෙයක සත්‍යය අයිතියක් නැහැ,"
ඔබ විසින් ඔබට ඒ සියල්ල අයිති බව මනසින් සිතා සිටිනවා පමණකි.
ජිවිතයේ දේවල් මට මගේ කියන මොඩ චින්තනය දැඩි මානසික ඇලිම ඔබව ඇතුලතින් අවුලවනවා.

ඔබට යමක් අයිතිනම් ඒ සියල්ල ඔබට කැමති පරිදි පාලනය කල හැකිවිය යුතුයි පැවතිය යුතුයි.නමුත් ඔබේ ජිවිතයේ අංශු මත්‍රයක දෙයක් ඔබ සිතා සිටින අයුරින්ම පවතින්නේ නැහැ.ඒ සියල්ල විශ්වීය රිද්මයකට වරින් වර වෙනස්වනවා පමණි.

ඉතින් ඔබට අයිති නැති මිනිස්සු ඔබට අයිති නැති දේවල් ගැන ඇයි මෙතරම් දැඩි වදවිමක් වේදනාවක් එක්ක කාලය ගතකරන්නේ,ඒ සියල්ල විශ්ව රිද්මයට බාරදෙන්න වරින් වර වෙනස්වන ඒ සිදුවිම් එක්ක නිදහසේ ඔබට කලහැකි දෙය කරමින් ජිවිතය දිගේ ගලා යන්න පුරුදු වෙන්න.

"එක දවසක සියල්ල නැවත මෙහි තබා ඔබේ ආත්මය රැගෙන පිටවිය යුතු වෙනවා."

Chamith Chathurangana
Certified Life Coach | Counsellor
For Sessions 071-1228668 🤍✨️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Chamith Wimalawansha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Chamith Wimalawansha:

Shortcuts

Share