Dr Chandima

Directions Website

Dr Chandima A Sri Lankan medical doctor who socializes health education through "නොකියූ කතාව".

16/08/2026

ඔයාගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් ඔයා ගත්ත හොඳම තීරණය මොකද්ද? 👏

15/08/2026

අම්මිටයි බබාටයි - Know Dengue - Episode 02 🦟

පසුගිය සතියේ පටන් ගත්ත ඩෙංගු ගැන කතා කරන video series එකේ දෙවැනි video එක‍ේදී අපි කතා කරන්න‍ේ උණ හැදුන දරුවෙක් මුල් දින කීපයේදී නිවසේ බලාගන්නේ කොහොමද කියන එක ගැනයි. ඒවගේම, ‍ඩෙංගු රෝගය හඳුනාගන්න අවශ්‍ය කරන රුධිර පරීක්ෂණ මොනවද, ඒවා කරන්න සුදුසුම වෙලාව ගැනත් මමයි Imashaයි කතාබහ කළා.

ගැටලු, අදහස් වලට හැමදාම වගේ විවෘතයි. අනිත් අයට දැනගන්න share කරලා බෙදා ගන්න. video series එකේ මීලඟ කොටස් release උන ගමන් බලන්න, Dr Chandima 👨🏻‍⚕️ පිටුව follow කරන්න.

04/08/2026

අම්මිටයි බබාටයි - Know Dengue - Episode 01 🦟

මේ දවස් වල වේගයෙන් පැතිරෙන ඩෙංගු උණ නිසා අම්මලා හැමෝම තමන්‍ගේ දරුවන් මේ රෝගයෙන් ආරක්ෂා කරගන්න නොකරන දෙයක් නෑ. ඉතින් මේ නිසාම තමයි මමයි Imashaයි, අම්මලාට උණ රෝගයකින් තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න හැටි වගේම, උණ රෝගය වැළඳුනොත් කරන්න ඕන දේවල් ගැන video series එකක් ගෙන එන්න තීරණය කළේ. මේ series එකේ පළවෙනි video එකෙන් අපි කතා කරන්‍නේ, ඩෙංගු ‍රෝගයෙන් ආරක්ෂා වෙන හැටි ගැනයි.

ගැටලු, අදහස් වලට හැමදාම වගේ විවෘතයි. අනිත් අයට දැනගන්න share කරලා බෙදා ගන්න. video series එකේ මීලඟ කොටස් release උන ගමන් බලන්න, Dr Chandima 👨🏻‍⚕️ පිටුව follow කරන්න.

01/08/2026

සුව සැරියට අවුරුදු 10යි! 🚑
සුව සැරිය ඔබේ ජීවිතය වෙනස් කළේ කොහොමද?

23/07/2026

ඩෙංගු රෝගය 🦟 ගැන ඔයාට තියෙන ප්‍රශ්න මොනවද? උත්තර දෙන්නම්. 👨🏻‍⚕️

2026 වසරේ මුලු ඩෙංගු රෝගීන් ගණන 77000 පසු කරයි! මරණ 56ක්!
23/07/2026

2026 වසරේ මුලු ඩෙංගු රෝගීන් ගණන 77000 පසු කරයි! මරණ 56ක්!

13/07/2026

ඔයා stress වුනාම, ඒක නැති කරගන්න මොනවද කරන්නේ? කියාගෙන යමු. 🌼
(ඔයාගේ විසඳුම තව කෙනෙක්ගේ ජීවිතයක් බේරන්න උනත් පුලුවන්)

12/07/2026

ඔයා උදේ නැගිට්ට ගමන් මුලින්ම ගන්න ආහාරය මොකද්ද? ☀️

සාමාන්‍ය රෝගියා vs හදිස්සි රෝගියාමම අවසන් වසර වෛද්‍ය විභාගය නිම කරද්දිම නැවත ‍මගේ ජීවිත කාලය තුළ සේවය කරන්නේ නෑ කියලා හි...
11/07/2026

සාමාන්‍ය රෝගියා vs හදිස්සි රෝගියා

මම අවසන් වසර වෛද්‍ය විභාගය නිම කරද්දිම නැවත ‍මගේ ජීවිත කාලය තුළ සේවය කරන්නේ නෑ කියලා හිතාගත්තු අංශ දෙකක් තිබෙනවා. එකක් ප්‍රසව සහ නාරිවේද අංශය, අනික ළමා රෝග අංශය. මේ නිසාම මගේ සීමාවාසික පුහුණුව සඳහාත් මම තෝරා ගන්නේ වෛද්‍ය සහ ශල්‍ය වෛද්‍ය අංශයන්. එහෙම තීරණය කළේ ඇයි කියල පස්සේ කියන්නම්. කොහොම හරි 2019 අන්තිම වෙනකොට ළමා රෝග අංශයකත්, ඉන්පසු නව ජන්ම දැඩි සත්කාර ඒකකයක් මට සේවය කරන්න සිද්ධ වෙනවා. ළමා රෝග ඒකකයේ අය හැම වෙලාවකම ප්‍රසව ඒකක‍යත් එක්ක බොහොම ලඟින් කටයුතු කරනවා. මොකද උපදින්න ඉන්න දරුවාගේ ජීවිතයට සුලු හෝ තර්ජනයක් දකින අවස්ථාවක ඉතාම වේගයෙන් ක්‍රියාත්මක විය යුතු නිසා. ඒ දරුවා පමණක් නෙවෙයි, අවසානයේ මවගේ ජීවිතයටත් ඔවුන් වග කිව යුතු නිසා.

මම මගේ සේවා කාලය තුළ දුටු ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් හැමෝම බොහොම වගකීමෙන් කටයුතු කළ අය. ශල්‍ය වෛද්‍ය අංශයේ over the phone රෝගීන් manage කරන්න බෑ. ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුගේ උපකාරයක් අවශ්‍ය නම්, කො‍යි ‍ලෝකෙක හිටියත් දුවන් එන්න වෙනවා. වෛද්‍ය විද්‍යාව පිළිබඳ හුඟක් නීති අණ පණත් වල මෙම හදිස්සි අවස්ථා වලදී අනෙකුත් සියලු රෝගී සත්කාර අභිබවනය කරමින් වෛද්‍යවරුන්ට සහභාගි වීමට බලය ලබා දී ඇත්තේ ඒ නිසා (ඔව්, පුද්ගලික වෛද්‍ය සේවා සම්බන්ධ චක්‍රලේඛයද ඇතුලුව). වෛද්‍යවරයාට හැකියාවක් තිබෙනවා නම් ඒ පිළිබඳ අනෙකුත් අංශ දැනුවත් කරනවා. ඒකටත් වෙලාව නැති වෙන්න පුලුවන්.

පහත රූපයේ සිදුවීමට අදාළව එම වෛද්‍යවරයා සියලු දේ හරියට කරලා තිබෙනවා වගේම, බොහොම ඉවසීමෙන් අදාළ අවස්ථාව (aggitate patient/patient party) කළමණාකරණය කරන බව පෙනෙනවා. ඉදිරියේදී වෛද්‍යවරු වෙනන් ඉන්න වෛද්‍ය සිසුවන්ටත් ඔහු ඉතා වැදගත් පූර්වාදර්ශයක් ලබා දෙනවා.

දැනටමත් overload වී ඇති‍ සෞඛ්‍ය පද්ධතියක මෙවැනි දේවල් වලදි ප්‍රමුඛතාවය අනුව අනිවාර්යයෙන්ම කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඔබ කොච්චර මුදල් ගෙව්වත්, හදිස්සි රෝගියාට ලැබිය යුතු ප්‍රමුඛතාවය නම් වෙනස් වෙන්නේ නෑ.



කාලීන සෞඛ්‍ය ප්‍රවණතා පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීමට Dr Chandima 👨🏻‍⚕️ පිටුව follow කරන්න.

වෛද්‍ය චන්දිම ජයසිංහ [11-07-2026]

06/07/2026

සාමාන්‍ය ජීවිතයක් ගත කරන වැඩිහිටියෙකු විසින් ආහාර මඟින් දවසකට ලබා ගත යුතු කිලෝ කැලරි ප්‍රමාණය කොපමණක්ද? 🥘

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dr Chandima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category