22/03/2026
ලංකාවේ ජඩ මාද්‍ය උබලගේ ඔලු සුද්ද කරන විදිහ දන්නවද? වෙන රට වල තෙල් සියයට අච්චරක් වැඩි උනා මෙච්චරක් වැඩි උනා කිව්වට උන් කවදාවත් ඇත්ත මිල ගණන් සඳහන් කරන්නේ නෑ නේද? එතන තමයි උන් උබලව එක වටයකින් රවට්ටන තැන.
මම ChatGPT එකත් use කරලා පොඩ්ඩක් හොයල බැලුව මේ ගැන, ඇත්ත දැක්කට පස්සේ තමයි ඇත්තටම හික් ගැවුනේ.
ලංකාවේ සාමාන්‍ය petrol ලීටරයක් 398යි. සමහර රටවල ලීටර් පාවිච්චියක් නෑ, එත් ගැලුම් ලීටර් වලට convert කරලා ගත්තම ලිටරේට රුපියල් වලින් :
USA - 238
Australia - 377
UK - 556
Spain - 568
Canada - 343
Singapore - 664
Sri Lanka - 398
සමහර රටවල අපිට වඩා ගණන් වැඩි වගේ නේද? මෙන්න උන් ඊළඟට උබලගෙන් හංගන දේ.
ඒ රටවල සාමාන්‍ය මාසික වේතනය :
USA - 1,334,598 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 13)
Australia - 1,222,122 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
UK - 1,012,475 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 10)
Spain - 631,287 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 6)
Canada - 1,203,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
Singapore - 1,234,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
Sri Lanka - 55,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 0.5)
ඒ අනුව අපි බලමු සාමාන්යෙන් මාසේ පඩියෙන් අපිට petrol ලීටර් කියක් වගේ ගහ ගන්න පුළුවන් ද කියල
USA - 5,605
Australia - 3,242
United Kingdom - 1,821
Spain - 1,111
Canada - 3,510
Singapore - 1,860
Sri Lanka - 138
ඒ අනුව ගොඩක් රටවල ජනතාවට මේ ඉන්දන මිල වැඩි කිරීම නොදැනෙන තරම්, ඒ ඔව්න්ගේ මාසික වැටුපෙන් ඉන්ධන සඳහා යන්නේ ඉතාම සුළු percentage එකක් නිසා. ඒත් අපේ ඒක මාසේ වියදම් වලින් බොහෝ දුරට 50% වගේ ඉන්ධන වෙනුවෙන් දරන්න වෙනවා.
ඊළඟ ප්‍රශ්නේ ලංකාව මේ වගේ රටවල් එක්ක සංසන්දනය කරන එක සාදරණද? මේවා ඔක්කොම දියුණු රටවල් නේද?
ඔව්, හැබැයි මම ඔය රටවල් ටික ගත්තේ තෙල් මිල අච්චර % වැඩි උනා මෙච්චරකින් වැඩි උනා කිය කියා ලංකාවේ පෙන්නනේ මේ වගේ රටවල් නිසා.
හැබැයි ඒ රටවල මිනිස්සු තාම පෝලිම් වල තපින්නේ නැතුව, සලාක ක්‍රමයට නැතුව තෙල් ටික ගහ ගන්නවා.
ඒ නිසා mass media වල දෙන කැරට් අල ගිලින්නේ නැතුව, තමන්ගේ පක්ෂෙට හුරේ දාන්න, පක්ෂ ලොකු කරගෙන යාලුවත් එක්ක කොක්ක දා ගන්න කලින් හරියට දැනුවත් වෙලා ඉන්න.
Rajitha Senaratne Patali Champika Ranawaka Rosy Senanayake