Dushantha Kandambi- Professional Snake Handler & Snake Venom Extractor

Dushantha Kandambi- Professional Snake Handler & Snake Venom Extractor Most Dangerous Job in Sri Lanka. Snake 'milker' extract venom from Sri Lanka's Most Deadly Snakes.

02/08/2019
02/08/2019
Daboia russelii (Shaw & Nodder, 1797) Russell's Viperතිත් පොළඟා / දාර පොළඟාHighly venomous- උග්‍ර විෂ
29/06/2019

Daboia russelii (Shaw & Nodder, 1797)
Russell's Viper
තිත් පොළඟා / දාර පොළඟා
Highly venomous- උග්‍ර විෂ

දැඩි අවවාදයයි- අත්හදාබැලීමට යාමෙන් වලකින්න...!!!මෙය ගිනිගත්හේන අඹගමුව ප්‍රාථමික විද්‍යයාලයේදී මාගේ හිතවතෙකු විසින් ජංගම ...
28/04/2019

දැඩි අවවාදයයි- අත්හදාබැලීමට යාමෙන් වලකින්න...!!!

මෙය ගිනිගත්හේන අඹගමුව ප්‍රාථමික විද්‍යයාලයේදී මාගේ හිතවතෙකු විසින් ජංගම දුරකතනයකින් වීඩියෝගත කල, කිසිදු පූර්ව සූදානමකින් තොරව ලබා ගත් දර්ශන පෙළකි.

2018 වසරේ ජූනි 5 වන දින අදාළ පාසලේ ගුරුභවතෙකු විසින් ලබා දුන් දුරකථන ඇමතුමක් මත එම පාසල් භූමියෙහි සිටි තරුණ නාගයෙකු මිනිසුන් අතින් සිදුවිය හැකිව තිබූ අනතුරින් මුදවා ගැනීමත්, එම දරුවන්, දෙමව්පියන් සහ ගුරුවරුන්ගේ ජීවිත අවදානම මෙන්ම අනිසි බිය දුරු කිරීමත් මෙහිදී සිදුකර, නාගයා එදිනම නාවලපිටියේ සිට දොළොස්බාගේ දෙසට දිවෙන මාර්ගයේ ජනශුන්‍ය පෙදෙසකට නිදහස් කරන ලදී.

අල්ලා ගැනීමේ ක්‍රියා පිළිවෙල-
මෙහිදී ගල් බැම්මෙහි සිදුරකට රිංගාගෙන සිටින නාගයාගේ වලිගය පමණක් පිටතට පෙනෙන්නට තිබු අතර එහිදී....
#. පළමුවෙන් නාගයාට සම්පූර්ණයෙන් ශරීරය ගුල තුලට ගෙන සැඟවී යා නොහැකි වන පරිදි වලිගයෙන් අල්ලාගෙන ( කෙළවරින් නොවේ ),
#. දෙවනුව අනෙක් අතේ නාගයින්ගේ දෘෂ්ඨි සංවේදනයට පණිවිඩ ලබා දිය හැකි සුවිශේෂී චලන ඉරියව් ආකාරයන් භාවිත කරමින් නාගයාගේ හිස කොටස ගුලෙන් ඉවතට ගෙන්වාගෙන,
#. තෙවනුව නාගයාගේ වලිගෙන් අල්ලාගෙන සිටින අතෙහි මහපටඟිල්ලම උපයෝගී කරගනිමින් සහ සර්පයාට නොදැනෙන චලන වේගයකින් නාගයාගේ හිස චලනය නොකළ හැකි පරිදි හිස මතුපිටින් මඳ තෙරපීමක් යොදා, අනෙකුත් අතද භාවිත කර හිස සහ ගෙල අතරින් සර්පයාගේ පූර්ව කොටසින් ග්‍රහණය කර අල්ලාගෙන,
#. සිව්වනුව සර්පයාගේ වලිග කොටස සම්පූර්ණයෙන් අතහැර සර්පයාගේ කශේරුකා අස්ථි වලට සහ සමට හානි නොවන සේ සම්පූර්ණ ශරීරය (වලිග කෙලවර දක්වා) ගුල තුලින් ඉදිරි දෙසට ඇදී එන අයුරින් සීරුවෙන් ඉවතට ගැනීම සිදු කරයි.

පැහැදිළි කිරීම්-
පළමුව සර්පයා ඇල්ලීම සඳහා සුදුසුම ක්‍රමය තර්කයෙන් විමසා බැලීම, ඒ ක්‍රමය ඔස්සේ තම ආරක්ෂාව පිලිබඳ #. නිසැක බව තමාට සපථ කරගැනීම, සර්පයාගේ ජීවිත ආරක්ෂාව, සර්පයාගේ සමට තුවාල හෝ අභ්‍යන්තර අස්ථි වලට හානි නොවීම, වැනි සියළු කරුණු කෙරෙහි වේගවත් විශ්වාසයක් තම සිත සමග ඇති කරගත යුතුය.
(එළිමහනකදී නම් ඕනෑම සතෙකු කලබල වන සහ වහා කිපෙන සුළු ක්‍රමයක් වන "හිසෙන් ඇල්ලීම" සිදු කිරීමේ අවශ්‍යතාවයක් නාගයින් සඳහා නොමැති මුත්, මෙවන් අවස්තාවකදී හිසින් ඇල්ලීමට සිදු වන්නේ නාගයාගේ දේහ ආරක්ෂාව සඳහා මෙන්ම අපගේ ජීවිතයේද ආරක්ෂාව සඳහාය.)
#. මෙහි දී නාගයාගේ වලිගයෙන් අල්ලා සිටිද්දී එම අතෙහි යොමු දිශාව, ඇඟිලි වල චලනය සහ ස්පර්ශය, වලිගය මත යොදනු ලබන අතැඟිලි වල පීඩනය, ඇඟිලි අතරින් වායුධාරා ගමන් කිරීම මඟින් සර්පයාට දැනීමට ඉඩ ඇති උෂ්ණත්ව වෙනසෙහි සම්භාවිතාව පාලනය, යන සියළු කරුණු පිලිබඳ සිහිය; සර්පයා මාගේ ඒ අත වෙත අවධානය නොදැක්වීම පිලිබඳ වගබලාගැනීමේ පූර්ණ නිපුණතාවය කෙරෙහි බලපායි.
#. එය පළපුරුදු සහ නාගයින්ගේ පොදු හැසිරීම රටා ගැන මැනවින් දන්නා කෙනෙකුට මිස අන් අයෙකුට කල නොහැක්කක් බව අමුතුවෙන් නොකිවමනාය.
#. සැබවින්ම ඇතැමෙකුට මෙය සිදුකිරීමේදී මෙතරම් දේවල් ගැන සිතිය යුතු වන්නේ යයි සිහිනෙකින් හෝ නොසිතෙන්නට පුළුවන. මෙතරම් සිහිය පැවැත්වීමේ පුහුණුවක් තිබීම පිලිබඳ සමාජයේ පුද්ගලයින් තුල තිබෙන හැකියාව පිළිබඳව මා හට ගැටළුවක් තිබුණද මේ එකදු කරුණක් පිළිබඳව හෝ සිහිය ගිලිහී ගියහොත් නාගයාගේ අවධානය ඒ අත වෙත යොමු වී දෂ්ඨනයක් සිදුවීමේ අවදානම මෙවැනි අවස්තාවකදී නම් අනිවාර්ය වීම පිළිබඳව නම් මට ගැටළුවක් නැත.

අවධාරණය-
නිවැරදි විෂය දැනුම සහිතව විෂකුරු "සර්පයින් හැසිරවීම" සහ ඔවුන්ගේ "චර්යාරටා හැසිරවීම" පිලිබඳ උරග හා උභයජීවී විද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පළපුරුදු අත්දැකීම් ඇති අයෙකු විසින් මිස වෙනත් අයෙකු කිසිදු උපකරණයක් හෝ මෙවලමක් භාවිතා නොකර, නිදහස් දෑතින්, හීලෑ නොකරන ලද විෂ සහිත සර්ප විශේෂ අල්ලනු ලබන සහ හසුරවනු ලබන මෙම ක්‍රම වලට සර්පයින් හැසිරවීමට හෝ ඇල්ලීමට යාමෙන් ජීවිතය අනිවාර්ය අවදානමට ලක් විය හැකිවන අතර එබැවින් කරුණාකර මෙම ක්‍රම විනෝදය සඳහා අත්හදා බැලීමට යාමෙන්, උත්සාහ කිරීමෙන් හෝ ප්‍රදර්ශනය කිරීමට යාමෙන් වලකින ලෙස දන්වනු කැමැත්තෙමි.

( ප.ලි.-
දැනුමින් ක්‍රියා කිරීම සහ ප්‍රත්‍යක්ෂයෙන් ක්‍රියා කිරීම යනු ක්‍රියා ආකාර දෙකක් වන අතර ඇතැම් දැනුම් පද්ධතීන් ප්‍රඥාවට පමණක් ගෝචර වූ ප්‍රත්‍යක්‍ෂය ඥානයන් වේ. ඒ ආකාරයේ ක්‍රියාමාර්ග සෑම එකක්ම ලියා තැබීමේ හෝ වචන වලට පෙරළීමේ හැකියාවක් නැත. තම එම දුලභ දැනුම ඒ ගැන කිසිදු අවබෝධයක් නොමැති සමාජ පසුතලයක් තුල ප්‍රායෝගිකව භාවිත කිරීමේදී ඒ සඳහා වටිනාකමක් නොලැබී යාම, වර්තමාන බටහිර ගැති පරිභෝජනවාදී- අධ්‍යාපනවාදී සමාජ ලක්ෂණයක් බවට පත් වී ඇත. ඔබ ඔබගේ පොත පතින් (අධ්‍යාපනයෙන් ) ලැබූ හෝ ලැබීමට හැකියාව ඇති "දැනුම" නොව, කිසිදු පාසලකින් පොතපතකින් කියවා උගෙන ලැබිය නොහැකි වන, අත්දැකීම් සහ පරිකල්පනයෙන් (ධ්‍යාපනයෙන්) ලැබූ "ප්‍රත්‍යක්ෂ ඥානය", විටෙක තම ජීවිතය පවා අනතුරේ හෙලමින් සමාජීය කටයුත්තක් සඳහා යොදන්නේ නම්, කරුණාකර ඒ සඳහා සමාජයෙන් යම් වටිනාකමක් ලබා ගන්න. මන්ද යත් හෙළ වෙදකම, හෙළ ගොවි කම වැනි ක්ෂේත්‍ර වලට අද සමාජයේ පවතින තැන, දැනුමින් ඔබ්බට ගිය ප්‍රත්‍යක්‍ෂ ඥානනයෙන් වැඩිමනක් පෝෂණය ලැබූ වෙනත් කිසිදු ක්ෂේත්‍රයකට අත්වීමට ඉඩ හැරීම නොකළ යුත්තකි. තම වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරගැනීම සඳහාද මෙම වටිනාකම ආරෝපණය කරගැනීම අද වන විට අත්‍යවශ්‍ය අංගයක් බවට පත්වී තිබේ. )

අදහස් ප්‍රවේශණය- එච්. කේ. දුෂාන්ත කණ්ඩම්බි.
( පරිසරවේදී, සංරක්ෂණවේදී, උරග හා උභයජීවී පර්යේෂක, සිරිලක සර්පයින් පිලිබඳ පුහුණු උපදේශක, කොළඹ විශ්වවිද්‍යයාලයීය වෛද්‍ය පීඨ සර්ප විෂ පර්යේෂණායතනයේ විෂ නිස්සාරක සහ සර්පාගාර පාලක. )

දැඩි අවවාදයයි- අත්හදාබැලීමට යාමෙන් වලකින්න...!!! මෙය ගිනිගත්හේන අඹගමුව ප්‍රාථමික විද්‍යයාලයේදී මාගේ හිතවතෙකු විස.....

22/04/2019

Caging a cobra.

My WHITEZ..!
28/10/2018

My WHITEZ..!

Russell's viper babies.
28/10/2018

Russell's viper babies.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dushantha Kandambi- Professional Snake Handler & Snake Venom Extractor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Dushantha Kandambi- Professional Snake Handler & Snake Venom Extractor:

Share