Family Doctor

Family Doctor Doctor written health tips, medical awareness, and family care guidance.
වෛද්‍යවරයෙකු විසින් ලියන සෞඛ්‍ය උපදෙස් සහ පවුල් සෞඛ්‍ය මඟපෙන්වීම්.

18/07/2026

ඉදිරි දින කිහිපයේදී Pre-diabetes Series එක හරහා ඔබ දැනගත යුතු හැම දෙයක්ම සරල සිංහලෙන් බෙදාගන්නවා.

#දියවැඩියාව

Facebook Comment එකකින් උපත් පාලන උපදෙස් ඉල්ලන ඔබට…අද සමාජ මාධ්‍යවල නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි,“මට ගැළපෙන birth contr...
18/07/2026

Facebook Comment එකකින් උපත් පාලන උපදෙස් ඉල්ලන ඔබට…

අද සමාජ මාධ්‍යවල නිතරම දකින්න ලැබෙන දෙයක් තමයි,

“මට ගැළපෙන birth control pill එක මොකක්ද?”
“Emergency pill එක දැන් ගන්නද?”
“Injection එක හොඳද? Implant එක හොඳද?”

මේ වගේ ප්‍රශ්නවලට Comment එකකින් පිළිතුරු ලැබීම පහසු වුණත්, ඒවා මත තීරණ ගැනීම ආරක්ෂිත නැහැ.

ඇයි?
සැම කාන්තාවක්ම එක වගේ නෙමෙයි

උපත් පාලන ක්‍රමයක් තෝරා ගැනීමේදී වෛද්‍යවරයෙකු සලකා බලන්නේ,

🔹 ඔබේ වයස
🔹 විවාහක/අවිවාහක තත්ත්වය
🔹 දරුවන් සිටිනවාද? තවත් දරුවන් බලාපොරොත්තු වෙනවාද?
🔹 මව්කිරි දෙනවාද?
🔹 අධි රුධිර පීඩනය, දියවැඩියාව, migraine, හෘද රෝග, රුධිර කැටි ගැසීමේ රෝග වැනි තත්ත්ව තිබෙනවාද?
🔹 ඔබ භාවිත කරන වෙනත් ඖෂධ

මේ හැම දෙයක්ම සලකලා බලලා තමයි ඔයාට ගැලපෙන සුදුසුම හා ආරක්ෂිතම ක්‍රමය තෝරාගන්නේ.

එක් කෙනෙකුට ගැළපෙන ක්‍රමයක් තවත් කෙනෙකුට ගැලපෙන්නේ නැති වෙන්න පුලුවන්

ඒ නිසා…

උපත් පාලනය ගැන උපදෙස් අවශ්‍ය නම්,

◦ MOHකාර්යාලයට යන්න.

◦ නැත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන්න.

◦ ඔබේ ප්‍රදේශයේ Midwife හමුවන්න.

එවිට ඔබට,
✅ ඔබේ සෞඛ්‍යයට ගැළපෙන ක්‍රමය තෝරා දෙනවා.
✅ භාවිත කරන ආකාරය නිවැරදිව පැහැදිලි කරනවා.
✅ අතුරු ආබාධ සහ අවදානම් ගැන දැනුවත් කරනවා.
✅ අවශ්‍ය නම් පසු විපරම් සැලසුම් කරනවා.

සමාජ මාධ්‍ය දැනුවත් වීමට හොඳ තැනක්. නමුත් පෞද්ගලික වෛද්‍ය උපදෙස් ලබාගැනීමට එය ප්‍රමාණවත් නැ.

ඔබේ සෞඛ්‍යය වටිනා එකක්. Facebook Comment එකකට වඩා, සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් තෝරාගන්න.

#පවුල්සැලසුම #ගර්භනිරෝධක #කාන්තාසෞඛ්‍ය #වෛද්‍යඋපදෙස්

18/07/2026

දියවැඩියාව හදිසියේම එන්නේ නැහැ… ⚠️
ඊට පෙර ඔබේ ශරීරය අවදානම් සංඥා ගොඩක් දෙනවා. මේ ලැයිස්තුවේ ඔබත් ඉන්නවාද? අදම පරීක්ෂා කර බලන්න! 💙

#දියවැඩියාව

17/07/2026

“බබාගේ කටේ සුදු බිංදු? 😨
රෝගයක් නෙවෙයි! 🤍”

#අලුතඋපන්බබා #මාපියදැනුවත්කම

16/07/2026

දියවැඩියාව නිසා ඔබේ ස්නායු මැරෙන බව පෙන්වන නිහඬ ලකුණු!

#දියවැඩියාව

16/07/2026

“බබාගේ මුහුණේ සුදු කුඩා ගැටිති දැක්කම බය වුණාද?”

#අලුතඋපන්බබා

15/07/2026

පිළිස්සුණාම ඔබ මුලින්ම කරන්නේ මොකක්ද ? මේකත් බලන්න.

#පිළිස්සීම

14/07/2026

අලුත උපන් බබාගේ සමේ රතු ගෙඩියක් දැක්කාම බය වෙන්න එපා.

14/07/2026

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Family Doctor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share