Dr. Ravishan Waduge

Dr. Ravishan Waduge 🌿 Ayurvedic Doctor | Wellness Guide
💪 Healing through nature & lifestyle
📍 Sharing tips, traditions & truths
✨ Building a healthier you, naturally

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ අපේ රට තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. සෞඛ්‍ය අංශ ප...
08/07/2026

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ අපේ රට තුළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. සෞඛ්‍ය අංශ පවසන පරිදි දැනටමත් රට පුරා විශාල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ජීවිත හානි කිහිපයක්ද සිදු වී තිබෙනවා.
මෙම ​ඩෙංගු වසංගත තත්ත්වය අපි කිසිසේත්ම සුළුවෙන් තැකිය යුතු නැහැ. ඔබේ නිවස, කාර්යාලය හෝ දරුවන් යන පාසල අවට මදුරුවන් බෝවන ස්ථාන තිබේදැයි අදම සොයා බලන්න.ඒ වෙනුවෙන් පියවර ගන්න.

​මේ රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටින්න.

•​​ හදිසියේ ඇති වන අධික උණ.
• ​අධික හිසරදය (විශේෂයෙන් ඇස් යට/ඇස් පිටුපස රිදීම).
• ශරීරය ​කැක්කුම (මාංශ පේශි සහ හන්දිපත්වල දැඩි වේදනාව).
• ​වමනය සහ ඔක්කාරය.
• ​වසා ගැටිති ඉදිමීම.
• ​සමෙහි රතු ලප මතු වීම (උණ වැළඳී දින 2–5 කට පසු).

🔴 අන්තරායකර ඩෙංගු තත්ත්වය (Dengue Hemorrhagic Fever) 🦟

​බොහෝ දෙනෙකු සාමාන්‍ය ප්‍රතිකාර මඟින් සුවය ලැබුවද,ඩෙංගු රෝගය ජීවිත අවදානමක් විය හැකි බරපතල තත්ත්වයකට පත්විය හැක. රෝගය වැළඳී දින 3–7 ත් අතර කාලයේදී උණ බැස යනවාත් සමඟ පහත අන්තරායකර ලක්ෂණ මතු විය හැක.

• ​අධික උදර වේදනාව
• ​නොනවත්වා වමනය යෑම
• ​ශ්වසන වේගය ඉහළ යාම (හති දැමීම)
• ​විදුරුමස් හෝ නාසයෙන් ලේ ගැලීම
• ​අධික තෙහෙට්ටුව හෝ නොසන්සුන් බව
• ​වමනය හෝ මළපහ සමඟ ලේ පිටවීම

​මෙවැනි ලක්ෂණ මතු වූ වහාම ප්‍රමාද නොකර වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝගියා රෝහල් ගත කළ යුතුය.

​💡 අපට කළ හැක්කේ කුමක්ද?
​පරිසරය පිරිසිදුව තබා ගැනීම.
නිවස අවට වතුර රැඳෙන ටින්, බෝතල්, පොල්කටු, ටයර් සහ මල් පෝච්චි නිරන්තරයෙන් පරීක්ෂා කර පිරිසිදු කරන්න.
​ස්වයං ප්‍රතිකාරවලින් වැළකීම,උණ වැළඳී දින 2ක් ඉක්ම ගියහොත්, පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක (Ibuprofen, Aspirin වැනි) භාවිතයෙන් වැළකී වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවන්න.
​මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම.විශේෂයෙන්ම උදෑසන සහ සවස් කාලයේ මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පියවර ගන්න.

​📢 "මතක තබා ගන්න, මදුරුවෙකුට බිත්තරයක් දැමීමට අවශ්‍ය වන්නේ පිරිසිදු වතුර රැස් වන ස්ථානයක් පමණි.

​අදම ඔබේ වටපිටාව සුද්ධ කරන්න. ඔබේ පවුලේත්, මුළු රටේත් ආරක්ෂාව වෙනුවෙන් මේ පණිවිඩය Share කර සියලු දෙනා දැනුවත් කරන්න. 🙏

Dr.Ravishan Waduge
Saundarya Clinic-Rajagiriya


පිරිමියෙකුගේ ශක්තිය, ආත්ම විශ්වාසය සහ සිරුරේ හැඩය තීරණය කරන ප්‍රධාන හෝමෝනය "ටෙස්ටොස්ටෙරෝන්" (Testosterone) බව බොහෝ දෙනා ...
29/04/2026

පිරිමියෙකුගේ ශක්තිය, ආත්ම විශ්වාසය සහ සිරුරේ හැඩය තීරණය කරන ප්‍රධාන හෝමෝනය
"ටෙස්ටොස්ටෙරෝන්" (Testosterone) බව බොහෝ දෙනා දන්න දෙයක්.නමුත් වයස අවුරුදු 30-35 පසු වනවාත් සමඟ මේ හෝමෝනය සිරුරෙන් ටික ටික අඩුවීමට පටන්ගන්නවා.මෙය ස්වභාවිකවම වුනත් මේ වෙද්දි පවතින කාර්‍යබහුල ජීවන රටාව,මානසික ආතතිය,වැරදි ආහාර පුරුදු,අධික තරබාරුව,දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයන් නිසාත් තරුණ වයසේදීම මේ අඩුවීම ඉක්මනින් ශරීරයට දැනෙන්න පුළුවන්.

​හෝර්මෝන මට්ටම ස්වාභාවිකවම වැඩි කරගන්න පුළුවන් ද? කොහොමද?

​ඔබේ එදිනෙදා ජීවිතයෙන් මේ වෙනස පටන් ගන්න පුළුවන්.

➡️ ​ඔබේ කෑම පිඟානට බිත්තර, මස්, මාළු වගේම ස්වභාවික එළවළු,පළතුරු,ඇට වර්ග සහ කජු ආදිය එකතු කරගන්න. මේවායේ අඩංගු "සින්ක්" (Zinc) සෘජුවම ටෙස්ටොස්ටෙරෝන් නිපදවීමට උදව් වෙනවා.

➡️ ​ එකම තැන ඉඳගෙන ගෙවන ජීවිතය වෙනස් කරගෙන ඇවිදීම,දිවීම සහ බර ඉසිලීමේ ව්‍යායාම (Weight Lifting) වල නිරත වෙන්න. සතියට දවස් 3-4ක් ව්‍යායාම කිරීමෙන් ඔබේ හෝමෝන මට්ටම පුදුමාකාර ලෙස ඉහළ යනවා.

➡️ ​රාත්‍රී නින්ද මගහරින්න එපා - හෝමෝන වැඩිපුරම හැදෙන්නේ ඔබ නිදාගෙන ඉන්න වෙලාවටයි. ඒ නිසා රාත්‍රී 10ටවත් නින්දට යන්න හුරුවෙන්න.පැය 6-7 සුවදායක නින්දක් ලබාගන්න.

​ආයුර්වේදයට අනුව සිරුරේ ඇති "ඕජස" (Ojas) හෙවත් ජවය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත්.
​ධාතු වර්ධක ආහාර ලෙස එළකිරි, මී පැණි, එළඟි තෙල් සහ උඳු වැනි ආහාර සිරුරට ජීවය ලබා දෙනවා.
බල මාළු, දැල්ලෝ, ඉස්සෝ සහ අධික සීනි,පිටි ආහාර නිතර ගැනීම,අධික දුම්පානය,අධික ඇල්කොහොල් භාවිතය වැනි ශුක්‍ර ධාතුවේ ගුණය අඩුකිරීමට ඍජුව බලපාන සාධකවලින් වැලකීම ඉතාමත් වැදගත්.

මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීමත් අත්‍යවශ්‍යයි.​ඔබ අධික ලෙස කලබල වෙද්දී,තරහා ගනිද්දී,නින්ද අඩුවීමේදි සිරුරේ "කෝටිසෝල්" හෝමෝනය වැඩි වෙනවා. ටෙස්ටොස්ටෙරෝන් අඩුවීමට මෙය ප්‍රධාන කාරණයක්.එනිසා ​මනස සන්සුන්ව කටයුතු කිරීම පුරුදු වෙන එක ඉතාමත් වැදගත්.

මතක තියාගන්න 👇
​පෞරුෂය කියන්නේ ඇඟේ මස්පිඬු පෙන්වන එකම නෙවෙයි. එය කායික, මානසික සහ ආධ්‍යාත්මික නිරෝගීභාවයේ එකතුවක්. නිවැරදි පෝෂණය, ව්‍යායාම සහ නිසි ප්‍රතිකාර පිළිපැද්දොත් නිරෝගීව ඉන්න ඔබටත් පුළුවන්.

ඔබේ සිරුරේ ස්වභාවය,ප්‍රකෘතිය අනුව නිවැරදි ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගැනීමට අමතක කරන්නත් එපා.

Dr.Ravishan Waduge
Saundarya Clinic - Rajagiriya
0772144134

🔴 පෞරුෂයේ ජීව ගුණය අඩුවෙලාද?නිතරම මහන්සියිද? ​බොහෝ පිරිමින් තමන්ගේ ශක්තිය සහ ලිංගික උද්යෝගය අඩුවීම වයසට යෑමේ සාමාන්‍ය ලක...
23/04/2026

🔴 පෞරුෂයේ ජීව ගුණය අඩුවෙලාද?
නිතරම මහන්සියිද?

​බොහෝ පිරිමින් තමන්ගේ ශක්තිය සහ ලිංගික උද්යෝගය අඩුවීම වයසට යෑමේ සාමාන්‍ය ලක්ෂණයක් ලෙස සලකා නිහඬව සිටීමට පුරුදුව සිටිති. නමුත් මෙයට ප්‍රධානතම හේතුව ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) හෝමෝන මට්ටම අඩුවීම විය හැකියි.
ආයුර්වේදයේ මෙය "ඕජස" සහ "ශුක්‍ර ධාතුව" පිරිහීමක් ලෙස හඳුන්වන අතර, නවීන වෛද්‍ය විද්‍යාවෙන් ද පෙන්වා දෙන්නේ හෝමෝන අසමතුලිතතාවය ඔබේ සමස්ත පෞරුෂයටම බලපාන බවයි.

​මේ ලක්ෂණ ඔබ කෙරෙන් දිස්වෙනවාද?

​➡️ ලිංගික උද්යෝගය අඩුවීම - පෙර පැවති උනන්දුව සහ ජවය අඩුවීම (Low Libido).

​➡️ අධික විඩාව - ප්‍රමාණවත් නින්දක් ලැබුණද උදෑසන අවදි වන විට දැනෙන අධික තෙහෙට්ටුව.

​➡️ කායික වෙනස්කම් - මාංශ පේශි ක්ෂය වීම, බඩ ඉදිරියට නෙරා ඒම සහ මේදය වැඩි වීම.

​➡️ මානසික අවපීඩනය - නිතර ඇතිවන කේන්තිය, අවධානය යොමු කිරීමේ අපහසුව සහ මානසික අවපීඩනය.

​නවීන විද්‍යාව පවසන කරුණු (Modern Medical Facts)

​Cortisol vs Testosterone - අධික මානසික ආතතිය නිසා සිරුරේ කෝටිසෝල් (Stress Hormone) මට්ටම ඉහළ යන අතර, එය සෘජුවම ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය අඩාල කරයි.

​Metabolic Health - අධික බර සහ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හෝමෝන පද්ධතිය දුර්වල කරන ප්‍රධාන සාධකයකි.

​Sleep Science - ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් වැඩිපුරම නිපදවෙන්නේ ගැඹුරු නින්දේදී (Deep Sleep) බැවින් නින්ද නොමැතිකම හෝමෝන බිඳවැටීමට හේතු වේ.

ඔබේ ජීවන රටාව වෙනස් කරන්න 👇

​✅ ආහාරය - සින්ක් (Zinc) සහ විටමින් D බහුල ආහාර මෙන්ම එළකිරි, මී පැණි සහ රටඉඳි එක් කරගන්න.
✅ ව්‍යායාම - විශේෂයෙන් බර එසවීමේ ව්‍යායාම (Resistance Training) මගින් හෝමෝන මට්ටම ස්වභාවිකව ඉහළ නංවයි.
✅ විහරණය - නිසි කලට නින්දට යාම සහ යෝග අභ්‍යාස මගින් මානසික නිදහස ලබා ගන්න.
✅ වෛද්‍ය උපදේශනය - මෙය සාමාන්‍ය තත්ත්වයක් බැවින් ලැජ්ජා නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවී නිසි පරීක්ෂාවන් සිදු කරගන්න.

​පුරුෂ ශක්තිය යනු හුදෙක් කායික හැකියාවක් නොව, එය නිරෝගී හෝමෝන පද්ධතියක සහ මානසික සමතුලිතතාවයේ එකතුවකි. විද්‍යාත්මක පදනමක් සහිත ප්‍රතිකාර මගින් ඔබේ නිරෝගී බව නැවත ලබා ගන්න ඔබටත් පුළුවන්.

Dr.Ravishan Waduge
Saundarya Clinic - Rajagiriya
0772144134

🛑 ව්‍යායාම කළත්, කෑම පාලනය කළත් බර අඩු වෙන්නේ නැද්ද?​බොහෝ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස කොතරම් කැපවීම් කළත් ස...
21/04/2026

🛑 ව්‍යායාම කළත්, කෑම පාලනය කළත් බර අඩු වෙන්නේ නැද්ද?

​බොහෝ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස කොතරම් කැපවීම් කළත් සිරුරේ බර අඩු නොවීම දැක්විය හැකියි. මෙයට ප්‍රධානම හේතුව ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් පැවැතීම විය හැක.
බර පාලනය කිරීමේදී තීරණාත්මක සාධකයක් ලෙස අග්නි මාන්දය (ජීර්ණ ශක්තිය අඩුවීම ) සහ මේදෝ ධාතුව අධික ලෙස වර්ධනය වීම දැක්විය හැකියි.

ඔබේ බර වෙනස්වීමට බලපාන ප්‍රධාන හෝමෝන 👇

➡️ ​ඉන්සියුලින් (Insulin)

​අධික ලෙස සීනි සහ පිෂ්ඨය සහිත ආහාර ගැනීම රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යාමට හේතුවේ.එය පාලනයට ඉන්සියුලින් මට්ටම ඉහළ යාම සිදුවේ.ඉන්සියුලින් මඟින් සෛල වෙත ලබානොගෙන අධිකව ඇති අතිරික්ත සීනි,මේදය ලෙස සිරුරේ තැන්පත් කිරීමට පටන් ගනී.කාලයත් සමඟ සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin Resistance) ඇති වූ විට සිරුරේ "කප දෝෂය" අධික වේ. මෙය දියවැඩියාවට මෙන්ම අධික තරබාරුවටද මග පාදයි.

➡️ ​කෝටිසෝල් (Cortisol) - "ආතති හෝමෝනය"

නිතරම මානසික පීඩනයෙන් සිටීම,නිදි වැරීම,අධික වෙහෙස වැනි හේතු නිසා සිරුරේ කෝටිසෝල් මට්ටම ඉහළ යාම විශේෂයෙන්ම උදරය අවට මේදය තැන්පත් වීමට ප්‍රධානතම හේතුවයි.

​➡️ තයිරොයිඩ් හෝමෝන

​තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වූ විට (Hypothyroidism) ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) අඩාල වේ. මෙහිදී කෙනෙකුට ඉතා අඩු ආහාර ප්‍රමාණයක් ගත්තද බර වේගයෙන් වැඩිවීම දැකගත හැක.
ආයුර්වේදයට අනුව "ජඨරාග්නිය" අඩාල වීම සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී කරන අතර, ඔබ ගන්නා සුළු ආහාර පවා මේදය ලෙස තැන්පත් කිරීම සිදුවේ.

➡️ ඊස්ට්‍රජන් (Estrogen) - කාන්තා හෝමෝනය

​කාන්තාවන්ගේ ඊස්ට්‍රජන් මට්ටම අසමතුලිත වීම නිසා ඇතිවන PCOS වැනි තත්ත්වයන් ආයුර්වේදයේදී "ආර්තව දෝෂ" ලෙස හඳුන්වයි.මෙහිදී උකුල සහ කලවා ප්‍රදේශයේ මේදය තැන්පත් වීම වැඩි වේ. විශේෂයෙන්ම ආර්ථවහරණය (Menopause) ආසන්න කාලයේදී මෙය බහුලව දක්නට ලැබේ.

මෙම තත්ත්වයන්ගෙන් මිදෙන්නේ කොහොමද?

​✅ ප්‍රෝටීන් බහුල ආහාර - සෑම වේලකටම ප්‍රෝටීන් සහ කෙඳි සහිත එළවළු එක් කරගන්න.අධික සීනි සහ පිටි අධික ආහාර වලින් වැලකෙන්න.
⭕ සැහැල්ලු රාත්‍රී ආහාරය - රාත්‍රියට සුප් වර්ගයක් හෝ සැහැල්ලු ආහාරයක් ගැනීම හෝමෝන ක්‍රියාවලියට සහනයකි.

​✅ ප්‍රමාණවත් නින්ද - දිනකට පැය 6-7 ක සුවබර නින්දක් ලබා ගැනීම සහ නිදි වැරීමෙන් වැලකීම හෝමෝන සමතුලිතතාවයට අත්‍යවශ්‍ය වේ.
⭕ දිවා නින්දෙන් වැළකීම- දහවල් කාලයේ නිදා ගැනීම සිරුරේ කප දෝෂය සහ මේදය වැඩිකිරීමට සෘජුවම බලපාන බැවින් එයින් වළකින්න.

​✅ මානසික සුවතාවය - යෝග හෝ භාවනා කිරීම,මනස සැහැල්ලු කරන ක්‍රියාවල නිරත වීම මගින් කෝටිසෝල් මට්ටම පාලනය කරගන්න.
✅ ව්‍යායාම - දිනකට අවම වශයෙන් පැයක් ඇවිදීම හෝ සැහැල්ලු ව්‍යායාමයක නිරත වීමත් ඉතාම වැදගත්.

🔴මතක තබා ගන්න
බර අඩු කර ගැනීම යනු අඩුවෙන් ආහාර ගැනීම නොව, නිසියාකාරව ඔබේ හෝමෝන පද්ධතිය නිවැරදිව කළමනාකරණය කර ගැනීමයි.

Dr.Ravishan Waduge
Saundarya Clinic-Rajagiriya
0772144134


🔴 අවුරුදු කෑම මේසය සතුටක් මිස ලෙඩක් කර නොගනිමු.​සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු සංස්කෘතික උළෙලක් පමණක් නොව, අපගේ ආහාර ර...
15/04/2026

🔴 අවුරුදු කෑම මේසය සතුටක් මිස ලෙඩක් කර නොගනිමු.

​සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු සංස්කෘතික උළෙලක් පමණක් නොව, අපගේ ආහාර රටාව දැඩි වෙනසකට ලක්වන කාලසීමාවකි. තෙල්, පිටි සහ අධික පැණිරස ආහාර අපගේ "අග්නිය" (Metabolism) අඩපණ කිරීමට සමත් වේ.

​පාලනයකින් තොරව ආහාර ගැනීමෙන් ඇතිවන අවදානම,

➡️ ආහාර රුචිය නැතිවීම සහ බඩ පිපීම.

➡️ ​ප්‍රමේහ අවදානම - රුධිරයේ සීනි මට්ටම පාලනයෙන් තොර වීම.

➡️ ​කායික අලස බව - ශරීරයේ "කඵ" දෝෂය අධික වීමෙන් ඇතිවන බර ගතිය.

නිරෝගීව අවුරුදු සැමරීමේ පිළියම් 👇

✅ ආහාරයට පෙර ඉඟුරු කැබැල්ලක් ලුණු ස්වල්පයක් සමඟ සැපීමෙන් හෝ ආහාර ගත් පසු මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් ජීරණ පද්ධතිය උත්තේජනය කළ හැක.

​✅ මධ්‍යස්ථව රස විඳින්න (Portion Control)-
කැවුම්, මුං කැවුම් වැනි ආහාර "ගුරු" (ජීරණයට අපහසු) ගුණයෙන් යුක්තය. එබැවින් ප්‍රධාන වේලට පෙර හෝ පසුව අතුරුපස ලෙස ඉතා සුළු ප්‍රමාණයක් පමණක් භාවිතා කරන්න.

​✅ ස්වභාවික පාන වර්ග - කෘතිම බීම වර්ග පානය හැකිතාක් අවම කරන්න.

​✅ ශරීරයට විවේකයක් - අධික ලෙස ආහාර ගත් දිනයට පසු දින, දියරමය ආහාර හෝ එළවළු සුප් වැනි සැහැල්ලු ආහාර ලබා දෙමින් ශරීරයට එය ජීරණය කර ගැනීමට කාලය ලබා දෙන්න.

⛔ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය සැලකිලිමත් විය යුතු කරුණු.

✅ ​දියවැඩියාව - අවුරුදු කෑම වර්ග (කැවුම්, කිරිබත්) සීමිතව ලබාගන්න. ඒ වෙනුවට තන්තු අධික එළවළු සහ නිවුඩු සහල් ප්‍රමුඛ වේල් ලබාගන්න.

✅ ​ගැස්ට්‍රයිටිස් - අධික තෙල් සහ මිරිස් යෙදූ ආහාරවලින් වැළකී, නියමිත වේලාවට ආහාර ගැනීමට වගබලා ගන්න.

✅ ​අධික රුධිර පීඩනය - ලුණු සහ තෙල් අධික බැදුම් වර්ග අවම කරන්න.

✅ ​අජීර්ණය සහ බඩ පිපීම - ආහාර ජීරණය අපහසු නම්,සැහැල්ලු දියරමය ආහාර (කැඳ වර්ග) ගනිමින් ජීරණ පද්ධතියට විවේකයක් ලබා දෙන්න.

​ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති ආහාර රටාවෙන් බැහැර නොවීමට අවුරුදු සමයේදීත් වගබලා ගන්න.
සතුට සමරන අතරතුර, ඔබේ ශරීරය ලබා දෙන සංඥා පිළිබඳව අවධානය යොමු කරන්න.

🔴 මතක තබාගන්න,
නීරෝගී බව යනු සැබෑ ම වස්තුවයි.
​ඔබ සැමට නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

Dr.Ravishan Waduge
Saundarya Clinic | Rajagiriya
0772144134

ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ඔබ සැමට සාමය සතුට පිරි නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා!

🔴 නීරෝගී බව රැකගන්න කැමති ඔබට පෝෂණ උපදෙස් !ආයුර්වේද විද්‍යාවට සහ නූතන පෝෂණ විද්‍යාවට අනුව, නීරෝගී පුද්ගලයකු තම නීරෝගී බව...
11/04/2026

🔴 නීරෝගී බව රැකගන්න කැමති ඔබට පෝෂණ උපදෙස් !

ආයුර්වේද විද්‍යාවට සහ නූතන පෝෂණ විද්‍යාවට අනුව, නීරෝගී පුද්ගලයකු තම නීරෝගී බව රැක ගැනීමටත්, රෝගී පුද්ගලයකු ඉක්මනින් සුවය ලැබීමටත් ශරීරයේ පවතින පරිවෘත්තිය ක්‍රියාවලීන් නිසි ලෙස පවත්වා ගැනීම ඉතාමත් වැදගත්.ඒ සඳහා උදව් වන සරල ලෙස පෙනෙන නමුත් බොහොමයක් දෙනාට ප්‍රයෝජනවත් කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

නීරෝගී පුද්ගලයකු සඳහා උපදෙස්,

➡️ ​අග්නියට අනුව ආහාර ගැනීම - තමාට බඩගිනි දැනෙන විට පමණක් ආහාර ගන්න. නියමිත වේලාවට ආහාර ගැනීම මඟින් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය විධිමත් වේ.

➡️ ​සමබර ආහාර වේලක් ලබාගන්න - ආයුර්වේදයේ දැක්වෙන රස හයම (පැණිරස, ඇඹුල්, ලුණු, තිත්ත, කටුක, කසාය) දෛනික ආහාර වේලට ඇතුළත් කරගත හැකි ස්වභාවික ආහාර ලබාගන්න.

⭕ ​ ආයුර්වේදයට අනුව ආමාශයෙන් භාගයක් (1/2) ඝන ආහාර සඳහා ද, හතරෙන් එකක් (1/4) දියර ආහාර සඳහා ද ඉතිරි 1/4 වායුව සැරිසැරීම සඳහා හිස්ව පවතින පරිදි ආහාර ගත යුතුය.

➡️ ​රාත්‍රී ආහාරය- නිදාගැනීමට අවම වශයෙන් පැය 2-3 කට පෙර සැහැල්ලු ආහාරයක් ලබාගන්න.

➡️ ​ජල පානය - පිපාසය දැනෙන ප්‍රමාණයට ජලය පානය කරන්න. අධික ලෙස ශීත කළ ජලය වෙනුවට මඳ උණුසුම් හෝ සාමාන්‍ය උෂ්ණත්වයේ ජලය වඩාත් සුදුසු වේ.

​රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය සඳහා උපදෙස්.

​රෝගී පුද්ගලයකුගේ ආහාර රටාව තීරණය වන්නේ ඔවුන් පෙළෙන රෝගය මත වුවත්, පොදු පිළිවෙත් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.

➡️ ​පත්‍ය අපත්‍ය සැලකිල්ල - රෝගයට අගුණ (අපත්‍ය) ආහාරවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. (උදා: දියවැඩියාවට අධික පැණිරස, අධික රුධිර පීඩනයට අධික ලුණු).

➡️ ​ලංඝන (Fasting )- රෝගී අවස්ථාවලදී ශරීරයේ ජීරණ පද්ධතියට වැඩි විවේකයක් අවශ්‍ය වේ. එබැවින් ලුණු කැඳ, එළවළු සුප් වැනි ඉතා සැහැල්ලු (පහසුවෙන් ජීරණය වන) ආහාර ලබාගන්න.

➡️ පිසින ලද ආහාර පැය 3-4 කට වඩා තබා පරිභෝජනයෙන් වළකින්න. ශීතකරණයේ තැබූ ආහාර නැවත රත් කර ආහාරයට ගැනීම රෝගීන්ට අහිතකර විය හැක.

විශේෂිත රෝග තත්ත්වයන් සඳහා සුදුසු ආහාර වර්ග 👇

✅ දියවැඩියාව - තන්තු අධික එළවළු, නිවුඩු සහල් සහ තිත්ත රසැති ආහාර එක්කර ගන්න.

✅ ගැස්ට්‍රයිටිස් - අධික මිරිස්, ඇඹුල් සහ තෙල් සහිත ආහාරවලින් වළකින්න. කුඩා වේල් කිහිපයක් නියමිත වේලාවට ලබාගන්න.

✅ හෘද රෝග - මේදය සහ ලුණු භාවිතය සීමා කරන්න. සුදුළූණු, කුරුඳු වැනි ඔසු ආහාරයට එක්කර ගන්න.

✅ සන්ධි රෝග - සීතල ආහාර (අයිස් ක්‍රීම්, ශීත කළ බීම) සහ වාතය වර්ධනය කරන ආහාර (කඩල, පරිප්පු අධික ලෙස) සීමා කරන්න.

​ඔබ යම් රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන ආහාර රටාවට ප්‍රමුඛතාවය දෙන්න. නිරෝගී පුද්ගලයකු ලෙස ඔබ අද ගන්නා නිවැරදි ආහාර තීරණය, ඔබේ හෙට දවසේ සුවපත්භාවය තීරණය කරනු ඇත.

🔴 මතක තබාගන්න,

ආහාරයම ඖෂධයක් කරගන්න, නැතහොත් ඔබට ඖෂධ ආහාර ලෙස ගැනීමට සිදුවනු ඇත.

Dr.Ravishan Waduge
Saundarya Clinic | Rajagiriya
0772144134

🔴 ඔබත් රෑට නිදි මරනවාද? මෙය සාමාන්‍ය දෙයක් ලෙස සිතා නොසලකා හරින්න එපා!​බොහෝ දෙනා රාත්‍රී නිදි වැරීම එදිනෙදා කාර්‍යබහුල ජ...
09/04/2026

🔴 ඔබත් රෑට නිදි මරනවාද? මෙය සාමාන්‍ය දෙයක් ලෙස සිතා නොසලකා හරින්න එපා!

​බොහෝ දෙනා රාත්‍රී නිදි වැරීම එදිනෙදා කාර්‍යබහුල ජීවිතයේ සාමාන්‍ය දෙයක් ලෙස සැලකුවද, වෛද්‍ය විද්‍යාත්මකව නම් එය ඔබේ ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩාල කරන බරපතල තත්ත්වයකි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ නිසි නින්දක් නොලැබීම ඔබේ හෝමෝන සමබරතාවයට (Hormonal Balance) සෘජුවම බලපායි.

​නූතන ජීවන රටාව තුළ නින්ද අහිමි වීමට ප්‍රධාන හේතු,

➡️ ​ස්මාර්ට් දුරකථන,පරිගණක තිර නිකුත් කරන නිල් ආලෝකය (Blur light) නිසා නිපදවිය යුතු මෙලටොනින් (Melatonin) හෝමෝනය නිසි ලෙස නිපදවා ගත නොහැකි වීම.

➡️ ​දිනපතා නින්දට යන වෙලාව වෙනස් වීම නිසා සිරුරේ ජෛව විද්‍යාත්මක ඔරලෝසුව (Circadian Rhythm) ව්‍යාකූල වීම.

➡️ ​මානසික ආතතිය සහ අධික පීඩනය නිසා ඉහළ යන කෝටිසෝල් (Cortisol) මට්ටම මොළය නිරන්තරයෙන් අවදි වී තැබීම.

➡️ ​ආහාර රටාව හා ප්‍රමාද වී ගන්නා බර ආහාර වේල් සහ තේ,කෝපි වැනි කැෆේන් අඩංගු පාන වර්ග.

➡️ ආර්ථවහරණයට ආසන්නව ශරීරයේ සිදුවන හෝමෝනවල වෙනස්කම්.

​නින්ද අහිමි වීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු,

⭕ ​රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා කාලය ශරීරයේ "අලුත්වැඩියා කාලය" (Repair & Regeneration time )වේ.මෙය මඟහැරුණු විටදී,

➡️ ​PCOS සහ හෝමෝන අසමතුලිතතාව - කාන්තාවන්ගේ ප්‍රජනක සෞඛ්‍යයට මෙයින් දැඩි බලපෑම් ඇති වන අතර හෝමෝන ගැටලුවලට ප්‍රධාන හේතුවක් වේ.

➡️ ​පරිවෘත්තීය ගැටලු - ඉන්සියුලින් ප්‍රතිරෝධය වැඩි වී ශරීරයේ බර වේගයෙන් ඉහළ යාම.

➡️ ​සමේ සෞඛ්‍යය පිරිහීම - කොලජන් නිෂ්පාදනය අඩුවීම නිසා සම අඳුරු වී අකාලයේ රැලි වැටීම සහ කුරුලෑ ඇතිවීම.

➡️ ​මානසික සෞඛ්‍යය - අවධානය යොමු කිරීමේ අපහසුව, මතක ශක්තිය දුර්වල වීම සහ දැඩි ආතතිය.

​නිරෝගී දිවියක සුවබර නින්දක් සඳහා මෙම සරල පියවර අනුගමනය කරන්න 👇

✅ ​ රාත්‍රී 9.30ට පෙර සියලුම ඉලෙක්ට්‍රොනික තිර වලින් ඉවත් වී මොළයට විවේකයක් ලබා දෙන්න.

✅ ​නිදා ගැනීමට පෙර යටි පතුල්වල තල තෙල් හෝ එළඟිතෙල් ස්වල්පයක් ගා සම්බාහනය කිරීමෙන් ස්නායු පද්ධතිය සන්සුන් කරගන්න.

✅ රාත්‍රී ආහාරයට සැහැල්ලු ආහාරයක් අවම වශයෙන් නින්දට පැය 2-3 කට පෙර ලබා ගන්න.

✅ ​නිදන කාමරය සන්සුන්ව අඳුරු සහ නිහඬව තබා ගන්න.

✅ නින්දට දිනපතා එක් වේලාවක් වෙන් කරගන්න - රාත්‍රී 10 වන විට නින්දට යාමට පුරුදු වන්න. දිවාකාලය තුල නිදා ගැනීමෙන් වළකින්න.

🔴 මතක තබාගන්න,
නිසි වේලාවට නින්ද නොලැබීම ශරීරයට මහන්සියක් පමණක් නොව, එය ඔබගේ සම්පූර්ණ ශාරීරික හා මානසික සෞඛ්‍යය පිරිහීමට මූලික හේතුවකි.

​නින්ද යනු ශරීරයට විවේකයක් පමණක් නොව, එය ඔබේ ශරීරය නැවත පණගන්වන (Recharge) ස්වභාවික ඖෂධයකි. මෙවැනි හෝමෝන ගැටලු වලින් ඔබත් පීඩා විඳින්නෙක් නම්, අදම ඔබේ නින්දේ රටාව වෙනස් කරගැනීමට උනන්දු වීම සහ දිගුකාලීනව නින්ද අඩුබවෙන් පෙලෙනවානම් නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමත් ඉතා වැදගත්.

Dr Ravishan Waduge
Saundarya Clinic | Rajagiriya
0772144134

🔴 මඳසරුභාවය (subfertility) පිටුපස ඇති ප්‍රධානතම බාධකය හෝමෝන අසමතුලිතතාවය ද?දරුඵල ප්‍රාර්ථනා කරන යුවළක් මුහුණ දෙන ප්‍රධාන...
08/04/2026

🔴 මඳසරුභාවය (subfertility) පිටුපස ඇති ප්‍රධානතම බාධකය හෝමෝන අසමතුලිතතාවය ද?

දරුඵල ප්‍රාර්ථනා කරන යුවළක් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ මඳසරුභාවය (subfertility) යි.එය කාන්තා පිරිමි භේදයකින් තොරව සිදුවන නමුත් බහුලවම කාන්තාවන් මෙම ගැටලුවට මුහුණදෙන බව අප දන්නා කරුණක්.නූතන වෛද්‍ය විද්‍යාවට අනුව මෙයට ප්‍රධානතම හේතුව හෝමෝන අසමතුලිතතාවය (Hormonal Imbalance) වුවත් ඒ හා බැඳුණු තවත් කාරණා බොහොමයක් පවතී.

​මඳසරුභාවයට බලපාන ජෛව විද්‍යාත්මක සාධක.

➡️ ​අක්‍රමවත් ආර්තව චක්‍රය (Irregular Cycles) - ඩිම්බ නොමේරීම සහ ඩිම්භ මෝරන කාලය නිසි ලෙස තීරණය කිරීමට නොහැකි වීම.

➡️ ​ඩිම්බ කෝෂ වල අකර්මන්‍යතාවය (Ovulatory Dysfunction) - ගුණාත්මක බවින් ඉහළ ඩිම්බ නිපදවීමේ පමාව.

➡️ ​මානසික ආතතිය (Cortisol Stress) - Cortisol වැනි ආතති හෝමෝන මගින් ප්‍රජනක හෝමෝන වල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම.

➡️ ​ශරීරගත විෂ ද්‍රව්‍ය (Metabolic Toxins) - සිරුරේ එකතු වී පවතිනා ආම කොටස් (විෂ) නිසා ශාරීරික පද්ධතීන් දුර්වල වීම.

​ස්වභාවික පිළිසිඳ ගැනීමක් සඳහා අත්‍යවශ්‍ය සාධක 4ක් ආයුර්වේදයේ සඳහන් වේ. මෙය සාර්ථකව ගොවිතැනක් කරනවා හා සමානව දක්වා ඇත.

➡️ ​ඍතු (Optimal Timing) - නිසි හෝමෝන නියාමනය මගින් තීරණය වන සරු කාලය .
➡️ ​ක්ශේත්‍ර (The Fertile Ground) - නිරෝගී, පිරිසිදු සහ පෝෂණීය ගර්භාෂ පටක පද්ධතිය.
​➡️ අම්බු (Nutritional Essence) - සිරුරේ ජෛව පටක පෝෂණය කරන සහ හෝමෝන ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය පෝෂක කොටස්.
➡️ ​බීජ (The Genetic Seeds) - ජානමය අගයෙන් ඉහළ සරු ඩිම්බ සහ ශුක්‍රාණු.

⭕ PCOS (Polycystic O***y Syndrome) සහ මඳසරුභාවය අතර විද්‍යාත්මක සබඳතාවය.

​PCOS තත්ත්වයේදී සිරුරේ සිදුවන වෙනස්කම් පිළිසිඳ ගැනීමකට බාධා කරන ආකාරය,

➡️ ​Androgen හෝමෝන ඉහළ යාම - ස්ත්‍රී සිරුරේ පුරුෂ හෝමෝන මට්ටම ඉහළ යාම නිසා ඩිම්බ මෝරන ක්‍රියාවලිය (Ovulation) අඩපණ වීම.
➡️ ​Insulin Resistance - සිරුර ඉන්සියුලින් වලට දක්වන ප්‍රතිචාරය වෙනස් වීම නිසා ඩිම්බ කෝෂ වල ක්‍රියාකාරිත්වය දුර්වල වීම.
➡️ ​අක්‍රමවත් ආර්තවය - මාසික චක්‍රය වෙනස් වීම නිසා සරු දින (Fertile Days) ගණනය කිරීම අපහසු වීම.

සාර්ථක දරු පිළිසිඳගැනීමකට කළ යුතු දේවල් 👇

✅ හෝමෝන නියාමනය මගින් අක්‍රමවත් ආර්තවය විධිමත් කිරීම.
​✅ ඩිම්බ කෝෂ වටා ඇති බාධා ඉවත් කර (Cyst clearance) ගර්භාෂ පටක ශක්තිමත් කිරීම.
✅ ​සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිවැරදි කර ඉන්සියුලින් මට්ටම සහ පෝෂණය සමබර කිරීම.
✅ ඩිම්බ කෝෂ වල ක්‍රියාකාරිත්වය ස්වභාවිකව වර්ධනය කර ඩිම්බ වල ගුණාත්මක භාවය,සරු බව (Potency) ඉහළ නැංවීම සහ ඩිම්බ මෝරන කාලය විධිමත් කිරීම.
✅ PCOS Friendly Diet - PCOS පාලනය කරමින් සරු බව වැඩි කරන ආහාර සහ ව්‍යායාම රටාව අනුගමනය ඉතාමත් වැදගත්.

සාර්ථක ප්‍රතිකාරයක අරමුණ වන්නේ නිරෝගී මවක් සහ නිරෝගී දරුවෙකු ලොවට දායාද කිරීමයි.නිවැරැදි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර වලින් ඔබටත් නිරෝගී දරුඵල ලබාගන්න පුළුවන්.

Dr.Ravishan Waduge
Saundarya Clinic | Rajagiriya
0772144134

🔴 PCOS කියන්නේ ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕන ලෙඩක් ද?​PCOS (Polycystic O***y Syndrome) යනු රෝගයකට වඩා, ඔබේ ජීවන රටාව සහ හෝ...
07/04/2026

🔴 PCOS කියන්නේ ජීවිත කාලෙම බෙහෙත් බොන්න ඕන ලෙඩක් ද?

​PCOS (Polycystic O***y Syndrome) යනු රෝගයකට වඩා, ඔබේ ජීවන රටාව සහ හෝමෝන පද්ධතිය අතර ඇතිවන අසමතුලිතතාවයකි. මෙය ඔබේ රූපයට, මානසික සුවයට මෙන්ම පසුකාලීනව මාතෘත්වයටද බාධාවක් විය හැකියි.

ඔබත් මේ රෝග ලක්ෂණ වලින් පීඩා විඳිනවාද?

➡️ ​අක්‍රමවත් ඔසප් චක්‍රය (Irregular Periods)
➡️ ​මුහුණේ සහ සිරුරේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වීම (Hirsutism)
➡️ ​අධික ලෙස බර වැඩිවීම සහ එය පාලනය කර ගැනීමට අපහසු වීම
➡️ ​නිතර ඇතිවන කුරුලෑ සහ සම අඳුරු වීම
➡️ ​හිසකෙස් තුනී වීම සහ හැලීම

PCOS ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු ,

➡️ ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවය (Insulin Resistance)
➡️ ​හෝමෝන අසමතුලිතතාවය - සිරුරේ පවතින Androgen (පුරුෂ හෝමෝන) සහ Luteinizing Hormone (LH) මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාම.
➡️ වැරදි ආහාර රටාව - අධික ලෙස පැණිරස තෙල්,පිටි සහ කෘතිම ආහාර (Processed Foods) ගැනීම.
➡️ අක්‍රීය ජීවන රටාව - ශාරීරික ව්‍යායාම මදිකම.
➡️ මානසික ආතතිය (Stress) - අධික මානසික පීඩනය නිසා වාත දෝෂය අසමතුලිත වී ආර්තව චක්‍රය (Menstrual Cycle) අක්‍රමවත් වීම.
➡️ අධික බර (Obesity) - ශරීරයේ මේදය වැඩි වීම නිසා ඉන්සියුලින් පාලනය අපහසු වී PCOS තත්ත්වය තවත් දරුණු වීම.

ආයුර්වේද විද්‍යාත්මක විග්‍රහයට අනුව මෙය 'ආර්තව වහා ස්‍රෝතස්' (Artava Vaha Srotas) හි අවහිරතාවයකි. කඵ සහ වාත දෝෂයන්ගේ අසමතුලිතතාවය නිසා ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩාල වීම මෙයට මූලික හේතුවයි.

මෙහිදී ප්‍රතිකාර ක්‍රමවේදයට අනුව රෝග ලක්ෂණ යටපත් කිරීමට පමණක් සීමා නොවී රෝගයේ මූලයට (Root Cause) ප්‍රතිකාර කරමින් ස්ථිර සුවයක් කරා ඔබව යොමු කිරීම සිදුකෙරේ.

​✅ Artava Shodhana - ශරීරයේ විෂ ද්‍රව්‍ය (Toxins) ඉවත් කර හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රකෘතිමත් කිරීම.
✅ Agni Deepana - ජීර්ණ ශක්තිය සහ පරිවෘත්තීය වේගය (Metabolism) නිවැරදි කිරීම.
✅ Customized Diet & Lifestyle - ඔබේ දේහ ස්වභාවයට (Prakriti) ගැලපෙන පෝෂණ හා ව්‍යායාම උපදේශනය.

​🔴 මතක තබා ගන්න,
PCOS යනු පාලනය කළ හැකි තත්ත්වයකි. නිවැරදි මඟපෙන්වීම තුළින් ඔබට නැවතත් නිරෝගී, සක්‍රීය ජීවිතයක් හිමිකර ගත හැකියි.

Dr.Ravishan Waduge
Saundarya Clinic | Rajagiriya
0772144134

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Ravishan Waduge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category