සුව දිවියකට-කාර්යාලය Office - For healthy life

  • Home
  • Sri Lanka
  • Colombo
  • සුව දිවියකට-කාර්යාලය Office - For healthy life

සුව දිවියකට-කාර්යාලය Office - For healthy life ඒකාකාරී රාජකාරි නිසාම ලෙඩවන අය වෙනුවෙන් සරල ව්‍යායාම..

කාර්යාලය කියන්නෙ සක්‍රීය මිනිස්සු අක්‍රිය කරන තැනක් කියලයි ගොඩාක් අය හිතන්නෙ.. ඒ කතාව ඇත්තද??
28/05/2024

කාර්යාලය කියන්නෙ සක්‍රීය මිනිස්සු අක්‍රිය කරන තැනක් කියලයි ගොඩාක් අය හිතන්නෙ..

ඒ කතාව ඇත්තද??

11/03/2020
06/02/2020
මහත වැඩි අයට.
05/02/2020

මහත වැඩි අයට.

26/11/2019
ජිම් යන්න..
22/11/2019

ජිම් යන්න..

💪 40+ 💪15+ 25+30+

ඕනම කෙනෙක්ගේ ජීවිතේ ස්වර්ණමය දශකය 40-50 අතර කාලය.ශක්තිමත්ම කාලය වයස 15 ත් 35 ත් හා පරිණත 35 සිට 😍😍ඉතින් මේ සමූහයේ විවිධ වයස් පරතර වල අක්කලා,නංගිලා,නැන්දලා ඉන්නවා.ඉතින් මම හැමෝටම කවදම හරි ඕන වෙන දැනටත් ඕන වෙන්න පුලුවන් දෙයක් ගැන කියන්නම්

අපි ජිම් යනවා ඩයට් කරනවා එරොබික්ස් කරනවා ග්‍රවුන්ඩ් එකේ දුවනවා

අවුරුදු 40න් පස්සේ ජීවිතේ දශක 4ක් ඉවරයි..ආයුශ අවුරුදු 80ක් කියලා හිතුවොත් ජීවිත කාලයෙන් භාගයක්ම ගතකරලා ඉවරයි.දැන් තියෙන්නේ ඉතින් යන තැනකට වැඩක් කරගන්න එක..ඔහොම තමයි ලන්කාවේ අපි හිතන්නේ..ඒත් බටහිර රටවල ඔය කතාව හාත්පසින්ම වෙනස්.එයාලා ජීවිතේ පටන් ගන්නේ 40න් පස්සේ.දරුවෝ දීග දීලා,ලාමක අස්ථාවර සිතුවිලි වලින් මිදිලා,මිනිස්සු හදුනාගෙන ජීවිතේ පරිපූර්ණ වෙච්ච කාලයක් මේක.ඉතින් ඒ කාලේ ජීවිතේ විදින්න පුලුවන් කාලේ කිව්වොත් මම හරි..බුද්ධිමත් ත කාන්තාවන් ඉතින් සියලුම ප්‍රශ්න මැද නීරෝගී ජීවිතයක් ගත කරනවා.
එයාලා අනිවාර්යෙන් ව්‍යායාම එක්කම මෙන්න මේ ටිකත් කරනවා

ඒව තමයි👇👇

👉නිසි ශාරීරික ව්‍යායාම
👉සමබල ආහාරවේල
👉හානිදායක ආහාරවලින් සම්පූර්ණයෙන් වැලකීම
👉පිටි කෑම 60% කින් පාලනය
👉ක්ෂනික කෑම සම්පූර්ණයෙන් අත හැරීම
👉තද අව්වට නිරාවරනය නොවී සිටීම
👉අධින මානසික ආතතියෙන් යුතු බැදීම් වලින් ඉවත්වීම
👉කල්පනාකිරීම 50%කින් අඩු කිරීම
👉ක්‍රියාකාරකම්වල නිරතවීම

ඒ වගේම පහත උපදෙස් වැඩියෙන් අනුගමනය කරන්න.👇👇

☝️කාන්තාවකට අවශ්‍ය විටමින් සහ ෆෝලික් අඩංගු බහුකාර්‍ය පෙත්තක් පාවිච්චියට ගන්න.

☝️ඔබේ මානසික පීඩනය ස්ට්‍රෙස් එක වැඩිනම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

☝️අවුරුදු 40 පසු කෙනෙක්ගේ බෝනස් අස්ථි දිරාපත් වෙන්න පටන් ගන්නවා.ආතරයිටිස් වැනි රෝග ඇතිවෙන්නේ එහෙම.එම නිසා කැල්සියම් 1000mg සහ විටමින් D දිනපතා ශරීරයට ලබාගන්න.මේවා පෙති වශයෙන්ම නොව හාල්මැස්සන් වැනි කුඩා මසුන්,අලුත් එලවලු,මුහුදු මාලු වැනි දෙවලින් ලබාගත හැකියි.

☝️මාස 3කට වරක් රුධිරගත සීනි,කොලෙස්ටරෝල්, පරීක්ෂා කරගන්න.මෙයට සාමාන්‍ය වෛද්‍යවරයෙක් නොව ප්‍රසව හා නාරි හෙවත් VOG වෛද්‍යවරයෙක් හමුවන්න.

☝️දිනපතා ආහාර ගැනීමට පසු හොද ඉදුණු කෙසෙල් ගෙඩියක් 🍌 කන්න.මෙය බඩවැල් වල සංකූලතාවන්ට මෙන්ම මලබද්දයටත් ඉතාම හොදයි.

☝️දිනපතාම කොල ඇපල් ගෙඩියක් කන්න."ඇපල් ගෙඩියක් කන්න...දොස්තරව ඈතින් තියාගන්න..."මේ කියමන නිකම්ම කියන දෙයක් නෙවෙයි.ඒ තරම් කොල ඇපල් ගුනයි.පලතුරු වැඩිපුර කන්න .

☝️ඔබේ දෑස් ඔබේ දෑස් මෙන් රැකගන්න. 👀 දිගින් දිගටම ගෑස් ලිප් පාවිච්චිය,ජංගම දුරකතනය , පරිගනකය පාවිච්චිය,නිදිවැරීම, වැනි බොහෝ හේතු නිසා එය කෙලින්ම බලපාන්නේ අපේ ඇස් වලට.මේ නිසා අවුරුදු 40න් පසු ඇස් දෙක පරීක්ෂා කරගන්න.(දැන් ඉතින් පොඩි ලමයින් පවා කන්නාඩි දානවා.) අනිවාරෙන්ම කියවීමේදී රීඩින් ග්ලාස් පාවිච්චි කරන්න.

☝️ජීවිතය,අවට ලෝකය දෙස ඉරිසියාව කුහකකමින් බැලීමෙන් වලකින්න..සෞම්‍ය ලෙස ජීවිතේ දෙස බලන්න පටන් ගන්න.

☝️පිශ්ඨය,මේදය අඩුකර ප්‍රෝටීන ප්‍රමානය වැඩිකර ගන්න.ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල වයස්ගත්වීම නිසා ඇතිවන බොහෝ ප්‍රශ්න අවම කරනවා.

☝️බොහෝදෙනා කියන පරිදි 'මලකෝලන්' ඇරඹෙන්නේ මේ අවුරුදු 40න් පසුවයි.ඒ ආදරය ඔබේ ප්‍රියතමයන් සමග විදීමෙන්.ලෝකය දහස් දේ කියාවි..ඒත් ඔබ ඔබේ සැමියා,බිරිද සමග ආදරෙන් ඉන්න.එය ඔබව මානසිකව සතුටින් තබන අතර වයස ආපස්සට ගෙනයයි.

☝️ආගම දහමට යොමුවන්න.නමුත් එහි අන්තයට ගොස් ජීවිතේ කලකිරවාගන්න එපා.

☝️සීනි නැති කහට කෝප්පයක් ☕ කෑමෙන් පැයකට පසු බොන්න.එය ඔබේ කැම වේලෙහි අනවශ්‍ය තෙල් අඩු කරාවි.

☝️දවසකට එලවලු 4ක් කන්න.එක් එලවලුවක් නොපිසූ එලවලුවක් වියයුතුමයි (සලාද,කැරට් සම්බෝල)

☝️බිත්තර සුදුමදය ආහාරයට ගන්න.අධික කොලෙස්ටරෝල් ඇත්තේ කහමදයේයි.හාෆ් බොයිල් කල සුදු මදයට ගම්මිරිස් ඉසගෙන කන්න.

☝️දිනකට වතුට බෝතල් 6ක් බොන්න.එය රාත්‍රී නින්දට පෙර කරන බවට ඔබ ඔබටම අභියෝග කරන්න.

☝️බත්කනවිට රතුලූනු ගෙඩියක් හපලා කන්න..අවුරුදු 40පස්සේ මේක කලයුතුමයි.රතුලූනු ශරීරය විශෙන් තොර කලාපයක් කරනවා.

☝️උදෑසන සීනි නොදා දොඩම් යුශ වීදුරුවක් බොන්න.එය ඔබේ පෙනුම රැකගන්න වැදගත්.ගැස්ට්‍රයිටිස් රෝගය ඇත්නම් පමනක් වෛද්‍ය උපදෙස් ඇතිව බොන්න.

☝️නින්දට පෙර දෙහි යුශ 🍋 දැමූ උනුවතුර කෝප්පයක් පානය කරන්න.එය දවසේ අදික නොසන්සුන් බවත් තෙල් කෑමවල අධික කොලෙස්ටරෝල් ප්‍රමානයත් පාලනය කරනවා.

☝️ඔලිව් ඔයිල් ආහාරයට ගන්න.ලෝක සෞඛ්‍යය සංවිධානය කියන විදියට ඔලිව් ඔයිල් ලෝකයේ තියෙන සුපිරිම ආහාරය.එහි ඇති හිතකර කොලෙස්ටරෝල් ශරීරයේ අහිතකර තෙල්වලට එරෙහිව සටන් කරනවා.තරුන පෙනුම දෙනවා.ගන්නා විට 'එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්' කියා ඉල්ලන්න.

☝️කිරිපිටි නවතා දමා දියර කිරි බොන්න.ලංකාව වගේ දුප්පත් රටවල් පමනයි කිරිපිටි බොන්නේ.කිරිපිටි නිශ්පාදනයේදී අධික විකිරණ ප්‍රමානයක් යොදාගන්නවා.ඒ නිසා සහ තවත් හෙතු ගොඩක් නිස පිටි කිරි බොන්න එපා . දියර කිරි බොන්න ..එක වීදුරුවක් දවසකටම ඇති..පුලුවන්නම් සීනි නොදා බොන්න.

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
උපදෙස්
පෝශණවේදිනී හා කායික රෝග වෛද්‍ය
නාලිකා වරකාගොඩ

23/10/2018
18/10/2018
15/09/2018

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සුව දිවියකට-කාර්යාලය Office - For healthy life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category