27/06/2026
🛑 ව්‍යාජ වෛද්‍ය සභා මැද පාරම්පරික වෙදකම බිල්ලට:
ආයුර්වේද බලධාරීන් තවමත් මරණින්දේද?
ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය සහ අහිංසක රෝගීන්ගේ ජීවිත සූරාකන මහා පරිමාණ ජාවාරමක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේම ක්‍රියාත්මක වෙමින් පවතී.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 40 යටතේ" වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට ඔවුන්ට බලය ඇතැයි පවසන, පුද්ගලික "ස්වදේශීය වෛද්‍ය සභාව" නම් අනීතික වෛද්‍ය සභාවක් හරහා, මුදලට පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමේ සහ අයදුම්පත් බෙදාහැරීමේ මහා පරිමාණ ජාවාරමක් මේ වන විට රට තුළ ප්‍රසිද්ධියේ ව්‍යාප්ත වෙමින් පවතී.
නීත්‍යානුකූලව ලංකාවේ පිළිගත් වෛද්‍ය සභා පවතින්නේ තුනක් පමණි. එසේ තිබියදී, මෙවැනි ව්‍යාජ කූට සංවිධානවලට වෛද්‍ය සභා පවත්වාගෙන යෑමට අයුරුවේද වෛද්‍ය සභාව ඉඩ දී බලා සිටින්නේ ඇයිද යන්න බරපතළ ගැටලුවකි.
🔍 ප්‍රශ්නය: ආයුර්වේද දෙපාර්තමේන්තුව ට අයත් ආයුර්වේද වෛද්‍ය සභාව උඩ බලාගෙන සිටින්නේ ඇයි?
මෙවැනි හොර වෛද්‍ය සභා ගැන සාක්ෂි සහිතව, සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ කරුණු හෙළිදරව් වෙද්දීත්, රටේ වගකිවයුතු ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති අයිරුවේද වෛද්‍යවරුන් සහ පාරම්පරික වෛද්‍යවරුන් ලියාපදිංචි කරන රජය පිළිගත් ආයුර්වේද වෛද්‍ය සභාව මුනිවත රකින්නේ ඇයි?
ඇත්තටම පාරම්පරිකව එන සැබෑ වෛද්‍යවරුන් පසුපස පන්නමින් ඔවුන්ට නීති දැමීමට උත්සාහ කරන බලධාරීන්, මෙවැනි මහා පරිමාණ මුදල් ගරන හොර ජාවාරම්කරුවන් දෙස ඇස් කන් පියාගෙන සිටින්නේ මන්ද යන්න මහජනතාවට සැකයක් මතු වී ඇත?
පොදු මහජනතාව මේ වන විට දැඩි අපහසුතාවයට සහ ව්‍යාකූලත්වයට පත්ව ඇත්තේ මෙම. හොර වෛද්‍ය සභා එකක් කියන විට, රාජ්‍ය ආයතන තවෙකක් පවසමින් එකිනෙකාට බෝලය පාස් කරගන්නා අයුරු දකින විට මහජනතාව මෙම ආණ්ඩුවේ ආයතන ය දෙස බලා පශ්චාත් භාගයෙන් හිනා පහළ කරයි.
අවසානයේ මහජනතාව පිළිගත යුත්තේ කවුරුන්ද?
මෙවැනි බරපතළ වංචා සිදුවෙද්දීත් නිල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර මහජනතාව දැනුවත් කිරීමට හෝ මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කොන්ද පණ නැති තරමට අයුරේද වෛද්‍ය සභාව පිරිහී හමාරය මෙසේ වූයේ ඇයි?
බරපතළ සැකය:
මේ නිහඬතාවය පිටුපස ඇත්තේ කුමක්ද? මෙම ව්‍යාජ වෛද්‍ය සභා මෙහෙයවන ජාවාරම්කරුවන්ගෙන්, රාජ්‍ය ආයුර්වේද වෛද්‍ය සභාවේ ඉහළ පුටුවල සිටිනා බලධාරීන් වෙත මාස් පතා විශාල වශයෙන් "පගාව" හෝ වෙනත් වරප්‍රසාද ලැබෙනවාද යන්න පිළිබඳව සමාජය තුළ සාධාරණ සැකයක් මතු වේ.
⚠️ මෙහි අවසාන ප්‍රතිඵලය:
අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ වීමයි!
රජයේ වැටුප් ලබාගනිමින්, වායුසමනය කළ කාමරවල පුටු රත් කරන නිලධාරීන් මීට වඩා වගකීමකින් ක්‍රියා කළ යුතුය. "හෙළ වෙදකම" Hela Wedakama - Medical Association වෛද්‍යවරුන් සුරැකීමේ සංවිධානය වන අප මේ කරන්නේ කිසිදු පඩියක් හෝ ලාභයක් බලාපොරොත්තුවෙන් තොරව, රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත සහ පාරම්පරික වෙදකම රැකගැනීම වෙනුවෙන් කරන පරාර්ථකාමී හෙළිදරව්වකි.
වගකිවයුතු බලධාරීන්ගෙන් අප සෘජුවම ඉල්ලා සිටින්නේ:
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ව්‍යාජ වෛද්‍ය සභා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා මොවුන් අත්අඩංගුවට ගන්න. මෙවැනි වංචනිකයන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍ය සභාවේ නිල ස්ථාවරය ප්‍රකාශ කරමින් වහාම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න.
මුදලට වෛද්‍ය ලියාපදිංචිය විකුණන ජාවාරම්කරුවන්ගෙන් අපේ දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රමය බේරාගන්න. මෙම හොර මගඩි පෙන්වා දුන් විට අප සමඟ වෛර බැඳ ගැනීමට උත්සාහ නොකර, වහාම නීතිය ක්‍රියාත්මක කර රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන්න!
ගරු Dr Nalinda Jayatissa සෞඛ්‍ය ඇමතිතුමනි, වහාම මේ ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වා මෙවැනි වංචනිකය නිලධාරීන්ට සහ ව්‍යජ වෛද්‍ය සභා අටවා එවායින් මුදල් ගරමින් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. මහජනතාවගේ යහපත් සෞඛ්‍යයක් අත්විඳීමේ අයිතිය ඔවුන්ට ලබා දීමට කටයුතු කරන්න ඔබතුමා මැදිහත් වන්න. මෙය ඔබතුමාගේ විෂය පථයයි..