16/05/2026
කෝටිපති බිස්නස්කාරයෙක් වෙච්ච සුමනපාලට එකපාරටම දැනගන්න ලැබෙනවා එයාගේ නෝනා වෙන මනුස්සයෙක් එක්ක රහස් සම්බන්ධයක් තියෙනවා කියලා. මේකෙන් සුමනපාලට ආවේ මාරම කේන්තියක්. 😡
මිනිහා කෙළින්ම ගියා පාතාලේ ඉන්න දක්ෂම 'ස්නයිපර්' කෙනෙක් වෙච්ච අපේ චුට්ටංව හම්බෙන්න.
සුමනපාල: "චුට්ටං, මම තමුසෙට ලක්ෂ 50ක් දෙනවා වැඩක් කරලා දෙන්න."
චුට්ටං: "කියන්න බොස්, මොකක්ද වෙන්න ඕනේ?" 😎
සුමනපාල අර චුට්ටංවත් එක්කගෙන ගියා නෝනයි හොර මනුස්සයයි හැංගිලා ඉන්න හෝටලේ ඉස්සරහා තියෙන උසම බිල්ඩිමේ වහළෙට. වහළෙට වෙලා චුට්ටං තුවක්කුව හෝටලේ කාමරේ ජනේලේ දිහාට දික්කර ගත්තා.
සුමනපාල: (හරිම කේන්තියෙන්) "අන්න අර ජනේලෙන් පේන්නේ මගේ ගෑනියි, අර කාලකණ්ණියයි. මට ඕනේ උඹ උණ්ඩ දෙකක් පාවිච්චි කරනවා බලන්න."
චුට්ටං: "හරි බොස්, කොතනටද තියන්න ඕනේ?"
සුමනපාල: "මගේ ගෑනි මට කරපු ද්‍රෝහිකමට, ඒකිගේ ඔළුවටම එකක් තියපන්. අරූ මගේ ගෑනිව අල්ලගත්තට, ඌට ආයෙ කවදාවත් ගෑනියෙක් දිහා බලන්න බැරි වෙන්න උගේ අහවල් එකටම (පිරිමිකමට) තියපන්!"
චුට්ටං කිසිම කතාවක් නැතුව තුවක්කුවේ ස්කෝප් (Scope) එකෙන් ජනේලේ දිහා බලන්න ගත්තා.
විනාඩියක් ගියා... තුවක්කුව දික්කරගෙන ඉන්නවා. 🕒
විනාඩි තුනක් ගියා... තාම වෙඩි තියන්නේ නැහැ.
සුමනපාලට දැන් ඉවසලම බැහැ. කේන්තියෙන් පුපුරනවා. 🤬
සුමනපාල: "මොකද යකෝ බලන් ඉන්නේ?! වෙඩි තියපන්! උන් දෙන්නා පැනලා යයි!!"
චුට්ටං තුවක්කුවෙන් ඇහැ ගන්නේවත් නැතුව, හරිම සන්සුන්ව සුමනපාලට මෙහෙම කිව්වා
චුට්ටං: "පොඩ්ඩක් ඉවසලා ඉඳපන් බොස්... තව තත්පර දහයක් දුන්නොත්, මට ඔය වැඩ දෙකම 'එක උණ්ඩයකින්' කරලා දෙන්න පුළුවන්!" 😏🎯🤣🤣🍿
මට පැහැදිලි කරන්න පුළුවන්ද කවුරු හරි උන්ඩ දෙකෙන් කරන්න තිබ්බ වැඩේ එක උන්ඩෙන් කරන්නෙ කෝමද කියලා 😳 Comment එකක් දාගෙන යන්නකො. වැඩ්ඩොන්ට බාරයි 😉😉
✍️ චුට්ටං
🔥✨