Ayurvedic Hospital, Belpamulla, Deiyandara

Ayurvedic Hospital, Belpamulla, Deiyandara හෙල වෙදකමෙ අග මුල සොයන්න,නීරෝගී සුව ලබන්න. සතුටින් ජීවිතය විඳින්න.

අද දින කටු චිකිත්සා සායනයේ අවස්ථා කිහිපයක්..👍
01/09/2026

අද දින කටු චිකිත්සා සායනයේ අවස්ථා කිහිපයක්..👍

දෙයියන්දර ඔබට නවමු අත්දැකීමක්..🙂🙂සෑම අඟහරුවාදා දිනකම අපරෝහලේ පැවැත්වෙන කටුචිකිත්සා සායනයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට දැන් ඔබ...
01/09/2026

දෙයියන්දර ඔබට නවමු අත්දැකීමක්..🙂🙂

සෑම අඟහරුවාදා දිනකම අපරෝහලේ පැවැත්වෙන කටුචිකිත්සා සායනයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට දැන් ඔබටත් අවස්ථාවක්..👍

🌿කටු චිකිත්සාව (Acupuncture) යනු වසර දහස් ගණනක් පැරණි, ශරීරයේ නිශ්චිත ස්ථානවලට ඉතා සිහින් ඉඳිකටු ඇතුළු කිරීම මඟින් රෝග සුව කරන, සාම්ප්‍රදායික චීන/කොරියන් වෛද්‍ය ක්‍රම වලින් පැවත එන්නකි.

🌿ප්‍රධාන ලක්ෂණ සහ ක්‍රියාකාරීත්වය..

නිල උත්තේජනය: ශරීරයේ ශක්ති ප්‍රවාහය (Qi) පාලනය කිරීමට සහ ස්නායු පද්ධතිය උත්තේජනය කිරීමට නිශ්චිත ලක්ෂ්‍ය (නිල ස්ථාන) විදිනු ලැබේ.

🌿කාලය: සාමාන්‍යයෙන් ඉඳිකටු මිනිත්තු 20 සිට 45 දක්වා කාලයක් ශරීරයේ රඳවා තබයි.

🌿ආරක්ෂාව: නිසි පුහුුදුණු වෘතිකයෙකු විසින් වඳ (sterilized) තනි භාවිත ඉඳිකටු භාවිතා කර සිදු කරන විට මෙය ආරක්ෂිත ක්‍රමයකි.

🌿ප්‍රතිලාභ සහ භාවිතය..වේදනා සහනය: පිටුපස, බෙල්ලේ සහ උරහිස් ආශ්‍රිත නිදන්ගත වේදනා ඉක්මනින් අවම කරයි.මානසික සුවය: ආතතිය, කාංසාව සහ නින්ද නොයාම වැනි තත්ත්වයන් පාලනය කරයි.ශරීර සෞඛ්‍යය: ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා හෝමෝන සමතුලිතතාවය වර්ධනය කිරීමට දායක වේ.කොඳු ඇට පෙලේ වේදනා,හිසරදය,හිස කෙස් සම්බන්ධ ගැටළු හා රූපලාවන්‍ය ගැටළු හොඳින් පාලනය කරයි..

ඒ අනුව මෙම කටු චිකිත්සා සායනය ඒ සම්බධයෙන් ඉතා පළපුරුදු වෛද්‍ය නිලදාරිනියකවන වෛද්‍ය සන්ධ්‍යා වර්ණාභරන මහත්මිය විසින් සෑම අඟහරුවාදා වකම බාහිර රෝගී අංශයේදී(OPD) සිදු කරනු ලබයි..

වැඩි දුර විස්තර අපගේ බාහිර රෝගී අශයෙන් (OPD) ලබා ගන්න.

හිතායු සුඛායු දීඝායු ..❤❤

ඔබ නැති මේ ලොවට...පුර සඳ එළිය කුමටද..??...😪😪නන්දා මාලනිය..අමාමහ නිවනින් සැනසේවා..🙏ඔබගේ වියෝවෙන් ශෝකයට පත්..පියසිරි රෝහල්...
21/08/2026

ඔබ නැති මේ ලොවට...
පුර සඳ එළිය කුමටද..??...😪😪

නන්දා මාලනිය..අමාමහ නිවනින් සැනසේවා..🙏

ඔබගේ වියෝවෙන් ශෝකයට පත්..
පියසිරි රෝහල් කාර්‍යණ්ඩලය

පසුගිය 13 වන දින ඖෂධ සංයෝජක තනතුරේ වැඩ භාරගත් ජී.එම්.සුනීත්‍රා මහත්මිය අද දින රාජකාරී ආරම්භ කරමින් සංයෝජක තනතුරේ කාර්‍යභ...
18/08/2026

පසුගිය 13 වන දින ඖෂධ සංයෝජක තනතුරේ වැඩ භාරගත් ජී.එම්.සුනීත්‍රා මහත්මිය අද දින රාජකාරී ආරම්භ කරමින් සංයෝජක තනතුරේ කාර්‍යභාරය ලිඛිතව ලබාගන්නා ලදි..🙏

වසර ගණනාවක සේවා පලපුරුද්දක් ඇති ඇයගේ ඉදිරි රාජකාරි දිවියට අපි හදවතින්ම සුබ පතමු..

පියසිරි රෝහල් කාර්‍යමණ්ඩලයේ අපි..🥰❤

අද දින සම්භාහක තනතුරේ වැඩ බාරගත් නදී ඩිල්ෂාරා මෙනවිය තනතුරට අදාලව රාජකාරී ලයිස්තුව ලබාගත් අවස්ථාව.🙏අ.පො.ස.උසස් පෙළ විද්‍...
10/08/2026

අද දින සම්භාහක තනතුරේ වැඩ බාරගත් නදී ඩිල්ෂාරා මෙනවිය තනතුරට අදාලව රාජකාරී ලයිස්තුව ලබාගත් අවස්ථාව.🙏

අ.පො.ස.උසස් පෙළ විද්‍යා අංශයෙන් අධ්‍යාපනය හදාරා සමත් වූ 11 දෙනෙක් පසුගියදා ප්‍රධාන අමාත්‍යාංශයේ දී තම පත්වීම් ලිපි බාරගන්නා ලදි.ඒ අනුව අප රෝහලට පත්වීම් ලද ඇයගේ රැකියා ජීවිතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වන්නට කාර්‍යමණ්ඩලයේ අපි සැවොම සුබ පැතුම් ගෙනඑමු..👍

❤️ අද මට දැනුණු සතුට…❤ආයතනයක් මෙහෙයවන ප්‍රධානියෙකුට ලැබිය හැකි ලොකුම ත්‍යාගය වන්නේ තනතුරට ලැබෙන ගෞරවය නොව, තමන් සමඟ එකට ...
07/08/2026

❤️ අද මට දැනුණු සතුට…❤

ආයතනයක් මෙහෙයවන ප්‍රධානියෙකුට ලැබිය හැකි ලොකුම ත්‍යාගය වන්නේ තනතුරට ලැබෙන ගෞරවය නොව, තමන් සමඟ එකට වැඩ කරන මිනිසුන්ගේ හදවතින්ම ලැබෙන ඇගයීමයි.
කිසිවෙකුගේ හදවතින් මෙවැනි ඇගයීමක් ලබන්නට හැකි වීම, ඇත්තටම සෑම ආයතන ප්‍රධානියෙකුටම ලැබෙන අවස්ථාවක් නොවේ.
අද මට දැනුණේ ඒ සතුටයි…
ඒ නිහතමානී ආඩම්බරයයි… ❤️
මම ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකමක් ලෙස සිතා කළ දේවල්,
ඔවුන්ගේ හදවතේ මෙතරම් වටිනාකමක් ගෙන ඇති බව දැනගැනීම
මගේ සේවා දිවියේ ලැබුණු වටිනාම ඇගයීම් අතරින් එකක්.
තනතුරකින් මිනිසුන් පාලනය කළ හැකියි…
නමුත් හදවතින් මිනිසුන් දිනාගත හැකියි.
මේ ඇගයීම මට පමණක් නොව,
අපි එකට ගොඩනගන ඒ සුන්දර කණ්ඩායමටම ලැබුණු ජයග්‍රහණයක්. 🙏❤️
ස්තූතියි…
මේ සෙනෙහස මට හැමදාම මතකයේ තියේවි. 🌿❤️

කා.භා.වෛ.නි
ලසන්ත අයි.ජයතුංග

දුරකට ගියත් නුඹ..අපටනම් සමුගැන්මක් නොවේ මෙය..🥰😪මේ පුංචි රටේ යළි කවදාහෝ..කෙදිනකදිහෝ ..යළි අප හමුවේවී..යළි අප හමුවේවි..❤🌹එ...
06/08/2026

දුරකට ගියත් නුඹ..අපටනම් සමුගැන්මක් නොවේ මෙය..🥰😪

මේ පුංචි රටේ යළි කවදාහෝ..කෙදිනකදිහෝ ..යළි අප හමුවේවී..යළි අප හමුවේවි..❤🌹

එතෙක්..👍

වැඩ භාර ගැනීම...👍ස්ථාන මාරු ලැබ පැමිණි උපස්ථායක රණවීර ගේ සුනිල් මයා සහ උපස්ථායිකා N.S.T.නිලංගා මහත්මිය අද දින අප රෝහලේ ර...
06/08/2026

වැඩ භාර ගැනීම...👍

ස්ථාන මාරු ලැබ පැමිණි උපස්ථායක රණවීර ගේ සුනිල් මයා සහ උපස්ථායිකා N.S.T.නිලංගා මහත්මිය අද දින අප රෝහලේ රාජකාරී සඳහා වාර්තා කල අතර ඔවුන් වෙනුවෙන් සේවා කොන්දේසි භා රාජකාරී ලයිස්තු භාරදුන් මොහොත..
රෝහලේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය්ය වාසනාව නොඅඩුව ලැබේවා කියා කාර්‍යමණ්ඩලයේ අපි ප්‍රාර්ථනා කරමු...🙏

සෙනෙහසේ ආචාරය…🙏🙏රේණු සහ දර්ශන වෙත…❤🌹දෙයියන්දර සුව වෙද බිමේඅප හා එක්වඅවුරුදු අටක් පුරාවට රේණුත්,අවුරුදු තුනක් පුරාවට දර්ශ...
05/08/2026

සෙනෙහසේ ආචාරය…🙏🙏

රේණු සහ දර්ශන වෙත…❤🌹

දෙයියන්දර සුව වෙද බිමේ
අප හා එක්ව
අවුරුදු අටක් පුරාවට රේණුත්,
අවුරුදු තුනක් පුරාවට දර්ශනත්,
තනතුරකට පමණක් සීමා නොවී
හදවතින්ම කළ සේවය
අපට කිසිදා අමතක නොවේ…
ආයුර්වේද සේවා සහායකයන් ලෙස
මේ පින් බිමේ දොරටුවෙන් ඇතුළු වී,
රෝගීන්ගේ දුක දැක,
ඔවුන්ගේ වේදනාවට ළං වී,
සුවය සොයා පැමිණි මිනිසුන්ට
වචනයකින් හෝ සැනසුමක් දෙන්නට
ඔබ දෙදෙනා කළ කැපවීම
මෙ බිමේ ගල් බිත්ති අතරත්
අදටත් රැඳී ඇත…
රෝහලක් යනු
වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාරයෙන් පමණක්
ගොඩනැගෙන තැනක් නොවේ…
එය
හදවතින් වැඩ කරන මිනිසුන්ගෙන්
ගොඩනැගෙන ජීවමාන ස්ථානයකි.
ඒ ජීවමාන බව
තවත් සුන්දර කළ
මිනිසුන් දෙදෙනෙකු
ඔබ දෙපළයි…
රෝහලේ වැඩකටයුතු අතරතුර
පොඩි වැඩක් වුවද
“මේකත් අපි කරමු” කියා
උරෙන් උර ගැටී
රෝහල වෙනුවෙන් කළ ඔබේ කැපවීම…
හිසතෙල් ගෑමේ උත්සව,
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව,
වෙසක්… පොසොන්…
දන්සැල්…
විවිධ වාර්ෂික උත්සව…
මේ සියල්ල තුළ
ඔබ දෙදෙනාගේ දෑතේ සලකුණක් තිබුණි.
රෝහලේ වටපිටාව
සුන්දර කරමින්,
ගෙවත්තක් සේ සරසමින්,
මල් පැලක් සිටුවීමේ සිට
ගාඩ්න් එකක් ලස්සන කිරීම දක්වා
රෝහල තමන්ගේම තැනක් සේ සලකා
ඔබ කළ ඒ කැපවීම
අපට අමතක කළ නොහැක.
ඵලදායිතා තරඟයේ ජයග්‍රහණයත්,
දකුණු පළාතේ හොඳම රෝහලක් බවට
අපේ රෝහල පත්වූ ඒ ගමනත්,
ඔබ දෙදෙනාගේ දායකත්වයෙන්
තවත් ශක්තිමත් වූ බව
අද අපි ගෞරවයෙන් සිහිපත් කරමු.
නමුත්…
ඔබ දෙදෙනාගේ සේවයේ
වටිනාකම මනින්නට
සම්මානවලටවත්,
ජයග්‍රහණවලටවත් නොහැකිය.
ඒ වටිනාකම
අපට කියා දුන්නේ
දෙයියන්දර ජනතාවයි…
රෝහලට පැමිණි රෝගීන්
ඔබ දෙදෙනාට දැක්වූ ආදරය,
විශ්වාසය,
හෘදයාංගම සුහදත්වය
අපි අපේ ඇස් දෙකෙන්ම දුටුවෙමු.
ඔබ කළ කැපකිරීම ගැන
ගම්වාසීන් කතා කළහ…
ඔබ දෙදෙනා ගැන ඇති වූ
ආදරය හා විශ්වාසය නිසා
තවත් බොහෝ දෙනා
මේ රෝහල සොයා පැමිණියහ.
ඒ ආදරය
රෝහලට ලැබුණු
දායකත්වයන් ලෙසත්,
පරිත්‍යාගයන් ලෙසත්,
තවත් බොහෝ ආශිර්වාදයන් ලෙසත්
අප වෙත ආපසු පැමිණියේය.
ඒ නිසාම
ඔබ දෙදෙනාගේ සේවය
රෝහලේ කාර්ය මණ්ඩලයට පමණක් නොව,
දෙයියන්දර ජනතාවගේ හදවත්වලටත්
අයිති මතකයකි.
අද…
ඔබ දෙදෙනා
මේ බිමෙන් නික්ම යන්නේ
පරාජයකින් නොවේ.
ජයග්‍රහණයකින්…
ආයුර්වේද සේවා සහායකයන් ලෙස
කළ සේවයට
තවත් උසස් වටිනාකමක් එක් කරමින්,
විභාගයෙන් ජය ලබා,
උපස්ථායක තනතුරට උසස්වීම් ලබා
ඔබ දෙදෙනා
අලුත් ගමනකට පා තබන්නෙහුය.
එය අපට සතුටකි…
එය අපට ආඩම්බරයකි…
සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය…
ඔබ ලැබූ මේ නව කිරුළ
ඔබේ කැපවීමට ලැබුණු
වටිනා ඇගයීමකි.
එහෙත්…
ඔබ යන මොහොතේ
මේ රෝහලට ඇතිවන පාඩුව
අපට නොදැනෙනවා නොවේ.
🌹රේණු…
අවුරුදු අටක්
මේ බිමේ හුස්මක් සේ
අප හා සිටි ඔබ…
🌹දර්ශන…
අවුරුදු තුනක්
කෙටි කාලයක් වුවද
දිගු මතකයක් ඉතිරි කළ ඔබ…
අද ඔබ දෙපළ යන්නේ
අපෙන් දුරකට පමණි.
ඔබ කළ සේවය
මේ බිමෙන් දුර යන්නේ නැත.
ඔබ තැබූ පිය සටහන්
මේ ගෙවත්තේ මල් අතරත් ඇත…
ඔබේ සිනහව
මේ බිමේ මතක අතරත් ඇත…
ඔබේ දෑතින් හැඩ වූ
මේ රෝහලේ සුන්දරත්වය අතරත් ඇත…
ඔබට ආදරය කළ
රෝගීන්ගේ හදවත් තුළත් ඇත…
ඒ නිසාම
ඔබ දෙදෙනාගේ නික්ම යාම
අපට සමුගැනීමක් නොවේ…
ඔබ කළ මෙහෙවරට
අපේ ගෞරවය පුදන
මොහොතකි.
ඔබේ නව තනතුරේ
නව වගකීම් අතර
ඔබේ මනුෂ්‍යත්වය
තව තවත් මල් පිපේවා!
ඔබ යන සෑම තැනකම
රෝගීන්ගේ ආදරය ලබන්නටත්,
ඔබේ සේවයෙන්
තවත් මිනිසුන් සුවපත් කරන්නටත්,
ඔබේ ජීවිතය
සතුටින් හා සැනසීමෙන් පිරෙන්නටත්
අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
දෙයියන්දර සුව වෙද බිම
ඔබට දුන් මතක රැගෙන යන්න…
අපි ඔබට දෙන
ආදරයත්, ගෞරවයත්,
ආශිර්වාදයත්
ඔබේ නව ගමනට
ශක්තියක් වේවා…
🌹රේණු… දර්ශන…
ඔබ දෙපළ මේ බිමෙන් නික්ම ගියත්,
මේ බිම ඔබ දෙපළගෙන් නික්ම නොයනු ඇත…
ඔබේ දෑතින් හැඩ වූ
මේ රෝහලේ සෑම මල් කැකුළකම,
ඔබේ සිනහවක මතකයක් ඇත…
ඔබේ කැපවීමෙන් සුවය ලැබූ
සෑම රෝගියෙකුගේම හදවතක,
ඔබට තුති පිරුණු
වචනයක් ඇත…
ඔබට ආදරය කළ
දෙයියන්දර ජනතාවගේ හදවත්වල,
ඔබ දෙපළ වෙනුවෙන්
සදා නොමැකෙන තැනක් ඇත…
එබැවින්…
මෙය සමුගැනීමක් නොවේ…
ඔබේ කැපවීමට
අපේ ගෞරවයයි…
ඔබේ මිත්‍රත්වයට
අපේ සෙනෙහසයි…
ඔබේ නව ගමනට
අපේ ආශිර්වාදයයි…
🌹රේණු… දර්ශන…
**දෙයියන්දර සුව වෙද බිමෙන්
ඔබ දෙපළට පුදන
අපේ හද පිරි
“සෙනෙහසේ ආචාරයයි…”**
වාසනාවන්ත අනාගතයකට
හදවතින්ම සුභ පැතුම්!

කාර්යභාර වෛද්‍ය නිළධාරී
ලසන්ත අයි.ජයතුංග
රජයේ ආයුර්වේද රෝහල
බෙල්පාමුල්ල දෙයියන්දර
2026.08.05

සමුගන්න මොහොතකට පෙර එක වතාවක්....🥰❤🌿
04/08/2026

සමුගන්න මොහොතකට පෙර එක වතාවක්....🥰❤🌿

Address

H. P. Piyasiri Government Ayurweda Hospital, Seenipella Road, Belpamulla
Deiyandara

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 12:00

Telephone

+94413145060

Website

Alerts

Be the first to know and let us send you an email when Ayurvedic Hospital, Belpamulla, Deiyandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Ayurvedic Hospital, Belpamulla, Deiyandara:

Shortcuts

Share