Life Check, Family Medical Clinic , Marandagahamula

Life Check, Family Medical Clinic , Marandagahamula We provide you the best primary care experience beyond your expectations by a well qualified family physician.

Our Services

Out patient Department
Minor Surgeries
Laboratory services
Diabetic Clinic
Well women clinic
Skin,Hair & Cosmetic Clinic

29/12/2023
25/01/2022

"ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් හොඳ ආරක්ෂාවකට බූස්ටර් මාත්‍රාව අත්‍යවශ්‍යයි"

අප රට තුළ දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන් ගණන යළිත් වතාවක් ඉහළ යමින් පවත්නා බවත්, පැතිරෙමින් පවතින ප්‍රධාන ප්‍රබේධය බවට ඩෙල්ටා ඉක්මවමින් ඔමික්‍රෝන් පත්වෙමින් ඇති බව දැනටමත් ඔබ දන්නවා ඇති. පෙර පැවති ප්‍රබේධ ආසාදනයෙන් ආරක්ෂා වීමට සහ රෝගය වැළඳුනත් අසාධ්‍යවීම වැළැක්වීමට අපේ රටේ බොහෝ දෙනා මාත්‍රා දෙකක පූර්ණ එන්නත්කරණය කෙරෙහි විශ්වාසය තැබූ බවත් අප දන්නවා. එනමුත්, ඔමික්‍රෝන් ආගමනයත් සමඟ අප ප්‍රතිශක්තිකරණයේ තවත් ඉදිරි පියවරකට යා යුතු බව අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් මඟිනුත් තහවුරු වී තිබෙනවා.

Harvard, MIT, Ragon Institute සහ MGH ආයතන මගින් Cell නැමැති ලොව ඉහළ පෙළේ විද්‍යා සඟරාවක පළ කරන ලද පර්යේෂණයක දත්ත වාර්ථා වලට අනුව ලොව පුරා ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් ඇතිවන කොරෝනා ආසාදන වැලැක්වීම සඳහා සාමාන්‍යයෙන් ලබාදෙන එන්නත් මාත්‍රා දෙකෙන් පමණක් සැලකිය යුතු ආරක්ෂාවක් නොලැබෙන බවත් තුන්වෙනි "බූස්ටර්" මාත්‍රාවක් ලබා ගැනීමත් සමග මෙම ආරක්ෂාව ඉතා ඉහළ අගයකට යන බවත් සොයාගෙන තිබෙනවා..

මේ සඳහා හේතුව ලෙස අනුමාන කරනුයේ මෙම නව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ‘ස්පයික් ප්‍රෝටීන’ කොටසේ සිදුවී ඇති විකෘතිතා ගණන මීට ප්‍රථමව හඳුනාගත් ප්‍රභේද වලට වඩා ඉතා වැඩි බැවින් එන්නත් මාත්‍රා දෙකකින් පමණක් ජනනය වන ප්‍රතිදේහ වලට මෙම ප්‍රෝටීන කොටස හා සම්බන්ධ වී වෛරසය නිෂේධනය කිරීමේ කාර්යක්ෂමතාවය අඩු වීම යි. නමුත් තුන්වන මාත්‍රාවකින් පසුව ජනනය වන ප්‍රතිදේහ ප්‍රමාණය ඉතාමත් වැඩි නිසාත් එහි කාර්යක්ෂමතාවය ද වැඩි බැවින් එමගින් ඉතා හොඳ ආරක්ෂාවක් ලැබෙන බවට තවදුරටත් ​​තහවුරු වී තිබෙනවා.

ලොව බොහෝ රටවල් තම තමාගේ ජනගහනය හැකි ඉක්මනින් එන්නත් කිරීමට උත්සුක වන මේ අවස්ථාවේදී ලංකාව තුල බූස්ටර් මාත්‍රාව සියලු දෙනාටම ලබාදීම සඳහා ඇති පමණ එන්න තිබීම අප සියලු දෙනාම සතුටට පත්විය යුතු කාරණාවක්.

ලංකාව තුළ ද ඉතා ඉක්මනින් පැතිරීගෙන යන ඔමික්‍රෝන් ප්‍රභේදය ඉදිරි සති කීපය ඇතුළත දී ලංකාව තුළ විශාල පිරිසක් ආසාදනය කිරීමට හැකි බව විශේෂඥයින් විසින් අනතුරු අඟවා ඇති තිබෙන මේ අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට හැකි ඉක්මනින් ඔබට ලබා දෙන බූස්ටර් එන්නත ලබා ගැනීම සඳහා යොමුවන ලෙසටයි. ඉතා පටු අරමුණුවලින් පතුරුවාහැරෙන මිත්‍යාමතවලට නොරැවටී , ඇතැම් අයට පමණක් ඇතිවන සහ එසේ වුවත් දින කිහිපයකින් අවසන්වන සුලු අතුරු ආබාධ පිළිබඳව නිවැරදි දැනුම සහිත ඔබ තව දුරටත් තුන්වන මාත්‍රාව ප්‍රමාද නොකරනු ඇතැයි අප විශ්වාස කරනවා.

මෙය ඔබගේ ආරක්ෂාවට පමණක් නොව බාධාවකින් තොරව අපගේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමටත්, රටේ ආර්ථිකය නගා සිටුවීම සඳහා අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව කරගෙන යෑමටත් මේ මොහොතේ අපට ලබාදිය හැකියි හොඳම සහයෝගය වනවා නොඅනුමානයි.

Address

No-1, 2 Sanasa Shopping Complex, Negombo Road, Marandagahamula
Divulapitiya
11260

Opening Hours

Monday 07:00 - 10:00
17:00 - 21:00
Tuesday 07:00 - 10:00
17:00 - 21:00
Wednesday 07:00 - 10:00
17:00 - 21:00
Thursday 07:00 - 10:00
17:00 - 21:00
Friday 07:00 - 10:00
17:00 - 21:00
Saturday 07:00 - 10:00
17:00 - 21:00
Sunday 07:00 - 10:00
17:00 - 21:00

Telephone

+94762768395

Website

Alerts

Be the first to know and let us send you an email when Life Check, Family Medical Clinic , Marandagahamula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Life Check, Family Medical Clinic , Marandagahamula:

Shortcuts

Share

Category