14/02/2026
නවක විවාහපත් යුවල් වෙනුවෙන් පවත්වන නවදිවි සැසියක් අද දින උදෑසන 8 සිට දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාල පරිශ්‍රයේදී මෙලෙස පැවැත්වුණා.
ආදරවන්තයින්ගේ දිනය සතුටින් සහ අර්ථවත්ව ගත කරන්න අපේ ආරාධනාව පිළිගත් යුවල් 50ක් පමණ අද දවසේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට එකතු වුණා. මේ සෑම දෙනෙක්ම අපේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් විසින් නිර්මාණය කරපු රෝස මලක් දීලා පිළිගත්තේ අද දවස ජීවිතේ අමතක නොවන මතකයන් පිරුණු දවසක ආරම්භයක් කරමින්..❤️
මෙහිදී නවදිවි සුව පිරික්සුම් පත හරහා යුවලගේ සෞඛ්‍ය තත්වය සහ ඒ හා බැඳුණු කාරණා පිළිබඳ විමසූ අතර වෛද්‍යවරුන් මඟින් ඔවුන් පරික්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය උපදෙස් සහ යොමු කිරීම් සිදු කරනු ලැබුණි. එලෙසම ලිංගිකත්වය, ලිංගාශ්‍රිත රෝග, පෝෂණය, පවුල් සැලසුම් කිරීම, හිංසනයෙන් තොර පවුලක් පවත්වා ගැනීම, මත්ද්‍රව්‍ය භාවිතය ආදී වූ කාරණා පිළිබඳ සාකච්ඡා මෙහිදී පවත්වනු ලැබුවා. අවසානයේදී 'සුපිරි යුවලක්' ලෙස දියුණු වෙන්න එදිනෙදා ජීවිතයේ කල හැකි දේ පිළිබඳ සාකච්ඡාවක් ගනු ලැබූවා.
ඉතින් වැඩසටහන පස්වරු 12.30 වෙද්දි අවසන් වුණේ අපිටත් සතුටුදායක අදහස් මල්ලකුත් එක්ක. ඒ කීපයකුත් පහළින් අපි දාන්න හිතුවේ මේ සේවාව ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබේ දැනගැනීමත් පිණිස.
ඉතින් ඔබත් නවක විවාහපත් යුවලක් නම් ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීතුමිය හරහා ලියාපදිංචි වී මේ නව දිවි සේවාව ඉදිරියට ලබා ගන්න ඔබටත් පුළුවන්..🤗