Base Hospital Diyathalawa

Base Hospital Diyathalawa Welcome to Base Hospital Diyathalawa face book page, your trusted healthcare partner in Uva Wellassa

30/08/2026
🥗ආහාර යනු මිනිසාගේ ජීවිතයට අවශ්‍ය  සම්පතකි.නමුත් අද වන විට නිවෙස්,පාසල්,රෝහල්,ආපනශාලා වලින් විශාල වශයෙන් ආහාර අපතේ යාම ස...
20/08/2026

🥗ආහාර යනු මිනිසාගේ ජීවිතයට අවශ්‍ය සම්පතකි.නමුත් අද වන විට නිවෙස්,පාසල්,රෝහල්,ආපනශාලා වලින් විශාල වශයෙන් ආහාර අපතේ යාම සිදුවේ...
🥗රෝහල් තුළ නේවාසික රෝගීන් සඳහා රෝහල මගින් ගුණදායක ආහාර වේලක් සපයනු ලබයි.. බොහෝ අවස්ථාවන්වල ඔවුන්ගේ නිවෙස් වලින්ද ආහාර රැගෙන ඒම නිසා රෝහල් තුළ ආහාර අපතේ යාම බහුලව දැකිය ...
🥗මෙලෙස ආහාර අපතේ යාම වළක්වා ගැනීම සඳහා ක්‍රීය දායකවීම අපගේ යුතුකමකි...

🥗🥗🥗🥗ආහාර අපතේ යාම වැළැක්වීමට අපට කළ හැකි දේවල්.....
🍚නිවෙස් වලින් ආහාර රැගෙන ඒම හැකිතාක් සීමා කිරීම....
🍚ආහාර බෙදා ගැනීමේ දී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ම ආහාර බෙදා ගැනීම...
🍚අනවශ්‍ය ලෙස අතිරේක ආහාර වර්ග තබා නොගැනීම....
🍚නිවසින් ආහාර රැගෙන එන රෝගීන්ට රෝහල මගින් ආහාර ඇනවුම් නොකර සිටීම....

✏️රෝහල් පරිශ්‍රය තුළින් බුලත් විට කෑම,බුලත් කෙළ ගැසීම,දුම්වැටි භාවිතය විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරවන කාරණයක් බවට පත්...
20/08/2026

✏️රෝහල් පරිශ්‍රය තුළින් බුලත් විට කෑම,බුලත් කෙළ ගැසීම,දුම්වැටි භාවිතය විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති කරවන කාරණයක් බවට පත්ව ඇත....
✏️මෙම තත්ත්වය වළක්වා ගැනීමට සහ රෝහල් භූමියේ පවිත්‍රතාවය ආරක්ෂා කර ගැනීමට ආයතනය මගින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත....
✏️ප්‍රදේශයේ මහජනතාව ලෙස ,ඔබගේ සේවය සඳහා කැපවූ රෝහල් භූමියක් තුළ මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වේ...

💊 රෝගයක් සුවපත් වීමේදී ඖෂධ  සත්කාර සේම පිරිසිදු පරිසරයක් හා නෙතට ප්‍රියමනාප වටපිටාවක් ද බොහෝ සේ වැදගත් වේ.💊රෝගී වී ප්‍රත...
20/08/2026

💊 රෝගයක් සුවපත් වීමේදී ඖෂධ සත්කාර සේම පිරිසිදු පරිසරයක් හා නෙතට ප්‍රියමනාප වටපිටාවක් ද බොහෝ සේ වැදගත් වේ.
💊රෝගී වී ප්‍රතිකාර ලැබීමට රෝහල් ගත වූ විට රෝහල ඔබේ දෙවැනි නිවස හා සම වේ..
💊එහි පිරිසිදුකම පවත්වා ගැනීම කාර්ය මණ්ඩලයේ වගකීමක් පමණක් නොවෙයි අපගේ යුතුකමක් සේද සලකමු..
💊රෝහල තුළින් අද බහුලව දැකිය හැකි ගැටලුවක් වී ඇත්තේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සහ ඔවුන්ගේ රැකබලා ගන්නන් විසින් බුලත් විට කෑම මගින් රෝහලේ කානු පද්ධති හා බොහෝ ස්ථාන ආඅශ්‍රිත අපවිත්‍ර කිරීමයි..
💊මෙය ඉතා විශාල සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට බලපෑ හැකි කාරණයකි...
💊ඔබ මෙන්ම තවත් අයෙක් රෝගාතුර කිරීමට හැකි දෙයකි....
💊රෝහල් පරිශ්‍රය තුළින් දුම්වැටි භාවිතය ද මෙවන් තවත් ගැටලුවකි ....
💊එයද ඔබ මෙන්ම අනෙකුත් අයද රෝගී කරවන ක්‍රියාවකි....
💊රෝගීන් සුවපත් කිරීමට මහඟු දායකත්වයක් දෙන ස්ථානයක් තවත් රෝගියෙකුට බිහිකිරීමට දායක වන ස්ථානයක් බවට පත්වෙන මෙවන් ක්‍රියාවන්වලින් වැළකී සිටීම අප සැමගේ යුතුකමක් සේම වගකීමක් ලෙසද කටයුතු කරමු....
💊පොලිතීන් ප්ලාස්ටික් වැනි දේවල් රෝහල් භූමිය තුළට ගෙන ඒම අවම කර අප සැම භූමිය පිරිසිදුව තබා ගැනීමට දායක වෙමු......
💐💐💐💐💐💐💐💐💐

අද දින දියතලාව මූලික රෝහලට එක්වූ නව සාමාජිකයා   💐💐
11/08/2026

අද දින දියතලාව මූලික රෝහලට එක්වූ නව සාමාජිකයා 💐💐

Address

12 Fair Road
Diyatalawa
90150

Website

Alerts

Be the first to know and let us send you an email when Base Hospital Diyathalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share