09/05/2026
බෙල්ලේ ස්නායු තෙරපීමක් (Cervical Radiculopathy) නිසා පපුව පෙදෙසේ වේදනාවක් හෝ අපහසුතාවයක් ඇති වීමේ හැකියාව පවතිනවා. මෙය වෛද්‍ය විද්‍යාවේදී "Cervical Angina" ලෙස හඳුන්වනු ලබනවා.
බෙල්ලේ සිට එන ස්නායු තෙරපීම පපුවට බලපාන ආකාරය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ:
1. වේදනාව දැනෙන ආකාරය
බෙල්ලේ පහළ කොටසේ (විශේෂයෙන් C6 සහ C7 යන කශේරුකා අතර) ස්නායු තෙරපීමකට ලක් වූ විට, එම වේදනාව ස්නායු දිගේ ගමන් කර පහත ස්ථානවලට පැතිරෙන්න පුළුවන්:
පපුවේ ඉදිරිපස බිත්තියට.
උරහිස් සහ අත් දිගේ පහළට.
පිටුපස උරහිස් තල (Shoulder blades) අතර ප්‍රදේශයට.
2. හෘද රෝගී තත්වයක් සමඟ ඇති පටලැවිල්ල
බොහෝ විට මෙහිදී ඇතිවන පපුවේ වේදනාව, හෘදයාබාධයකදී ඇතිවන වේදනාවට සමානකමක් දක්වන නිසා රෝගීන් අනවශ්‍ය ලෙස බියට පත් විය හැකියි. නමුත් මේ දෙක අතර වෙනස්කම් කිහිපයක් තිබේ:
ස්නායු තෙරපීමකදී: බෙල්ල හරවන විට හෝ අතක් ඔසවන විට වේදනාව වැඩි වීම හෝ වෙනස් වීම සිදු වේ.
හෘද රෝගයකදී: වේදනාව සාමාන්‍යයෙන් ඇති වන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන විටයි.
3. වෙනත් රෝග ලක්ෂණ
බෙල්ලේ ස්නායු තෙරපීමක් පපුවට බලපානවා නම්, ඒ සමඟම ඔබට මේ රෝග ලක්ෂණද තිබිය හැකියි:
අත්වල හිරිවැටීම හෝ "කටු අනින්නාක්" වැනි හැඟීම.
බෙල්ලේ තද ගතිය සහ වේදනාව.
අත්වල මාංශ පේශිවල දුර්වලතාවය.
වැදගත් අවවාදය:
පපුවේ වේදනාවක් දැනෙන ඕනෑම අවස්ථාවක, එය ස්නායු තෙරපීමක් යැයි ඔබම තීරණය නොකරන්න. පපුවේ වේදනාව හෘද රෝගයක් නිසා ඇති වූවක් නොවන බව තහවුරු කර ගැනීමට වහාම වෛද්‍යවරයෙකු හමු වී ECG පරීක්ෂණයක් වැනි මූලික පරීක්ෂණ සිදු කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
ඔබගේ ගැටලු කොමෙන්ට් කරන්න.
#අත්හිරිය #අත්කැක්කුම #ස්නායුරෝග #විලුඹ #ලක්ෂණ #තෙරපීම #කැක්කුම #තුනටියේ #රෝග
තවදුරටත් කියවීමට....
කොදු ඇටපෙළ ආශ්‍රිත ස්නායු තෙරපීම තරුණ තරුණියයන් හා මැදිවයස් කාණ්ඩ අතර බහුලව අප සායන වලට පැමිණෙන රෝගීන් තුල දක්නට ලැබෙනවා
මේ සඳහා බලපාන හේතු සාධක කීපයක්ම ඇත. ඒවා පහත පරිදිය.
1) දවසේ වැඩි වේලාවක් එකම ඉරියව්වකින් වාඩිවී වැඩ කිරීම .
2) දහවල නිදා ගැනීම.
3) රාත්‍රි කාලයේ නිදි වැරීම.
4) වළ ගොඩැලි ඇති අසම බිමක නිදාගැනීම හෝ එවැනි කොට්ටයක් හිසට තබාගෙන නිදාගැනීම .
5) තදින් ඇස් ඇර උඩ බැලීම.
6) පහර වැදීම් / වැටීම්/ පෙරළීම් ආදියෙන්
7) බෙල්ලේ පිටුපස ඇති ග්‍රීවා කශේරුකාවල බිම්බ ( Disks ) පටු වීමෙන් හෝ බිම්බ දිරීමෙන්
8) වර්තමාන සමාජයේ නම් බෙල්ල නවාගෙන බොහෝ වේලාවක් ජංගම දුරකතනය භාවිතා කිරීම
9)හිස මතින් බර ගෙනයාම/දැරිය නොහැකි බර එසවීම.
10) ශාරීරික ව්‍යායාම පමණට වඩා සිදු කිරීම.
ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?
මුලින්ම බෙල්ලේ හෝ උරපතු දෙක අතර වේදනාවක් ඇතිවේ. (C5-C7) මෙය බොහෝවිට නිදි උලුක්කුවක් ලෙස රෝගීහු තේරුම් ගනියි.
ඉදිරි කාලය ඇතුලත එය අත දිගට විහිදීමට පටන් ගනියි
මෙය ඉතා දරුණු වේදනාවක් වන අතර නින්දේදී පවා එය අධික ලෙස උත්සන්න විය හැක.
උරපත්තට වැලමිටට හෝ මැණික් කාටුව ප්‍රදේශයට විහිදිය හැකිය.
මේ සමගම අතේ විවිධ මාංශ පේශි දුර්වල වීමට හැකියාව පවතී. ඒ වගේම අත දිගේ යන හිරියක් ඇතිවේ එය ඇතැම් විට දබර ඇඟිල්ල දක්වා ගමන් කල හැක.
නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර මගින් මෙම ස්නායු රෝගී තත්වය සාර්ථකව සුවකර ගත් හැක..
ඔබට පහත රෝග ලක්ෂණ සති කීපයක් තිස්සේ හෝ වරින් වර මතු වේනම් එය cervicogenic headache ලෙස හැදින්වේ.
බෙල්ලේ පිටුපස සිට හිස දෙසට එන කැක්කුම
බෙල්ල හැරවීමේදී එන වේදනාව
බෙල්ලේ සිට ඇස දෙසට එන වේදනාව
ඔලුව ගැස්සීමේදි (කිවිසුමක් යෑම) බෙල්ලේ සිට කණ පිටුපසින් හිස දෙසට එන වේදනාව
හිසේ කැක්කුම හිසේ එක් පැත්තකට පමණක් බලපෑම.
ඉහත රෝගී තත්වය බෙල්ල පිටු පස කොදු ඇට පෙළේ මුල් පුරුක් වල (C1-C3) ගැටලුවක් නිසා සිදුවන ස්නායු තෙරපීමකදී උරහිසේ මාංශ පේශි තද විමක් සමඟ ඇති වන තත්වයකි. මෙය ඉරුවාරදය(මිග්ග්‍රේන්) වලින් වෙන් කොට හදුනා ගත යුතුයි..
නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර හා උපදෙස් මගින් සුවතාවයට පත්වීමට ඔබට පුලුවන්..
වැරදි ඉරියව්වකින් නිදා ගැනීම, නිතර හිස නවාගෙන පොත් කියවීම හෝ පරිඝණක,දුරකතන භාවිතා කිරීම, කොන්දෙ මුල් පුරුක් වලට සිදුවන අනතුරු, ආතරයිටිස් මෙන්ම වයස්ගත වීම..මෙම රෝග තත්වයට හේතු වේ.
බෙල්ලේ කැක්කුම සඳහා නිවසේදී සිදුකළ හැකි පිළියම්
පළමු දින කිහිපය සඳහා තැවීම, නැතහොත් උණුසුම් ස්නානය කළ යුතුය.
රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන බර එසවීම ක්‍රීඩා කිරීම වැනි කාර්යයන් වලින් විවේක ගත යුතුය.
රෝග ලක්ෂණ පහව යන විට සාමාන්‍ය ක්‍රියාකාරකම් සෙමෙන් නැවත ආරම්භ කළ හැකිය.
බෙල්ලේ ව්‍යායාම සෑම දිනකම සිදු කළ යුතුය.
හිස සෙමෙන් දෙපැත්තට සහ ඉහළට සහ පහළට චලනය කළ යුතුය.
නිසි ඉරියව්ව පුහුණු කළ යුතුය.
ඉරියව්ව නිතර වෙනස් කරන්න, දිගු වේලාවක් එකම ඉරියව්වෙන් හිටගෙන හෝ වාඩි නොවන්න.
මෘදුව බෙල්ල සම්බාහනය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වෙනවා.
නිදාගැනීම සඳහා විශේෂ කොට්ටයක් භාවිතා කරන්න.
වෛද්‍යවරයෙකුගේ අවසරයකින් තොරව බෙල්ලට පටි භාවිතා නොකළ යුතුය, මන්ද නුසුදුසු භාවිතය රෝග ලක්ෂණ වඩාත් නරක අතට හැරෙන්න පුලුවන්.
සති කිපයක් තිස්සේ මෙම රෝගී තත්වය අඩු වැඩි වෙමින් පවතීනම් ඔබ සුදුසුකම් ලත් වෛද්‍යරයෙක් මුණගැසී ප්‍රතිකාර ආරම්භ කල යුතුයි..
නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර මගින් සැත්කමකට නොගොස් මෙය සුවකර ගත් හැකියි..
Read more.............
ස්නායු තෙරපීම බොහෝ විට සිදුවන්නේ බෙල්ලේ (cervical) සහ කොන්දේ තුනටිය ආශ්‍රිතව (lumber region) ය. බෙල්ලේ ඇතිවන ස්නායු තෙරපීම් මගින් උරහිස් හෝ අත් වල වේදනා හිරිවැටීම.
බෙල්ල හැරවීමේ අපහසුව.
හිස දෙසට එන කැක්කුම.
පපුව හිර කිරීම.
අත දිගේ සහ ඇගිලි කැක්කුම, හිරිය
ඇති වන අතර කොන්දේ තුනටියේ ඇතිවන ස්නායු තෙරපීම් මගින් බොහෝ විට පාද වල තට් ටම් කලවා බත්කෙන්ඩේ කැක්කුම් වේදනා හිරි ඇති වේ. රෝග ලක්ෂණ ශරීරයේ එක් පැත්තක හෝ දෙපැත්තෙන්ම ඇතිවිය හැකිය.
♦️ස්නායු මූලයන් තෙරපීමට හේතු
1️⃣Disc herniation
2️⃣Osteophyte formation (bone growth)
3️⃣Osteoarthritis of the joints
4️⃣Spondylosis (degeneration)
5️⃣Degenerative disc disease
6️⃣Spinal stenosis (narrowing of the nerve pathway)
7️⃣Joint dysfunction (acute injury or stiffness)
කොඳුඇට පෙළේ බෙල්ල ආශ්‍රිතව සිදුවන ස්නායු තෙරපීමකදී අපිට බොහෝ විට උරහිස් කැක්කුම් අත දිගේ එන කැක්කුම, වැලමිට ප්‍රදේශයේ කැක්කුම අතේ ඇඟිලිවල හිරිය සහ වේදනාව ඊට අමතරව බෙල්ලේ පිටුපසින් හිස දෙසට එන කැක්කුම සහ පපුවේ වේදනාව තද ගතිය දක්නට පුළුවන්.
තුනටිය ආශ්‍රිතව කොඳු ඇට පෙළේ ස්නායු තෙරපීමකදී (L4-L5/S1)බොහෝ විට රෝගියාගේ තට්ටම් ප්‍රදේශයේ කලවා ප්‍රදේශයේ සහ බත් කෙණ්ඩ ප්‍රදේශයේ සහ පාදයේ ඇගිලිවල කැක්කුම සහ හිරිය දැනෙනවා.
දේශීය ආයුර්වේද වෙදකම සිංහල වෙදකම භාවිතා කරගෙන සැත්කමකින් තොරව මෙම ස්නායු රෝග සුව කර ගන්නට පුළුවන්කම රෝගීන්ට තිබෙනවා.
බොහෝ රෝගීන් නඟන මැසිවිල්ලක් තමයි අපි කොච්චර බෙහෙත් කරත් අපිට යම්කිසි අඩුවීමක් තිබෙනවා නමුත් නැවතත් ටික දවසකින් රෝගය උස්සන්න වෙනවා කියන කාරණය.
මෙහිදී මට අවධාරණය කර ප්‍රකාශ කරන්නට පුළුවන් බෙහෙත් කරන කාලසීමාව තුළත් සුවවීමෙන් පසුවත් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදිනවනම් ඔබට කිසිම ගැටලුවකින් තොරව වේදනා කැක්කුම් වලින් තොරව ජිවිතය ගත කරන්න පුලුවන්. ස්නායු තෙරපීමකදී කොහොමද අපි බෙහෙත් කරන කාලසීමාව තුළ සහ සුවවීමෙන් පසුව දිවිපෙවත ගත කරන්නේ සම්බන්ධයෙන් මම ලිපි ගනනාවක් ෆේස්බුක් ගිණුම තුල කලින් පලකොට තිබෙනවා. එවා බලන්න.
#ස්නායු #තෙරපීම
#බෙල්ලේ #තුනටියේ
#රෝග #ලක්ෂණ #අත්හිරිය #ස්නායුරෝග #අත්කැක්කුම #විලුඹ #කැක්කුම #ආයුර්වේද fans
ඔබට යම් ගැටලුවක් තිබෙනවානම් comment එකකින් එය විමසන්න..
Aroga Medical centre
Yagamwela,Dummalasuriya
0765603231