Sudath Rohana Jayarathne

Sudath Rohana Jayarathne ඔබේ ජන්ම පත්‍රය තුලින් අනාගතය දැක ගැනීමේ නිවැරදි ක්‍රමය ධර්ම මාර්ගය තුලින් දැනගමු.

ඔබත් අසමත් ජාතියෙක් නොවන්න         අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය මගින්  පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ බොහෝ දෙන...
30/08/2026

ඔබත් අසමත් ජාතියෙක් නොවන්න

අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය මගින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනෙක් භවිතා කරන වචනයක් වන අසමත් ජාති යන වචනෙයේ නිවැරදි ධර්ම අර්ථය වන බව ඔබ හොදින් වටහා ගත යුතුවේ .

බොහෝ වැඩිහිටියන් දරුවන්ට මේක නම් මහ අසමත් ජාතියෙක්,ඔය අසමත් ජාති වැඩේ කරන්න එපා ආදී කියන අයුරු ඔබ කොතෙකුත් දැක ඇත.එම අය ඔය වචනය එසේ කීවාට එම වචනයේ හරය, තේරුම දැනගෙන එසේ කියනවා නොවන බව ඔබ හොදින් තේරුම් ගත යුතුවේ .

අසමත් යනු සමත් නෑ යන අර්ථය දැක්වෙන අතර ජාති යනු උපත යන වචනයට මාගදී භාෂාවෙන් අර්ථ දක්වා ඇති අන්දම වනු ඇත. මොනවටද මේ සමත් නැත්තෙ යනුවෙන් මා පහත ඡේදය තුලින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි .

මේ දුක් සහිත සසරට බැදි බැදි මැරෙමින් උපදිමින් අනන්ත දුක් කන්දකට හසුවීමට හේතුව වන්නේ මෙන්න මේ අසමත් වීම බව ඔබ හොදින් තේරුම් ගන්න. සියළු ලෝක සත්වයාම මෙන්න මේ දුක් පැවැත්මකට හසුවී දුක් විදීමට හේතුව වන්නේ තමුන් තුල උපදින රාගය, ද්වේශය හා මෝහය නවතාලීමට ඇති නොදැනුවත්කම, නොහැකියාව නිසා බව ඔබ හොදින් තේරුම් ගන්න.එසේ තමුන් රාගයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් කටයුතු කරන පුද්ගලයා නිසැක වශයෙන්ම නැවත උපතක් ලැබීම ජාති යනුවෙන් හදුන්වා ඇත. අන්න එවන් පුද්ගලයා අසමත් ජාතියෙක් බව බුදු පියානන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කර ඇත .

ඔබත් මෙතෙක් කලක් අසමත් ජාතියෙකු වශයෙන් කටයුතු කර ඇති නමුත් පුබ්බේත කථ පුඤ්ඤතා ශක්තිය ඇති අයවළුන් ලෝකේ කුමණ රටක ජීවත් වුවත් එම අසමත්ජාති තත්වයෙන් මිදීමට වර්ථමාන තාක්ෂණය සමත්වී ඇත.

එනම් අරියන් වහන්සේලා විසින් නිර්මල සිරි සද්ධර්මය කියාදෙන ආකාරය ලෝකේ කොහේ සිටියත් පිං ඇති අයවළුන් වෙත ග්‍රහණය වන අතර ඔබ එම අවස්ථාව උපයෝගී කරගෙන ඔබ තුල උපදින රාගය,ද්වේශය හා මෝහය කපා දමන ක්‍රමය පිළිබඳව යම් දැනුමක් ලබාගෙන ඔබගේ දැනුම දැක්මක් කරගැනීම සදහා වහ වහා අරියන් වහන්සේ නමක් වෙත ගොස් නිර්මල සිරි සද්ධර්මය ශ්‍රවණය කර සදහටම මේ සසර දුකින් මිදී නිදහස් වන මෙන් ඉතා පැහැදිලිව පෙන්වා දෙමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා විගත මිද්දෝ          අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය නිවැරදි සිරි සද්ධර්මය අනුගමනය කරන...
30/08/2026

තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා විගත මිද්දෝ

අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය නිවැරදි සිරි සද්ධර්මය අනුගමනය කරන ඔබට නොව සියළු බුද්ධ ආගමේ ස්වාමීන් වහන්සේලා වෙත හා එම ගිහි පිංවතුන් වෙත බොහොම කාරුණිකව ලියා ඉදිරිපත් කරන අතර මෙම ලිපිය මගින් මා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ කරණීය මත්ත කුසල සූත්‍රයේ එන අවසන් ගාථා 02 පිළිබඳව වන අතර යම් පුබ්බේත් කථ පුඤ්ඤතා ශක්තියක් ඇති මොලේ කළඳක් හෝ කල්පනා කිරීමේ ශක්තිය ඇති ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහි පිංවතෙකුගේ නෙතට මෙම ලිපිය ඇස ගැටුනොත් නිසැක වශයෙන් මේ ජාතියේම අරහත් ඵලයෙන් සසර ගමන නිමාකරන බව මා ඉතා පැහැදිලිව පෙන්වා දෙමි .

කරණීය මත්ත සූත්‍රය බුද්ධ ආගමේ දේශනා කරන්නේ යම් යම් අයගේ රෝග සුවවීමට,අමුණුෂ්‍ය භය දුරුවීම වැනි කාරණා සදහා වන අතර එම සූත්‍රයේ නිධාන කථාවේද සදහන් වන්නේ බුදු පියානන් වහන්සේ සමග ආනන්ද ස්වාමීන් වහන්සේ විශාලා මහ නුවර තුන් බිය දුරු කිරීම සදහා මෙම තුන් සූත්‍රය දේශනා කරමින් පිරිත් පැන් ඉසීමෙන් පසු එම නුවර තුන් බිය දුරුවූ බවයි.

ඔය වැනි කථාන්දර විශ්වාස කරන මන්ද බුද්ධිකයො ඕන තරම් මේ රටේ අති බහුතරයක් ජීවත් වන බැවින් මේ රටට අද අත්වෙමින් තිබෙන තත්වය ගැන කනගාටු නොවිය යුතු බව මා බොහොම පැහැදිලිව පෙන්වා දෙන අතර එම ගාථා පාඨ දෙක හා එම ගාථා වල නිවැරදි සිංහල තේරුම පහත සදහන් පරිදි ඔබ වෙත ඉදිරිපත් කරමි.

# තිට්ඨං චරං නිසින්නෝවා
# සයානෝවා යාව තස්ස විගතමිද්ධෝ
# ඒතං සතිං අධිට්ඨෙයියං
# බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු

# දිට්ඨිචං අනුපගම්ම ශීලවා
# දස්සනේන සම්පන්නෝ
# කාමේසු විනෙයං ගේධං
# න හි ජාති ගම්භසෙයියං පුනරේතීති

මෙහි පළමු ගාථාවේ සිංහල තේරුම වන්නේ සතර ඉරියව්වෙන් (ගමන් කරන අවස්ථාවල,වාඩිවී සිටින විටදී,සයනයක හාන්සිවී සිටින අවස්ථාවක,වැඩක නිරථවී සිටින අවස්ථාවක) තමාගේ සිත රාගයෙන්,ද්වේශයෙන් හා මෝහයෙන් කිළිටි වීමට එන සෑම අවස්ථාවකම සතර කමටහන් වඩා සිත කිළිටිවීමට එන සිතිවිල්ලක් නම් ප්‍රහාණය කිරීමට කටයුතු කල යුතු අතර සිත පිරිසිදු වන මෙත්තා, කරුණා, මුදිතා යන සිතිවිලි වලින් තම සිත පුරවා ගන්නා මෙන් බුදු පියානන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කර ඇත.

ඉහත දෙවන ගාථාවෙන් පෙන්වාදී ඇත්තේ එසේ ක්‍රියා කරමින් සිටින උත්තමයා සෝථාපන්න,සකෘදාගාමි, අනාගාමි ඵල ක්‍රමයෙන් පූර්ණයකර අවසානයේ සදහටම මේ සසර ගමන කෙළවර කරන බවයි.නහි ජාති ගබ්භ සෙයියං යනුවෙන් සදහන් කර ඇත්තේ නැවත කිසිදු අවස්ථාවක මව් කුසක පිළිසිද නොගෙන සසර දුකින් මිදී නිදහස් වන බවයි.

අබ ඇටයක් තරම් මොලේ ඇති අයෙකුට මේ ගාථා 02 ඇස ගැටුනා නම් තුන්බිය දුරු කිරීමට කියා මේ පිරිත් කිය කියා කාලය කාදමන්නෙ නැතුව බුදු පියානන් වහන්සේ අනුදැන වදාළ ඇති ක්‍රියා පටිපාටිය අනුගමනය කර සදහටම මේ සසර ගමන කෙළවර කරනු ඇත.

නමුත් ඔබ සියළු දෙනාගෙ අවාසනාවට අපේ රටේ බහුතරයක් දෙනා පිළිගන්නේම දේශපාලකයෙක්,පාතාලයෙක්, සිවුරක් පොරොවාගත් සල්ලාලයෙක්,කුඩු කාරයෙක් වගේ පල් හොරුන්, වංචාකාරයන් කියන මුසාවාද පමණක් බව මොලේ කළදක් ඇති අයෙකුට හෝ වැටහෙනවා ඇති.මොලේ ඇති කෙනෙක් මෙය නෙත ගැටුන හොත් ඔබත් බුදු පියානන් වහන්සේගේ උපදෙස් පිළිගෙන සසර දුක නිමා කිරීමට කැමති අයෙක් නම් දැන්වත් ඔබේ පුහු මාන්නය පසෙක තබා අරියන් වහන්සේ නමක් වෙත ගොස් මොනවාද මේ සතර කමටහන් කියන්නෙ කොහොමද ඒව වඩන්නෙ කියා අසා දැනගෙන එය අනුගමනය කිරීමෙන් ඉහත ගාථ පාඨ 02 න් පෙන්වා දුන් ක්‍රියාවලිය සම්පූර්ණ කරගන්නා මෙන් ඉතා පැහැදිලිව පෙන්වා දෙමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

කට නිසා තමාගේ නිවන ප්‍රමාද කර ගන්නෝ.       අද දින මා මේ ඉදිරිපත් කරන මෙම ලිපිය සියළු දෙනාටම බොහොම වැදගත් ලිපියක් වන අතර ...
28/08/2026

කට නිසා තමාගේ නිවන ප්‍රමාද කර ගන්නෝ.

අද දින මා මේ ඉදිරිපත් කරන මෙම ලිපිය සියළු දෙනාටම බොහොම වැදගත් ලිපියක් වන අතර මෙම ලිපිය මගින් මා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනෙක් තමුන්ගේ කට නිසා තමාගේම නිවන ප්‍රමාද කර ගන්නා බව පෙනීයන අතර එසේ වන්නේ කෙසේද යන්න මෙම ලිපිය මගින් මා බොහොම පැහැදිලිව පෙන්වා දීමට අදහස් කරමි.

නිවන ප්‍රමාද වීමට හේතුව වන්නේ දස අකුසලයේ ගැලී සිටීම බව ඔබ කවුරුත් හොදින් තේරුම් ගෙන ඇති බව මා විශ්වාස කරමි.දස අකුසලය යනු යම් අයෙක් විසින් කාය සංකාර,වචී සංකාර හා මනෝ සංකාර වශයෙන් විවිධ අන්දමින් අකුසල් රැස්කර ගනු ඇත.අද මෙම ලිපියේ මාතෘකාව වන්නේ වචී සංකාර මගින් කෙසේද ඔබගේ නිවන ප්‍රමාද වන්නේ කියා බව ඔබ හොදින් තේරුම් ගන්න .වචී සංකාර පහත සදහන් පරිදි බව පෙන්වා දෙමි .

# මුසාවාදා
# පරුෂා වාචා
# පිසුනා වාචා
# සම්ප්‍රලප්ප ලාපා.

මුසාවාදා

මුසාවාදා යනු අනුන්ට හානියක් කිරීමේ චේතනාවෙන් තමුන්ට අමතර ලාභයක් ලබා ගැනීම සදහා තමුන් විසින් පාවිච්චි කරන වචන වන අතර ,කේලම් කීම බොරුවෙන් අනුන් රැවටීම පෙන්වා දිය හැක.වර්ථමාන සමාජයේ අති බහුතරයක් මේ අන්දමේ දිනකට විශාල අකුසලයක් රැස්කර ගන්නා අතර එමගින් තමුන්ටත් අනුන්ටත් හානියක් සිදුකර ගන්නා අතර එසේ ක්‍රියා කරන අය එය තමුන්ගේ නිවන වැහෙන බලවත් අකුසලයක් බව නොදැන කරන බව පෙන්වා දෙමි . නමුත් යම් උපක්‍රමයක්, සම්‍යක් ප්‍රයෝගයක් යොදා කිසිවෙකුට හානියක් නොකිරීමේ චේතනාවෙන් කටයුතු කිරීම කිසිදු ගැටළුවක් නොවන අතර බුදු පියානන් වහන්සේ පවා මේ අන්දමේ උපක්‍රම යොදාගෙන ඇත.ඒ සදහා පහත උදාහරණ බලන්න .

බුදු පියානන් වහන්සේ කිඹුල්වත් නුවරට පළමු වරට වැඩි අවස්ථාවේ නන්ද කුමාරයා හා රාහුල යන කුමාරවරු පැවිදි කිරීමට කැඳවාගෙන යාම සදහා යම් සම්‍යක් ප්‍රයෝගයක් භාවිතා කල අතර එමගින් ඔවුන් වෙත උතුම් අරහත් ඵලය අත්වූ බව හොදින් වටහා ගන්න .ඒ අන්දමින් ඔබ යම් අයෙක් උපක්‍රමයක් මගින් ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමට යාමට හෝ බුද්ධ භාවනාවකට කැදවාගෙන යාම සදහා උපක්‍රමයක් යෙදීම තුලින් ඔබට කිසිදු අකුසලයක් සිදු නොවන බව හොදින් තේරුම් ගන්න .

පරුෂා වාචා

පරුෂා වාචා යනු හිතා මතාම අන් අයෙකුගේ මනස පීඩා කිරීමට තමුන් භාවිතා කරන වචන වන අතර එමගින් තමාගේ මෙන්ම එම වචන ඇසෙන මානයේ සිටින සියළු දෙනාගේම මනස අපිරිසිදු වන අතර ඉන් බොහෝ දෙනෙක් තුල සමුදය බිහිවී සංසාර සම්බන්ධයක් ගොඩ නගා ගන්නා බැවින් එය ඔබගේ නිවන වැහෙන බලවත් අකුසලයක් වන බව හොදින් තේරුම් ගන්න .

පිසුනා වාචා/ සම්ප්‍රලප්ප වාචා

අද සමාජයේ බොහෝ දෙනෙක් තමුන්ගේ නොදැනුවත්කම නිසාම මෙම පිසුනා වාචා අකුසලය සිදුකර ගන්නා බව පෙනී යන අතර පිසුනා වාචා/ සම්ප්‍රප්පලාපා යනු හිස් වචන/ කිසිදු තේරුමක් නොමැති කථා කිරීම බව හොදින් තේරුම් ගන්න .

වර්ථමානයේ ස්ත්‍රී හෝ පුරුෂ යන දෙකොටසම එක් වූ ස්ථානයක් වේද එතන වැඩි හරියක් භාවිතා කරන්නේ කිසිම වැද ගැම්මක් තමුන්ට හෝ අනුන්ට ඇතිවන කථා නොව ඕප දූප බව හොදින් තේරුම් ගන්න .ඒ සදහා උදාහරණ මගින් පහදා දෙනවා නම් දේශපාලන කථා,අනුන් දියුණු වූ ආකාරය,අනුන්ගේ ගෑනු පිරිමින්ගේ ක්‍රියා කලාපය,දරුවන්ගේ පුරාජේරුව,අන් අය කන බොන ,අදින,පළදින,ගමන් කරන ආකාරය වැනි ඔබට කිසිසේත් ඵලකට නැති දේවල් කථාකිරීම නිසා ඔබටත් නොදැනි ඔබ තුල රාගය,ද්වේශය හා මෝහය ඇතිවී සමුදය බිහිවීම නිසා ඔබ මේ සංසාර දුක් පැවැත්මට හසුවන බව හොදින් තේරුම් ගෙන කටයුතු කිරීමෙන් සසර දුකෙන් මිදී නිදහස් වීම කඩිනම් කර ගත හැකි බව මා බොහොම වගකීමෙන් පෙන්වා දෙමි .

ඉහත සදහන් කල කිසිදු වචනයක් ඔබ කථා කිරීම නිසා ඔබටත් අනුන්ටත් තඹේක ඵලක් ප්‍රයෝජනයක් නොවන බව ඔබ හොදින් තේරුම් ගන්න .එම නිසා ඔබ උත්සවයකට සහභාගි වුවත් එහි හමුවන ඔබගේ හිතවතුන් සමග අනවශ්‍ය කථා නවතා නිහඩව සිටින තරමට ඔබගේ නිවන කඩිනම් වන අතර ඔබට අන් අයගේ කථා නැවැත්වීමට හෝ පාලනය කිරීමේ හැකියාවක් නොමැති අතර ඔබ කල යුත්තේ එවන් අය සිටින තැන් වලින් ඈත්වී හැකි තරම් නිහඩව හිද පුළුවන් තරම් ඉක්මනින් ඔබගේ යුතුකම අවසන් කර එවන් ස්ථාන වලින් ඉවත්වීම බව හොදින් තේරුම් ගන්න .

නිවන යනු ඔබ තනිව යායුතු ගමනක් බව හොදින් තේරුම් ගන්න .සමහර අය සමාජයෙන් කොන්වේ යැයි සිතා ඔවුන් සමග හරි හරියට කථාවට යාම නිසා විශාල අකුසලයක් සිදුකරගන්නා බව ඒ කිසිවෙකු නොදනී.ඔබ සමාජයේ අන් අය කරන කියන දේවල් කිරීමට ගොස් සතර අපා ගත වුවහොත් ඉන් ගොඩ ගැනීමට ඔබව අපායට තල්ලුකරන කිසිවෙකුට නොහැකි බව හොදින් වටහා ගන්න .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

සිවුපිළිසිඹියාලත් බුද්ධ ඥාණ ගැන දැනගන්න         අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු...
27/08/2026

සිවුපිළිසිඹියාලත් බුද්ධ ඥාණ ගැන දැනගන්න

අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය මගින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනෙක් නොදන්නා සිවුපිළිසිඹියාලත් බුද්ධ ඥාණ යනු මොනවාද,එම බුද්ධ ඥාණ ලැබූ උත්තමයන්ට මොනවාද හිමිවන විශේෂතා බව කාරුණිකව දන්වා සිටිමි .

මුලින්ම අපි බලමු මොකක්ද මේ සිවුපිළිසිඹියාලත් කියනෙ කියා බුද්ධ ශාසනයක අරහතුන් වහන්සේලා වර්ග කීපයක් බිහිවන අතර ඉන් වැදගත්ම අරහතුන් වහන්සේලා කොටස වන්නේ ඉහත සදහන් සිවුපිළිඹියාලත් ශක්තිය ඇති අරහතුන් වහන්සේලා බව හොදින් වටහා ගන්න . එයට හේතුව වන්නේ උන් වහන්සේලාට බුදු වරයෙකු දේශනා කරන ලද ඕනෑම මාගදී දහම් වචනයක් අර්ථ,ධම්ම, නිරුක්ති, පටිසම්බිදා යන ආකාරයට බෙදා පැහැදිලි කර දීමට ඇති හැකියාවයි.

මෙම අරහතුන් වහන්සේලා බුද්ධ ශාසනයට වටින්නේ ඊළඟට මඟඵල ලැබීමට සිටින සියළු පිංවතුන් ඉහත අරහතුන් වහන්සේලා දේශනා කරන ධර්මය තේරුම් ගැනීමෙන් ඔවුන්ට සදහටම මේ සසර ගමන කෙළවර කර ගැනීමට ඇති හැකියාව නිසාවේ. බණ කියනවා යනුවෙන් කටට එන දේ ඉවක් බවක් නැතිව කියාගෙන යෑමෙන් කිසිවෙකුට මඟඵල පූර්ණය කර ගැනීමට නොහැකි බව ඔබ හොදින් වටහා ගන්න . උන් වහන්සේලා සතු අසහාය බුද්ධ ඥාණ 04 ක් පවතින අතර එම බුද්ධ ඥාණ පහත සදහන් පරිදි ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

# අත්ත නානත්වයේ පඤ්ඤා අත්ත පටිසම්බිදේ ඤාණං

# ධම්ම නානත්වයේ පඤ්ඤා ධම්ම පටිසම්බිදේ ඤාණං

# නිරුක්ති නානත්වයේ පංඤා නිරුක්ති පටිසම්බිදේ ඤාණං

# පටිභාන නානත්වයේ පඤ්ඤා පටිභාන පටිසංබිදේ ඤාණං

මෙන්න මේ ඉහත සදහන් කල බුද්ධ ඥාණ සෑම අයෙකුට හිමි නොවීමට හේතුවක් ඇති අතර එවන් අති බලවත් බුද්ධ ඥාණ හිමිකර ගැනීම සදහා යම් අයෙක් සම්මා සම්බුදු වරයෙකු ඉදිරිපිට හෝ එවන් හැකියාවක් ඇති අරියන් වහන්සේ නමක් ධර්මය දේශනා කරන ආකාරය දැක සිත පහදාගෙන තමුන්ටත් එම හැකියාව ලැබේවා කියා අධිෂ්ඨානයක් සසරේ කෙදිනක හෝ ඇති කරගත් උත්තමයන් වෙත පමණක් මෙම බුද්ධ ඥාණ හිමිවන බව පෙන්වා දෙමි .

ඔබත් තනියම සසරෙන් එතෙර වීමට වඩා තවත් පිරිසකට ධර්ම මාර්ගය පෙන්වා දෙමින් බොහෝ දෙනෙක් සමග සසර දුක නිමාකිරීමට අද අදිටන් කරගත් අයෙක් නම් සසරේ කෙදින හෝ ඔබටත් සිවුපිළිසිඹියාලත් ශක්තිය සහිත මහා අරහතුන් වහන්සේ නමක් වශයෙන් බොහෝ දෙනෙකුට අති මහත් සේවයක් ඉටුකල හැකි බව මා ඉතා කාරුණිකව පෙන්වා දෙමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

දේවතා ආරාධනා ගාථාවේ නිවැරදි තේරුම දැනගන්න .              අද මම සියළු දෙනාම බොහෝ වාර ගනනක් අසා ඇති නමුත්  නිවැරදිව අර්ථය ...
26/08/2026

දේවතා ආරාධනා ගාථාවේ නිවැරදි තේරුම දැනගන්න .

අද මම සියළු දෙනාම බොහෝ වාර ගනනක් අසා ඇති නමුත් නිවැරදිව අර්ථය නොදන්නා ගාථාවක් වන දේවතා ආරාධනා ගාථාවේ සම්පූර්ණ ධර්ම අර්ථය මෙම ලිපිය මගින් පැහැදිලිව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි .

මුලින්ම මා එම ගාථාව හා එහි සිංහල අර්ථය පහත සදහන් පරිදි ඉදිරිපත් කරමි.

සමන්තා චක්ඛං වාලේසු
අත්‍රා ගච්චංතු දේවතා
සද්ධමං මුණිරාජස්ස
සුනන්තෝ සග්ග මොක්කධං
ධම්මං සවන කාලෝ අයං බදංතා

ඉහත ගාථාවේ නිවැරදි සිංහල අර්ථය වන්නේ සියළුම සම අන්තරවල පිහිටා ඇති චක්ක්‍රාවාට අතර මහා මුණීන්ද්‍රයානන් වහන්සේගේ සිරි සද්ධර්මය සොයා ඔබ මොබ ගමන් ගන්නා සියළු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවත්වතාවුන් වහන්සේලාට කරන ආරාධනයයි මේ .මා දැන් ඒ මහා මුනීන්ද්‍රයානන් වහන්සේ දේශනා කල කෙළෙස් නසන සිරි සද් ධර්මය දේශනා කිරීමට සූදානම් වන අතර ඔබ වහන්සේලා මෙම ස්ථානයට වැඩමකර සිරි සද්ධර්මය ශ්‍රවණය කර ඉතිරි කෙළෙස් ප්‍රහාණය කර සියළු මඟඵල පූර්ණය කරගැනීමට කරන ආරාධනයයි මේ.

සෑම ධර්ම දේශනයකට පෙරම සියළුම ස්වාමීන් වහන්සේලා විසින් ඉහත දේවතා ආරාධනාව සිදුකරන අයුරු ඔබ දැක ඇත.එම ගාථාව ශ්‍රවණය වූ විගස දහම් පිපාසයෙන් ඔබ මොබ යන සියළු සම්‍යක් දෘෂ්ටික දෙවියන් (සෝථාපන්න ) අනිවාර්යයෙන් එම ස්ථානයට ධර්මය ශ්‍රවණය කිරීම සදහා වඩිනු ඇත.

නමුත් ප්‍රශ්නය ඇති වන්නේ සියළු දෙවියන් එම ස්ථානයට වැඩීමෙන් පසුව වේ. ඒ මන්ද සියළු පෘථග්ජන ස්වාමීන් වහන්සේලා ධර්මය කියා දේශනා කරන්නේම ,ජාතක කථා,කාගෙ හරි ඕපදූප එසේත් නොමැති නම් දේශපාලන කථා,රට/ලෝකය හදන කථා,නිවෙස් හිමියා පුම්බා සතුටු කරන කථා,ගොවිතැන් කරන ක්‍රම වැනි නිශ්ඵල කථා බැවින් එම කථා ඇසුන සැනින් සියළු දෙවියන් නැවත ආපසු වඩිනු ඇත. එම කථා ශ්‍රවණය කිරීම තුලින් මඟඵල ලැබිය නොහැකි බව උන් වහන්සේලා ඉතා හොදින් දන්නා අතර කිසිදු දෙවිකෙනෙක් ඕපදූප ඇසීමට රැදී නොසිටිනු ඇත.

ඒ මන්ද මේ සියළු දෙවියන් මඟඵල ලබා ඇත්තේම බුදු පියානන් වහන්සේ නමක් අභිමුඛව හෝ බුද්ධ ශ්‍රාවකයෙක් අභිමුඛව (අරියන් වහන්සේ නමක්) නිර්මල සිරි සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් පසුව වන අතර අන් සියළු පෘථග්ජන පුද්ගලයන්ට වඩා සියළු සම්‍යක් දෘෂ්ටික දෙවියන් නිර්මල සිරි සද්ධර්මය පිළිබඳව මනා අවබෝධයක් හා වැටහීමක් ඇති බැවිනි.මෙම ගාථාවේ සදහන් අන්දමට නිර්මල සිරි සද්ධර්ම දේශනයක් කල හැකි වන්නේම ආරියන් වහන්සේ නමකටම පමණක් බව ඔබ හොදින් අවබෝධ කර ගන්න.

ඉහත ගාථාව ගායනා කරන සමහර දේශකයානන් වහන්සේලාත්,එම ගාථාව දේශනා කරන අවස්ථාවේදී බොහෝ ශ්‍රාවකයනුත් අත්දෙක එකතුකර වැඳගෙන සිටින අයුරු දැකගත හැකි අතර එය සපුරා වැරදි ක්‍රියාවක් බව මින් පෙන්වා දෙමි .ඒ මන්ද දෙවියන් සම්බන්ධව එසේ අංජලි කරණය කරන අවස්ථාවලදී මනුෂ්‍යන් වෙතින් අති බලවත් කිරණ ශක්තියක් විශ්වයට මුදා හරින අතර එම රශ්මියට හසුවන දෙවියන්ගේ රශ්මිය පිළිස්සීමකට ලක්වන නිසා එවන් අවස්ථාවලදී දෙවියන් වැඩමවීමක් නොකරන බව ඔබ හොදින් තේරුම් ගන්න. මින් ඉදිරියට දේවතා ආරාධනය හෝ දෙවියන්ට, මියගිය ඥාතීන්ට පිං පැමිණවීම වැනි කටයුතු වලදී දෑත් එක් කර නොවැදිය යුතු බව ඔබ හොදින් වටහා ගත යුතුවේ .

මින් ඉදිරියට හෝ අන් අයට ධර්මය දේශනා කරන හෝ ධර්මය කියාදෙන සියළු දෙනාම ඉතා හොදින් ඉහත ගාථාවේ අර්ථය දැනගෙන කටයුතු කිරීම සියළු දෙනාගේම යහපතට හේතු වන බව මින් කාරුණිකව පෙන්වා දෙමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී ,වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප්) 076 23 91 499 , ( වට්සප්)

යම් අයෙක් තමා දුකක් විදින බව නොවැටහීමට හේතුව මෙන්න                 මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය මගින් පැහැදිලි කිරීම...
25/08/2026

යම් අයෙක් තමා දුකක් විදින බව නොවැටහීමට හේතුව මෙන්න

මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය මගින් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ මේ තල 31 තුල ජීවත් වන අප්‍රමාණ සත්වයන් අතරින් සියළුම දෙනා තමුන් දුකක් විදිනවා යනුවෙන් තේරුම් නොගන්නේ කුමණ හේතුවක් මතද කියා බව කාරුණිකව දන්වා සිටිමි .

මිනිසාගේ සිට නිරි සතා දක්වා තල 31 තුල ජීවත් වන සියළු ජීවීන් තම තමන් ජීවය පවත්වා ගැනීමේදී අප්‍රමාණ දුක් කන්දක් විදින බව අවබෝධ කරගෙන ඇත්තේම ලෝක ජනගහනයෙන් දශමයකටත් වඩා අඩු පිරිසක් බව මා බොහොම පැහැදිලිව පෙන්වා දෙමි .ඒ සදහා පහත උදාහරණ කීපය දෙස බැලීමේදී ඔබට මැනවින් වැටහෙනු ඇත .

අපගේ ඇසට පේන තිරිසන් සත්වයන් පිළිබඳව සිතා බලන්න අපි නිවාස ආශ්‍රිතව හැදෙන බල්ලා පිළිබඳව සිතමු එම බල්ලා මොනව හරි ලැබෙන දෙයක් ආහාරයට ගෙන් ඔහේ ජීවත් වන අතර එම සතාට තුවාලයක් වුවත් එයත් තමුන් විසින්ම ලෙවකා හැකි අන්දමින් සුවකර ගැනීමට උත්සාහ කරන අතර නිවාස වල ඇති කරන උසස් යැයි සම්මත සතෙකුට අසනීප වුවහොත් එම සතුන් වෛද්‍ය වරයෙක් වෙත රැගෙන ගොස් ප්‍රථිකාර ලබාදීමේදී එම සතුන්ටත් වේදනාව දැනෙනු ඇත.

මේ අන්දමින් නිරි සතුන් ගතහොත් එම සතුන්ද තමා ජීවත් වන පරිසරය තුලම ඇති දැඩිවී ලෙඩදුක් සෑදී එම ස්ථානයේම මියගොස් නැවතත් එම දුකම විදිනු ලබන අතර ඔවුන්ට වඩා විශාල සත්වයන්ට මර බියෙන් ජීවත් වෙමින් ඔවුන් ගෙවන්නේ දුකක් බව ඔවුන් නොදනී.

භූත, ප්‍රේත සත්වයන් ගත්තත් ඔවුන් අනුන්ගේ අසූචි,සෙම,සොටු බුදිමින් අප්‍රමාණ දුකක් විදින බවක් හෝ එම සත්වයන්ටද නොතේරෙන්නේම ඔවුන් තුල වන කර්මයේ ඇති බිහිසුණු බව නිසා කියා ඔබ හොදින් තේරුම් ගන්න.

දැන් මේ ලෝකයේ ජීවත්වන මිනිසුන් දෙස බැළුවොත් අති දුෂ්කර ප්‍රදේශවල අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ජීවත්වන මිනිසුන් පවා තමා ගෙවන්නේ දුකක් බව වටහා ගෙන නොමැත .ඔවුන් සිතා සිටින්නේ මේ තමයි සාමාන්‍ය ජීවත් වන ක්‍රමය කියා බව ඔබ හොදින් තේරුම් ගන්න .

මේ ලෝකයේ කිසිදු දුකක් නොමැති එකම උත්තමයා වන්නේ අරහතුන් වහන්සේ පමණක්ම වන අතර උන් වහන්සේත් අරහත් ඵලය ලබාගෙනත් ජීවිතය අවසන් වනතෙක් පෙර කරපු කර්ම ගෙවමින් ගතකර සියළු දුකින් මිදී පිරිනිවන් පානු ඇත.

එවන් උත්තමයෙකුගේ පිරිනිවීමෙන් පසුව පමණක් සියළු දුකෙන් මිදී නිදහස් වන බව ඔබ හොදින් වටහා ගන්න .ඔබට මොන තරම් මිළ මුදල් තිබ්බද,කොතරම් සැප සම්පත් තිබුනත් ඔබට ලෙඩදුක් සෑදීම ඒ කිසිවකට වැලැක්විය නොහැකි බව ඔබ හොදින් තේරුම් ගන්න . ඔබගේ අසනීපෙකදි ඔබ කෝටි පතියෙක් වුවද ඔබට දෙන එන්නත්,සේලයින්, බේත් හේත්,ඇඳේ මළ මුත්‍රා පහවීම් කිසිවෙකුට පැවරිය නොහැකි බව ඔබ හොදින් තේරුම් ගන්න .

එවන් බලවත් අසනීපයකදී ඔබ බොහොම ආදරෙන් ඇති දැඩිකල ඔබේ දරුවන්ටද කල හැකි දෙයක් නොමැති අතර එම වේදනා සියල්ලම ඔබ විසින්ම දරාගත යුතු බව ඔබ හොදින් වටහා ගන්න.ඔබ මේ උපත ලබා සිටින්නේ අති දුර්ලභ ප්‍රඥ්ඥාධික බුද්ධ ශාසනයක වන අතර මේ අවධියේ අවශ්‍ය තරම් අරියන් වහන්සේලා බුදු පියානන් වහන්සේ දේශනා කල නිර්මල සිරි සද්ධර්මය දේශනා කරමින් පවතින අතර මේ තරම් උතුම් වටිනා අවස්ථාවක් මඟහැර ගන්නා කෙනෙක් ඇත්ද ඒ තරම් අඥ්ඥානයෙක් මේ සක්වලේ නොමැති බව හොදින් තේරුම් ගෙන ඔබගේ නිවන් මඟ විවර කරගන්නා මෙන් බොහොම කාරුණිකව දන්වා සිටිමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා යහපතක්ම .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

යම්පි ඉච්චං නලබති තම්පි දුක්ඛා යන්නෙහි අර්ථය          අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය බුද්ධ ආගම අදහන අයට තරමක් අපැහැ...
24/08/2026

යම්පි ඉච්චං නලබති තම්පි දුක්ඛා යන්නෙහි අර්ථය

අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය බුද්ධ ආගම අදහන අයට තරමක් අපැහැදිලි විය හැකි නමුත් සිරි සද්ධර්මය ශ්‍රවණය කර ඇති අය යම් තරමකින් හෝ අසා ඇති මුත් මෙම වැකියේ ගැඹුරු ධර්ම අර්ථය වටහා ගැනීමේ නොහැකියාවෙන් සිටින සියළු දෙනාගේ දැන ගැනීම සදහා යම්පි ඉච්චං නළබති තම්පි දුක්ඛා යනුවෙන් බුදු පියානන් වහන්සේ දේශනා කර ඇත්තේ කුමක්ද කියා මෙම ලිපිය පුරාම බොහොම පැහැදිලිව පෙන්වා දීමට මා බලාපොරොත්තු වෙමි .

යම්පි ඉච්චං නලබති යනු යම් අයෙක් තමා සිතින් අල්ලාගෙන,බැදී ඇති කිසියම් පුද්ගලයෙක්, වස්තුවක්,දේපලක්,වාහනයක් යන කුමණ අන්දමේ සංඛතයක් වුවත් තමා බලාපොරොත්තු වූ පරිදි එම පුද්ගලයා හෝ වස්තුව , දේපල පරිහරණය කිරීමට හිමිකර ගැනීමට නොලැබීම යන අර්ථය වන බව හොදින් තේරුම් ගන්න .

එහි දෙවන කොටසින් පැහැදිලි කරන්නේ තම්පි දුක්ඛා යනු තමාගේ බලාපොරොත්තුවක් ඉටු නොවූ තැන ඒ පිළිබඳව තැවෙමින් හඬමින්, වැළපෙමින් දුක් වන බවයි. එය බුදු පියානන් වහන්සේගෙ වචනයෙන් පැහැදිලි කරනවා නම් සෝචති,කිලමති,පරිදේවති,උරත්තාලිං කන්දති,සං මෝහං ආපජ්ජති යනුවෙන් පැහැදිලි කලේත් මෙයම බව ඔබ හොදින් වටහා ගන්න . ඒ පිළිබඳව පහත උදාහරණ දෙස බැලීමේදී ඔබට මනාසේ තේරුම් ගත හැකි බව පෙන්වා දෙමි .

යම් අයෙක් තමාගේ බිරිඳ, ස්වාමිය දරුවන්, දෙමාපියන් පිළිබඳව බලවත් ආදරයෙන් සෙනෙහසින් කටයුතු කිරීමේදී තමා ආදරය,සෙනෙහස දැක්වූ කෙනා හට අසනීපයක්, අණතුරක්,ජීවිත හානියක්, හැරයාමක් ඇතිවූ අවස්ථාවක් ගැන මෙනෙහි කර බලන්න .එවන් අවස්ථාවක ඔහුගේ හෝ ඇයගේ ඥාතීන් බලවත්සේ දුක්වනු ඇත.එසේ වීමට හේතුව නම් ඉහත වෙන්වූ, අසනීපවූ පුද්ගලයා වෙත උපාදානයෙන් කටයුතු කල නිසා බව ඔබ හොදින් තේරුම් ගන්න .

එමෙන්ම යම් අයෙක් අළුතෙන්ම නවීන පන්නයේ මෝටර් රථයක් මිළදී ගෙන ඇති බවට උපකල්පනය කරන්න .යම් හෙයකින් ඔහු අතින් එම මෝටර් රථය යම් අණතුරකට ලක්වී සුළු සීරීමක් ඇතිවූ මොහොතක එහි හිමිකරුට මොනතරම් දුකක්,වේදනාවක් ඇති වූයේ දැයි සිතා බලන්න .

මේ අවස්ථා 02 දීම සිදුවූයේ ස්වභාවික සිදුවීම් දෙකක් වන නමුත් ඉන් වැඩියෙන්ම පීඩාවට පත් වූයේ ඒ සදහා වැඩියෙන්ම හිතින් අල්ලාගෙන, ආදරය කල කෙනා බව හොදින් තේරුම් ගන්න .ඒ එම පුද්ගලයා එම සංඛතය හිතින් තමාගේ කරගෙන සිටි නිසා බව හොදින් වටහා ගන්න .

නමුත් පුද්ගලයාට හෝ වාහනයට කිසිම හිමිකමක් නොමැති අය වෙත ඒ පිළිබඳව කිසිම දුකක්, කනගාටුවක්,වේදනාවක් නොදැනෙන්නේ එම අය ඉහත සංඛතය පිළිබඳව කිසිම අවධානයක්,බැදීමක් නොමැති නිසා බව ඔබ හොදින් තේරුම් ගන්න .

මෙම ලිපියෙන් ශීර්ෂ ගත මාතෘකාව ගැන ඉතා ගැඹුරු විග්‍රහයක් කර ඇති අතර මෙය තේරුම් ගෙන ඒ අනුව තම සිත පාලනය කරගත හැකි අය වෙත නිවන එතරම් දුර නොවන බව ඔබ හොදින් තේරුම් ගන්න .නමුත් මෙය කියන තරම් පහසු කටයුත්තක් නොවන බව ඔබ හොදින් තේරුම් ගන්න . ඒ මන්ද විශේෂයෙන් කාන්තාවන්ට තම ස්වාමියා , දරුවන්, දේපල යනු තමාගේම ශරීරයේ කොටසක් වශයෙන් සිතාගෙන කටයුතු කරන ආකාරය ඉතා හොදින් දැක ගත හැකි අතර යම් අයෙකුට නිවන් දැක සදහටම මේ සසර දුක නිමා කිරීමට අවශ්‍ය නම් මෙම ලිපියෙන් පෙන්වා දුන් පරිදි උපාදානයෙන් මිදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව මම බොහොම පැහැදිලිව පෙන්වා දෙමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

මොකක්ද මේ සතිය කියන්නෙ හරියට දැනගන්න              මා හට මෙම ලිපිය ලිවීමට සිත් වූයේ මා අන්තර් ජාලයට ඉදිරිපත් කරන ලිපි බලන...
24/08/2026

මොකක්ද මේ සතිය කියන්නෙ හරියට දැනගන්න

මා හට මෙම ලිපිය ලිවීමට සිත් වූයේ මා අන්තර් ජාලයට ඉදිරිපත් කරන ලිපි බලන සමහර අය "සතිය" යන මාගදී වචනය වැරදි අන්දමින් තේරුම් ගෙන ඇති බව දැකීම නිසා එවන් අයගේ දැනුම නිවැරදි කර ගැනීම සදහා ඔවුන් පිළිබඳව අනුකම්පාවෙන් මෙසේ ඒ පිළිබඳව පැහැදිලි කරමි.

මා මුලින්ම පහදා දෙන්නම් සම්මත බුද්ධ ආගමේ මෙම සතිය යන වචනය මගින් අර්ථ දක්වා ඇත්තේ කෙසේද කියා. සම්මත බුද්ධ ආගමේ මෙම සතිය යන වචනය අර්ථ දක්වා ඇත්තේ " සිහිය" යන තේරුම සදහා බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක් වේ.නමුත් එම සිහිය යන තේරුම කිසිසේත් සතිය යන මාගදී වචනයට නොගැලපෙන බව මා ඉතා වගකීමෙන් පෙන්වා දෙමි .

නමුත් බුද්ධ දේශනයේ මෙම සතිය යන මාගදී භාෂාවේ වචනය සදහා අර්ථ දක්වා ඇත්තේ හේතු ඵල දහමට බහා ගලපා ණය විණයට සැසදීම යන අර්ථය බව ඔබ සියළු දෙනාම ඉතා හොදින් වටහා ගත යුතුවේ . ඒ සදහා පහත සදහන් උදාහරණ කීපය මගින් ඔබට තවත් පැහැදිලි වනු ඇතැයි මා සිතමි.

එය උදාහරණයක් මගින් පැහැදිලි කරන්නම්. ඔබ මොහොතක් සිතා බලන්න පරමාණු බෝම්බය සොයාගත් විද්‍යාඥඥයා බොහොම හොද සිහියෙන් යුතුව වසර ගනනාවක් පර්‍යේෂණය කර බොහෝ වෙහෙසවී එම බෝම්බය සොයා ගන්නා ලදි.නමුත් එතරම් හොද සිහියෙන් බොහෝ වෙහෙසවී සොයාගත් එම බෝම්බයෙන් කාට හෝ අයහපතක් මිස යහපතක් සිදුවනවාද කියා.

නමුත් එම විද්‍යාඥ්ඥය මෙසේ සිතුවානම් හේතු ඵල දහමට බහා ගැලපීමක් වනු ඇත.මම මේ නිෂ්පාදනය කරන බෝම්බෙන් කවද හරි මේ ලෝකෙම විනාශ විය හැකියි.එවන් නිර්මාණයක් කරල ලබාගන්නා කීර්තියෙන් හා මුදල් වලින් වැඩක් තියද කියා සිතුවා නම් මොනතරම් වටිනවා දැයි සිතා බලන්න .

විදේශ ගතවී සිටින පාතාල නායකයෙක් ලංකාවට කුඩු තොගයක් එවන්නේ මොනතරම් සිහි කල්පනාවෙන් මොන තරම් උපක්‍රමශීලීවද කියා සිතා බලන්න නමුත් එම පාතාල නායකයා කොතරම් සිහියෙන් කලත් ඉන් අත්වන හානිය හෝ විනාශය පිළිබඳව ඔහුට සිතීමට තරම් කල්පනාවක්/මොලයක් නොතිබුණ අතර එම පාතාල නායකයා මෙසේ කල්පනා කලා නම් කොතරම් යහපත්ද කියා මොහොතක් සිතා බලන්න .

අනේ මම මේ යවන කුඩු තොගයෙන් විනාශ වෙන්නෙ මගේ රටේම දරුවන් සමහර විට මගේ දරුවෙක් උනත් මේ මත් ද්‍රව්‍යට ඇබ්බැහි උනොත් මොන විනාශයක් වෙයිද.මෙහෙම සල්ලි හොයල මොකටද කියල කල්පනා කිරීමට හැකියාවක් තිබුනා නම් අන්න එතන හේතුවත් ඉන් ඇතිවන ඵලයත් මනාසේ වටහාගත්තාසේ ඔබට හිතෙන්නේ නැද්ද .

අප සම්මා සම්බුදු පියානන් වහන්සේ උන් වහන්සේ දේශනා කල දහම තුල කිසි අයෙකුට වරදක් අඩුපාඩුවක් පෙන්වා දීමට එක අශුවක හෝ හිඩැසක් තබා නොමැති බව ප්‍රඥ්ඥා වන්තයින්ට මනාසේ වැටහිය යුතුම වේ.නමුත් මොලේ කළඳක් හෝ නොමැති සියළු දෙනාම වටහා ගන්නේම උන් වහන්සේ දේශනා කල දහමට පටහැනිව බව ආර්‍ය්න් වහන්සේලා විසින් දේශනා කරන ධර්ම දේශනා සදහා ලැබෙන ප්‍රතිචාර වලින් මනාසේ දැක ගැනීමට හැකි බව කාරුණිකව පෙන්වා දෙමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

බුද්ධේ,ධම්මේ,සංඝේ අවිච්චප්පසාදෝ කියන්නෙ මොකක්ද            අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය ලිවීමට හේතුව වන්නේ අද දින ...
22/08/2026

බුද්ධේ,ධම්මේ,සංඝේ අවිච්චප්පසාදෝ කියන්නෙ මොකක්ද

අද මා විසින් ඉදිරිපත් කරන මෙම ලිපිය ලිවීමට හේතුව වන්නේ අද දින 2026/08/22 දින කිරිබත්ගොඩ ප්‍රදේශයේ බොහෝ උසස් යැයි සම්මත අසපුවක ලොකු ස්වාමීන් වහන්සේ නමක් විසින් එක්තරා දහම් කාරණයක් සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයක් ලබා දී තිබූ අතර එහි ඇති වරද පෙන්වා දීම මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වන අතර අනෙක් කාරණය වන්නේ බුද්ධේ,ධම්මේ,සංඝේ අවිච්චප්පසාදෝ යන මාගදී වචන වල නිවැරදි ධර්ම අර්ථය පැහැදිලි කිරීම බව කාරුණිකව දන්වා සිටිමි .

ඉහත ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නේ සෝථ කියන්නෙ ආර්‍යාෂ්ඨාංගික මාර්ගය බවයි.එය සපුරා වැරදි අර්ථ දැක්වීමක් වන අතර සෝථ යනු මාගදී භාෂාවෙන් කණට කියන වචනය බව ඔබ හොදින් තේරුම් ගන්න . මා පහතින් වචන එකින් එක වෙන වෙනම ගෙන මොකක්ද මේ බුද්ධේ, ධම්මේ, සංඝේ අවිච්චප්පසාදෝ කියන්නෙ කියා පහදා දීමට බලාපොරොත්තු වෙමි .

බුද්ධේ

බුද්ධ යන මාගදී වචනයේ තේරුම වන්නේ බව උද්ද යන තේරුම වන අතර සම්මත බුද්ධ ආගමේ බව වශයෙන් සළකන්නේ උපතට කියන තවත් වචනයක් වන නමුත් බව යන මාගදී වචනයේ සිංහල තේරුම වන්නේ බිහිවීම යන අර්ථය වන අතර අප විසින් මුලින් උදුරා දැමිය යුතු වන්නේ මීළඟ උපතකට හේතු වන මූල බීජය වන රාග බව,ද්වේශ බව හා මෝහ බව යන අකුසල මූල තුන සහමුලින්ම උදුරා දැමූ උත්තමයා බුද්ධ වන බව ඔබ හොදින් තේරුම් ගත යුතුවේ .

ධම්මේ

ධම්ම යනු බුදු පියානන් වහන්සේ දේශනා කරන ලද නිර්මල සිරි සද්ධර්මය වනු ඇත.එහෙම නැතුව අටුවා, ටීකා,ටිප්පනි වැනි පසු කාලයේදී විවිධ උගතුන් විසින් තම නැණ පමණින් දැනගෙන ලියන ලද කථා බුද්ධ දේශනාව හැටියට ගැනීම සම්පූර්ණයෙන් වැරදි බව ඔබ හොදින් තේරුම් ගන්න .

සංඝ

සංඝ යනු සම්මත බුද්ධ ආගමේ සදහන් වන්නේ සිවුරක් දරාගත් ස්වාමීන් වහන්සේලා හට වන අතර එය බුදු පියානන් වහන්සේ දේශනා කල ධර්ම සමග බැලීමේදී සම්පූර්ණයෙන් වැරදි අර්ථ දැක්වීමක් බව ඔබ හොදින් තේරුම් ගන්න .

බුද්ධ දේශනාවට අනුව සංඝ යනු සංසාර සම්බන්ධතාවය සම්පූර්ණයෙන් ගසා බිද ඉවත් කල උත්තමයා හැදින්වූ නාමය වන අතර ගිහි වේවා ,පැවිදි වේවා ,ස්ත්‍රී වේවා ,පුරුෂ වේවා මේ කොයි යම් පාර්ශ්වයක් සෝථාපන්න,සකෘදාගාමී, අනාගාමී හෝ අරහත් යන කුමණ ඵලයකට පත්වුවත් උන් වහන්සේ සංඝ තත්වයට පත් වන බව ඔබ හොදින් තේරුම් ගන්න .

සාංඝීක දානයක් වීමට නම් අවම මඟඵල ලැබූ එක උත්තමයෙක් හෝ එම දානය පිළිගැනීමට නොසිටිය හොත් එය සාංඝීක දානයක් නොව පබ්බජ්ජ දානයක්(පැවිදි උතුමන්ට ලබාදුන්) දානයක් පමණක් බව ඔබ හොදින් තේරුම් ගන්න .

අව්ච්චප්පසාදෝ

මෙම ලිපිය පුරා ඇති වැදගත්ම වචනය වන්නේ මෙන්න මේ අවිච්චප්පසාදෝ යන මාගදී වචනය වන අතර එහි සිංහල අර්ථය වන්නේ නිසැක වශයෙන් (සැකයකින් තොරව)යන අර්ථය ගෙන හැර දැක්විය හැක.ඒ සදහා පහත උදාහරණ දෙස බැලීමේදී ඔබට හොදින් තේරුම් ගත හැක.

වර්ථමානයේ අපේ රටේ බොහෝ උගත්, බුද්ධිමත් , උපාධි කීපයක් ගත් ආචාර්ය මහාචාර්ය ස්වාමීන් වහන්සේලා මෙන්ම ගිහි උගතුන් බුද්ධ ධර්මය විවිධ අන්දමින් අර්ථ දක්වන අයුරු ඔබට දැක ගත හැක.

ඔය කොපමණ උගතුන් පමණක් නොව යම් හෙයකින් නැවත බුදු වරයෙකු පැමිණ අනේ මා විසින් දේශනා කල අහවල් සූත්‍රයේ අහවල් කොටස මට පොඩ්ඩක් වැරදුනා කීවත් මාර්ග ඵල ලාභී උත්තමයන් එම වචනය හෝ පිළි නොගන්නා තරමට මේ බුද්ධ ,ධම්ම ,සංඝ යන බුදු පියානන් වහන්සේ දේශනා කල ත්‍රිවිධ රත්නය ,සිරි සද්ධර්මය එක ඉස්පිල්ලක් පාපිල්කක් නෑර පිළිගන්නා උත්තමයන් වනු ඇත.ඒ තරම්ම බුදු පියානන් වහන්සේ දේශනා කල ධර්මය පිළිබඳව මනා අවබෝධයක් වැටහීමක් පැහැදීමක් මේ අවිච්චප්පසාදෝ යන වචන තුල ගැබ්වී ඇති බව ඔබ ඉතා හොදින් තේරුම් ගෙන කටයුතු කරන මෙන් ඉතා පැහැදිලිව පෙන්වා දෙමි .

මේ ඉහත සදහන් කල තත්වයට පත් වීමට කිසිදු උගත්කමක් අවශ්‍ය නොවන අතර ඒ සදහා සුනීත, සෝපාක වැනි එම යුගයේ සිටි අන්ත අසරණ අය පවා මෙම ධර්මය අවබෝධ කරගනු ලැබුයේ උගත් කමකින් නොව පුබ්බේථ කථ පුඥ්ඥතා ශක්තියෙ මහිමයෙන් බව ඔබ හොදින් අවබෝධ කර ගත යුතු බව කාරුණිකව පෙන්වා දෙමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

ඔබත් අස්වාදංචං යනු හොදින් තේරුම් ගන්න             අද මා බොහොම පැහැදිලිව කියා දීමට උත්සාහ කරන්නේ මොකක්ද මේ අස්වාදංචං කියන...
21/08/2026

ඔබත් අස්වාදංචං යනු හොදින් තේරුම් ගන්න

අද මා බොහොම පැහැදිලිව කියා දීමට උත්සාහ කරන්නේ මොකක්ද මේ අස්වාදංචං කියන මාගදී පදයෙහි නිවැරදි සිංහල තේරුම වන අතර මෙම මාගදී පදයෙන් පෙන්වා දී ඇති පරිදි මේ අනන්ත දුක් පැවැත්මට හසුවී දුක් විදින සියළු සත්වයාම දුකට පත්වීමට ඇති එකම වරද මෙය බව මෙම ලිපිය අවසානයේ ඔබට හොදින් තේරුම් ගත හැකි බව බොහොම පැහැදිලිව පෙන්වා දෙමි .

අස්වාදංචං යන මාගදී පදය මගින් පෙන්වා දී ඇත්තේ යම් අයෙක් මේ ආස්වාදය නැමැති ගින්නට හසුවුවහොත් එම ගින්නෙන් පිච්චී සසර දුකට පත්වන බවයි.ඔබට මා මෙහි පහත ඉදිරිපත් කරන උදාහරණ කීපය දෙස බැලීමේදී ඒ පිළිබඳව මැනවින් පැහැදිලි වනු ඇත.තවත් ඒ පිළිබඳව සරළව කියා දෙනවා නම් ඔබගේ ඇස,කණ,නාසය, දිව,කය,මන යන ඉන්ද්‍රියන් පිනවීමට යාමෙන් ඔබ අසීමිත ආස්වාදයක් ලබනු ඇත.ඔබ එසේ ආස්වාදයක් ලැබීමේදී ඔබ තුල සමුදය බිහිවී සසරට බැදෙනු ඇත.

එපමණක් නොව ඒ මගින් ඊටත් එහා ගිය අකුසල් ගොන්නකට ඔබව හසුවන බව හොදින් තේරුම් ගන්න . වර්ථමානයේ අප සමාජයේ මංගල උත්සම, සංගීත ප්‍රසංග,උපන්දින සාද, විශේෂයෙන් වයස් භේදයකින් තොරව තම ශරීරයේ අංග මතුවන අන්දමින් භාගෙට ඇඳ පැළඳගෙන පිස්සුවෙන් වගේ මහ මග ගමන් ගන්නා කාන්තාවන් ඒ අන්දමින් විවිධ උත්සව වල නර්තනයේ යෙදෙන තම වයසවත් නොසළකන කාන්තාවන් ආදී මෙකී නොකී සියළු දෙනාම උත්සාහ කරන්නේම උපරිම ආස්වාදයක් ලබා ගැනීමට බව ඔබ හොදින් තේරුම් ගන්න .

කවුරු පිළිගත්තත් නොගත්තත් යම් අයෙක් තම අඟ පසඟ ප්‍රදර්ශනය වන අන්දමින් ඇඳුම් ඇඳීමෙන් පසු එම කාන්තාව පිළිබඳව වෙනත් අයෙකුගේ සිතේ රාගයක්,කැමැත්තක්, ආසාවක් ඇතිවීම නිසා එවන් කාන්තාවන් මරණින් මතු නිසැක සතර අපාගතවන බව කොතෙක් කීවත් පිළිනොගන්නේම එවන් අය තුල ඇති බලවත් කරුමය නිසා බව මම බොහොම පැහැදිලිව පෙන්වා දෙමි .

තමුන් ආස්වාදයක් ලැබීමට ගොස් අන් අයගේ ඇස,කන,නාසය,දිව,කය, මන පිනවීම බලවත් අකුසලයක් වන බව ඔබ හොදින් තේරුම් ගන්න . මෙවැනි උපදෙස් වර්ථමාන තරුණ පරම්පරාව තියා වයස 50 පැන්න අයෙක්වත් පිළි නොගන්නේම ඔවුන් තුල වන උද්දච්චකම, මෝඩකම,මෝහය නිසා වන අතර එසේ වීමට හේතුව වන්නේ මෙසේ විය නොහැකි යන මෝඩ සිතිවිල්ල නිසා බව බොහොම වගකීමෙන් පෙන්වා දෙමි .ඔබ ආස්වාදයක් ලැබීමට ගොස් අන් අයෙකුගේ මනස රාගයෙන් කිළුටුවන සෑම අවස්ථාවකම ඔබ එම අකුසලයට ලක්වන බව හොදින් තේරුම් ගන්න .

මේ ජීවත් වන කෙටි කාලය තුල ඔබ මොනතරම් ආස්වාදයක් ලැබීමට උත්සාහ කලත් ඔය සෑම ආස්වාදයක්ම තාවකාලික බව ඔබ හොදින් තේරුම් ගන්න .මේ ලිපිය කියවන කිසිම කෙනෙක් තව අවුරුදු 50 ක් ජීවත් නොවන බව හොදින් තේරුම් ගන්න .ඔබ එම අවුරුදු 50 ම ඉන්ද්‍රින් පිනවමින් ජීවත් වුවත් ඉන් පසු ඔබ මියගොස් සතර අපා ගතවුවහොත් ඔබ ලැබූ ආස්වාදයෙන් ඵලක් වේදැයි හොදින් සිතා බලන්න .

එබැවින් ඔබ මේ ලබා ඇති පරම දුර්ලභ මිනිසත් උපත කෙළෙසා නොගෙන මේ ලබා ඇති ඉතා වටිනා අවස්ථාව තුලින් උපරිම ප්‍රයෝජනගෙන වහ වහා අරියන් වහන්සේ නමක් වෙත ගොස් සිරි සද්ධර්මය ශ්‍රවණය කර සමුදය නිරෝධ කරන දහම අසා දැනගෙන මේ දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස් වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා දන්වා සිටිමි .

ඔබ සියළු දෙනාම උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා .

සුදත් රෝහණ ජයරත්න. ජ්‍යොතිෂයවේදී, වලවිට, ගැටහැත්ත, අවිස්සාවේල්ල, 070 39 700 30, ( වට්සප් ) 076 23 91 499, ( වට්සප් )

Address

Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when Sudath Rohana Jayarathne posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share