16/07/2026
✨ ශ්‍රී වාලුකාරාම පුරාණ විහාරය - ඒකල ✨
සසුන් කෙත රක්නා දේවතාවුන් වහන්සේලා උදෙසා
පැවැත්වුණු අසිරිමත් වාර්ෂික මුරුතැන් පූජා පිංකම..." 🪷
කිරි ඉතිරවීම හා දේව ආශීර්වාදය 🙏✨
අප විහාරස්ථාන භූමියට මෙන්ම මුළු මහත් ප්‍රදේශයටම
රැකවරණය සලසන මහා බලගතු ගම්භාර සූනියම්
දේවතාවුන් වහන්සේ, කතරගම දෙවි හාමුදුරුවන් මෙන්ම
විද්‍යාවට අධිපති ගණදෙවි හාමුදුරුවන් උදෙසා පැවැත්වුණු
සන්ධ්‍යා භාගයේ මහා පුණ්‍ය මංගල්‍යය ඊයේ දින
අතිඋත්කර්ෂවත් අන්දමින් විහාරස්ථාන භූමියේදී
නිමාවට පත්විය.
සැදැහැවතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්,
දේව මන්දිරය ඉදිරිපිට සම්ප්‍රදායානුකූලව කිරි ඉතිරවීම
සිදුකරමින්, සුවඳැති මල්, පලතුරු සහ මුරුතැන් පූජාවන්
දේවතාවුන් වහන්සේලා උදෙසා මහත් වූ බැති සිතින්
පූජා කරන ලදී.
🪔 ප්‍රාර්ථනාව:
ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ
බලයෙනුත්, සූනියම්, කතරගම සහ ගණදෙවි
වහන්සේලාගේ දිව්‍යමය ආරක්ෂාවෙනුත්, අප
විහාරස්ථානයට සම්බන්ධ වන ඔබ සැමටත්,
මුළු රටටමත් සොර සතුරු බිය, ධන ධාන්‍ය පරිහානිය
සහ සියලු දෝෂ දුරු වී සෞභාග්‍යයත්, නුවණත් උදාවේවා!
ඊයේ දින විහාරස්ථාන භූමියෙන් සටහන් වූ ඒ පින්බර
දසුන් පෙළ... නරඹා ඔබත් සිතින් එකතු වී දේව ආශීර්වාදය
ලබාගන්න. පින් කැමති සැම අතරේ Share කරන්න.
සැමට ත්‍රිවිධ රත්නයේ සරණත්, සියලු
දේව රැකවරණයත් ලැබේවා! 🪔✨