31/01/2026
🧿නුපුහුණු පුද්ගලයන් රජයේ රෝහල්වල සේවයට යෙදවීම නීතියටත්, මනුෂ්‍යත්වයටත්, විකිරණ ආරක්ෂාවටත් කරන බරපතළ අනතුරකි….
🧿 ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක් යනු මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට කැප වූ අතිශය සංවේදී ස්ථානයකි.
එවැනි ස්ථානයක් තුළ අදාළ වෘත්තීය පුහුණුව, නීතිමය ලියාපදිංචිය (Registration) සහ නියාමන අධිකාරියෙන් ලබාදුන් අනුමැතිය නොමැති පුද්ගලයෙකු සේවයට යෙදවීම යනු සරල පරිපාලන දෝෂයක් නොව, ගැඹුරු නීතිමය, මානුශීය සහ වෘත්තීය ගැටළුවකි……
🧿Radiographer / Radiological Technologist ඇතුළු Allied Health Professionals සඳහා SLMC Registration අනිවාර්ය වේ.
මෙම ලියාපදිංචි නොමැතිව:
❌ රජයේ හෝ පෞද්ගලික රෝහලක
❌ සෞඛ්‍ය සේවාවක්
නීත්‍යානුකූලව ලබාදීමට කිසිවෙකුට අයිතියක් නැත.
එවැනි සේවය:
⚖️ නීතිවිරෝධී ක්‍රියාවක්
⚖️ වෘත්තීය වංචාවක්
⚖️ රාජ්‍ය සම්පත් අනිසි භාවිතයක්
වශයෙන් සැලකිය හැකි අතර,
එයට අවසර දුන් නිලධාරීන්ටද විනයානුකූල හා නීතිමය වගකීම් පැමිණේ.
🧿නුපුහුණු පුද්ගලයෙකු අතින් සිදුවිය හැකි විකිරණ හානි
💥විකිරණය යනු නිසි මාත්‍රාවෙන් සහ නිසි ක්‍රමවේදයෙන් භාවිත කළහොත් ජීවිත සුරකින්නා,
💥නමුත් නියමිත පාලනයකින් තොරව භාවිත කළහොත් නිහතමානී විනාශයක් විය හැකි ශක්තියකි.
නිසි පුහුණුව සහ SLMC Registration නොමැති පුද්ගලයෙකු
💥නියම මාත්‍රාවට වඩා වැඩි විකිරණයක් රෝගියාට ලබාදීම
💥kVp, mAs, exposure time වැනි factors වැරදි ලෙස යොදාගැනීම
💥නැවත නැවත X-ray / imaging (repeating x rays ) සිදුකිරීම
💥Collimation, shielding, distance වැනි විකිරණ ආරක්ෂණ මූලධර්ම අනුගමනය නොකිරීම ,
සිදුවිය හැක.
එහි ප්‍රතිඵල ලෙස:
☢️ චර්ම හා පටක හානි
☢️ දිගු කාලීනව කැන්සර් අවදානම වැඩිවීම
☢️ ළමුන්, ගර්භණී මව්වරුන්ට අතිශය බරපතළ අවදානම්
☢️ රෝහල් සේවකයන්ට අනවශ්‍ය විකිරණ නිරාවරණය
ඇතිවිය හැක.
රෝගියෙකු රෝහලට පැමිණෙන්නේ “මාව නිසි පුහුණුව ඇති අය විසින් රැකබලා ගනී” යන විශ්වාසය සමඟය.
එම විශ්වාසය බිඳ දැමීම යනු රෝගියාගේ මූලික මානුෂීය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
මෙවැනි නීතිවිරෝධී සේවය:
🔻 සෞඛ්‍ය පද්ධතියට ජනතා විශ්වාසය බිඳ දමයි
🔻 SLMC ලියාපදිංචිය සහිත වෘත්තිකයන්ට අසාධාරණයක් වේ
🔻 අනාගතයට භයානක වැරදි සමාජ ආදර්ශයක් බිහි කරයි
(වැරදි ඇතොත් නිවැරදි කරන්න වෘත්තිකයිනි )🙏
✍️✍️Nishadi Narandeniya
Radiographer
Base Hospital Elpitiya