17/07/2026
ගලගණ්ඩය හෙවත් Goiter (ගොයිටර්)
🌼ගෙල ඉදිරිපස ඇතිවන අණ්ඩකෝෂයක් මෙන් එල්ලෙමින් පවතින ඉදිමුම ගලගණ්ඩය ලෙස ආයුර්වේදයේ සදහන් කර ඇත.
🌼තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් නිපදවන තයිරොක්සින් හොර්මෝන,
නියමිත මට්ටමට වඩා වැඩිවීම හෝ
🔴නියමිත මට්ට්මට වඩා අඩු වීම හෝ
🔴ඇතැම් විට තයිරොයිඩ් හොර්මෝන නියමිත මට්ටමේ තිබියදීත්
තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම ගලගණ්ඩයට හේතු වේ.
🌼රෝග ලක්ෂණ වන්නේ ,
🔺 ගෙල ඉදිරිපස ඉදිමුම
🔺 ආහාර ගිලීමේ අපහසුතාව
🔺හුස්ම ගැනීමේ අපහසුතාව
🔺කටහඬ වෙනස්වීම
🌼ගෙල ඉදිරිපස ඉදිමුමක් ඇති අවස්ථාවකදී Thyroglossal cyst (තයිරොග්ලොසල් සිස්ට්) හා පිළිකා වලින් වෙන් කර හදුනාගත යුතුයි.
🌼 දිව ඉදිරියට දිගු කිරීමේදී නොපෙනී යන ඉදිමුමක් නම් එය thyroglossal cyst නම් වූ උපතේදීම ඇතිවන දෝෂ සහගත තත්වයකි.
🌼පිළිකා තත්වයක් නම් ස්පර්ශ කිරීමේදී අක්‍රමවත් දාරයන් සහිත, අතින් චලනය කිරීමේදී චලනය නොවන, තද ගතියෙන් යුතු ඉදිමුමක් විය හැකි අතර එය තහවුරු කරගැනීම සදහා FNAC නම් පරීක්ෂණයක් කළ යුතුය.
මෙම පරීක්ෂණය සෑම රෝගියෙක් සදහාම කළ යුතු නොවන අතර ගල අර්බුදයක් බවට සැක සහිත අවස්ථාවලදී පමණක් සිදු කරයි.
🌼තයිරොක්සින් හොර්මෝන වෙනස්වීමක් නිසා ඇතිවන ගලගණ්ඩ අවස්තාවකදී තයිරොයිඩ් හෝර්මෝන පරීක්ෂණයක් මගින් එය තහවුරු කරගත හැකිය.
🌼 ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ගලගණ්ඩ චිකිත්සාවේදී ,
🔺නිදාන පරිවර්ජනය
🔺සංශෝධන චිකිත්සා
🔺 සංශමන චිකිත්සා
🔺 රසායන චිකිත්සා විශේෂ ස්ථානයක් ගනු ලබයි.
🌼 ගලගණ්ඩ චිකිත්සා සූත්‍රයේ දක්වා ඇති පරිදි,
🔺 වමන කර්ම
🔺 විරේචන කර්ම
🔺 නස්‍ය කර්ම
🔺 ස්වේද කර්ම
🔺 ධූමපාන
🔺 ශිරාවේධන
🔺 අග්නි කර්ම
🔺 ක්ෂාර කර්ම
🔺 ප්‍රලේප ක්‍රියා
යොදාගෙන චිකිත්සාව සිදුකරනු ලබයි.
🌼ගලගණ්ඩය රෝගය සදහා විශේෂිත වූ,
🔺කෂාය වර්ග
🔺ගුලි වර්ග
🔺කල්ක
🔺චූර්ණ ආදී අභ්‍යන්තර ඖෂධ මෙන්ම
🔺විශේෂිත වූ බාහිර ආලේපයන්ද ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිතා කරයි.
🌼 මීට අමතරව ගලගණ්ඩය නිසා ඇතිවන සංකූලතා සදහා (අතිස්ථූලතාව, ඔසප් චක්‍රය අක්‍රමවත් වීම වැනි) ලාක්ෂණික චිකිත්සාවක්ද සිදුකරනු ලබයි.
🌼ගලගණ්ඩය සදහා සුදුසු ආහාර ලෙස,
🥦සාලයො
🥦හුරුල්ලො
🥦 හාල්මැස්සො
🥦මුකුනුවැන්න
🥦ගොටුකොළ
🥦අයඩින් සහිත ලුණු
🥦නෙල්ලි
🥦කොමඩු
🥦බීට් රූට්
🥦පාස්ලි
🥦අර්තාපල්
🥦ඕට්ස්
🌼එසේම ,
🥦අමුවෙන් සලාද වර්ග ආහාරයට ගැනීම සුදුසුය.
🌼ගලගණ්ඩ රෝගී තත්වය ඇති අවස්තාවලදී නුසුදුසු ආහාර වශයෙන් ,
🥦ගෝවා
🥦රාබු
🥦නෝකෝල් ආදිය දැක්විය හැකිය.
ඔබත් මෙවැනි රෝගී තත්වයකින් පීඩා විදිනවා නම් අදම හරිත ලංකා ආයුර්වේද පියසට පැමිණ මේ සඳහාම විශේෂ වුණු පළපුරුදු වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබා ගන්න.
⭕️ ඔබගේත් අපගේත් පහසුව හා විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා, පැමිණීමට පෙර දිනය සහ වේලාව වෙන්කරවා ගන්න.
✅ හරිත ලංකා ආයුර්වේද පියස,
- ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
- ශ්‍රී ලංකා ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍යශාලා මණ්ඩලය
යන ආයතනයන් තුනෙහි ලියාපදිංචි ලංකාවේම පළමු සහ එකම ආයතනයයි.
⏺️ සතියේ සෑම දිනකම (පෝය දින ඇතුලුව) උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා විවෘතයි.
📞 Phone : 0917 570 970
📱 WhatsApp : 076 335 2001
📌 Location : Haritha Lanka Ayurveda Piyasa (Pvt) Ltd No:467/D, Hiribura Road, Beligaha Junction, Galle
#හරිතතොරතුරුදනව්ව