20/02/2026
🧑🧒 Teenager යනු වයස අවූරුදු 13ත් 19ත් අතර වයස් වල පසුවන සුවිශේෂී දරුවන් කොට්ඨාසයකි. ඔවුන් සමඟ ගනුදෙනු කිරීමේ දී පරෙස්සමෙන්...
✍️💢 හේතු මේ වයස ඔවුන් ශාරීරිකව හා මානසිකව වෙනස් කම් රැසක් අත්විඳින ජීවිතයේ මනරම් කාලයක්. හරි විදියට කළමණාකරණය කරන්න දෙමාපියන් අසමත් වුවහොත් ඔවුන්
1. සමාජයෙන් බැනුම් අහන
2. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම
3. සමාජ විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වීම
4. ගැටුම් වලට සම්බන්ධ වීම
5. මූලික අධ්‍යාපන අරමුණු වලින් බැහැර වීම
6. සමාජශීලී නොවීම
වැනි මෙකී නොකී බොහෝ ගැටළු ගණනාවකට මුහුණ දීමට සිදු වේ.
👨💼👩💼ඇතැම් දැන උගත් දෙමාපියන්ගේ (ගුරුවරු, වෛද්‍යවරු, ඉංජිනේරු වරු, කළමනාකරණ වරු වැනි) පවා දරුවන් ඇතැම් විට සමාජයෙන් බැනුම් අහන කරදරකාරයින් බවට පත්වී ඇති බවට ඕනෑ තරම් උදාහරණ තිබේ.
💢💢 ඇතැම් දෙමාපියන් හට තම දරුවන් සමඟ සමීපව කාලය ගතකිරීමට තරම් කාලයක් නොතිබීම හෝ දැනුමක් නොතිබීම මීට හේතු විය හැක.
🧑👩💼 එවැනි අය තමාගේ දරුවාට සමීප පාසලේ ගුරු භවතුන් හඳුනාගෙන ඔවුන්ගේ සහය ලබාගැනීමෙන් තත්ත්වය කළමනාකරණය කර ගන්න පුළුවන්.
💢💢පහත දේ පිළිබඳව අවධානය යොමු කිරීමට ද උත්සාහ කළ යුතුය
1️⃣ විවෘත සංවාදයක් තබාගන්න 🗣️
දරුවාගේ අදහස් අහන්න.
විනිශ්චය නොකර අහන්න.
ඔවුන්ට තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්න.
2️⃣ විශ්වාසය ගොඩනගන්න 🤝
පොරොන්දු කඩ නොකරන්න.
ඔවුන්ට වගකීම් දෙන්න.
විශ්වාසයෙන් කටයුතු කිරීම ඔවුන්ගේ ආත්මවිශ්වාසය වැඩි කරයි.
3️⃣ සීමා සහ නීති පැහැදිලි කරන්න 📏
ගෙදර නීති පැහැදිලිව කියා දෙන්න.
හේතුවත් පැහැදිලි කරන්න.
නීති සමාන ලෙස ක්‍රියාත්මක කරන්න.
4️⃣ ආදරය සහ සහයෝගය පෙන්වන්න ❤️
“ඔයා ගැන මට ආඩම්බරයි” වැනි වචන භාවිතා කරන්න.
වැරදි කලත්, පුද්ගලයා නොව හැසිරීම පමණක් විවේචනය කරන්න.
5️⃣ තාක්ෂණය සහ සමාජ මාධ්‍ය පිළිබඳ අවධානය 📱
භාවිතය සම්බන්ධයෙන් සීමා තබන්න.
අනතුරු (online risks) ගැන කතා කරන්න.
ඔබම හොඳ ආදර්ශයක් වන්න.
6️⃣ හැඟීම් පිළිගන්න 💬
“ඒක ඔයාට අමාරු වෙලා වගේ” වැනි වචන භාවිතා කරන්න.
ඔවුන්ගේ ගැටළු සුළු නොකරන්න.
7️⃣ ආදර්ශයක් වන්න 🌟
ඔබගේ හැසිරීමෙන් ඔවුන් ඉගෙන ගනී.
ගෞරවයෙන් කතා කරන්න.
කෝපය පාලනය කරගන්න.