ගම්පහ ආයුර්වේද

ගම්පහ ආයුර්වේද ආයුර්වේද වෛද්‍ය කැලුම් වීරසිංහ. ඔරුතොට ආයුර්වේද - ගම්පහ . සියලුම රෝග සඳහා ප්‍රතිකාර ලබා ගත හැකිය
ඔරුතොට, (කළු පාලම අසල)
ගම්පහ
විමසීම.

Tel. 075-8295302 What's app Ayurveda Medical Treatment Center

🌿 කොන්දේ අමාරුවට සහ වේදනාවන්ට සාර්ථක ආයුර්වේද විසඳුමක්: "කටි වස්ති" ප්‍රතිකාරය 🌿වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රධාන...
21/07/2026

🌿 කොන්දේ අමාරුවට සහ වේදනාවන්ට සාර්ථක ආයුර්වේද විසඳුමක්: "කටි වස්ති" ප්‍රතිකාරය 🌿

වර්තමානයේ බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුවක් තමයි කොන්දේ අමාරුව. එකම ඉරියව්වේ දිගු වේලාවක් රැඳී සිටීම, වැරදි ඉරියව් භාවිතය සහ බර ඉසිලීම වැනි හේතු නිසා ඇතිවන කොන්ද ආශ්‍රිත වේදනාවන්ට ආයුර්වේදයේ ඇති කදිම සහ ස්වාභාවික ප්‍රතිකාරයක් ලෙස "කටි වස්ති" (Kati Vasti) හඳුන්වා දෙන්න පුළුවන්.

✨ මොකක්ද මේ කටි වස්ති කියන්නේ?
සංස්කෘත භාෂාවෙන් "කටි" යනු කොන්දේ පහළ ප්‍රදේශයයි (Lower Back). මෙහිදී උඳු පිටිවලින් සෑදූ විශේෂ රවුම් වැටියක් කොන්දේ වේදනාව ඇති ස්ථානයේ තබා, ඒ තුළට නියමිත උෂ්ණත්වයකට රත් කළ ඖෂධීය තෙල් එකතු කර නිශ්චිත කාලයක් රඳවා තැබීම සිදු කරයි. මෙම තෙල් වර්ගය රෝගියාගේ ශරීර ප්‍රකෘතිය සහ දෝෂ තත්ත්වයන්ට (විශේෂයෙන් වාත දෝෂයට) ගැළපෙන පරිදි වෛද්‍යවරයා විසින් තීරණය කරනු ලබයි.

✨ කටි වස්ති ප්‍රතිකාරයේ සුවිශේෂී ප්‍රතිලාභ:

වේදනාව සමනය කිරීම: දැඩි කොන්දේ වේදනාව (Lower Back Pain) සහ මාංශ පේශීවල තද ගතිය (Stiffness) ඉතා ඉක්මනින් සමනය කරයි.

ස්නායු ආබාධ සඳහා සහනය: ගෘධ්‍රසී රෝගය (Sciatica) සහ අන්තර් කශේරුකා මඬල ලිස්සා යාමේ (Slip Disc) තත්ත්වයන් සඳහා මෙය ඉතා සාර්ථක ප්‍රතිකාරයකි.

පෝෂණය ලබා දීම: කොන්ද ආශ්‍රිත ස්නායු, කණ්ඩරාවන්, මාංශ පේශී සහ අස්ථි පද්ධතිය පෝෂණය කර ඒවායේ ශක්තිමත්භාවය වර්ධනය කරයි.

නම්‍යශීලී බව වැඩි කිරීම: එම ප්‍රදේශයේ රුධිර සංසරණය ක්‍රමවත් කර සන්ධිවල නම්‍යශීලී බව සහ ලිහිසිභාවය (Lubrication) වැඩි දියුණු කරයි.

ප්‍රතිකාරයට සමගාමීව, කොන්දට හිතකර සුදුසු යෝගා ආසන අභ්‍යාසවල නිරත වීම සහ අපේකම රැඳුණු පෝෂ්‍යදායී දේශීය ආහාර රටාවකට හුරුවීම මගින් මෙවැනි රෝගී තත්ත්වයන්ගෙන් ස්ථිරවම මිදෙන්නටත්, අනාගතයේදී රෝග ඇතිවීම වළක්වා ගන්නටත් විශාල පිටිවහලක් ලැබෙනවා.

තාවකාලික වේදනා නාශකවලට පමණක් සීමා නොවී, රෝගයේ මුල සොයා ගොස් ප්‍රතිකාර කරන ආයුර්වේදයේ අගනා ප්‍රතිකාර තුළින් නිරෝගී ජීවිතයකට පියනඟමු! 🍃

🩺 සුදු කබර (ශ්විත්‍ර) රෝගය ආයුර්වේද ප්‍රතිකාර මගින් නිට්ඨාවටම සුව කළ හැකියි!සුදු කබර යනු බොහෝ දෙනෙකු තුළ දැඩි මානසික ආතත...
18/07/2026

🩺 සුදු කබර (ශ්විත්‍ර) රෝගය ආයුර්වේද ප්‍රතිකාර මගින් නිට්ඨාවටම සුව කළ හැකියි!
සුදු කබර යනු බොහෝ දෙනෙකු තුළ දැඩි මානසික ආතතියක්, කනස්සල්ලක් මෙන්ම සමාජයීය වශයෙන් පසුබෑමක් ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්‍රමයෙන් නැති කරමින් මුලින්ම ඇස් වටා, මුඛය වටා සහ ඇඟිලි තුඩු වැනි ස්ථානවල ඇති වන සුදු පැහැ ලප, පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා ද පැතිර යා හැකිය.

මෙම රෝගයෙන් ශාරීරික වේදනාවක් ඇති නොවුණද, රෝගියා මුහුණ දෙන මානසික පීඩනය අතිමහත්ය.

🧐 රෝගයට හේතු සහ බටහිර මතය
සතුන් සපා කෑම හෝ දේව කෝපය නිසා මෙය වැළඳෙන බවට සමාජයේ පවතින මත මිථ්‍යාවන් වේ. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙයට හේතුව වන්නේ සමට වර්ණය ලබා දෙන මෙලනින් (Melanin) වර්ණක යම් හේතුවක් නිසා විනාශ වී යාමයි. මීට අමතරව දියවැඩියාව, පීණස සහ අධික මානසික ආතතිය ද මේ සඳහා බලපෑ හැක.

⚠️ බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මේ සඳහා ස්ථිර සුවයක් ලබා දෙන කල්පවතින ප්‍රතිකාර සොයා ගැනීම අපහසු වුවද, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව නිට්ඨාවටම සුවපත් කර ඇත.

🌿 ආයුර්වේද දෘෂ්ටිය සහ ප්‍රතිකාර ක්‍රම
ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාවය රඳා පවතින්නේ වාත, පිත්ත, කප (සෙම්) යන ත්‍රිදෝෂයන්ගේ සමබරතාවය මතයි. මෙම සමබරතාවය බිඳී යාමෙන් සුදු කබර රෝගය හටගන්නා අතර, දෝෂයන්ගේ අසමතුලිතතාවය අනුව රෝග ප්‍රභේද 3කි.

සාර්ථක ප්‍රතිකාර: බාහිරව ගාන පත්තු, ඖෂධීය තෙල් මෙන්ම අභ්‍යන්තරව ලබා දෙන ගුලි, කල්ක සහ චූර්ණ (කුඩු) මගින් ශරීරයේ නැතිවී ගිය ත්‍රිදෝෂ සමතුලිතතාවය යළි ඇති කරයි.

මෙලනින් උත්තේජනය: මෙමගින් සමේ නැතිවී ගිය මෙලනින් වර්ණක නැවත නිපදවීමට අවශ්‍ය ශක්තිය ශරීරයට ලබා දේ.

අතුරු ආබාධ රහිතයි: ආයුර්වේද ප්‍රතිකාරවලට ආවේණික පරිදි මෙහි කිසිදු අහිතකර අතුරු ආබාධයක් නොමැත.

⏱️ සුව වීමට ගතවන කාලය: රෝගය වැළඳුණු මුල් අවධියේදීම (ප්‍රථම ලපය මතු වූ වහාම) ප්‍රතිකාර ආරම්භ කළහොත් සතියක් වැනි කෙටි කාලයකින් වුවද රෝගය පාලනය කරගත හැක. රෝගය පැතිරී ඇති ප්‍රමාණය අනුව සුව වීමට ගතවන කාලය වෙනස් වේ.

🍏 ගුණ සහ අගුණ ආහාර (පත්‍ය අපත්‍ය)
ප්‍රතිකාරවල සාර්ථකත්වය සඳහා රෝගියා ගන්නා ආහාර පාන ද සෘජුවම බලපායි.

✅ ඉක්මන් සුවය දෙන ගුණදායක ආහාර: කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ග, දිවුල් පළතුරු, කරපිංචා යුෂ මුසු කළ තණහාල් කැඳ.

❌ ප්‍රතිකාරවලට බාධා කරන අගුණ ආහාර: සියලුම මාංශ වර්ග, ඇඹුල් රසැති පළතුරු සහ අච්චාරු වර්ග.

මනා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සමඟ නිවැරදි ආහාර රටාවක් අනුගමනය කිරීමෙන් මෙම චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කරගත හැකිය.

🏥 ප්‍රතිකාර සඳහා විමසන්න: 075-8295302
✨ සුදු කබර (ශ්විත්‍ර), පොතු කබර, දද සහ කුෂ්ඨ ඇතුළු සියලුම චර්ම රෝග සඳහා විශේෂ ආයුර්වේද ප්‍රතිකාර

👨‍⚕️ වෛද්‍ය. කැලුම් වීරසිංහ (සර්වාංග)
🎓 B.A.M.S. (University of Colombo)
📍 ගම්පහ ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
(ඔරුතොට පාර, ගම්පහ)

📞 දුරකථන අංකය: 075-8295302

#ශ්විත්‍ර #සුදුකබර

18/07/2026

steam bath

13/10/2025

Like ගම්පහ ආයුර්වේද

ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර, ගම්පහ | ටෙලි. 075-8295302

පිළිකා නසන ලාවුළු
අතීතයේ ශ්‍රි ලාංකික අප රස විදි දැක ඇති සැම නිවසකම පාහේ පළතුරක් ලෙස වගා කර තිබු මෙම පළතුර වර්තමාන පරපුර කිසිදාක රස විද හෝ දැක නොමැති පළතුරක් බවට පත් වි ඇති යුගයක එහි පෝෂණ ගුණය ගැන අප මදක් විමසා බලමු.
ඉදුණු විට දැකුම් කළු කහ පැහැයකින් යුතු මෙම පළතුර ඉතාමත් ඉහළ පෝෂණ ගුණයකින් සමන්විතය.විවිධ පෝෂණ පදාර්ථ අන්තර්ගත ලාවුළු කෙසෙල් වලට වඩා 50% ක ශක්තිය අඩංගු අතර අලිගැට පේර වල අඩංගු ප්‍රමාණයට සමාන ප්‍රෝටීන ප්‍රමාණයක් අන්තර්ගත වේ.කැරොටින් බී කාණ්ඩයට අයත් විටමින් සහ අත්‍යාවශ්‍ය ඛනිජ වලින් ද සමන්විත වේ.අඩු මේද ප්‍රමාණයක් ඇති මෙහි පළතුරු ප්‍රෝටින් හා තන්තු අධික ප්‍රමාණයක් හා ඇස්කෝබික් අම්ලය සාමාන්‍ය ප්‍රමාණයකින් අඩංගු වේ.එසේම ප්‍රෝ විටමින් 'ඒ' කැරෝටෙනොයිඩිස් වලින් සමන්විතය.මෙම පළතුරු ග්‍රෑම් 100ක කැරෝටින් මිලි ග්‍රෑම් 30ක් පමණ අඩංගු වේ.පෙනිම වැඩි දියුණු කිරිම සඳහාත් වියළි ඇස් වලට ප්‍රතිකාරයක් ලෙසත් මේවා උපකාරි වන අතර ඇසේ සුද ඇති වීමේ අවදානම මෙමගින් අඩු කරයි.එසේම හිසකේ හා සමට ද මෙම කැරොටිනොයිඩි හිතකරය.
මීට අමතරව පිළිකා වලට එරෙහිව සටන් කිරීමේ ශක්තියකින් ද හෙබි මෙම පළතුර විශාදය, හිසරදය, ආමාශදාහය සහ අධි රුධිර පීඩනය ආදියටද මෙම කැරෝටිනොයිඩ්ස් හිතකරය.
ලාවුළු වල අඩංගු නිකොටික් අම්ලය (විටමින් බි 3) නමින් හැඳින්වෙන නියැසීන් අධික මට්ටමට ඇති නිසා ප්‍රතිලාබ රැසක් අත්කර දෙයි.එසේම රුධිර සිනී මට්ටම පාලනය කිරීමටත් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටත්, සිරුරේ විෂ නැසිමටත් ලිංගික හෝමෝන මෙන්ම ආමාශයේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවීමටත් නියැසීන් උපකාරී වේ.එසේම මෙම නියැසින් රුධිර වාහිනි විස්තාරනව කිරීමේ ශක්තියකින් යුතු හිස්ටැමීන් නිපදවිමටත් ආධාර කරයි.එමගින් රුධිර සංසරණය වර්ධනය වී අධි රුධිර පීඩනය හට ගැනීම වළක්වා එහි ප්‍රතිඵලයක් ලෙස හදවත් රෝග හට ගැනීමේ අවධානම අඩු කරයි.ඉහත සඳහන් ප්‍රතිලාභ වලට අමතරව ලාවුළු වල පහත සඳහන් පෝෂණ ගුණයන් අන්තර්ගත වේ.

· යකඩ අධික ප්‍රමාණයක් ඇති නිසා හිමෝග්ලොබින් නිපදවීමට ආධාර කරයි.එමගින් ශරිරයට ඔක්සිජන් ප්‍රවාහනය වැඩි කරයි.එසේම මතක ශක්තිය වැඩි කරන අතර ශරීර ශක්තිය වැඩි කිරීමට ද මෙම යකඩ උපකාරී වේ.

· ලාවුළු ග්‍රෑම් 100 ක කැල්සියම් මි. ග්‍රෑම් 25ක් පමණ අඩංගු අතර පොස්පරස් මි. ග්‍රෑම් 40 පමණ ද අඩංගු අතර එමඟින් ආතරයිටිස් රෝගය පාලනයට උපකාරී වේ.එසේම අස්ථි හා සන්ධි ආබාධ වලින් පෙළෙන්නන්ගේ අස්ථි ශක්තිමත් කිරීමට ද මෙය උපකාරී වේ.

· ලාවුළු ඇති ආහාරමය තන්තු මගින් ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය වර්ධනයට උදව් වේ.එමගින් රුධිර ග්ලුකෝස් මට්ටම් විධිමත් කර අහිතකර කොලෙස්ටරෝල් බැහැර කරලීමටද තන්තු උපකාරි වේ.

· මෙම ලාවුළු වල මි. ග්‍රෑම් 100ක මි. ග්‍රෑම් 60 ක් පමණ විටමින් සී අඩංගු බැවින් සෙම්ප්‍රතිශ්‍යාවට හා කැස්සට ස්භාවික ප්‍රතිකාරයක් ද වේ.

· එසේම ක්ෂුද්‍ර ජීවින්ට එරෙහිව ක්‍රියා කිරිමේ ශක්තියෙන් යුත් ඇමයිනෝ අම්ල, ලයිසන්, වැනි සංඝටක නිසා බැක්ටිරියානු හා දිලිර ආසාදන සඳහා ස්භාවික ප්‍රතිකාරයක් ලෙස ද සැලකේ.

ඔරුතොට ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - ගම්පහ දුරකථන - 075 829 5302--------------------------------------------------🧘‍♀️ ව...
12/10/2025

ඔරුතොට ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය - ගම්පහ
දුරකථන - 075 829 5302
--------------------------------------------------
🧘‍♀️ වමන කර්මය යනු කුමක්ද?
--------------------------------------------------

වමන කර්මය යනු ආයුර්වේදයේ පංචකර්ම ප්‍රතිකාර අතරින් එකක් වන ශෝධන ක්‍රමයකි. මෙය ශරීරයේ උඩු කොටස තුළ ඇතිවූ කඵ දෝෂය සහ විෂ ද්‍රව්‍ය වමනය මඟින් බැහැර කිරීම සඳහා යොදා ගනියි.

"තත්ර දෝෂ හරණම් ඌර්ධවභාග වමන සංඥකම්" — උඩු කොටසේ දෝෂයන් නාශනය කිරීමේ ක්‍රමවේදයයි.

🚫 වමන කර්මය සඳහා නුසුදුසු අවස්ථා
හදවත් රෝග සහ අර්ශස් රෝග

පුරස්ථ ග්‍රන්ථිය විශාල වීම

ආහාර මාර්ගයේ අවරෝධතා

ගර්භණී මවුවරුන්

කුඩා දරුවන් සහ මහළු පුද්ගලයින්

දුර්වල හෝ ආබාධිත ශරීර

පෙර වමන ප්‍රතිකාර වලදී අපහසුතා ඇතිවීම

රූක්ෂ ගුණ බහුල පුද්ගලයින්

ස්නේහ කර්ම සිදු නොකළ අය

✅ වමන කර්මය සඳහා සුදුසු අවස්ථා
මෑතකදී ඇතිවූ ජ්වර, අජීර්ණය, මදසරුබව

ආහාර මාර්ගයේ පහළ කොටස තුළ පිත්ත දෝෂය

චර්ම රෝග

ආහාර රස නොදැනීම සහ ජීර්ණය නොවීම

ශ්වාසන පද්ධතියේ දීර්ඝකාලීන රෝග

ඇස, කණ, නාසය, උගුර ආශ්‍රිත කඵ රෝග

අධික නිදාගැනීම හෝ නින්ද නොයන තත්ව

සංවේදන ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය දුර්වල වීම

🌀 වමන කර්මයේ ප්‍රතිකාර ක්‍රමවේදය
1. පූර්ව කර්ම
ශරීරය සූදානම් කිරීම

පාචන ද්‍රව්‍ය, ස්නේහන, අභ්‍යංග, ස්වේදන

කඵ දෝෂය උත්සන්න කරන ආහාර (මාළු, තල, කිරි, මස්)

2. ප්‍රධාන කර්ම
උදය කාලයේ වමන සිදුකිරීම

හිස් බඩට වමනකාරක ඖෂධ ලබාදීම (මදනඵල, වචා)

වමනය පවත්වන අතරතුර රෝගියාට සහය

3. පශ්චාත් කර්ම
ධූමපානය මඟින් ඉතිරි කඵ බැහැර කිරීම

උණුවතුර ස්නානය

විශේෂිත ආහාර ලබාදීම

🌿 වමන කර්මයේ ප්‍රතිලාභ
ශරීරයෙන් අත්‍යධික කඵ බැහැර කිරීම

ආහාර ජීර්ණය වේගවත් කිරීම

ශරීර ශක්තිය, පෝෂණය, ප්‍රතිශක්තිය වැඩි කිරීම

සරුබව හා ලිංගික ශක්තිය වර්ධනය

වියපත්වීම පමා කිරීම

12/10/2025

සයටිකා රෝගය ඇතුළු කොඳු ඇට පෙළ ආශ්‍රිත රෝගාබාධ සඳහා ප්‍රත්‍යක්ෂ දේශීය ආයුර්වේද ප්‍රතිකාර, නිල ප්‍රතිකාර, ඖෂධීය තෛල සම්බාහන ප්‍රතිකාර ඔබට මෙහිදී ලබා ගත හැකිය. අමතන්න ගම්පහ ආයුර්වේද 0758295302

05/10/2025

ආයුර්වේද වෛද්‍ය කැලුම් වීරසිංහ. ඔරුතොට ආයුර්වේද - ගම්පහ . සියලුම රෝග සඳහා ප්‍රතිකාර ලබා ගත හැකිය
ඔරුතොට, (කළු පාලම අසල)
ගම්පහ
විමසීම.
Tel. 075-8295302 What's app

05/10/2025

සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය

සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලුන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බව සමහරුන් පවසන අතර තවත් අය මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ සෛල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක්රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි. තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයා ගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප්‍රතිකාර ක්‍රමයක් නම් සොයාගෙන නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේ. වා.සිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්‍රභේදයක් වුවද ආයූර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. එසේ වුවද රෝගය පැතිරී ඇති ක්ශේත්රය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප්‍රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ආරම්භ කලේ නම් සතියක පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

මෙම රෝගය සදහා සම මත ආලේප කරන පත්තු, ඔෳෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්රතිකාර විවිධ වේ. මේවා සියල්ලෙන්ම ශරීයෛ් නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප්රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප්රතිථල කිසිවක් නොමැත. තවද ‍රෝගියා අනුභව කරන ආහාර පානද ප්‍රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ. එලෙසම සියලුම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග මේ සදහා අසත්‍ය වේ. ඒවා ප්රතිකාර කෙරෙහි අහිතකරව බලපායි.

ඒ අනුව මනා ආයුර්වේද ප්රතිකාර විධි සමග සුදුසු ආහාර වේලක් ලබා ගන්නේ නම් මෙම අප්‍රරසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

සුදු කබර (ශ්විත්‍ර) සහ පොතු කබර
දද කුෂ්ඨ ආදී රෝග සදහා
විශේෂ ආයුර්වේද ප්රතිකාර

වෛද්‍ය. කැලුම් වීරසිංහ(සර්වාංග)
B.A.M.S. University of Colombo
ගම්පහ ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර, ගම්පහ
Tel -075-8295302

ආයුර්වේද වෛද්‍ය කැලුම් වීරසිංහ. ඔරුතොට ආයුර්වේද - ගම්පහ . සියලුම රෝග සඳහා ප්‍රතිකාර ලබා ගත හැකිය
ඔරුතොට, (කළු පාලම අසල)
ගම්පහ
විමසීම.
Tel. 075-8295302 What's app

Are you ready to embark on a holistic healing journey? At Ayurveda Medical Center, we combine centuries-old Panchakarma ...
11/08/2025

Are you ready to embark on a holistic healing journey? At Ayurveda Medical Center, we combine centuries-old Panchakarma therapies with precision acupuncture to cleanse your body, calm your mind, and ignite your natural vitality.

---

✨ Our Signature Treatments

- Panchakarma Detox Programs
Vamana (therapeutic emesis), Virechana (purgation), Basti (medicated enemas), Nasya (nasal therapy), Raktamokshana (bloodletting)

- Acupuncture Sessions
Targeted needle therapy to balance energy flow, reduce pain, and boost immunity

- Personalized Consultations
In-depth assessment by Dr. Kelum Weerasinghe to tailor treatments for your unique constitution

---

🩺 Additional Specialized Treatments

- Pain Management
Ayurvedic herbal massages, targeted acupuncture, and therapeutic oils to relieve chronic and acute pain

- Obesity Management
Customized diet plans, herbal supplements, and Panchakarma protocols to support healthy weight loss

- Skin Disease Therapies
Treatment for acne, eczema, psoriasis, and fungal infections using medicated pastes, oils, and rejuvenating steam therapies

- Fracture Rehabilitation
Bone-setting techniques, herbal poultices, and acupuncture to accelerate recovery and restore mobility

📍 Visit & Book

No 16, Oruthota Road, Gampaha (near Jogging Lane)
📞 075 829 5402
🕗 Mon–Sat | 5 PM–10 PM

Reserve your spot today and step into a life of balance, clarity, and vibrant health! Tel: 075 829 5302

---

Ayurveda

05/08/2025

සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය

ගම්පහ ආයුර්වේද
පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර, ගම්පහ
Tel -075-8295302
www.ayurvedagampaha.ga

--------------------------------------------------------------------------------
සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. මෙම රෝගයෙන් කිසිදු වේදනාවක් හෝ දෛනික වැඩ වලට බාධාවක් හෝ ඇති නොවන නමුදු එය මහත් සමාජීය බලපෑමක්ද දරුණු මානසික ආතතියක්ද රෝගියා කෙරෙහි ඇති කරවයි.

මෙම රෝගයට හේතු සාධකද විවිධාකාර වේ. මීයන්, බළලුන් හෝ සර්පයින් සපා කෑම නිසා මෙම රෝගය වැළදෙන බවට විස්වාසයක පවතින අතර මෙය යම්කිසි විශ ද්‍රව්‍ය ශරීර ගත වීමෙන් ඇතිවන බලපෑමක් ලෙසද ගත හැක. මෙය දෙවියන්ගේ ශාපයක් නිසා වැළදෙතැයි විශ්වාස කරති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මෙම රෝගයට හේතු ව‍න්නේ සමේ සෛල තුල ඇති මෙලනීන් කණිකා යම් කරුණක් නිසා ක්රමයෙන් නැතිවී යාමයි. මෙලනීන් යනු සමේ වර්ණය ලබා දෙන කණිකා විශේෂයකි. තවද දියවැඩියාව, පීණස, මානසික ආතතිය, ශරීරයේ හෝමෝන වල වෙනස්කම් වැනි කරුණුද මේ සදහා බලපෑ හැකිය. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුදු කබර රෝගයේ හේතු කාරකය සොයා ගෙන ඇති නමුදු ඒ සදහා සාර්ථක කල් පවතින ප්‍රතිකාර ක්‍රමයක් නම් සොයාගෙන නොමැත. එහෙත් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය මගින් ඈත අතීතයේ සිටම මෙම රෝගය සාර්ථකව මැඩ පවත්වා නිට්ඨාවට සුවපත් කරනු ලැබ ඇත.

ආයුර්වේදයට අනුව ශාරීරික සුවතාව පවතින්නේ. වා.සිත්.සෙම්. යන ජීව සාධක වල මනා සමබරතාවය අනුවය. මෙම සමබරත‍ාවය බිදී යෑමෙන් ශාරීරික සෞඛ්‍ය අඩාල වේ. සුදු කබර රෝගයද මෙලෙස සමබරතාවය බිදී යෑමේ එක් ප්‍රතිථලයකි. ඒ අනුව එක් එක් ජීව සාධකයේ අසමතුලිතතාවය අනුව සුදු කබරද ප්‍රභේද තුනකට බෙදා ඇත. ඒ කවර ප්‍රභේදයක් වුවද ආයූර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. එසේ වුවද රෝගය පැතිරී ඇති ක්ශේත්රය අනුව සුව වීමේ කාලය වෙනස් විය හැක. ප්‍රථම සුදු පැහැ ලපය ඇති වනවාත් සමගම සුදුසු ආයුර්වේද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ආරම්භ කලේ නම් සති 2 -3 පමණ කාලයකින් රෝගය සුව කරගත හැකිය. එහෙත් රෝගයේ පැතිරීම වැඩි වුවහොත් එය සුව වීමට ගන්නා කාලයද වැඩි විය හැක.

මෙම රෝගය සදහා සම මත ආලේප කරන බෙහෙත්, ඔෳෂධීය තෙල් මෙන්ම ශරීරය තුලට ලබාදෙන ගුලි, කල්ක සහ කුඩු ලෙස ආයුර්වේද ප්රතිකාර විවිධ වේ. වර්තමානයේ පයේෂණ මගින් දියුණු කරන ලද ඉන්දියානු ආයුර්වේද ඔෂධ මේ රෝගය සදහා භාවිතා කරයි.

මේවා සියල්ලෙන්ම ශරීයෛ් නැතිවී ගිය සමතුලිතතාවය යලි ඇති කර අවශ්‍ය මෙලනින් කණිකා නිපදවා ගැනීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දේ. ආයුර්වේද ප්රතිකාර වලට ආවේණික අයුරින් මේවායේද අහිතකර ප්රතිථල කිසිවක් නොමැත. තවද ‍රෝගියා අනුභව කරන ආහාර පානද ප්‍රතිකාර කෙරෙහි බලපායි. කතුරුමුරුංගා, මුකුණුවැන්න වැනි පලා වර්ගද දිවුල් වැනි පළතුරුද කරපිංචා යුෂ සමග තණ හාල් කැදද ඉක්මන් සුවය සදහා මහත්සේ දායක වේ. එලෙසම සියලුම ආකාරයේ මාංශ වර්ග ඇඹුල් රස පළතුරු හා අච්චාරු වර්ග, උෂ්ණ ආහාර පාන මේ සදහා නුසුදුසු වේ. ඒවා ප්රතිකාර කෙරෙහි අහිතකරව බලපායි.

ඒ අනුව මනා ආයුර්වේද ප්රතිකාර විධි සමග වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ප්‍රතිකාර කළහොත් මෙම අප්‍රරසන්න චර්ම රෝගය ඉතා කඩිනමින් සුව කළ හැකිය.

සුදු කබර (ශ්විත්‍ර) සහ පොතු කබර
දද කුෂ්ඨ ආදී රෝග සදහා
විශේෂ ආයුර්වේද ප්රතිකාර

ගම්පහ ආයුර්වේද වෛද්‍ය - පංචකර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය
ඔරුතොට පාර, ගම්පහ
Tel -075-8295302

Address

Oruthota Road, Near Kalu Palama
Gampaha
11000

Telephone

0758295302

Website

Alerts

Be the first to know and let us send you an email when ගම්පහ ආයුර්වේද posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to ගම්පහ ආයුර්වේද:

Shortcuts

Share

Category