22/04/2026
⭕ හන්ඳි වලට injection විදින්න හොඳ නැද්ද ?
=============================
⭕ විවිධ හන්ඳි අමාරු වලට පාවිච්චි කරන්න පුලුවන් injection වර්ග කිහිපයකික්ම තියනවා.
⭕ ප්‍රධාන වශයෙන් Glucorcorticoid කියන වර්ගයට අයත් Methylpredisolone, Triamconolone injection තමා පාවිච්චි වෙන්නේ. මෙම injection දෙන්නේ lignocaine වගේ හිරි වට්ටන්න පාවිච්චි කරන බෙහෙතක දිය කරලා.
⭕ තවත් හන්ඳි වලට දෙන glucocorticoid වර්ගයට අයිති නොවෙන PRP, PRF වගේ injection වර්ග තියනවා.
⭕ සමාජයේ පැතිරිලා තියන දුර්මතයක් තියනවා ඔය injection ගැහුවත් හන්ඳිය ගෙවිල යනවා, හන්ඳි වල වතුර එනවා කියල. ඕක සම්පූර්ණයෙන් වැරදි අදහසක්.
⭕ අවබෝධ කරගන්න ලේසි වෙන්න ඔය injection දෙන අවස්ථාවන් කොටස් දෙකකට වෙන කරල ලියන්නම්
⭕ Inflammatory එහෙම නැත්තම් හන්දියක හෝ මස්පිඩුවක ප්‍රදාහයකට injection දෙන අවස්ථාවලදී රෝගියාට ඉහල ප්‍රතිපල ලැබෙනවා (උදා: උරහිසේ tendinitis තත්වයන්, කකුලේ plantar fascitis තත්වය. අති බහුතරයක් රෝගින්ට එතනින්ම ලෙඩේ හොඳ වෙලා යනවා.
⭕ Degenerative, එහෙම නැත්තම් ගෙවී ගිය හන්ඳියක ආතරයිටිස් එකකට මෙම injection එක දුන්නහම සාර්ථක නොවෙන්න පුලුවන්, ඒක තමයි හොඳටම ගෙවිල ගිය දනිස් වලට injection එක දුන්නහම කාලයක් ගිහින් ආයෙ රෝග ලක්ෂණ එන්නේ. හැබැයි බෙහෙත් විතරක් බොනවට වඩා ඉහල ප්‍රතිපල එනවා.
⭕ සමහරවිට ඔබ කල්පනා කරනව ඇති මට උරහිසට injection දෙකක්ම විද්දා, එහෙම නැත්තම් විලුඹට විද්දා, ඒත් අඩුවුනේ නෑ, ඇයි ඒ කියල
⭕ඒකට හේතු කිහියපයක් තියනවා
✅ පලවැන්න තමා වැරදි රෝග නිර්ණය. උදාහරණයක් වශයෙන් උරහිසේ එන කැක්කුමට හේතුව supraspinatus කියන මස්පිඩුව ඉදිමීම, supraspinatus කියන මස්පිඩුව සුලු වශයෙන් හෝ ඉරීයාම, උරහිසේ මස්පිඩු ආශ්‍රිත bursa ඉදිමීම, biceps කියන මස්පිඩුව ඉදිම්ම, AC joint යන හන්ඳිය ගෙවීයාම, Frozen shoulder, shoulder synovitis යන තත්වය වගේ වෙන්න පුලුවන් (තවත් හේතු තියනවා).
✅ ඔය එක එක තත්වයට injection විදින තැන වෙනස් වෙනවා. Supraspinatus මස්පිඩුව ඉදිමෙච්ච වෙලාවට biceps මස්පිඩුව ඉදිමුනහම විදින තැනට injection විදල හරියන්නේ නෑ. Injection එක විදින්න කලින් නිවැරදි රෝග නිර්ණය ඉතාම වැදගත්
✅ දෙවැන්න තමා එන්නතේ මාත්‍රාව. පොඩි හන්ඳි වලට දෙන මාත්‍රාව සයිස් එක ලොකු හන්ඳි වලට මදි වෙන්න පුලුවන්. අනික හන්දියක වතුර තියනවනම් හෝ හන්දියේ ප්‍රදාහය වැඩි නම් ඉහල මාත්‍රාවක් පාවිච්චි කරන්න ඕනේ.
✅ තුන්වැන්න තමා DMARDs කියන ආතරයිටිස් වලට දිගට ගන්න ඕන බෙහෙත් බොන්න ලෙඩ්ඩුන්ට injection විතරක් නියම කිරීම. එතකොට වෙන්නෙ සුලුකාලයක් ලෙඩේ අඩු වෙලා නැවත එනවා. ඒ වගේ ලෙඩ්ඩුන්ට injection එක විතරක් දීල මදි. අනික තමා මස්පිඩුවේ දිගකාලයක් ප්‍රදාහය පැවතීම නිසා මස්පිඩුව ඉරී යන්න පවා පුලුවන්.
✅ හතර වැන්න තමා දැනටම ඉරිල තියෙන මස්පිඩුවක් අදාල ආතරයිටිස් ගැටලුවකට (උදා: supraspinatus tear) injection එක දීම. මස්පිඩුවේ ප්‍රදාහය නිසා සුලු වශයෙන් මස්පිඩුව ඉරිල තියන වෙලාවක injection එකෙන් වාසියක් වුනාට සම්පූර්ණයෙන් රෝග ලක්ශණ අඩු නොවෙන්න පුලුවන්. ඒක කල්පනා කරල ගන්න ඕනෙ තීරණයක්. විශාල ඉරීමත් තියනවානම් සැත්කම් පවා කරන්න වෙන අවස්ථාවන් එනවා.
✅ පස්වැන්න තමා ඉතාම අඩු quality brands වල injection වර්ග පාවිච්චි කිරීම. නිවැරදි තැනට injection එක ගැහුවත් injection එකේ ගුණාත්මක බව අඩු හින්ඳා රෝග ලක්ෂණ අඩු නොවෙන්න පුලුවන්.
⭕ අවසානයේ කියන්න තියෙන්නේ මෙවැනි injection එකක් ගන්න කියල වයිදයවරු නිර්ණය කලොත් ඒක ගන්න. අසල්වැසියාගෙන් හෝ ෆාමසි එකේ ඉන්න ගෑණු ලමයගෙන් උපදෙස් අරගෙන ඒක නොකර ඉන්න එපා. ලෙහෙසියෙන් ප්‍රතිකාර කරගන්න තිබ්බ රෝගි තත්වයක් දුරදිග යන එක විතරයි වෙන්නෙ. කොහොමත් ලෙඩේ වැඩි වුනහම ඒ ගොල්ලන්ට ඔයාට බෙහෙත් කරන්ම බැහැනෙ.
⭕ මෙම injection අවශ්‍ය වුනොත් නැවත එකම හන්දියට දෙන්න පුලුවන් වුනාට ඒක වාසි අවාසි සලකා ගන්න ඕන තීරණයක්.
⭕ ඔබ හන්දියක් බද්ද කිරීමට ලෑස්ති වෙලා ඉන්නවනම් (උකුල, දනිස්ස වගේ), හන්දියකට මාස තුනක් ඇතුලත මෙම injection ලබා ගැනීමෙන් වලකින්න ඕනේ.
⭕Dr. අරුණ කල්දේරා
MBBS, MD, MRCP (UK). MRCP (Rheumatology)
සන්දි සහ සන්දි ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය
0714844644