Arogya Medical Laboratory - Haragama

Arogya Medical Laboratory - Haragama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arogya Medical Laboratory - Haragama, Medical Lab, No 310, Udarata Sandalla, Haragama.

මානසික රෝගයත් රෝගයක්මයි 🤍 — මෙය වෛද්‍ය හදිසි තත්ත්වයකියම් පුද්ගලයෙකු තමාගේම දරුවාට හෝ ස්වාමියාට/බිරිඳට දැඩි හානියක් කිරී...
01/02/2026

මානසික රෝගයත් රෝගයක්මයි 🤍 — මෙය වෛද්‍ය හදිසි තත්ත්වයකි

යම් පුද්ගලයෙකු තමාගේම දරුවාට හෝ ස්වාමියාට/බිරිඳට දැඩි හානියක් කිරීමට උත්සාහ කිරීම, සාමාන්‍ය මනුෂ්‍ය හැසිරීමක් නොවේ.
වෛද්‍ය දෘෂ්ටියෙන් බලන විට, මෙය බොහෝවිට ගැඹුරු මානසික රෝගයක් පෙන්වන ලක්ෂණයක් වන අතර හදිසි මනෝවෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ.

🧠 වෛද්‍ය ලෙස මෙවැනි හැසිරීම් සම්බන්ධ විය හැක්කේ:
• ඇකියුට් සයිකෝසිස් (Acute Psychosis) – යථාර්ථය සමඟ සම්බන්ධතාවය නැතිවීම, හඬ ඇසීම, වැරදි විශ්වාස
• තීව්‍ර අවපීඩන රෝගය (Severe Depression) – විනිශ්චය ශක්තිය අඩුවීම
• ප්‍රසූති පසු හෝ වෙනත් සයිකෝටික් රෝග
• මත්ද්‍රව්‍ය හෝ මත්පැන් නිසා ඇති මානසික රෝග
• ගැඹුරු පුද්ගලත්ව හෝ හැඟීම් පාලන ගැටලු
• අධික මානසික පීඩනය, ආතතිය, පැරණි ආබාධ හෝ අතීත තුවාල

⚠️ වැදගත් වෛද්‍ය සත්‍යයක්
සියලුම මානසික රෝගීන් ප්‍රචණ්ඩකාරී නොවේ.
නමුත් දැඩි ප්‍රචණ්ඩ හැසිරීමක් පෙනී යන්නේ නම්, එය බොහෝවිට පුද්ගලයා අතිශය අසනීපව ඇති බවත්, ප්‍රතිකාර නොමැතිව අනාරක්ෂිත බවත් පෙන්වයි.

💔 මෙය නැවත සිදුවිය හැකිද?
ඔව්. වෛද්‍යමය වශයෙන් නැවත සිදුවීමේ සැලකිය යුතු අවදානමක් ඇත, විශේෂයෙන්:
• නිසි මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා නොගත්තොත්
• ඖෂධ නතර කළොත්
• අනතුරු සංඥා නොසලකා හැරියොත්
• දරුවන් සමඟ තනිව තබා ඇත්නම්
• නැවත මානසික පීඩනය හෝ සයිකෝටික් ලක්ෂණ පැන නැගුණොත්

ඒ නිසා මෙවැනි අවස්ථා වෛද්‍ය සහ නීතිමය හදිසි තත්ත්වයක් ලෙස සලකයි — පවුලේ රහසක් ලෙස නිහඬව තබාගත යුතු දෙයක් නොවේ.

🏥 කළ යුතු දේ — ඉතා වැදගත්

මෙය ගෙදරදී පාලනය කළ හැකි තත්ත්වයක් නොවේ.

1️⃣ හදිසි මනෝවෛද්‍ය පරීක්ෂාව
• වහාම මනෝවෛද්‍යවරයෙකුගේ ඇගයීම
• රෝහල්ගත කිරීම අවශ්‍ය විය හැක

2️⃣ දරුවන් හා පවුලේ ආරක්ෂාව
• දරුවන් ශාරීරිකව සහ මානසිකව ආරක්ෂා කළ යුතුය
• රෝගී තත්ත්වයේදී දරුවන් සමඟ තනිව තැබිය නොහැක

3️⃣ නීතිමය හා සමාජ සේවා සහාය
• දරුවා ආරක්ෂා කිරීමට
• රෝගියාට ජීවිත රැකගන්නා ප්‍රතිකාර ලැබීම තහවුරු කිරීමට

4️⃣ දිගුකාලීන ප්‍රතිකාර හා අධීක්ෂණය
• වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ
• තත්ත්වය ස්ථායී වූ පසු මනෝ උපදේශනය
• දිගුකාලීන අධීක්ෂණය සහ පවුලට දැනුවත් කිරීම

🤍 මෙය ඇයගේ/ඔහුගේ වැරද්දද?
ගැඹුරු මානසික රෝගයකදී, පුද්ගලයාට තම ක්‍රියාවන් සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට හෝ පාලනය කිරීමට නොහැකි විය හැක.
එය ඔවුන් නරකයි කියන එකක් නොවේ — ඔවුන් අසනීපයි කියන එකයි.
එහෙත්, ආරක්ෂාව සෑමවිටම පළමුව.

🚨 මෙය දැන් හෝ ඉතා මෑතකදී සිදුවී ඇත්නම්:
කරුණාකර වහාම ක්‍රියා කරන්න. මනෝවෛද්‍ය සේවා ඇති ආසන්නම රෝහලට යන්න සහ දරුවන්ගේ ආරක්ෂාව සඳහා අදාළ ආයතන දැනුවත් කරන්න. ප්‍රතිකාර ප්‍රමාද වීම ජීවිත අහිමි කරවිය හැක.

මානසික රෝග ප්‍රතිකාර කළ හැකි රෝගයක්.
වේලාසනින් වෛද්‍ය ප්‍රතිකාර, පවුලේ සහාය, නිසි අධීක්ෂණය තිබේ නම්, බොහෝදෙනා සුවය ලබති.

31/12/2025

✨ Happy New Year 2026! ✨
As we welcome 2026, Arogya Medical Laboratory extends our heartfelt wishes for a year filled with good health, happiness, and success.
Thank you for trusting us with your care. We look forward to continuing our commitment to accuracy, care, and excellence in the year ahead.

🌿 Stay healthy. Stay safe. 🌿
— Arogya Medical Laboratory

https://www.facebook.com/share/p/1DHQu8tgev/?mibextid=wwXIfr
30/12/2025

https://www.facebook.com/share/p/1DHQu8tgev/?mibextid=wwXIfr

ඔලුව වැදුනම "ගෙඩි ගැහෙනවා" නේද? ඕඩිකොලොන් දාලා තදින් අතගාන්න එපා!

දවසක් ඉස්කෝලෙක අවුරුදු උත්සවයක් තිබුන දවසක පොඩි පංතියක දරුවෝ දෙන්නෙක් ඔංචිලි පදිනවා. එක ළමයෙක් ඔංචිල්ලාවෙන් බැහැලා යන්න හදනකොටම කකුල පැටලිලා වැටිලා අනික් ඔංචිල්ලාව යටට වැටෙනවා. 😓
ඒ ඔංචිල්ලාව පැද්දි පැද්දි තිබුන නිසා වැටුන දරුවට නැඟිටගන්න බැරි වෙනවා.
එයාගේ ඔලුව ඔංචිල්ලාව එහෙට මෙහෙට යන ගානට වදිනවා. මොකවත් කරගන්න බැරුව කෑ ගහලා අඬනකොට එයාගේ අම්මා ඒක දැකලා දුවගෙන එනවා. ඇවිත් ඔංචිල්ලාව නතර කරලා අර වැටිලා හිටපු දරුවව වඩාගෙන අරගෙන පැත්තකින් ඉදගන්නවා. ඔලුව අල්ලලා බලද්දි හොඳටම ගෙඩි ගැහිලා. එලියට ලේ එන්න තරම් තුවාලයක් නෑ. අම්මා එතන අයිස්ක්‍රීම් විකුණපු මුදලාලි මහත්තයාගෙන් අයිස් පලම් දෙකක් අරගෙන අර දරුවගේ ඔලුව උඩින් ලේංසුවක් තියලා තවාගෙන හිටියා. ඉතිං මේ අම්මා කරපු දේ හරි ද? අපි බලමු ඒ ගැන.🤷‍♂️

අපි හැමෝටම කවදා හෝ හිස යම් තැනක වැදී "ගෙඩියක්" මතුවීමේ අත්දැකීම තිබෙනවා. මෙවැනි වෙලාවට අපේ ගෙවල්වල බහුලවම කරන දෙයක් තමයි, ඉක්මනින් ඕඩිකොලොන් ටිකක් දාලා, ඒ ගෙඩිය බැස යනකම් තදින් අතගාන එක (Rubbing/Massaging).

💁‍♀️ නමුත්, වෛද්‍ය විද්‍යාත්මකව බැලූ විට මෙය ඉතාම වැරදි සහ හානිකර ක්‍රියාවක් බව ඔබ දන්නවාද?

එසේ නම්, හිස වැදුණු විට ඇත්තටම සිදුවන්නේ කුමක්ද? අපි කළ යුත්තේ කුමක්ද?

1. හිස වැදුණු විට "ගෙඩියක්" එන්නේ ඇයි?

අපේ හිස් කබල (Skull) සහ ඊට උඩින් ඇති සම (Scalp) අතර ඇත්තේ ඉතා කුඩා ඉඩක්. නමුත් මෙම ප්‍රදේශයේ රුධිර නාල (Blood vessels) ඉතා බහුලව පිහිටා තිබෙනවා.

හිස යම් තැනක තදින් වැදුණු විට, සමට යටින් ඇති මෙම සියුම් රුධිර නාල පුපුරා යනවා.
👉එවිට රුධිරය පිටතට ගලා ඒමක් සිදු නොවුණත්, සම අභ්‍යන්තරයේ රුධිරය එකතු වෙනවා (Internal Bleeding).
👉මෙලෙස එකතු වන රුධිරය, සම මතුපිටට තල්ලු කරන නිසා අපිට එය "ගෙඩියක්" (Hematoma) ලෙස පෙනෙන්නට ගන්නවා.

2. ඇයි ඕඩිකොලොන් දමා අතගෑම (Rubbing) නුසුදුසු?
බොහෝ දෙනා සිතන්නේ අතගෑවම ලේ කැටි දියවී ගෙඩිය අඩුවන බවයි. නමුත් සිදුවන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයයි.

👉 රුධිර වහනය වැඩි වීම: තදින් අතගාන විට, පුපුරා ගිය රුධිර නාල තවදුරටත් තුවාල වී රුධිර වහනය වේගවත් වෙනවා.
👉 ඉදිමීම පැතිරීම: එක තැනක එකතු වී ඇති රුධිරය, ඔබ අතගාන විට අවට පටක (Tissues) වෙත බලහත්කාරයෙන් තල්ලු කිරීමක් සිදුවෙනවා. එවිට ඉදිමීම තවත් ලොකු වෙනවා වගේම වේදනාවත් වැඩි වෙනවා.
👉 සෛල වලට හානි වීම: තුවාල වූ පටක තදින් පිරිමැදීමෙන් සුව වීමේ ක්‍රියාවලිය ප්‍රමාද වෙනවා.

(ඕඩිකොලොන් වල සැරට සිසිලසක් දැනුනත්, එමගින් අභ්‍යන්තර රුධිර වහනයට විසඳුමක් ලැබෙන්නේ නැත).

3. නිවැරදිව කළ යුත්තේ කුමක්ද?
හිස වැදුණු වහාම පහත පියවර අනුගමනය කරන්න.

👉 අනතුරේ ස්වභාවය පරීක්ෂා කරන්න.
පළමුව රෝගියාට සිහිය තිබේද, හොඳින් කතා බහ කරනවාද යන්න බලන්න. සම කැපී රුධිරය වහනය වන්නේ නම් පිරිසිදු රෙදි කැබැල්ලකින් තද කරගෙන රුධිරය නවතාලන්න.

👉 අයිස් තැබීම (Ice Compression)
මෙයයි වැදගත්ම පියවර.
ගෙඩියක් මතු වේගෙන එන විටම කළ යුතු හොඳම දේ අයිස් තැබීමයි.
අයිස් කැට කිහිපයක් රෙදි කැබැල්ලක හෝ අත් ලේන්සුවක ඔතන්න (කෙලින්ම සම මත අයිස් තබන්න එපා).
එය ගෙඩිය මත තබාගෙන විනාඩි 10ක් 15ක් පමණ සිටින්න.

මේකට හේතුව තමයි අයිස් වල සිසිලස නිසා පුපුරා ගිය රුධිර නාල හැකිලීමකට (Vasoconstriction) ලක්වෙනවා. එමගින් රුධිරය වහනය වීම අඩුවී, ගෙඩිය ලොකු වීම සහ වේදනාව ක්ෂණිකව පාලනය කරනවා.

👉විවේකීව තබන්න (Rest)

රෝගියාව කලබල නොකර, හිසට වැඩි චලනයක් නොදී ටික වේලාවක් නිස්කලංකව තබන්න.

4. රෝහලක් වෙත යා යුත්තේ මොන වගේ අවස්ථාවකදීද?
(Red Flags)

හිස වැදුණු පසු හුදෙක් ගෙඩියක් ඒම සාමාන්‍ය දෙයක් වුවත්, පහත ලක්ෂණ එකක් හෝ මතු වුවහොත් පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. (මේවා මොළයට හානි සිදුවූ බවට ලක්ෂණ විය හැක).

👉 හිස වැදුණු අවස්ථාවේ හෝ ඉන් පසුව සිහිය නැති වීම (Fainting).
👉 දෙවරක් හෝ ඊට වඩා වමනය යාම.
👉 කනෙන් හෝ නාසයෙන් දියරයක් හෝ රුධිරය ගැලීම.
👉 ඇස් පෙනීමේ වෙනසක් (බොඳ වී පෙනීම/ දෙකක් වී පෙනීම).
👉 අධික නිදිමත ගතිය හෝ අවදි කිරීමට අපහසු වීම.
👉 කුඩා දරුවෙක් නම්, එක දිගට අඬනවා නම් හෝ කිරි බීම ප්‍රතික්ෂේප කරනවා නම්.
👉 අධික හිසරදය.

හිස වැදුණු විට, ආච්චි අම්මලාගේ ක්‍රමයට ඕඩිකොලොන් දමා අතගාන එක නවත්වන්න. ඒ වෙනුවට අයිස් තබන්න.

අර උඩින් කියපු කතාවේ ඔලුව වැදුන පුංචි දරුවා තමයි මම. මම කොච්චර පුංචි උනත් ඒ සිදුවීම ඒ වේදනාව තාමත් මතක් වෙද්දි දැනෙනවා. එදා මගේ ඔලුව උඩින් අයිස් තියාගෙන හිටපු අම්මා, ඒ මගේ අම්මා. අපිට ඕන දේකට ආදේශක භාවිතා කරන්න පුලුවන් (හානියක් වෙන්නේ නැත්තන්) ඒකටත් හිතන්න පුලුවන් ශූක්ශම හැකියාවක් තියෙන්න ඕනි🤷‍♂️❤️.

ඉතිං ඒ වැරද්ද ආයෙත් කරන්න එපා.. 😊 පොඩි අයට විතරක් නෙවෙයි ලොකුඅයටත් කරන්න එපා.. ❤️

ඔබේ මිතුරන් සහ පවුලේ අයව දැනුවත් කිරීමට මෙම පණිවිඩය Share කරන්න.

ස්තූතියි.
හෙදියකගේ දිනපොත.

⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්.
(Share button එක භාවිතා කරන්න).
©️ [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved.

Address

No 310, Udarata Sandalla
Haragama
20189

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 14:00
Sunday 07:00 - 14:00

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya Medical Laboratory - Haragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category