26/06/2026
🍀🌸වෘත්තීය මාර්ගෝපදේශය
🌟සෑම සිසුවෙකුටම තමාගේම වූ අනන්‍යතාවයක්,
🌟හැකියාවක් සහ සිහිනයක් ඇත.
🌟ඔවුන්ව නිවැරදි දිශාවකට යොමු කිරීම සමාජයක් ලෙස අප
සතු වගකීමකි.
🎖️නැතන් සහ හිල් (Nathan & Hill, 2006) විසින් හඳුන්වා
දුන්, ඕනෑම සිසුවෙකුගේ වෘත්තීය සහ අධ්‍යාපනික මඟ
පෙන්වීම සඳහා භාවිතා කළ හැකි ඉතා සාර්ථක පියවර 5ක්
පහත දැක්වේ.
🍀1. ගවේෂණය
ඔබත් ඔබගේ පෞරුෂය, රුචිකත්වයන් සහ හැකියාවන්
හඳුනා ගන්න
🍀2. පැහැදිලි කිරීම
ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද? යන්න ඔබ හදුනා ගත යුතුයි.
ඔබගේ ආශාවන් සහ සිහින හඳුනා ගැනීමට යොමුවන්න.
🍀3. විකල්ප හඳුනා ගැනීම
ඉදිරියට යාමට ඇති විකල්ප මොනවාද?
ඔබට ඉසිරියට යාමට සුදුසු අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ග
ගවේෂණය කරන්න.
🍀4. බාධක හඳුනා ගැනීම
ඔබට ඉදිරියට යාමට ඇති බාධා මොනවාද යන්න
හදුනාගන්න.
ඔබගේ ඉලක්ක කරා යාමට ඇති බාධක හඳුනාගෙන ඒවා
ජය ගැනීමට උත්සාහ කරන්න.
🍀🌸5. ක්‍රියාකාරී සැලසුම් සැකසීම.
ඊළඟට ගත යුතු පියවර මොනවාද? යන්න විමසිලිමත්
වන්න.
දැනුවත්ව සාර්ථකත්වය කරා යන ගමන සඳහා ක්‍රියාකාරී
සැලැස්මක් සකස්කරන්න.
🌸මෙම ක්‍රියා පිලිවෙල අනුගමනය කිරීමෙන් ඔබට වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකි වනු ඇත.🌸
🎖️වෘත්තීය මාර්ගෝපදේශය ඔස්සේ අනාගත පරපුරට නිවැරදි
මඟ පෙන්වීමක් ලබා දෙමින්, ඔවුන්ගේ ජීවිත සතුටින් සහ
තෘප්තියෙන් සපිරි සාර්ථක ගමනක් සදහා අප අත්වැලක්
වෙමු!
Sagarika Gunasekara
Psychological Counselor
Career Guidance Practitioner
CNSL ✍️✍️
#වෘත්තීයමාර්ගෝපදේශනය