30/04/2026
අද අපි අද අපි කතා කරන්නේ පපුවේ කැක්කුම ගැන .....
ඉතින් මේ පපුව කැක්කුම එන්න පුළුවන් ක්‍රම රාශියක් තිබෙනවා...
පළවෙනි එක තමයි පපුවේ තියෙන හදවත සම්බන්ධ කරුණු නිසා එන පපුවේ කැක්කුම ....
ඒක අපි ❤️ ඇටෑක් එකක් කියලා කියනවා...
අමතරව ❤️ එකේ තියෙන නාල අවහිර වීමක් හරි හාර්ට් එකේ කවරය පැසවීමක් නිසාත් එන්න පුළුවන්....
ඊළඟට පපුව හරහා යන ගලනාලය සහ අපේ ආමාශය නිසා එන කරුණු නිසා පපුවේ කැක්කුම එන්න පුළුවන්....
මේකෙදි අපිට ගැස්ට්‍රයිටිස් හැදුනොත් හා ඊට අමතරව ගල නාලය හැකිලීම නිසා සහ ආමාශතුවාල නිසාත් පපුවේ කැක්කුම එන්න පුළුවන් ....
ඊළඟ කාරණය තමයි පෙනහැලිවල ආසාදන නිසාත් පපුවේ කැක්කුම එන්න පුළුවන්. වෛරස ආසාදන ඊට අමතරව නියමොනියා තත්ත්ව සහ පෙනහැල්ලට රුධිරය සපයන නාල වල ලේ කැටගැසීම් නිසාත් එන්න පුළුවන්....
ඊට අමතරව පෙනහැලි කුහරය තුළට වාතය පිරීම නිසාත් එන්න පුළුවන් ....
මීට අමතරව මීට අමතරව පපුව වටේට තියෙන අපේ ඇටකටු සහ මස් පිඩු වල ආසදන නිසාත් පපුවේ කැක්කුම එන්න පුළුවන්....
එහිදී ඇටකටු වල අපේ උරස් කුහරයේ ඇට කඩුවර ඉල ඇට සම්බන්ධ ප්‍රශ්නවලදීත් ඊට අමතරව ඒ සාමාන්‍යයෙන් පපු කුහරේ ප්‍රසාරණය වීමට තියෙන හන්දි මේ ආසාදනය වීම නිසා එන්නත් පුළුවන්. ..
ඊට අමතරව වෙන තැනක තියෙන පිළිකාවක ලක්ෂණ මේ පපු කුහරයේ ඉලඇට වලට පැමිණීම නිසාත් එන්න පුළුවන්...
මීට අමතරව සමේ ඇතිවන සාමාන්‍යයෙන් වෛරස් ආසාදන නිසාත් එන්නත් පුළුවන් අවස්ථාව වශයෙන්...
අනිත් එක තමයි හිතේ ප්‍රශ්නයක් නිසාත් පපුවේ කැක්කුම එන්න පුළුවන්. ඔබට යම් පපු එකක් කුමක් තිබෙනවා නම් වෛද්‍යවරයකු හමුවී🚑 ප්‍රතිකාර ගැනීම තමයි ඉතාමත් වැදගත් .....