Shanthi Mental Health Care

Shanthi Mental Health Care Psychotherapy & Psychological Counseling Psychological Counseling &Psychotherapy

08/05/2026

උපදේශන කුසලතා හා මනෝප්‍රතිකාරක පිළිබද පුහුණු වැඩසටහන...

* කාලය මාස 03 යි
* පැය 150
* ගාස්තුව රු 15000/= (රුපියල් පහලොස් දහසයි)
* ඇතුලත් වීමේ ගාස්තුව රු 3000/=

අපගේ ආයතනය මඟින් මෙහෙයවන උපදේශන කුසලතා හා මනෝප්‍රතිකාරක පුහුණුව සඳහා දැන් සිසුන් බඳවා ගනු ලැබේ. සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගන්නා බැවින් දැන්ම ලියාපදිංචි වන්න

------------------------------------------------
මේ සඳහා;
* මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳව දැනට හදාරන සිසුන්
* මනෝ උපදේශන ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් සහ මේ පිළිබඳව කැමත්තක් දක්වන ඕනම අයෙකුට මේ සමඟ සම්බන්ධ විය හැකිය.
------------------------------------------------
අන්තර්ගතය;
* මනෝඋපදේශනය පිළිබඳව හැඳින්වීම
* මානසික රෝග හඳුනාගැනීම
* උපදේශන කුසලතා පුහුණුව
* උපදේශන ආචාරධර්ම පිළිබඳව දැනුවත්භාවය
* මනෝප්‍රතිකාරක පුහුණුව
* විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන ප්‍රතිකාර
* මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් නැවැත්වීම පිළිබඳව පුහුණුව
* නේවාසික මානසික රෝගීන් රැකබලාගැනීම පිළිබඳව පුහුණුව
* උපදේශනයේදී ඇතිවන භාෂා ගැටලු නිරාකරණය කරගනිමින් උපදේශනය සිදු කරන ආකාරය
* උපදේශනයේදී අවශ්‍ය වන නීති පිළිබඳව දැනුවත්භාවය
* මෝහන සැසියක් සියසින් දැකබලා ගැනීමේ හැකියාව
* මානසික ගැටලු වලින් පෙළෙන්නන් රැකබලාගැනීමේ නේවාසික මධ්‍යස්ථානයක පුහුණුව

------------------------------------------------
මෙහෙයවීම :
* ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝචිකිත්සක, (නවලෝක රෝහල)

* විශ්ව විද්‍යාාල මහාචාර්ය , විශ්ව විද්‍යාල කතිකාචාර්ය, මනෝ වෛද්‍යවරු සමගින්
------------------------------------------------
මෙය අවසානයේ ඔබට වටිනා සහතික පත්‍රයක්, සායනික පුහුණු ලිපියක්, අප ආයතනයේ පුහුණුවන උපදේශකවරයෙකු ලෙස සේවක හැඳුනුම්පතක් හා සහතික කරන ලද සායනික පුහුණු වාර්තා පොත ලබාගැනීමේ අවස්ථාව හිමි වේ.

------------------------------------------------
ලියාපදිංචි වීමට සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න.
පාඨමාලා සම්බන්ධීකාරක : 0774071401
------------------------------------------------
https://chat.whatsapp.com/LtCpKYlwhgQ8ot2CNw8AtS?mode=ac_t whatsappe ලින්ක් එකෙන් සම්බන්ද වෙන්න.

06/05/2026

දියණියන් ගේ යහපත උදෙසාම.......තවත් එක් සත්‍ය සිදුවීමක් මෙසේ සටහන් තබමි ..(නම් ගම් සත්‍ය නොවේ)

අමාලිගේ දෙමාපියන් අමාලි මගේ ළඟට ගෙනාවේ මීට මාසයකට පමණ ඉහතදී ය..අමාලිලා කිරිදිවැල, ගමේ ඉස්කෝලේ 10 පන්තියේ තමයි අමාලි ඉගෙන ගත්තේ . පොඩි කාලේ ඉඳලා අමාලි කීකරු දරුවෙක් . පන්තියේ වැඩටත් ගොඩක් දක්ෂ දරුවෙක් ..අමාලි ටවුමේ ගනන් පන්තියකට විතරයි ගියේ. අමාලිගේ යාලුවන්ට තරම් ලස්සන ගවුම් අමාලිට නොතිබුනත් අනික් හැමෝටම වඩා ලස්සන රූපයක් අමාලිට තිබුනා . පාසලේ පිරිමි ළමුන් අමාලිට කොතරම් ආදර යෝජනා ගෙනාවත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් අමාලි ඉගෙන ගත්තාය.

අමාලිලා ගනන් පන්ති ඇරිලා එද්දි ලස්සන බයික් එකක ලස්සන පිරිමි ළයෙක් ඇවිත් අමාලිගේ පන්තියේ පිරිමි ළමයි එක්ක කතා කරනවා. කන්න බොන්නත් අරන් දෙනවා. බයික් එක පදින්නත් දෙනවා. පිරිමි ළමයි මේ ලස්සන කොල්ලට වහ වැටිලා හිටියේ . වටිනා ඇදුම් ඇදලා වටිනා පෝන් එකක් සල්ලිත් ගොඩක් තිබුනා ඒ කොල්ලාට .ඒ නිසාම අමාලිගේ පන්තියේ කොල්ලො ටික මේ කොල්ලාට වහ වැටිලා හිටියේ. පුරුද්දක් විදියට සල්ලිකාර කොල්ලා හැමදාම පන්ති ඇරෙන වෙලාවට ආවා. පන්තියේ පිරිමි ළමුන්ගෙන් අමාලි එක්ක වැඩිපුරම කතාකලේ ලසිදු. සල්ලි කාර කොල්ලා වැඩිපුරම යාලු වුනෙත් ලසිදු එක්ක.

"අමාලි මට ඔයාට කියන්න දෙයක් තියෙනවා . අර අපේ යාලුවා ශෙවෝන් අයියා"

" ඒ කවුද ලසිදු "

" අර පන්ති ඇරුනම අපිත් එක්ක කතා කරන්න එන්නේ ඒ අයියා තමයි ශෙවෝන්...එයා ලොකු පවුලක කෙනෙක් එයා මැණික් කාරයෙකුගේ පුතෙක්...මට කියනව ඇමාලිව යාලු කරලා දෙන්න කියලා . උත්තරයක් ඕනෑ ඔන්න . මම කියලා තියෙන්නේ අමාලි කැමති කියලා "

එතකොට ම ශෙවෝන් ඒ ලස්සන බයික් එකේ එතනට ආවා.

" ඇත්තමයි නංගී ඔයා ගොඩක් ලස්සනයි . මම ගොඩක් කල් ඉඳලා ඔයා දිහා බලාගෙන ඉන්නේ . මම මයාට උදව් කරන්නම්. "

ශෙවෝන් ගේ කපටි බසට අමාලි අසුවෙන්න වැඩි දවසක් ගියේ නැහැ . අමාලිගේ යාලුවෝ අමාලි එක්ක තරහා වෙනවා ඒ කිසිම හේතුවක් නිසා නෙවෙයි . ශෙවෝන් එක්ක අමාලි යාලුවුන නිසා ඇති ඊර්ෂ්‍යාව නිසා. ඔහොම කිහිප දවසක්ම පන්ති ඇරෙන වෙලාවට ශෙවෝන් එනවා. අමාලි එක්ක කතා කරලා ආපසු යනවා. යාලුවෝ හැමෝම හිතුවේ අමාලිට හරිගියා කියලා . ගෙදර ගියත් අමාලි හිටියේ ශෙවෝන් එක්ක පෝන් එකෙන් ආදරෙන් වෙලිලා. දැන් අමාලි ඉගෙන ගන්නේම නැහැ . අමාලිගේ අම්මයි තාත්තයි රස්සාවට යනවා. අමාලි එකඑක බොරු ලෙඩ අරන් ගෙදරට වෙලා ශෙවෝන් එක්ක පෝන් එකෙන් කතා කරනවා.

"අමා අපි ටිකක් ඇවිදින්න යමුද ?"

ශෙවෝන් ගේ යෝජනාව අමාලි ඉස මුදුනෙන්ම පිලිගත්තාය.

"මම කාර් එකේ එන්නම් එතකොට ඔයාව කවුරුවත් දකින්නේ නැහැ ."

ජීවිතයේ කිසිම දවසක කර් එකක ඉස්සරා සීට් එකක නොගිය අමාලිට ශෙවෝන් ගේ කාර එක සුරංගනා ලෝකයක් විය . අමාලිට වඩා ශෙවෝන් ගොඩක් වැඩිමල් වුවත් අමාලිට එය ප්‍රශ්නයක් නොවීය. අමාලි ශෙවෝන් ගේ ආදරයෙන් පිස්සු වැටිලා හිටියේ .

" අමා මගේ යාලුවෙක් ඉන්නවා අපි එහේ යමු. මම කිව්වා ඔයා එක්ක එනවා කියලා . අපිට නිදහසේ කතා කරන්න පුළුවන් . "

අමාලිට ශෙවෝන් ගැන බයක් සැකයක් නොවීය.

" කොහේ ගියත් කමක් නැහැ අයියේ මට 5 ට කලින් ගෙදර යන්න ඕනෑ . අම්මලා පහ වෙද්දී ගෙදර එනවා."

හතරට කලින් අමාලි ගෙදර ඇරලවන පොරොන්දුව ඇතුව ශෙවෝන් යාලුවාගේ ගෙදර එක්ක ගියා . ඒ ගෙදර තිබුණේ කඩවත . ඒ ගෙදර ඇන්ටි කෙනෙකුයි අංකල් කෙනෙකුයි හිටියේ . අපි ටික වෙලාවක් නිදහසේ කාමරේ කතා කර කර හිටියේ . ඒ ඇන්ටි කාමරයට ඇවිත් ශෙවෝන් ට කැමරාවක් දුන්නා . අමාලිට කිසිම සැකයක් තිබුණේ නැහැ . ටික වෙලාවක් යද්දී තවත් පිරිමි ළමයෙක් කාමරයට ආවා. එහෙත් අමාලිට කිසිම සැකයක් දැනුනේ නැහැ . එතරම් ම ශෙවෝන් විශ්වාස කළා. මේ තුන්දෙනා කතා කර කර ඉද්දී ඇන්ටි බීම ගෙනාවා. අමාලිට බීම බිව්වාම කිසිම දෙයක් මතක නැහැ .

" මට යන්තමට මතකයි මාව එක එක විදිහට තියලා පොටෝ ගත්තා . ඇන්ටි මට එක එක ඇඳුම් ඇන්දුවා මතකයි. මගේ ඇඟට පනක් තිබුනේ නැහැ . මට කතා කරන්න පනක් තිබුණේ නැහැ . මම ඔහේ හිටියා. ගොඩක් පොටෝ ගත්තා වීඩියෝ කළා . අර ආපු පිරිමි ළමයා වීඩියෝ වල මම එක්ක හිටියා වගේ මතකයි. සමහර වෙලාවට මගේ ඇඳුම් තිබුනේ නැහැ . මට ටිකක් මතකය එද්දී හවස තුනට විතර ඇති . එතකොට මම ඇඳගෙන ආපු ඇඳුම් තමයි මම ඇඳගෙන හිටියේ. ඊට පස්සේ බත් කෑවා මතකයි . ශෙවෝන් මාව ගම්පහට එක්ක ඇවිත් කිරිදිවැල බසෙකට ගොඩ කරලා පරිස්සමෙන් ගෙදර යන්න . ඔයාට කිසිම කරදරයක් අපි කරලා නැහැ කියලා ශෙවෝන් ආපසු යන්න ගියා "

ජීවිතය බලාපොරොත්තු සියල්ලක්ම බිදීගියාක් මෙන් දැනුනු අමාලි ගෙදර ගියා. ඒ වෙනකොට අමාලිගේ අම්මා ගෙදර ඇවිත් . අමාලිගේ වෙනස දුටු මව අමාලිගෙන් ප්‍රශ්න කරනවා. අමාලි සියල්ල මවට කියනවා. වෛද්‍ය පරීක්ෂණයට අනුව අමාලි අතවරයට ලක් වෙලා නැහැ කියලා ඔප්පු වෙනවා. ඒත් අමාලි මේ සිදුවීමත් සමග මානසික කඩාවැටීමට ලක් වෙනවා. ඒනිසාම තමයි අමාලි මගේ ළගට එන්නේ ...

ආදරණීය දෙමාපියනි , ආදරණීය දියණියනි, පරිස්සමෙන් සමාජයට අලුතින් වසන්ගතයක් ඇවිත්, ගැහැනු දරුවන් රවටා නිරුවත් පොටෝ ලබා ගන්නා ජාවාරමක් . සමහර ගැහැනු දරුවන් රවටා ඔවුන් විසින්ම නිරුවත් පොටෝ වීඩියෝ ලබා ගන්නවා. තවත් විටෙක අමාලි රැවටුනා වගේ දියණියන් රැවටෙනවා. මේ පොටෝ වීඩියෝ අරගෙන මුදල් හොයන ජාවාරමක් . තවත් සමාජයේ ගැහැනු දරුවන් රවටන් ශෙවෝන්ලා ඕනෑ තරම්. ඔවුන් ඔබටත් නොදැනීම මෙවැනි දේ කරයි. පරිස්සමෙන් දරුවනේ......

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝචිකිත්සක
නවලෝක රෝහල කොළඹ ගම්පහ මීගමුව
0774071401

06/05/2026

"ගෙදර ගොඩක් කරදර මැඩම්. මහත්තයා රට මට ඉන්නේ දරුවො තුනදෙනයි. ලොකු පුතා ට අවුරුදු 16 යි එයාගෙන් කිසිම කරදරයක් නැහැ . බාලයා දුව දුවට වයස අවුරුදු 3 යි. එයත් එච්චර වදයක් නැහැ . මද්දුමයට අටයි. එයා හින්දා මට මේ සේරම අවුල් වෙලා. ඊයේ වප්පිහිය අරගෙන කුස්සියේ දොරට කොටලා ලොටලා හැමතැනම කෑලි ගැල වෙනවා. එයාට තරහා ගියාම අපි කවුරුත් ළගට යන්නේ නැහැ . අහු වෙච්චි එකෙන් ගහනවා. එක හොඳක් තියෙන්නේ පොඩි එක්කෙනාට ගහන්නේ නැහැ . එයත් මෙයාගේ දඟේ හින්දාද මන්දා එයාටත් හරියට තරහා යනවා. අල්ලපු ගෙදර ඉන්නේ මහත්තයා ගේ අම්මයි තාත්තා යි. එයාලත් එච්චර හිත හොඳ නැහැ . මද්දුමයා හින්දා . ඉස්කෝලේ වැඩ කරන්නෙම නැහැ . ඉස්කෝලේ යන්න කැමතිත් නැහැ . ඉස්කෝලෙනුත් මෙයාට පැමිණිලි. මහත්තයා ත් කොච්චරවත් කතා කරලා ළමයාට අවවාද දෙනවා. ඒ ඔක්කොම අහගෙන ඉඳලා අය්යෙමත් එහෙම තමයි . මට මේ හින්දා ජීවිතය එපා වෙලා මටත් අහුවෙච්චි එකෙන් ගහනවා. බයයි මට මොනවා හරි වුනොත් දරුවන්ට මොනවා වෙයිද කියලා . තියන ලොකුම බය මෙයා ලොකු ළමයා එක්ක පැටලෙන්න යනවා. ලොකු ළමයා මෙයාට ගහනවා. පෙරේදා ලොකු ළමයා ගහලා මෙයාගේ නහයෙන් ලේත් ආවා. කොහේ වැදුනාද දන්නේ නැහැ . මටත් මේ හින්දා ම දැන් ආදරයක් හිතෙන්නේ නැහැ . ඔහේ ඕනෑ දෙයක් කියලා මම හිටියා. සමහරු කියනවා පරිවාසේ දාන්න කියලා . තවත් අය කියනවා බෝඩින් ඉස්කෝලෙකට දාන්න කියලා . මටත් තේරෙන්නේ නැහැ මොකක්ද කරන්නේ කියාලා. ගෙදර ඉඳගන්න පුටුවක් නැහැ . පුටු පොලොවේ ගහලා කඩලා. ඒ වෙලාවට ලොකු හයියක් එනවා. ජනේල් සේරගේම වීදුරු බ්ඳලා. රෑ දෙගොඩ හරියක් වෙනකල් ඇහැරලා. ගෙදර උයන්න ඕනෑ එයා කන දේවල් විතරයි . එලවලුව්ක් කන්නේ නැහැ . අලයි පරිප්පුයි සෝයායි සම්බෝලයි කන්නේ. එලවලු ගෙනාවොත් විසි කරනවා. ඉතින් මේවා තමයි ගෙදර උයන්නේ. මටත් මේවා කාලා සීනි වැඩි වෙලා. මේ කරදරෙන් බේරෙන්නේ කොහොමද කියලා හිතද්දි තමයි අපෙ අම්මා පත්තරේ මැඩම්ගේ ලිපියක් දැක්කේ"

මේ මගේ සේවාව පතා නවලෝක රෝහලේ උපදේශන සායනයට පැමිණි මවකගේ අඳෝනාවකි. .මේ ශරුවා දෙනෙත් ලෙස හඳුන්වමි. ...

" හරිම ලස්සනයි නේ...ඉතින් කොහොමද දෙනෙත් ..."

තොර තෝන්චියක් නැතුව කතා කරන කොලු ගැටයා ඒ කතා බහේ ඇට්ටර ගති බොහොමයි. ඒත් ආදරයට නම් කොල්ලා පැලෙන්න ආදරෙයි .

"ඉතින් කියන්නකො පුතා කවුද ලොකු වෙලා වෙන්න කැමති"

" මම ඉතින් කොහොමත් වෙන්නේ පොලිසියේ මහ ලොකුම ලොකු අන්කල් කෙනෙක් අර පොලිස් ජිප් එකේ ඉස්සරා ඉඳගෙන යන කෙනෙක්...ඔයා දන්නවා ඇයි මම පොලිසියට යන්නේ කියලා . මට මේ සේරම වුන් දාන්න ඕනෑ හිරේ. මම ඉස්සර වෙලාම හිරේ දාන්නේ අපේ කලු සීයා. මට පේන්න බැහැ ඒ නපුරා කොචරවත් කියනවා . අපේ අම්මාට මූට ගහපන් ගහපන් කියලා . ආයේ කලුවා කියලා මගේ අත් කකුල් බැඳලා දිමිගොටු දාලා කහඹිලියා කෝට්ටෙන් ගහන්නලු. මම ගහනවා වෙලාව්ක කලුවාට. මම මේ ටිකක් ඉන්නේ තාත්තා කිව්වා සීයාට කරදරයක් කළොත් මට ගේන්න ඉන්න ප්ලේන් එක ගේන්නේ නැහැ කියලා . නැත්තන් බලන්න තිබුනා දිමි ගොටු කාටද කියලා . අම්මයි නංගියි ගෙනියන්නේ නැහැ . අයියත් හිතලා බලන්න ඕනෑ . ඉස්කෝලේ වද කාරයෝනම් ඔක්කොම හිරේ දානවා. මම ඉස්කෝලේට යන්නේ යුධ ටැංකියේ ඔක්කෝටම මම පෙන්නනවා මගේ බලය..."

දරුවා ඉන්නේ මේ සමාජය සමගම තරහෙන් වෛරයෙන්...දෙනෙත්ට ඇයි මෙහෙම වුනේ. දෙනෙත් ගේ හැසිරීමට මුලු සමාජයම දෙනෙත්ට දොස් කියනවා. මම දෙනෙත්ගේ පන්තිභාර ගුරුතුමිය සම්බන්ධ කරගත්තා දුරකථනයෙන් ..

" මේ පන්තියේ අනික් දරුවෝ හතලිහත් හරි දෙනෙතුත් හරි. මට ඇතිවෙලා මැඩම් මේ ළමයා. ඉස්කෝලේ එන්නෙත් නැහැ . වැඩ කරන්නෙත් නැහැ . ආපු දවසට පුදුම වදයක් තියෙන්නේ . එයා වැඩ කරන්නෙත් නැහැ . අනික් අයට වැඩක් කරන්න දෙන්නෙත් නැහැ . ගැහුවට වැඩකුත් නැහැ . ලොකු සර්ට කියලා ගස්සවනවා වෙලාව්කට ඒකටනම් ටිකක් බයයි. ඊට පස්සේ දවස් තුනහතරක් ඉස්කෝලේ එන්නේ නැහැ . මේ ළමයාගේ අම්මාට කිව්වාම අම්මත් ළමයාගේ වැරදිම කියනවා. ඉතින් මටත් එපා වෙලා. මට මේ දරුවාගේ විස්තර දාලා ලිවුමක් දෙන්න මැඩම් කලාපෙට පෙන්නන්න. මමත් අලුත් උපාධි පත්වීමක්. මට ප්‍රයිමරි කිරිල්ල එපා වුනා. මේ දරුවා නිසා."

පන්ති භාර ගුරුතුමිය කියන්නේ මෙහෙමයි. කාගේද වරද කවුද හරි , මොකක්ද හරි, දෙනෙත්ගේ ප්‍රශනය ගොඩ නැගෙන්න පාසලත් වග කියන්න ඕනෑ . ගුරුතුමිය අලුත් සේවයට ආපු කෙනෙක් එයාට අත්දැකීම් අඩුයි . ගුරුවරයෙක් පරිපූර්ණ වෙන්න නම් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව , අධ්‍යාපන වේදී උපාධිය , එහෙම නැම් විද්‍යාපීඨ ගුරු පත්වීමක් වෙන්න ඕනෑ . ගුරුවරයා දරුවාගේ වරදි කියනවා නම් ඔහු හොඳ ගුරුවරයෙකු නොවේ. දරුවා වෙනස් කරන්න හොඳ ග්ුරුවරයෙකුට පුළුවන් .

දෙනෙත්ට ඇයි මෙහෙම වුනේ .....පවුලේ තොරතුරු සොයා බැලීමේදී ...දෙනෙත් ලැබෙන්න සිටින කාලෙදී තමයි දෙනෙත් ගේ පියාගේ රැකියාව අහිමි වෙනවා. ගෙදර ප්‍රශ්න ගොඩක් ඇතිවෙනවා. දෙනෙත් ලැබෙන්න ඉද්දි දෙනෙත්ගේ මවට හරියට කෑමක්වත් තිබුනේ නැහැ . මෙහෙම දුක්බර කාලයකට පස්සේ දෙනෙත්ගේ පියා රට යන්නේ දෙනෙත්ට යන්තම් වයස අවුරුදු දෙකක් පමණ වෙද්දී . මුල් ළමා වියේදී දෙනෙත් බොහොම දුක් විදිනවා. විද්‍යාඥයන් මුල් ළමාවිය ලෙස හඳුන්වන්නේ මව කුසේ සිට පළමු අවුරුදු පහ ඒ කාලයේදී තමයි දරුවකුගේ බුද්ධි සංවර්ධන සිදුවන්නේ . දෙනෙත්ද මේ කාලය තුළ අපමණ දුක් ගැහැට වලට මුහුණ දෙනවා. පවුලේ ආර්ථික ගැටලු නිසාම දෙනෙත්ගේ මවත් පියත් අසතුටින් හා නිතරම රංඩු අඩදබර මේ සියල්ලම දෙනෙත් දකිනවා. ඒ වගේමා ඉතාම කුඩා වයසේදී දෙනෙත් වැඩිහිටියන් ගෙන් බැනුම් අහනවා. පොඩි දෙයටත් ගුටි කනවා. ඉතාම කුඩා අවදියේ දෙනෙත් දඩබ්බර වෙනවා. ඒ අවස්ථාවට දෙනෙත්ට ලැබෙන්නේ ගුටි හා බැනුම්...දෙනෙත් ගේ මේ ලක්ෂණ නිසාම දෙනෙත්ට මවපියන් ඥාතීන් කිසිවෙක් ආදරය කරන්නේ නැහැ . දෙනෙත් සිටින්නේ අසතුටින්...

ආදරණීය දෙමාපියනි, ඔබටත් දෙනෙත්වන් දරුවන් සිටින්නට පුළුවන් . ඇයි දෙනෙත්ට එහෙම වුනේ . අද සමාජයටම දෙනෙත් එපා වෙලා. දෙනෙත් සමාජයටම වෛර කරනවා. දෙනෙත් එහෙම වුනේ වැඩිහිටියන් ගේ අඩුපාඩුකම්, හා නොසැලකිලිමත් බව නිසා..දරුවා ආදරයට ගොඩක් ආදරෙයි . සුන්දර ගුණයහපත් දරුවෙක් තනන්නට නම් . ඔබ දරුවාට අසීමාන්තික ලෙස ආදරය කරන්න ඕනෑ . අසීමාන්තික ලෙස ඇගයීමට ලක්කරන්න ඕනෑ . දරුවා කරන සුලු දෙය පවා ඇගයීම ලක් කිරීම ඉතාමත් වැදගත් .

දෙනෙත් හොඳ දරුවෙක් කරන්න මට වැඩි දවසක් ගියේ නැහැ . දෙනෙත්ට මේ සැරේ වාර විභාගයට ලකුණුත් වැඩිවෙලා. දෙනෙත් දැන් ගොඩක් සතුටින් . ...

ඔබටත් මෙවැනි දරුවන් සිටින්නට පුළුවන් එන්න අපේ නවලෝක උපදේශන සායනයට..

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිත්සක
නවලෝක රෝහල කොළඹ ,ගම්පහ ,මීගමුව. 0774071401

06/05/2026

"මේ මගේ පුතා මැඩ්ම්. මෙයාට දැන් මාස තුන හතරක ඉඳලා ඔලුවේ කැක්කුමක් තියෙනවා . කීප තැනකින් බෙහෙත් ගත්තා කිසිම අඩුවක් නැහැ . විශේෂඥ දොස්තරලාගෙනුත් බෙහෙත් ගත්තා . ඒත් වැඩක් නැහැ . දරුවා උසස් පෙළ ලියන්නේ මේ අවුරුද්දේ. බයෝ තමයි කරන්නේ. පළවෙනි පාර s 3 යි. මෙයා මේ සැරේ වෛද්‍ය විදාලයට යන්නමයි උත්සාහ කරන්නේ. අපි මෙයා නේවාසික උගන්වන තැනක තියලා තමයි උගන්වන්නේ. "

මේ මගේ සායනයට දරුවෙක් සමග පැමිණි මවකගේ කතාවකි. මම අසලින්ම බොහොම අපහසුවෙන් වාඩිවී ගත් ඔහු කෙසඟ සිරුරක් හෙබි තරමක් උසය. ඔහුගේ දෑස ගැඹුරු ලින් පතුලේ ඇති මැණිකක් මෙන් දිලිසිනි, ඔහුගේ හුස්ම ගැනීමේ වේය සාමාන්‍ය මට්ටමට වඩා වැඩිය. ඔහුගේ මුහුනේ කිසිඳු ක්‍රියාශීලී බවක් නොතිබුනි. ඔහු මහත් අපහසුවෙන් හඬ අවදි කළේ ය.

" මට හරි මහන්සියි මැඩම්. ඇඟට පුදුම අමාරුවක් තියෙන්නේ. මගේ ඇඟේ රිදෙන්නේ නැති තැනක් නැහැ . මුලු ඇඟම ගහලා තලලා වාගේ කියාගන්න බැරි මොකක්දෝ අමාරුවක් තියෙනවා කියාගන්න තේරෙන්නෙ නැහැ මැඩම්"

මේ දරුවා සුදම් ලෙස හඳුන්වමි. සුදම් යමක් කමක් තියෙන පවුලක එකම පිරිමි දරුවා . උසස් පෙළ විභාගය කඩයිම කෙසේ හෝ ජය ගැනීම ඔහුගේත් පවුලේ අයගේත් බලාපොරොත්තුවයි.

"ඒ නේවාසික කඳවුරේ මගේ පන්තියේ ළමයි තිහක් විතර හිටියේ . අපි පැය 20 ක් අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනෑ . එතන කාලසටහනට වැඩ. රෑට වැඩිය කන්න දෙන්නේ නැහැ . පාඩම් කරන්න අමාරුයි කියලා . අපිට පාන්දර එකහමාර වෙනකං පන්ති තියෙනවා . එතකොට අපි නිදියන්නේ පාන්දර 2ට විතර . ආයෙමත් අපි 5 ට අවදි වෙන්න ඕනෑ . හත වෙනක ප්‍රශ්න පත්තර කරලා. උදේට කන්න දෙනවා. මම එහාට ගිහින් මාස 7 ක් විතර වෙනවා. කොච්චර වැඩ කළත් මට කිසිම දෙයක් මතක නැහැ මැඩම්. විභාගය මතක් වෙද්දී ඔලුවේ කැක්කුම වැඩි වෙනවා. "

" පුතාට අපිට කතා කරන්නවත් වෙලාවක් නැහැ මැඩම්. ඔය මහ පාන්දර තමයි එයා අපිට කතා කරන්නේ. ළමයා දැන් හිටියායින් භාගයයි. ඔලුවේ කැක්කුමයි ඇඟේ අමාරුවයි හින්දා මම දරුවා ඊයේ එහෙන් අස් කරගෙන ආවා. දරුවාට මොකක්ද කරන්නේ කියලා කල්පනා ක්රද්දී තමයි අපෙ අම්මා පත්තරේන් තමයි මැඩම් ලියන ලිපියය කියවලා මැඩම්ගේ විස්තර ගත්තේ "

සුදම් උසස් පෙළ විභාගය පිළිබඳව අධි අපේක්ෂාවෙන් සිටින දරුවෙකි. එසේම ඉහත කී ආයතනය මෙන් සමහර නේවාසිකව උගන්වන ආයතවල කිසිම ප්‍රමිතියක් නැත . ඔවුන් ගේ දැඩි අපේක්ෂාව වන්නේ කෙසේ දරුවන් ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම හා මුදල් ලැබීම පමණයි. දරුවන් ගේ මානසික සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව කිසිදු තැකීමක් නැති තැන් බොහෝමයි.

ඉගෙන ගන්නා දරුවන්ට පාන්දර වෙනකං අවදියෙන් සිටීම හොඳ නැත. දරුවන් පාඩම් කරන කරුනු මොලයේ ගබඩා වෙන්නේ රාත්‍රි කාලේදීය. ඒ අනුව දරුවෙක් රාත්‍රි 10 වනවිට නිදා ගත යුතුය . නැවත පාන්දර 4 ට අවදිවීම ඉතාමත් සුදුසුය. මිනිස් මොළයට විවේකය අවශ්‍ය ය. විදාඥයින් පෙන්වාදෙන පරිදි රාත්‍රි 10 න් පසුව දරුවන් පාඩම් කටයුතු වල නියැලීම සුදුසු නොවන බවයි. දහවල් කාලයේදී කරනලද පාඩම් යටිසිත තුළ තැම්පත් වෙන්නේ එම කාලය තුළ නිදා ගැනීම තුලිනි. එනිසාම පාන්දර වෙන තුරු අවදිවී පාඩම් කරන දරුවන් ට කිසිවක් මතක නොසිටින්නේ යටිසිත තුළ මතක ගබඩා වෙන වෙලාවේ අවදියෙන් සිටීම නිසාවෙනි. එසේම පාන්දර 4 කාලයේ පාඩම් කිරීම ඉතාමත වැදගත් වන්නේ එම කාලයේදී පරිසරය තුළ සිදුවන විපර්‍යාසය සේම මොළයේ ද උත්තේජනය සිදුවන නිසාවෙනි . විශේෂයෙන් මේ කාලයතුළ ගණිතමය විෂයයන් පාඩම් කිරීම ඉතාමත් වැදගත්ම වේ.

සුදම්ගේ අසනීපයට හේතුව වූයේද නින්ද අඩුවීමත් පෝෂණය අඩුවීමත් නිසාය. බොහෝ වෙලාවට දෙමාපියන් දරුවන් විභාගය සමත් කරවීමම අරමුනු කරගෙන මෙවැනි නේවාසික තැන්වලට දරුවන් යොමු කරයි.

දරුවන් ගේ සිරුර සේම දරුවා ගේ මානසික සෞඛ්‍යය සොයා බැලීම ඉතාමත් වැදගත් . එසේ නොවූ අවස්ථා නිසා දරුවන් කායික මෙන්ම මානසිකවද රෝගී තත්වයන්ට පත් වේ. ශිෂ්‍යත්ව විභාගයට වුවත් දරුවන් අදික ලෙස මහන්සි කරමින් අමතර පන්ති කිහිපයකට යවා දරුවා කෙසේ හෝ ශිෂ්‍යත්ව විභාගය සමත් කරන්න උත්සාහ දරන දෙමාපියන් කොතෙකුත් සිටී. ඔබ එසේ කිරීමෙන් විනාශ වන්නේ දරුවාගේ අනාගත පෞරුෂයයි.

මෑතකදී මාගේ සේවයට පැමිණි තවත් දරුවකුගේ සිදුවීමක් මෙසේය ...ජනප්‍රිය රියැලිටි ප්‍රසන්ගයක් සඳහා රූපවානියෙන්ද නිතර දකින් දරුවෙක්...ඔහුගේ මව සහ පියා ඔහු මා වෙත රැගෙන ආවේ මහත් කළබලයෙනි.

" මැඩම්ට මෙයා මතකත් ඇති අවසන් වටයටත් තේරුනා . තරඟයට තව දවස් තුනයි. මෙයා බැහැ කියනවා. අනේ මැඩම් කොහොමහරි මෙයා කැමති කරලා දෙන්න . අද පුහුණුවීම් අපි රෑ 7 වෙද්දී එතන ඉන්න ඕනෑ . මෙයා දැන් ඒ සිංදුව කියන්න බැරිලු. අපි ලොකු ලැජ්ජාවකට පත්වෙනවා. පුතා දිනුවොත් මහත්තයාට පුද්ගලික බැංකුවක රස්සාවක් ලැබෙනවා . තව හම්බවෙන සල්ලි කොච්චර ද කියන්න බැහැ . කොළඹින් ගෙයකුත් ලැබෙනවා කියලා ආරංචිය . අපිට උදව් කරන්න මැඩම්."

" මම ගොඩක් සිංදු කිව්වා . ඒත් ඒ සිංදුවේ ඇදෙන කෑලිටික කියන්න අමාරු අප්පා. මේ අම්මලාට තේරෙන්නේ නැහැ . ගොඩක් දවස් ඉස්කෝලේ ගියෙත් නැහැ . මට කියන්න ලේසි ඒවා දෙන්නේ නැහැ නේ. එයාලට ඕනෑ ඒවා තමයි මට දෙන්නේ."

ලංකාවේ සමහර රියැලිටි වැඩසටහන් ද කිසිම නියාමනයක් නැති ප්‍රමිතියකින් තොර ඒවා ඇත . දරුවන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරනවා වෙනුවට බලහත්කාරයෙන් දරුවන් අදික ලෙස පුහුණු කර ඉදිරිපත් කරයි. එය හරියට ඉගිලෙන්නට තරම්වත් බැරි පුංචි කුරුළු පැටවුන් බලහත්කාරයෙන් කූඩුවෙන් ඇද දමා ඉගිලෙන්නට බලපෑම් කරන්නාක් මෙනි. එවිට සිදුවන්නේ ලාමක අත්තටු ඇද ගැසී ඇබරී යාමයි. එසේ වූ විට වැඩිවියට පත් වෙන කුරුලා ආබාධිතයෙකි. ඔබේ දරුවත් මෙවැනි වෙහෙස කර කිසි ප්‍රමිතියකින් නොවන වැඩසටහන් සඳහා සහභාගි කරවීම තුළින් දරුවාගේ අනාගත පෞරුෂය බිඳී යනු ඇත.

ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝචිකිත්සක ශාන්ති කුමාරි ජයනෙත්ති නවලෝක රෝහල
කොළඹ ගම්පහ මීගමුව
0774071401

06/05/2026

ආදරණීය දෙමාපියනි ,.......ඔබ ට නොදැනීම ඔබේ දරුවා ඔබ අතින් අපයෝජනයට ලක්වෙලා ද ?
-------------------------------------------------------------

කිසියම් ක්‍රියාවක් හේතුවෙන් ඔබේ දරුවා ගේ සoවර්ධනයට හෝ වර්ධනයට බාධාවක් සිදුවන්නේ නම් එය ළමා අපයෝජනයයි.......

ළමා අපයෝජනය කියනා සැනින්ම බොහෝ දෙමාපියන් ගේ සිහියට නැගෙන්නේ ලිoගික අපයෝජනය පමනයි. මේ ලිපියෙන් කතා කරන්නේ ලිoගික අපයෝජනය ගැන නොවෙයි . ඔබ අතින් ඔබේ දරුවා ට සිදුවන කායික , මානසික හා කුසලතා අපයෝජනය පිලිබඳව යි.

මීට වසර දෙකකට පමණ පෙර මා මුහුණ දුන් අපයෝජනයට ලක්වූ දරුවකුගේ සත්‍ය සිදුවීමක් මෙසේ සටහන් තබමි ......

තුන ශ්‍රේණිය ඉගෙනුම ලැබු දැරියකි ඇය ඔමලි ලෙස හදුන්වමි . මට එම පාසලට යාමට ලැබුනේ රාජකාරි කටයුතක් සදහා ය.

අදාල කටයුත්ත පටන්ගන්නා තුරු මා එම පාසලේ තැනින් තැන ඇවිදිමින් සිටියෙමි. තුනේ පන්තියේ දරුවන් යම්කිසි පාඩම් වැඩක් සදහා සහභාගි වී පේලියට පන්තියට එනවා . එක දැරියක් කදුලු පුරවා ගත් දෙනෙතින් සියලුම දරුවන් ට පිටුපසින් වේදානාබරව එනවා . බොහෝ වේලාවක් ඇය පිලිබඳ විමසිල්ලෙන් සිටි මම පන්ති බාර ගුරුතුමියගේ අනුදැනුම මත ඇය මම වෙත කැදවා ගතිමි.

ඔමලි පැහැයෙන් අඩු වුවත් ඉතාමත් හුරුබුහුටි දැරියකි. මගේ ලගට ලන්කර ගැනීමට ඇගේ බදවටා අත යවා ඇය ලන්කර ගැනීමට මම උත්සාහය කලෙමි.

" අනේ ගොඩක් රිදෙනවා මැඩම් ......එපා මගේ පිටේ ලේ එනවා ..."

" කෝ නැහැ නේ ....අපි බලමු මොකෝ උනේ කියලා ..."

" මොකුත් නැහැ . එපා මට ටිකයි රිදෙන්නේ...."

ඔමලි වේදනාවෙන් මිමිනුවාය.මේ දරුවා ට කවුරු හෝ පහර දී ඇතිබව මට වැටහුනා. මගේ බෑගයේ තිබූ උදේ ආහාරය සදහා රැගෙන ආ රෝස් කරනලද පාන් ගෙන මමත් කනගමන් ඇයටද දුන්නා . පාන් කනගමන් ඇගේ දෑසින් කදුලු කැට කඩා වැටුනි.

" ඔමලි ට බඩගිනීද?..."

" නැහැ මට බයයි . "

" ඉතින් අනේ මම ඉන්නේ මොකෝ බය වෙන්නේ "

" එහෙම නෙවෙයි මැඩම් අපිට ගෙයක් හම්බ වෙනඑකක් නැතිවෙයි ද ?..."

ඔමලිගේ කතාව මෙසේය ....ඇය මවත් පියාත් තම එකම සහෝදරයා ත් සමග ජීවිත් වූයේ මුර වත්තකය. ඇගේ පියාගේ රැකියාව වූයේ මුර කිරීමය. දෙමාපියන් කිසිදා පාසල්ගොස් නැත . සහෝදරයා ද පාසල් යන්නේ නැත . පියා සිටින්නේ නිතරම බීමතිනි. ඔවුන්ගේ එකම අනාගත බලාපොරොත්තුව ඔමලිය. ඔමලි ශිෂත්ව විභාගයෙන් ලoකාවෙන් පලමු තැන ලබාගෙන් ටීවී එකට ගොස් ගෙයක් ඉල්ලාගන්න කියලා තමයි ඔමලිගේ පියා ඔමලිට නිතරම කියන්නේ . කුමන හෝ විෂයක් සදහා ඔමලිට ලකුණු අඩුවන්නේ නම් ඔමලිගේ පිට පුපුරා යනතුරු පියා පහර දෙයි. ඔමලිගේ පිටට එදා සිදුවී තිබුණේ ද එවැනිම දෙයකි.
-----------------------------------------

ඔමලි ට කායික මානසික හා ඇගේ කුසතා සියල්ල ද අපයෝජනයට ලක්ව තිබුනි. දරුනු කායික අපයෝජනයට ලක්වීම තුලින් ඇය මානසිකව ද අපයෝජනයට ලක්වී ඇය තුලින් මතුවන කුසලතා ද අපයෝජනයට ලක්වී ඇත්තේ ය.

ඔමලිට පමනක් නොව මෙවැනි අපයෝජනයට ලක්වන දරුවන් කොතෙකුත් ඇත . දෙමාපියන් තම අරමුණු මුදුන්පත් කර ගැනීමට තම දරුවන් මෙවැනි අපයෝජනයට ලක්කරයි.

"තෝව මරනවා "
" හමගහනවා"
"කෝටුමස් කරනවා "
"පල් බූරුවා"
"කාලකන්නියා"
" වල් හරකා"

සමහර දෙමාපියන් ගේ මුවින් පිටවෙන මෙවැනි වදන් කසපහර වලටත් වඩා දරුනුය. හෙම්බත් වී සිටින දරුවා ට අත්වන මානසික පීඩනය අල්ප මාත්‍ර වශයෙන් වත් බොහෝ දෙමාපියන් ට වැටහෙන්නේ නැත . කෙසේ හෝ දරුවා ට ඉගැන්වීමට වෙර දරයි . මෙසේ මානසිකව අපයෝජනයට ලක්වෙන දරුවන් නින්දට යන්නේ ද වයිරයෙනි.

* නිතරම දරුවා ට නිග්‍රහ කිරීම .
* දරුවා නිතරම උපහාසයට හා අපහාසයට ලක් කිරීම .
* දරුවා ගේ අඩුපාඩු පමනක් හුවා දැක්වීම .
* දරුවා ට නිතරම බැන අඩගැසීම.
* දරුවා පිලිකුල් කිරීම .
*දරුවා ට ආදරය සෙනෙහස නොදැක්වීම.
* දරුවා ට හානි වෙන්න ඉඩ හැරීම .

මෙවැනි දේ ඔබ විසින් ඔබේ දරුවා ට කරන්නේ දරුවා හදාගැනීමට නම් එය වැරදි ය. මෙයින් සිදුවන්නේ ඔබේ දරුවා ඔබට නොදැනීම අපයෝජනයට ලක්වීමයි.

......දෙමාපියනි ,...
ඔබ තුළ සිටිය හැකි අපයෝජකයා
හදුනා ගන්න .....

* පාලනය කරගත නොහැකි කෝපය.
* දරුවන් කරදරයක් යැයි දැනීම.
*වැඩ කටයුතු අදිකබව.
* බලාපොරොත්තු අදීක වීම.
* අන් අය අනතුරු අගවා තිබීම.

ඔබ තුලින් ද ඔබේ දරුවන් ට මෙවැනි ම දේ සිදුවන බව නොවනුමානය. කුඩා කල මෙවැනි අපයෝජනයට ලක්වන දරුවන් වැඩිහිටියන් වූ කල තමාගෙ දරුවන් ද අපයෝජනයට ලක්කරයි .

දෙමාපියනි ඔබේ දරුවා ට සුන්දර ළමා ලොව අත්විඳීමට ඉඩ හරින්න. දරුවා ට ආදරය සෙනෙහස ලබා දෙන්න . කිසිවිටෙකත් ඔබේ අරමුණු මුදුන්පත් කර ගැනීමට දරුවා පලිහක් කර නොගන්න. ආදරණීය ව අධ්‍යාපනය ලබා දෙන්න . එවිට යහපත් දරුවෙක් සමාජයට දායාද කළ හැකිය ..

ශාන්ති කුමාරි ජයනෙත්ති .
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝචිකිත්සක .

නවලෝක රෝහල - කොළඹ නවලෝක රෝහල -ගම්පහ .
නවලෝක රෝහල - මීගමුව
නවලෝක ප්‍රිමියර් සෙන්ටර් -කොළඹ07
0774071401

06/05/2026

අදරණීය දෙමාපියනි .......

ළමයින්ට සිදුවන බරපතලම අපයෝජනය ලිoගික අපයෝජනයයි . ළමා ලිoගික අපයෝජනය ලෙස හැදින්වෙන්නේ යම්කිසි වැඩිහිටියකු විසින් , පුද්ගලයකු විසින් කිසියම් ලිoගික ක්‍රියාවක් සදහා දරුවකු යොදා ගැනීමයි.....

බරපතල ලෙස ලිoගික අපයෝජනයට ලක්වී රෝහල් ගත කළ දරුවකු පිළිබඳ මෙසේ සටහන් තබමි .....

මේ දරුවා තුමිල ලෙස හදුන්වමි .......තුමිලගේ මවත් පියත් සේවය කළේ රජයේ දෙපාර්තමේන්තුවක. උදෑසනින් නිවසින් පිටවෙන තුමිලගේ මවත් පියාත් නිවසට ආවේ රාත්‍රි 7 ට පමණ ය. බොහෝ දිනවල තුමිල තම මවත් පියත් නිවසට පැමිනෙන විට නිදිය. සමහර දිනවල මව්පියන් නිවසට පැමිණි බවක් හෝ පුන්ච් තුමිල දැන්ගෙන හිටියේ නැත . තුමිලගේ වැඩ කටයුතු කලෙ තුමිලගේ ආච්චි සහ ගෙදර මෙහෙකාරියයි. තුමිල ඉගෙන ගත්තේ 2 වන ශ්‍රේණියේ ය .

මෙහෙකාරියගේ පුතා නිතරම තුමිලගේ ගෙදර ට පැමිණියේ ය . ඔහු එන්නේ තම මව වන මෙහෙකාරියගෙන් කීයක් හෝ ඉල්ලා ගැනීමට ය . මොහුගේ වයස් අව්‍රරුදු 17 පමණ විය . මොහු පියල් ලෙස හදුන්වම් . පියල් සතියට දින තුන හතරක්ම තුමිලගේ නිවසට පැමිනෙයි . ඒ එන සෑම දිනකම තුමිල සමග බෝල ගසයි. කිසිවෙක් පියල් ගැන සැක හිතුවෙ නැත . තුමිලගේ මව්පියන් සිටිනා දිනවලදී ද පියල් තුමිලගේ නිවසට පැමිණියේ ය . බොහෝ විට පියල් එන්නේ දහවල් අදොලහට එකට පමනය. ඔහු දහවල් ආහාරය ද ගන්නේ තුමිලගේ නිවසෙනි.

" අනේ පුතේ පොඩි එකා ගෙදර නැහැ .."
තුමිලගේ ආච්චි තුමිලගේ පියාට දුරකතන ඇමතුමක් දුන්නාය . එදා සදුදා දිනයකි. තුමිල පාසල් ගොස් ඇවිත් එලියේ යම්කිසි වැඩක නිරතව සිටියේ ය . හදිසියේ ම තුමිල අතුරුදන් වී ඇත . වෙන්දා එන පියල් එදින නිවසට පැමිණියේ නැත .

එදා හවස්වරුවම තුමිල හෙව්වේ ගමේ බොහෝ පිරිසකගේ උදව් ඇතුවය. හවස හය පමණ වෙද්දී තුමිල හමුවිය . ඒ වනවිට තුමිල හිටියේ සිහිසුන්ව ය. තුමිල වහාම රෝහල් ගත කිරීමෙන් තුමිලගේ ජීවිතය බේරුනි. එහෙත් තුමිල බරපතල ලෙස ලිoගික අපයෝජනයට ලක් වී සිටියේ ය .

තුමිලගේ අපයෝජකයා කවුරුන් ද යන්න පොලිසිය එදිනම සොයාගත්තේය. ඒ වෙන කවුරුන් හෝ නොවෙයි පියල් ය. හයහතර නොතේරෙන පුන්ච් තුමිල අපයෝජනයට ලක්වූයේ වැඩිහිටියන් ගේ නොසැලකිලිමත් බව නිසා ය . නිවසට පැමිනෙනපිටස්තරයන් පිලිබඳ නොසැලකිලිමත් බවත, ඔවුන් සමග දරුවන් ට ආශ්‍රය කිරිමට ඉඩ දී දරුවන් නොසලකා හැරීමත් වැඩිහිටියන් ගේ තදබල වරදකි.

අපයෝජකයා හා එයට ගොදුරු වන දරුවා අතර පවතින සම්බන්ධතාවය විමසීමේදී පැහැදිලි වන්නේ දරුවන් අපයෝජනයට ගොදුරු කර ගනු ලබන්නේ දන්නා හදුනන පුද්ගලයන් බවයි.. ..

ඇතැම් අවස්ථාවක අපයෝජකයට ඇති බියෙන් අපයෝජනයට ලක්වන දරුවන් ඒ බවක් දෙමාපියන් ගෙන් සඟවා සිටී. තවත් විටෙක සමහර දරුවන් සිය කැමැත්තෙන්ම එම කාර්‍යයේ යෙදේ. එවිටද දෙමාපියන් ඒ පිළිබඳව දැනුවත් නොවේ. තම පිරිමි දරුවා පිළිබඳව කිසියම් වැඩිහිටි පිරිමියෙක් ඕනෑවට වඩා උනන්දුව දක්වන්නේ නම් ගැටලුවක් තිබේ. එසේම එවැනි පිරිමි ඔබේ දරුවාට නිතරම තෑගි බෝග දීම ආදිය සිදු කරන්නේද ඒ පිළිබඳව ද දෙමාපියන් අවධානයෙන් සිටින්න. දරුවා ට ඕනෑවට වඩා ලංවන වැඩිහිටි පිරිමින් ළඟට කුමන අවස්ථාවකට වත් දරුවා යවන්න එපා. ඇතැම් අවස්ථාවල ක්‍රීඩා හෝ විවිධ පුහුණු කරුවන් වුවත් ඔබේ දරුවා යොමු කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න . පසුගිය දිනක එක්තරා පාසලක පැමිණි භාහිර පුහුණු කරුවකු විසින් පාසල් දරුවා අපයෝජනයට ලක්වූ පුවතක් අසන්නට ලැබුණි.

කුඩා කළ ලිංගික අපයෝජනයට ලක් වෙන දරුවාගේ අනාගත පෞරුෂයට බෙහිවින් හානි සිදුවේ. එයට උදාහරණ ඕනෑතරම් ඇත. පවුල් උපදේශකය සඳහා පැමිනෙන බොහෝ දෙනෙකුගේ ගැටලුවට හේතුවක් වෙන්නේද කුඩා කළ ඇතිවන මෙවැනි ලිංගික අපයෝජනයට ගොදුරු වීමයි. පිරිමි අතින් ලිංගික අපයෝජනයට ලක්වන පිරිමි දරුවා බොහෝ වෙලාවට වැඩිවියට පත් වීමේදී තම විවාහක සහකාරිය සමඟ අඹුසැමි ඇසුර පැවැත්වීමට ප්‍රියතාවයක් නොදක්වන අවස්ථා පවුල් උපදේශකයකවරියක් ලෙස මා අද්දැක ඇත . එවැනි අය පවුල් උපදේශකය සඳහා මා වෙත පැමිණ ඇත. ඔවුන් ප්‍රිය කරන්නේ කාන්තාව නොව පිරිමින්‍ ය.

ආදරණීය දෙමාපියනි ....ඔබේ පුතණුවන් ගේත් දියණිය ගේත් හෙට දවස සුන්දර කරන්න නම් ඔබේ මල් කැකුළුවන් දරුවන් සුරක්ෂිත කරගත යුතුය ......
ළමා අපයෝජනය සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන....

* ජාතික ළමාරක්ෂක අධිකාරිය
* පොලිසිය .
* දිස්ත්‍රික් ළමා අයිතිවාසිකම් කමිටුව
* පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව
* මානව හිමිකම් කොමිසම

ශාන්ති ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ විද්‍යා උපදේශක හා මනෝ චිකිත්සක
නවලෝක රෝහල කොළඹ
නවලෝක රෝහල -ගම්පහ
නවලෝක රෝහල - මීගමුව
0774071401 /

06/05/2026

",ඔන්ලයින් හිටියේ නැතිනම් බලාගම්මුකො හරි ආයෙ ඉතින් තමුසෙ ලොවෙත් නැහැ . දානවා මූනට ඇඟක් සෙට් කරලා ෆ්බී අයෙ ඉතින් කට උත්තර නැති වෙන්නම. මම කිව්වානේ මම තමුසෙට ආදරෙයි කියලා . ඇයු මට මම කියන දේ වීඩියෝ කරලා එවන්න බැරි. මම තව පොඩි වෙලාවයි දෙන්නෙ, එවනවාද නැද්ද ? "

" අනේ මට බැහැ අයියේ...මට වෙන ඕන දෙයක් කියන්න මට ඒක කරන්න බැහැ .."

" එහෙනම් ටිකක් ඉන්නකො.."

සමස්ත දියණියන්ගේ යහපත උදෙසාම මෙසේ සටහන් තබමි....මෙහි නම් ගම් සත්‍ය නොවේ...

කවීෂා මා හමුවීමට එන්නේ ඇගේ වැඩිමහල් සොයුරිය සමඟ ...

"මම ලොකු අමාරුවක වැටිලා මැඩම් මම මේ සැරේ තමයි O/L ලිව්වෙ, තිමිර එක්ක තමයි මම යාලුවෙලා හිටියේ . එයා බොහොම හොඳ කෙනෙක් ඉගෙන ගන්නත් දක්ෂයි . මටත් නිතරම ඉගෙන ගන්න තමයි කිව්වේ . තිමිරගෙ සීයා නැතිවෙලා අපි එයාගේ මළ ගෙදර ගියා . එහෙදි තමයි මට ශෙනාල් මුණ ගැහුණෙ. ශෙනාල් මගේ WhatsAppe අoකය හොයාගෙන මට කතා කරන්න පටන් ගත්තා . මට ඩේටා කාඩ් දැම්මේ ශෙනාල් තමයි . එයාට හොඳට සල්ලි තිබුනා . ඔහොම ටිකක් කල් අපි කතා කරන අතරේ...ශෙනාල් ගේ යාලුවෙක් මට කතා කළා. එයා තිමිරටයි ශෙනාල්ටයි වඩා වෙනස් එයා හරි හැඟීම් බරයි. ආදරෙයි උපරිමයෙන්ම "

කවීෂා වයස අවුරුදු 16 ගැහැනු දරුවෙකි . ඇය කිසිම පැකිලීමකින් තොරව මේ සියල්ල කියවයි. මෙතරම් සිදුවීමක් වෙලත් ඇගේ දෙමාපියන් කිසිවක් නොදනී. කවීෂාට හිටියේ එකම සහෝදරියක් පමණි. ඇය සාමාන්‍ය පෙළ අසමත් වී ගෙදරට වී කාලය ගත කළාය. මව ඇඟලුම් සේවිකාවකි . පියා නිවසට සැතපුම් ගානක් දුර පුද්ගලික ආරක්ෂක නිළදාරියෙකි. ඔහු ගෙදර එන්නේ මාසයකට වතාවක් දෙකක් පමනි. මවත් රැකියාව මත්තේම නැහෙනවා මිසක් දියණියන් දෙදෙනා ගැන සොයා බැලීමට වෙලාවක් නැත . උදේ පාදරින් නැගිට දරුවන් ට උයලා ඇය ගෙදරින් යනවා ආයෙමත් රෑවෙලා ඇවිත් මොනවා හරි උයලා දෙනවා . මේ ගෑනු දරුවො ගෙදර කිසිම වැඩක් කරන්නේ නැහැ . නිතරම හිටියේ පෝන් එකේ...

කවීෂා නැවතත් හඬ අවදි කළාය . ...

"මුළින්ම මම තිමිර එක්කත් කතා කළා. ශෙනාල් එක්කත් කතා කළා . ඒත් මම ගොඩක්ම කැමතිවුනේ රයන්ට. රයන් මම යන එන තැන් නිතරම හෙව්වා . එයා හැම වෙලාවෙම මම ඉන්න තැන සෙල්පි එකක් එවන්න කියනවා. ඒක මටත් පුරුද්දක් වුනා . රයන් කොච්චරවත් පොටෝ එවන්න කියනවා. මමත් එයාට පොටෝ යැව්වා . ඒත් මම කවදාවත් රයන් දැකලා තිබුනේ නැහැ . මෙහෙම සති දෙකක් විතර අපි කතා කරද්දි රයන් කතා කරද්දි මම හිටියේ නාන කාමරේ . මම එයාගේ කෝල් එක ආන්ස්වර් කරලා මම කිව්වා නාලා ඉවර වෙලා පොටෝ එකක් එවන්නම් කියලා . ඊට පස්සෙ රයන් කිවා දැන් පොටෝ දාන්න කියලා . මට මහ අමුත්තක් දැනුනා . මම ඒකට උත්තර නොදී පෝන් එක off කළා .පස්සෙ මම ප්ැයකින් විතර කතා කළාම මට හොඳට බැනලා ශෙනාල් ට කියනවා තමුසෙ ජරා කෙල්ලක් කියලා කියනවා කියලා . ටික වෙලාවකින් ශෙනාල් මට කතා කරලා බැන්නා. බැනලා මාව බ්ලොක් කළා . මේ සිද්දි අස්සේ තිමිර එක්කත් මම යාලුවෙලා හිටියේ . "

" හරි තමුසෙට තමුසෙ නාන පොටෝනෙ එවන්න බැරි එහෙනම් එවනවා අක්කා නාන වෙලාවට හොරෙන් වීඩියෝ කරලා. නැතිනම් අම්මාගේ හරි කමක් නැහැ . එව්වෙ නැත්නම් තමුසෙට මම හොද වැඩක් කරනවා. තමුසෙ පොටෝ බට් කරලා දානවා ෆ්බී .."

" මේ විදියට රයන් නිතරම ම්ට තර්ජනය කරනවා. මම ඔන්ලයින් හිටියේ නැතිවුනොත් මට කුනුහරපෙන් බනිනවා . බැරිම තැන මම එහා ගෙදර නැන්දා නානව๬ හොරෙන් වීඩියෝ කරලා යැව්වා . මට එහෙම හැමදාම එවන්න කියනවා. දවස් තුනක් එහෙම වීඩියෝ කරලා යැව්වා . පස්සෙ මම වීඩියෝ එවන්නෙ නැහැ කියලා මගේ පොටෝ එකක මගේ මූනට නිරුවත් පොටෝ එකක් බට් කරලා මට එව්වා".

" දැන් මොකද කියන්නේ ....කොහොමද ? මට වීඩියෝ එවනවාද නැද්ද මේ දැන් මම උඹේ පොටෝ මෙහෙ බට් කරලා ෆ්බී දානවා . "

" මම ගොඩක් බය කරනවා මැඩම් මට කියනවා පොලිසියට එහෙම ඉව්වොත් මාව මරනවා කියලා . මට දැන් නින්ද යන්නෙ නැහැ . එහා ගෙදර නැන්දාගේ වීඩියෝ ගන්නත් බැහැ . මට දැන් මැරෙන්නම හිතෙනවා මැඩම් "

මේ කවීෂා ගේ කතාවයි .ආදරණීය දෙමාපියනි අද කවීෂා හෙට ඔබේ දරුවාටත් කවීෂාට මෙන් සිදුවිය හැකිය . කවීෂාට මෙසේ සිදුවන්නේ දෙමාපියන් දරුවන් ගැන සොයා නොබැලීම නිසාය. අනුන්ගේ නිරුවත බලා සැනසෙන මානසික රෝගීන්ට ඔබේ දරුවාත් ගොදුරු වන්නට පුලුවන් . සමහර විටක මා මුණ නොගැසෙන්න කවීෂා ජීවිතයෙන් සමුගන්නත් ඉඩ තිබුනා . මෙවැනි සිදුවීම් විඳදරා ගැනීමට නොහැකිව ජීවිතයෙන් සමුගත් දියණියන් කොතෙකුත් ඇද්ද ?

මෙහෙම දුරකථන ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ කිසිම කෙනෙකුට තවත් කෙනෙක් බලපෑම් කිරීමට හැකියාවක් නැත . මේ සම්බන්ධයෙන් එවැනි පුද්ගායන්ට නීතිමය පියවර ගත හැකිය . ඒ පිළිබඳව ඔබ හිතන්න කිසිවෙකු ඔබට මෙවැනි තර්ජන කරනවානම් මුලින්ම කළයුත්තේ ළඟම ඇති පොලිස්ථානයට ගොස් එම පුද්ගලයාට විරුද්ධව පැමිණිල්ලක් කිරීමය. එවිට ඒ හා සම්බන්ධ සියලුම විස්තර මග පෙන්වීම් එහිදී ලැබෙයි. බොහෝ අවස්ථාවල මෙවැනි පුද්ගලයින් කියන්නේ පොලිසි ගියොත් ඔබට කරදර කරන බවයි. ඔබ බය නොවන්න. එවැනි අපරාධ කරුවන් නීතිය ඉදිරියට යැවිය යුතුමයි . නැතිනම් ඔබට සිදුවූ දෙය තව කෙනෙකුට වෙන්න පුලුවන් ..

සාමාන්‍ය ලියූ දරුවන් ට හා අසමත් දරුවන් ගෙදර නිකන් තබා ගැනීම දෙමාපියන්ගේ වරදක්. රජයේ නොමිලේ පවත්වන වෘත්තීය පාඨමාලා කොතෙකුත් තිබෙනවාද ? ඔබේ දරුවා ට අවශ්‍ය වෘත්තීය පාඨමාලාව තෝරා ගැනීම සදහා හැකියා ලැදියා පරීක්ෂණය සදහා ද නවලෝක උපදේශන සේවාව තුළින් හැකියාව ලැබේ .

පසුගිය කොරෝනා සමයේ ඔන්ලයින් අධ්‍යාපන යට ලැබුනු ජoගම දුරකථන තවමත් දරුවන් අතේ දෙමාපියන් කිසි නියාමනයක් නැහැ . දරුවන් බොහෝ දෙනෙක් මෙවැනිම ගැටලුවල..දුරකථන ඇබ්බැහියෙන් මිදෙන්නට බැරිනම් එන්න අපේ නවලෝක උපදේශන සේවයට...

දරුවන් ගේ අධ්‍යාපන ගැටලු , මත්ද්‍රව්‍ය ඇබ්බැහි වෙලාද ? ඒ සඳහා මනෝ ප්‍රතිකාර , පවුල් උපදේශනය , විශාදය , ඩිමෙන්ෂියාව, කාන්සාව, ඉගෙනුම් අක්‍රමිකතා වෘත්තීය මාර්ගෝපදේශනය ආදිය සඳහා උපදේශනය හා මනෝ චිකිස්සාව සදහා එන්න නවලෝක උපදේශන සායනයට ..

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශිකා හා මනෝ චිකිස්සක
නවලෝක රෝහල - කොළඹ
නවලෝක රෝහල-මීගමුව
නවලෝක රෝහල -ගම්පහ
ඔසරෝ රොහල- කෑගල්ල
0774071401

06/05/2026

ආදරණීය දෙමාපියනි ඔබේ දරුවාත් විභාග භීතියෙන් පෙලෙන්නේද...?
------------------------------------------------------

විභාග මානසිකත්වය නිසා දරුවන් ට ඇතිවිය හැකි ගැටලු බොහෝ ය. පාසල් සිසුන් මුහුණ දෙන ප්‍රධාන විභාග තුනකි. 5 ශ්‍රේණිය ශිෂත්ව අ.පො.ස. , සාමාන්‍ය පෙල , අපොස .උසස් පෙල විභාගය යි. විභාගය ජය ගැනීමට සිත අනිවාර්යයෙන්ම බලපානු ලබයි . " සියල්ල සිත මුල් කරගෙන පවතියි" මිනිස් සිත පිලිබඳ ව බොහෝ පර්යේෂකයන් පර්යේෂණය කොට විවිධ මත දක්වා ඇත . සිග්මන් ෆ්‍රොයිඩ් දක්වන්නේ මිනිසාගේ යටිසිත ශක්ති ආකරයක් ලෙසයි. එහෙත් මිනිසා එයින් ප්‍රයෝජනයට ගන්නේ ඉතා සුලු ප්‍රමානයක් බවයි. සිතේ ශක්තිය ගැබ්වෙලා තියෙන්නේ එහිඅභ්‍යන්තරයේ ය. අප විසින් කළයුත්තේ එම ශක්තීන් ප්‍රයෝජනයට ගැනීම පිණිස ඉස්මතු කර ගැනීමයි.

පසුගිය වසරේ එනම් 2019 වසරේ අ.පො.ස. උසස් පෙල විභාගය ට පෙනීසිටීමට අපේක්ෂාවෙන් සිටින බාලිකා පාසලක දියණියක මා මුන ගැසීමට රැගෙන එන්නේ ඇගේ දෙමාපියන් විසිනි . අය තද බල මානසික පීඩනයට ලක්වී සිටියාය . ඇය රවිදි ලෙස හදුන්වමි .

මම රවිදි ට කාරුණිකව අමතා ඉදගැනීමට සැලැස්සුවා පමනි. ඇය දෑතින් මුහුණ වසාගෙන අඩන්නට වූවාය . ඇයට මදක් හඩන්නට ඉඩහැර මම හඩ අවදි කලෙමි.

" රවිදි ඉන්නේ ලොකු පීඩනයකින් නේද අපි ඒ ගැන කතා කරමුද ".....

රවිදි ගේ කතාව මෙසේය . ඇය අ.පො.ස.සාමාන්‍ය පෙල විභාගයෙන ඒ සාමර්ථ 9 යක් ලබා ප්‍රධාන පෙලේ බාලිකා පාසලකට ඇතුලත වන්නේ වෛද්‍යවරියක් වීමේ දැඩි අපේක්ෂාවෙනි. විභාගය ට ඇත්තේ තව මාස පහකි. ඇය රාත්‍රි කාලයේ නිදාගන්නේ නැත . අලුයම 4 සිට 6.30 දක්වා කාලය තුළ පැය දෙකහමාරක් පමනක් නිදාගනී. නිදා ගැනීමට ඇදට ගියද බොහෝ විට ඇයට නින්ද යන්නේ ද නැත . සමහර දිනවලදී පාන්දර එක දෙක පමන වෙද්දී හිස රත්වීමක් සිදුවෙයි එවිට ඇය කරන්නේ හිස තෙමා ගැනීමකි . ඇය සෑම දිනකම තමාගේ පාද වතුර බේසමක් තුල බහාගනි. රවිදි ආහාර ගන්නේ ද කිසියම් හෝ පාඩම් කටයුත්තක නියැලෙමිනි. මේ අයහපත් දිනචරියාව නිසා රවිදි ඉතාමත් තදබල ලෙස මානසික පීඩනයට පත් ව සිටියාය. මෙය අධි අපේක්ෂාව නිසා ඇතිවූ ක්ලමථ තත්වයකි.
----------------------------------------------------------------

රවිදි වැනි අධි අපේක්ෂිත තත්ත්වයේ පසුවන දරුවන් කොතෙකුත් ඇත . නිවැරදි ලෙස පාඩම් නොකලහොත් විභාග ජය ගැනීමට හැකියාවක් නොමැත . ස්වභාදහමේ චක්‍රයට අනුව සියල්ල සිදුවිය යුතුය . මොලයේ ක්‍රියාකාරිත්වයට නින්ද අනිවාර්යයෙන් ම අවශ්‍ය වන්නේ ය. රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා කාලය තුළ මිනිස් මොලය විවේක ලබා ගනී. එම කාලය තුළ කරනලද පාඩම් කටයුතු අසාර්ථක වෙයි.

රවිදි ට ඇත්තේ අසාමාන්‍ය තත්ත්වයකි. එමනිසා විභාගය සමත් වීමට නම් ඇගේ මෙම ක්‍රමය වෙනස් කල යුතුය . රවිදි මානසික ව පමනක් නොව ශාරීරිකවද ඇය පිරිහීමට පත්ව සිටියාය . මේ සියලුම දේ සිදුවූයේ ඇගේ විභාග භීතිය නිසාය .

විභාගය ජය ගැනීමට ඉලක්ක තිබිය යුතුය . එම ඉලක්කය නිශ්චිත ඉලක්කයක් විය යුතුය . අධි අපේක්ෂිත නොවිය යුතුය . එය තමාගේ වර්තමාන තත්ත්වයට හා සවුක්‍යට ගැලපිය යුතුය . එම ඉලක්ක සදහා ප්‍රායෝගිකව ලගාවීමට හැකියාව තිබිය යුතුය .

රවිදි ගේ තත්ත්වය සුවපත් කිරීමට නම් ඇය අඩුම වශයෙන් සියලුම පාඩම් කටයුතු නවතා සතියක් පමණ විවේක ලබා ගත යුතුය . මානසික තත්ත්වය යහපත් වීමට සුවදායි නින්ද අනිවාර්යය වේ .

එසේම පොත් මේසය ද නිශ්චිත අයුරින් සකසා වැඩි පොත්පත් මේසය තුලින් ඉවත්කර සුවද හමන මල් බදුනක් මේසය මත තබා රවිදි ගේ කාමරය තුල ඇති අනවශ්‍ය දේ ඉවත් කර නිදහස් ලෙස තැබීමට රවිදි ට උදව් කරන ලෙස දෙමාපියන් දැනුවත් කලෙමි. සතියක් ගත වීමෙන් පසුව මුලින්ම සoයම අභ්‍යාසවල නිරත වෙමින් කාලසටහනකට අනුව පාඩම් කිරිමට ත්, දිනකට ගීත වලට සවන්දීමටද වෙලාවක් වෙන්කර දුනි. රාත්‍රි 10 න් පසු පාඩම් කටයුතු නොකරන ලෙසත් පාන්දර 4 ට පෙර අවදි නොවිය යුතු බවටත් දැනුවත් කෙරිනි.

විභාගය සමත් වීමට නම් මතකය අනිවාර්යයෙන් ම තිබිය යුතුය . මතකය ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. ක්ෂණික මතකය, කෙටිකාලීන මතකය, හා දිගුකාලීන මතකයයි. විභාග අපේක්ෂිත සිසුන්ට කෙටිකාලීන මතකය ට වඩා වැදගත් වන්නේ දිගුකාලීන මතකයයි . දිගුකාලීන මතකය එක් දිනකින් ඇතිකර ගත නොහැකිය . දිගුකාලීන මතකයේ ධාරිතාවය සීමාවක් නැත . එනිසාම බොහෝ දේ දිගුකාලීන මතකයේ තබාගත හැකිය. ඉගෙන්ගත්තු දේ ඒ දිනයේම නැවත නැවතත් කියවීම , කෙටිසටහන් තබා ගෙන නැවත නැවත කියවීම. බොහෝවිට අපි නැවත නැවත කරන දේ දිගුකාලීන මතකයේ රැදේ.

අමතක වන බොහොම කරුනු තමා ප්‍රිය කරනවර්ණ වලින් ලියා පාඩම් කරන කාමරයේ එල්ලීම තුලින් ද ඒවා දිගුකාලීන මතකයට එකතු වෙයි.

විභාග ජය ගැනීමට නම් නිතරම සුභවාදී සිතුවිලි තුළ සිටිය යුතුය . එවිට අධ්‍යාත්මික සoවර්ධනය තුලින් ආත්ම සoයමය ඇතිවේ. චිත්තවේග පාලනය කිරීම බුද්ධියේ ක්‍රියාකාරිත්වයට විශාල පිටුවහලක් වෙයි. කේන්තිය , ඊර්ෂ්‍යාව , ක්‍රෝධය , පලිගැනීම් , කලකිරීම, සටන්කාමීත්වය හා දුක වැනි චිත්තවේග ඇතිවීම නිසා නොසන්සුන් මනසක් ඇතිවෙයි. එවිට අපේක්ෂිත අරමුණට ලගාවීමට නොහැකිය .

නූතනයේ තම පැවැත්ම උදෙසා එකිනෙකා පරයා කෙසේ හෝ ඉදිරියට යාම අධ්‍යාපනය ප්‍රධාන මාධ්‍ය බවට පත්වී ඇත . මෙයින් ජය ගන්නෝ මෙන්ම අසාර්ථක වන්නෝද අතිමහත්ය .

අසාර්ථක වීම වලක්වා ගැනීමට හා භීතියට පත් වූවන් ට මානසික සහනයක් සැලසීමට මනෝ විද්‍යාත්මක උපදේශනය හා මනෝ ප්‍රතිකාර ගැනීමෙන් ඔබට හැකියාව ලැබෙනු ඇත.

ශාන්ති කුමාරි ජයනෙත්ති
ජේෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක

හමුවීම් ...

නවලෝක රෝහල -ගම්පහ .
නවලෝක රෝහල - මීගමුව
නවලෝක රෝහල කොළඹ.
ඔසරෝ රෝහල කෑගල්ල.

විමසීම් ..
0774071401.

Address

Shanthi Mental Health Care
Kadawata

Telephone

+94774071401

Website

Alerts

Be the first to know and let us send you an email when Shanthi Mental Health Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share