02/09/2026
ලකුණු කුමක් වුවත්, අද ඔබේ දරුවාව වැළඳගන්න.
“ඔයා අපිට වටිනවා” කියලා කියන්න.
ඉදිරියටත් උත්සාහ කරන්න ඔහුව දිරිමත් කරන්න. 🌷
🌷 ආදරණීය අම්මේ, තාත්තේ,
මේ වනවිට ඔබේ දරුවා මුහුණ දුන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී අවසන්.
එම විභාගයෙන් ඔබේ දරුවා ඉහළ ලකුණු ලබාගෙන ඇත්නම්,
පළමුව ඔබේ කැපවීමටත්, දරුවාගේ උත්සාහයටත් අපගේ උණුසුම් සුබ පැතුම්! ❤️👏
ඒ වගේම, ඔබේ දරුවා අපේක්ෂා කළ මට්ටමේ ලකුණු ලබාගෙන නොමැති නම්, එය කිසිසේත්ම දරුවාගේ අදක්ෂතාවයක් ලෙස නොසලකන්න.
මතක තබාගන්න...
එක් විභාගයක ලකුණු ප්‍රමාණයකින් දරුවෙකුගේ දක්ෂතාවය, වටිනාකම හෝ අනාගතය තීරණය කළ නොහැකිය.
ඒ නිසා මේ මොහොතේ දරුවාට අනවශ්‍ය පීඩනයක් ඇතිවන ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න.
🌱 දරුවා ලබාගෙන ඇති ලකුණු මට්ටම කුමක් වුවත්, ඔහුව අගය කරන්න.
🌱 “අර දරුවාට මෙච්චර ලකුණු තියෙනවා” යනුවෙන් සෙසු දරුවන් සමඟ සංසන්දනය නොකරන්න.
🌱 ලකුණු ගැන නොව, දරුවා දැරූ උත්සාහය ගැන කතා කරන්න.
🌱 අද ලැබුණු ප්‍රතිඵලය අවසානයක් නොව, දරුවාගේ දිගු අධ්‍යාපන ගමනේ තවත් එක් පියවරක් පමණක් බව ඔහුට හෝ ඇයට පැහැදිලි කර දෙන්න.
ජීවිතයේ තවත් බොහෝ කඩඉම්, අවස්ථා සහ අභියෝග ඔබේ දරුවාගේ අනාගතය තුළ තිබෙනවා.
එම අභියෝගවලට ශක්තිමත්ව මුහුණ දීමට හැකි, ආත්ම විශ්වාසයෙන් පිරි දරුවෙකු ගොඩනැගීමයි අපේ සැබෑ වගකීම. ❤️
ඒ නිසා...
ලකුණු කුමක් වුවත්, අද ඔබේ දරුවාව වැළඳගන්න.
“ඔයා අපිට වටිනවා” කියලා කියන්න.
ඉදිරියටත් උත්සාහ කරන්න ඔහුව දිරිමත් කරන්න. 🌷
දරුවෙකුගේ අනාගතය තීරණය කරන්නේ එක් විභාගයක ප්‍රතිඵලයක් නොව, ඔහුගේ උත්සාහය, ආත්ම විශ්වාසය, ආකල්ප සහ අඛණ්ඩ ගමනයි.
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි එකටම ඉදිරියට යමු. ❤️
ස්තුතියි!
අපි,
🏫 NM Education Center
නුගගහලන්ද, පොතුවිල, පයාගල.
📞 071 6000 367