Dr. Thushara Priyawansha

Dr. Thushara Priyawansha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr. Thushara Priyawansha, Medical and health, පේරාදෙණිය, Kandy.

නිවැරදි වෛද්‍ය තොරතුරු පමණක් සමාජගත කිරීමේ අරමුණින් පවත්වාගෙන යන මේ පේජය වෛද්‍ය තුෂාර ප්‍රියවංශ (ජාන රෝග පිලිබඳ විශේෂඥ - වැඩබලන) විසින් පමණක් විශ්වසනීය තොරතුරු මත පදනම්ව සකසන ලිපි පල කරනු ලැබේ.

💝🧬💝🧬💝🧬💝🧬💝🧬ජාන කියන්නෙ , ඒවායෙ තියෙන්නෙ මොනවද ? 🧗 ඒවා වැඩ කරන්නෙ කොහොමද? 🧑‍⚕️ නවාස් සර් හරිම ලස්සනයි වැඩ සටහන් මෙහෙයවන වි...
12/07/2026

💝🧬💝🧬💝🧬💝🧬💝🧬
ජාන කියන්නෙ , ඒවායෙ තියෙන්නෙ මොනවද ?

🧗 ඒවා වැඩ කරන්නෙ කොහොමද?

🧑‍⚕️ නවාස් සර් හරිම ලස්සනයි වැඩ සටහන් මෙහෙයවන විදිහ....
🙌 පිළිවෙලින් පිළිවෙලට ලස්සනට විස්තරය ගන්නවා.....

😅 ඔය අතරෙ ගොඩක් කල් ජීවත් වෙන්නත් අහනවා....

🥵 කට උත්තර නැති වෙන ප්‍රශ්නත් අහනවා....

පළමුවැනි කමෙන්ට් එකේ ලින්ක් එක...

අවසන් වෙනකං අහන්න...🥰

🫡 විශේෂිත සාකච්ඡාවක්

💝💝💝💝💝💝සහකම්පන ජාන 🧬🧬🧬🧬🧬🧬☎️"තුෂාර බිසිද ?"🤳"අයියෝ සර් කොච්චර බිසි වුණත් ඉතිං සර් ගත්තහම මේ ෆෝන් එක ආන්සර් වෙනවා "🧑‍🏫අපිට ...
13/06/2026

💝💝💝💝💝💝
සහකම්පන ජාන
🧬🧬🧬🧬🧬🧬

☎️"තුෂාර බිසිද ?"

🤳"අයියෝ සර් කොච්චර බිසි වුණත් ඉතිං සර් ගත්තහම මේ ෆෝන් එක ආන්සර් වෙනවා "

🧑‍🏫අපිට උගන්වපු ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරයෙක් දවසක් කතා කළා...සර් වගේ කෙනෙක් කතා කරනකොට අපේ හිත්වල ගෞරවය 🙏 කොච්චරද කියලා තේරෙන්නෙ, සමහර වෙලාවට පපුවෙ වේගයත් 💓 වැඩි වෙනවා... ඒ කාලෙ බය වුණ තරම තමයි ඉතිං...

🧑‍🔬වෛද්‍ය ශිෂ්‍යයන් විදිහට ඉගෙන ගන්න කාලෙ, රෝගීන් 🤕 අපිට නොකියන සර්ලට විතරක් කියන රහස් තිබුණා... 💪ලොක්කා වගේ සායනික ඉතිහාසය ඉදිරිපත් කළාට, අර වගේ එක පොයින්ට් එකක් අහුවුණාම ඉවරයිනෙ....🤦

"පුතා මේ දරුවා, අපිට ආවෙ අනුරාධපුරයෙ ඉඳන්.... මේක ටිකක් අමුතුයි තුෂාර...."🤔

🧑‍🏫 සර්ලා අපිට පුහුණු කරන්නෙ ඔන්න ඔය හයවැනි සංවේදනය, ලෙඩා මොනවාද කියන්නෙ, සායනික පරීක්ෂාවෙදි මොනවද අපිට දකින්නට ලැබෙන්නෙ, එයින් ඔබ්බට ගිහින් මේ රෝග තත්ත්වය, රෝග නිධානය හොයන්න, ප්‍රතිකාර නිර්ණය කරන්න තමයි 👌 දර්ශීය උදාහරණ සපයන්නෙ...

🤔 "සර් මෙටබොලික් ඇසිඩෝසිස් එකක් නැතිනම්..... "
ශරීරයෙ සමහර රසායනික සංයුතීන් ⚗️ හරියටම, ඇත්තටම හරියටම කියනවාට වඩා "තිතටම" කීවොත් තමයි වඩා සුදුසු...
🌡️එහෙම තිතටම වැඩ කරන්නෙ නැතුව, අසාමාන්‍යතාවක් පෙන්නුවොත් අන්න එතන ගැටළුවක් තියෙන බව හිතෙනවා..👍

🙋 " ඔව් ඒක තමයි මටත් මේ ගැටළුව...."
💁 "සර් එක ඔප්ෂන් එකක් තියෙනවා...."
මගේ වෘත්තීය පරිමිතිය තුළ, 🧬ජානමය සාධකවල ඉඟියක් මතුවුණා... සර්ටත් ඕක මතුවුණ නිසාම තමයි මට කතා කළේ.

🤗 " ඔයා දැන් ඉන්නවද පුතා..."
" සර් අද බුක් කරලා ආව බබාලා.... ක් ඉන්නවා... " 😔

🧬 ජාන සායනයට එන අයගෙ සම්පූර්ණ විස්තර ගන්න නම් හැම අංශයකම 📚 පොත්පත් අධ්‍යයන කරන්න තියෙනවා...
"අද ටිකට් කපනවා කොල්ලො... ඒකයි කතා කළේ.." 🤔
" හරි කමක් නෑ සර්, එවන්නකො.... පොඩිවට හරි ප්ලෑන් කරගන්න පුළුවන්නෙ...."

🧑‍⚕️" බබාගෙ වයස කීයද ? "
🤱"මාස හතරයි ඩොක්ට..."
🧑‍⚕️" මෙන්න මේකයි ....

🧬ජානමය රෝගයක් කියලා හිතන්න හේතු....

01. ඇඟේ රසායනික ⚗️ තත්ත්වය වෙනස් වීම...

02. ඇස් 👀පෙනීම, කන්👂 ඇසීම, මොලය 🧠අක්මාවෙ, හෘදයෙ 🫀ක්‍රියාකාරීත්වයෙ වෙනස්කම්...

03. මෙතෙක් කරන ලද සාමාන්‍ය 💉ප්‍රතිකාරවලට දැක්වූ දුර්වල ප්‍රතිචාරය...

🙋 වගේ කාරණා ටික තාත්තයි අම්මයි දෙන්නටම පැහැදිලි කළා....

🧑‍⚕️" ඒකට ලේ පරීක්ෂණයක් තියෙනවා..."
🧑‍⚕️" කොළඹ කැම්පස් එකේ තමයි කරන්නෙ...
🧑‍⚕️" අපිට මේ ජාන ටික දිග හැරලා බලන්න වෙනවා...." ( දිගහැරිය ජානයක් පහළ රූපයෙ)
🤱" ඔය කීව ජාන පනස්දාහම බලන්න ඕනද සර් ? "
🙋මේ වෙනකොට අම්මා, තාත්තා දෙන්නම දන්නවා, සාමාන්‍ය මනුෂ්‍යයෙකුගෙ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට අදාළ ජාන 50,000ක් විතර හොයාගෙන තියෙන බව... ( දැන් ඔන්න ඔයාලත් දන්නවා 🤗)

🧑‍⚕️" ඔයාගෙ බබාගෙ තියෙන ලක්ෂණවලට හේතු වෙන ජාන වෙනස් වීම් දහස් ගාණක් තියෙනවා.... මේ බලන්නකො"

🌐අන්තර්ජාලයෙ තියෙන ජාන වෛද්‍ය විශේෂඥයන්ට විතරක් ඇතුල්වීමේ මුරපද තියෙන, 🖥️(එහෙම කරලා තියෙන්නෙ මේ තොරතුරු සංවේදී සහ සංකීර්ණ නිසා) වෙබ් අඩවියකින් තොරතුරු අරං පැහැදිලි කරලා දුන්නා.

🤱" සර් ඒක මාරයි නේද ? "
🧑‍⚕️ " ඔව් මේවා තේරුම් ගත්තාම මාර නෑ, ඒකෙ වෙනම ලස්සනක් තියෙන්නේ"

🤱" ඒ මොකක්ද ලස්සන කියන්නෙ ? "
ලෙඩාගෙ විස්තර පැත්තක දාලා අම්මට දැන් ජාන විද්‍යාව කියලා දෙන්න වෙන සීන් එකක් තියෙන්නෙ... 😂
🙋 කොහොම වුණත් දන්න විද්‍යාවක් ජීවිතයට ඈඳා ගන්න, 🏞️ ධර්මතාව එක්ක ගලපාගන්න පුදුම උණක් 🤒 තියෙන මට මේක නොකියා ඉන්න බැරි වුණා....

🧑‍⚕️" මේ බලන්න මේ ඉංග්‍රීසි අකුරු, කීයක් විතර තියෙනවාද ?" කියලා මම 🖥️ පරිගණක තිරය තව පහළට ඇද්දා..
🤱" මගෙ අම්මේ සර්, එතන කොච්චර තියෙනවාද ?"
🧑‍⚕️" ඔව් මේ ඔයාට පෙන්වන උදාහරණයට ගත්ත ජානයෙ එහෙම අකුරු 25,000ක් විතර තියෙනවා...."

😱 අම්මගෙ ඇස් දෙක උඩ...
🧑‍⚕️" සමහර ජාන වල 828, 1628, එකොළොස් දහස, හැටහත්දහස, ලක්ෂ එක හමාර දෙක වගේ වෙනස් වෙනවා... හැබැයි දැනට දන්න විශාලතම ජානයෙ එහෙම ඉංග්‍රීසි අකුරු මිලියන 2.2ක් විතර තියෙනවා..."
🤱" දෙයි හාමුදුරුවනේ..."😱

🔮අදහාගන්න, විශ්වාස කරන්න අමාරු දෙයක් ඇහුවාම, දැක්කම ශ්‍රී ලාංකේය ජන මනස ඔය වචන කීපය නිරායාසයෙන් එළියට දාන්න සකස් වෙලා තියෙන්නෙ....🤗

🧑‍⚕️" ලස්සන මොකක්ද දන්නවද ? "
අම්මා අවධානයෙන්...
🧑‍⚕️" මේ ජාන පනස්දාහම, ඔය ඉංග්‍රීසි අකුරු හැම එකක්ම නිවැරදිව පිළිවෙලට තියෙන්න ඕන...."
🧑‍⚕️" ඔය මිලියන ගණන් තියෙන අකුරු එකක් විතරක්..." කියලා මම නවත්තලා අම්මාගෙ මූණ බලාගෙන නැවත අවධාරණය කළේ..
🧑‍⚕️"එකම එකක් විතරක් වෙනස් වුණත් හිතාගන්න බැරි අසනීප හැදෙනවා..."

🧑‍⚕️"හොඳම ලස්සනම කොටස.... තවම කීවෙ නෑ..."
🤱" සර්රුත් මාරයි.... "
මේ අම්මා හිනා වෙවී කියනවා...

🤗 මං ළඟට එද්දි නම් මූණ දෙහි ලෙල්ලක් තරමට ☹️ බෙරි කරගෙන ඇඬිලා ආව උන්දෑ... දැන් මට සමච්චලේට හිනා වෙනවා....😂
🤗 මට සතුටක් දැනුණා....මාස හතරක් තිස්සෙ හිනාවක් නොනැගුණු මුවකට හිනාවක් ගෙනෙන්නට හැකි වුණා.... 🤗ඒ කතාව අම්මා කීවේ පස්සෙ...

මාරයි කීව කතාව මොකක්ද ඇහුවාම...
🤱" මෙච්චර කාලෙකට මෙහෙම විස්තර කරලා, අහගෙන ඉන්න හිතෙන විදියට කවුරුවත් කියලා දීලා නෑ සර්...." බැලුවාම මේ මනුස්සයා හිනා වෙලා තියෙන්නෙ සමච්චලේට නෙවෙයි...🤷
🧑‍⚕️" නෑ අම්මා... තව ඕන තරම් එහෙම ඩොක්ටලා ඉන්නවා, ඔයාට මුණගැහිලා නෑ.."
🧑‍⚕️"ඒකයි ඔයාට එහෙම හිතෙන්නෙ.."

🧑‍⚕️"ආපහු අපේ කතාවට යමුකො...මේ අම්මත් වෙන වෙන කතා කියනවානෙ" කියලා මම හිනාවුණා....😂
🧑‍⚕️"ඕක තමයි ඉස්කෝලෙ යන කාලෙ කරන්න ඇත්තෙ...."
😱අම්මයි තාත්තයි මං දිහා ඇස් ලොකු කරගෙන බැලුවා...
🧑‍⚕️" නෑ මං කීවෙ.... සර්ලා ටීචලා පාඩම් කියලා දෙනකොට, වෙන වෙන ඒවා... සර් මාරයි, ටීච මාරයි කියලා හිත හිත ඉන්න ඇති...." 😂
දැන් ජාන සායන කාමරය හිනා ගොඩක්...
😂😂😂😂😂😂

🧑‍⚕️"ආපහු පාඩමට...." මම කීවා
🧑‍⚕️" ඒක හරියටම දැන ගත්තාම... දරුවාට

01. ප්‍රතිකාර කරන්න ඕන මොනවාද?
⚪ පෙතිද, 💊 කරල්ද, 🍲 කෑමද,🍵 බීමද ?
💉ඉන්ජෙක්ෂන්ද ?
02. ප්‍රතිකාර කරන්නෙ කොහොමද?
හැමදාමද, සතියට වතාවක්ද ?

03. සායනවලට යන්න ඕන මාසෙන් මාසෙටද නැතිනම්....

04. අනිත් බබාට බලපානවාද ?

05. පවුලෙ ඥාති වෙන අයට දැනගන්න පුළුවන් මොනවද ?

🤗 ඔහොම දිග විස්තරයක් කියනකොට...
අහගෙන හිටිය දෙන්නා.... පිටත් වෙලා ගියෙ

01. ඇස්වල බලාපොරොත්තු දල්වාගෙන. 😍
කිසිදු හසරක් නැතිව 😌 ඉන්නකොට ඈතින් ආලෝකයක් පෙනෙනවා වගේ දැනුණ සතුටට...🤗

02. ආපහු එන පොරොන්දුව පිට...🙋
ඒ ලේ පරීක්ෂණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරගෙන. ඔව් ඒවා කලබලේ කරන්න ඕන නෑ. සැලසුම් කරගෙන, කරන්න ඕන කාගෙද කියලා හරියටම නිර්ණය කරගෙන...හෙමීට ලෑස්ති කරගන්න පුළුවන්.🤷
( සමහර අවස්ථාවලදී ඉක්මන් කරන්න වෙනවා. ඒක එක් එක් අවස්ථාවේදි යෙදෙන විදිහ අනුව) 🤔

03. මා වෙත යොමු කළ මගෙ ආචාර්ය ගුරුතුමාටත් ස්තූතිවන්ත වෙමින්, මටත් ස්තූති කරමින්...💞

🙋ඒ තමයි ශ්‍රී ලංකාවෙ අනන්‍යතාව.🤗 කෘතඥතාව, ස්තූතිවන්ත වීම, කෙළෙහි ගුණ ඇගයීම. මේවා නෑ කිය කිය බුකියෙ රඟන බහුතරයක් ඇත්තටම එහෙම නැති උං තමයි... 🤷 ඒත් මහපොළොවෙ යථාර්ථය බුකියට වඩා වෙනස්....💞

💞 සහකම්පනය නිරන්තර පිළිබිඹු කෙරෙන, 🇱🇰 මගේ රටේ වෛද්‍ය ප්‍රතිකාර සේවයෙ,
🙋 ඔය ලක්ෂණ ඇති පදං තියෙනවා... 🤔ගැටළුව තියෙන්නෙ ඒ යථාර්ථය ලියන්න ✍️දොස්තරලාට වෙලාවක් නෑ. ✊සහ පුරසාරම් දොඩන්න උංට අවශ්‍ය නෑ.
🤜🤛හැබැයි සමාජ මාධ්‍යවල පැතිරෙන අවලස්සන වහන්න නම් 😍 ලස්සන පතුරවන්න ඕනෙමයි.

🗓️ දින ගණනාවක් තිස්සෙ ලියපු මේ ලියමන එහෙම අරමුණු කරගත් එකක්.....😍

🧬 ජාන පරීක්ෂණයෙන් හඳුනාගත්තේ අර දරුවාගෙ ඇඟේ (රුධිරයෙ) තියෙන රසායනික සංයුතියෙ ගැටළුවක්.
✊ ඉතිං වාසනාවට ඒ වෙනුවෙන් නිශ්චිත ප්‍රතිකාරයක් තියෙනවා.

🤗 ඒ බෙහෙත් පටන් ගත්තා. සුවවීම ටිකක් කල් බලන්න ඕන, දීපු ගමන් තිබුණ ප්‍රශ්න ඔක්කොම එකපාරටම නිවැරදි වෙන්නෙ නෑ... නමුත්, ඒ නිශ්චිත තත්ත්වය නිසාම, ලැබුණු පහසුව වෙනම ලිපියක් ලියන්න තරම්....😍

🇱🇰 අපේ රටේ ජාන වෛද්‍ය ප්‍රතිකාර සේවය පටන් ගත්තෙ මෑතක තමයි. නමුත්
🌐ලෝකයෙ පවතින ඉතාම නිවැරදි සහ සම්පූර්ණ ජාන වෛද්‍ය සේවයක් දෙන්න පුළුවන්. හැම අංශයකම සීමාවන්, අඩුපාඩු තියෙනවා, නමුත් නැති දේ ගැන වද නොවී, තියෙන දේ පරිහරණය කරන එක තමයි වඩාත් සුදුසු.

🧬 ජාන පරීක්ෂණයක් කරන්නෙ එක පාරයි. 🙋 ඒක මතක් කරගෙන, කළයුතු පරීක්ෂණය නිර්ණය කරන්න ජාන වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුම, අත්දැකීම් සහ පුහුණුව සහිත වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න... 😍😍😍😍

සහකම්පනයෙන් යුතු,කියැවූ ඔබට ස්තූතියි
කවදාහරි වැදගත් වේවි...
කාටහරි වැදගත් වේවි....

✍️ ජාන වෛද්‍ය විශේෂඥ
🧑‍⚕️ වෛද්‍ය තුෂාර ප්‍රියවංශ

🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔සංජානන ආබාධ වලට කැප කළ ජීවිත..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤔 මොකක්ද ඒ සංජානන ආබාධ... උපත් ආබාධ කියලත් කියනවා. 😊 හැබැයි ...
07/03/2026

🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔
සංජානන ආබාධ වලට කැප කළ ජීවිත..
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

🤔 මොකක්ද ඒ සංජානන ආබාධ... උපත් ආබාධ කියලත් කියනවා. 😊 හැබැයි සංජානන ආබාධ කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අර්ථ දක්වන්නේ....
"ගර්භාෂයෙදි ඇතිවන ව්‍යුහාත්මක හෝ ක්‍රියාත්මක තත්වයෙ ගැටළු" කියලා. ඒ කියන්නෙ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වෙලා පළමුවැනිවම ඇතිවන සෛලය අවස්ථාවෙ ප්‍රතිස්ථාපනයවන ගැටළු.

🤗 ඉතිං ඔය ගැන දැනුවත් වීමේ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau) නිවේදනය කළේ මාර්තු 02 වැනිදා ඉඳන් 08 වෙනිදා දක්වාම.

🤗 ඒ "ලෝක සංජානන ආබාධ පිළිබඳ දිනය" (World Birth Defect Day) මාරුතු 03 වෙනිදාට මුළු ලෝකයම අවධානය යොමුකරන දවස සමග සමපාත කරලා.

🤗 මේ කියන ආබාධ ගැන, මේ වනවිට ලෝකයේ අධ්‍යයනයන් රාශියක් කෙරෙමින් පවතිනවා. මුල්ම කාරණය තමයි, උපදින දරුවෙකුට ආබාධයක් සහිත වීම, දෙමාපියන්ට, පවුලකට වගේම පොදුවෙ සමාජයක් විදිහට සැලකුවත්, සමාජීය සහ ආර්ථික ගැටළුවක්. 😔

🤗දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුනාගෙන තියෙන විදිහට සංජානන ආබාධ වලින් 50%ක්ම තවම අභිරහසක්. එහෙම වෙන හේතුවක් දන්නෙ නෑ. 🧐

🟣 5% ක් විතර තමයි අපේ පෝෂණ ඌණතා නිසා සිදුවන සංජානන ආබාධ තියෙන්නෙ. ඉතින් ඒකට තමයි ෆෝලික් ඇසිඩ් 🥗(Folic Acid) ගැන, 🧂අයඩින් ගැන (Iodine) , 💪යකඩ ගැන (Iron) අවධානය දෙන්නේ.

🫄තව 5%ක් විතර ගර්භනී සමයේ විෂබීජ 🦠 ආසාදන නිසා, කළලයට ඇතිවන බලපෑමෙන්, සංජානන ආබාධ ඇතිවෙනවා. රුබෙල්ලා (Rubella) එන්නත් 💉 කරන්නෙත් අන්න ඒ වගේ ආබාධ වළක්වන්න.

🖐️ ඔයාලා දන්නවද ? මේ වෙනකොට ජාතික ප්‍රතිශක්තිකරන වැඩපිළිවෙළ නිසාම, අපේ රටේ වර්තමාන 🧑‍⚕️ වෛද්‍යවරු බොහොමයක් දෙනාටම පෝලියෝ, ගලපටලය ආසාදිත රෝගීන් දකින්නවත් ලැබෙන්නේ නෑ. 🤷ඒවා තුරන් වෙලා තියෙන්නේ. ඒක බොහොම සතුටට කාරණයක්. 🙋

🤗 සංජානන ආබාධවලින් 10%කට වැඩියෙන් ඇති කරනවා 🚬 දුම්වැටි සහ 🍻 මධ්‍යසාර ආශ්‍රිත පුරුදුවලින්. දිගු කාලීනව වැඩිහිටියන්ට ඇතිවන 🤕අක්මාව සහ 🫁 පෙනහළු ආශ්‍රිත රෝග, 🫀හෘදයාබාධ හැරුනාම, මව් කුසේ 🫄 ඉන්න දරුවට 🧬ජාන විකෘතිතා ඇතිවීම පවා, මේ පුරුදු නිසා වැඩි වෙනවා. 📈

🤗 මීට අමතරව 30%ක්ම 🧬 ජානමය වශයෙන් පවතින ව්‍යාකුලතා නිසා ඇතිවන බවත් හඳුනාගෙන තියෙනවා. වැඩි වැඩියෙන් ජාන අධ්‍යයනයට නැඹුරුව වැඩි වීම නිසා මේ තත්වය ඉතා ශීග්‍රයෙන් වෙනස්වෙලා හඳුනා නොගත් ප්‍රතිශතය අඩුවෙමින් පවතිනවා. 📉

🎭 මඳ සරු භාවය, සාඵල්‍යතාවය, නැතිනම් දරුවන් ගැබ්ගැනීමේ අපහසුතා ඇති අය අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් සමතුලිත විතැන්වීම් (Balance translocations), නම් වූ ජාන ව්‍යාකූලතා නිසා සිදුවන බව පෙනෙන්නට තියෙනවා.🙋 නියම සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන්න බැරි වෙන්නේ පුළුල් මට්ටමේ පර්යේෂණ කිරිලා නැති නිසා. හුදෙකලා සිද්ධිමය වශයෙන් වුනත් සෑහෙන දෙනෙක් අනාවරණය කරගෙන තියෙනවා.

🤗 අනිත් කාරණය තමයි, නැවත නැවත සිදුවෙන ගබ්සාවීම්, ( Recurrent Pregnancy Loss), වලට හේතුවක් විදිහටත් ජානමය අසමතුලිතතාවයන් හඳුනාගෙන තියෙනවා. සංජානන ආබාධ වළක්වා ගන්නට, යුවළකගෙ ජාන අසමතුලිතතාවන් පවතිනවාද යන්න දැන ගැනීම වැදගත් වන්නෙ මේ නිසායි.

🙋 සංජානන ආබාධ සහිත දරුවෙක් නිවැරදි රෝග විනිශ්චය ලබා ගත්තහම වෛද්‍යවරුනට පහසු වෙනවා ඒ දරුවාගේ ජීවන දර්ශකය ඉහළ නංවන්න. එයින් දෙමාපියන්ටත් පවුලේ අනිත් දරුවන්ටත් පොදුවේ සමාජයටත් රටක් විදිහටත් ඉතාම ප්‍රයෝජනවත් වෙනවා.

🙋 දිගු කාලීනව මෙවන් සංජානන ආබාධ තියෙන කෙනෙක් ජීවත්වීම ඉතාම ත් වෙහෙසකර කාර්යයක්. 🤱විශේෂයෙන්ම දෙමව්පියන්ට. ඊට අමතරව පවුලේ සිටින අනෙක් දරුවන්ට. අපිට හැකිය නම් ඒ වෙහෙසට යම් රුකුලක් දීමෙන් ඒ අයගේ ජීවිත පහසු කරවන්නට, ඒක තමයි මේ දැනුම පුළුල් කිරීමේ වැඩසටහනේ අරමුණ.

🤗 පේරාදෙණිය, සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ අධ්‍යක්ෂතුමාගේ පූර්ණ අනුමැතියෙන්, ඊයේ දවසේ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා.

🤗 ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) ට අනුබද්ධ, සංජානන ආබාධ පිළිබඳ විද්වත් කමිටුව ( Exper Committee of Birth Defects) මේ සතිය තුළ වැඩසටහන් කීපයක් සූදානම් කරලා තිබුණා. මහනුවර වැඩසටහන සංවිධානය කරන්නට සම්පත් දායකත්වයෙන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රභාත් මහතා ඉතාම උනන්දුවෙන් මට සහයෝගය දුන්නා.

🧑‍⚕️ජ්‍යෙෂ්ඨ මාතෘ හා නාරි ප්‍රසව වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නවාස්, ජ්‍යෙෂ්ඨ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කැකුලාවල, ඇතුළු මා හිතවත් විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක් මේ වැඩසටහනට සහභාගි වුණා.

🤗 සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලෙන්, පේරාදෙනිය ශික්ෂණ රෝහලෙන්, මහනුවර ජාතික රෝහලෙන්, මාතලේ දිස්ත්‍රික් මහ රෝහලෙන්, ගම්පොළ මූලික රෝහලෙන්, මේ වැඩසටහනට වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් සමඟ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මහත්මීන්, බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී වීම සතුටට කාරණයක්. 😊

🙋 අලුත් දැනුම ග්‍රහණය කරගෙන, එයින් රෝගී සත්කාරය වඩා ශක්තිමත් කිරීමට, ඒ ඔස්සේ නිරෝගිමත් දරු පරපුරක් බිහිකිරීම සඳහා මේ වැඩසටහන වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාට, මාගේ සතුට සහ ස්තූතිය පුදකළා.

🤗 ඉතාමත්ම ආකර්ෂණීය වූ, සාකච්ඡා, ගැටලු නිරාකරණය කරගැනීම සහ අදහස් හුවමාරු කර ගැනීම් වලින් සුපෝෂිත වූ මේ වැඩසටහන අවසානයේ හරිම ආශ්වාදජනක හැඟීමකින් සිත පිරී ගිය බව හැමෝගෙම මුහුණුවලින් පෙණුනා. 😍

වෛද්‍ය නවාස්, අපේ ජ්‍යෙෂ්ඨ ඇදුරුතුමන්, මෙතැනදී හරි අපූරු කතාවක් කීවා.
ඒ තමයි... "තුෂාර මේ ඔයා කළේ, මෙතනට ආපු අය කළේ, එයාලගේ ජීවිතය කැප කළා. මේක සංවිධානය කරන්නට මේ සඳහා සහභාගී වන්නට තමන්ගේ ජීවිතයෙන් ම පැය ගණනක් වෙන්කරපු හැමෝටම වෙන වැඩක් කරන්න තිබ්බ වෙලාව තමන්ගේ පෞද්ගලික වැඩකට යොදන්න තිබ්බ වෙලාව තමයි මේ රාජකාරිය වඩාත් කාර්යක්ෂමව ඵලදායීව සිදු කරන්නට ආයෝජනය කළේ. හැබැයි ඒ කාලය නැවත ගන්නත් බැහැ. ඒ නිසයි මම කියන්නේ ඒක ඔවුන්ගේ ජීවිතයෙන් වෙන් කළ කාලයක්."

😍 සර්ගේ වචන අප තුළ ඇති කළ ධෛර්යය මෙතෙකැයි කියන්නට බැහැ. හැමදාමත් යහපත් ආකල්ප, සංකල්ප, තමා ඇසුරේ ඉන්නා අය අතර බෙදා හදා ගැනීම එතුමාගේ ස්වභාවය. 🤗

🙋 සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ, 🧬 ජාන රෝග පිළිබඳ සායනය පිහිටුවන්නටත්, ජාන පිළිබඳව 🔬පරීක්ෂණ පැවැත්වීම සඳහා අපහසුකම් සලසන්නටත්, අදාළ පරීක්‍ෂණ ආයතන හා සම්බන්ධීකරණය කරන්නට අවශ්‍ය විවිධ පහසුකම් සලසන්නටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී 🧪රුධිර සාම්පල සුරක්ෂිතව ගබඩා කර ගන්නටත් පහසුකම් සැලසූ, ඒ පිළිබඳව 🧑‍💼පරිපාලනමය වගකීම සහ වගවීම දැරූ සහ දරන, රෝහල් අධ්‍යක්ෂකතුමන්ට ඔහු අභිමුවෙහි තබාගෙන ප්‍රශංසා කරන්නට මා කටයුතු කළේ, අප එසේ කළ යුතුම නිසා.

😍 කෙනෙක්ව ප්‍රශංසා කරන්නට, විශේෂයෙන්ම අභිමුවෙහි තබාගෙන ප්‍රශංසා කරන්නට කටයුතු කිරීම ඉතාම වැදගත් වන්නේ, නැති තැන ප්‍රශංසා කිරීමට වඩා, ප්‍රශංසාව ලබන්නා තුළ එයින් අභිමානයක්, ගෞරවයක් සහ තෘප්තියක් ඇතිකරන නිසාවෙන්මයි. 😍

🤗 බොහොමයක් අරමුණු, ඒ හැම අරමුණක්ම යහපත් වූ නිසාමත්, හිතුවාටත් වඩා සාර්ථකව සපුරා ගන්නට හැකිවීමත් නිසාම තෘප්තිමත් කාර්යබහුල වූ සතියක් නිමාකර, සතුටින් සිටින මම....
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
දරුවන්ට ආදරය කරමු...
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙පෙනෙන පාට එක්ක ඇත්ත පාට 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜👼 "අම්මෙ...."🤱 " ම්...." 👼 "ටීචර් හෙට ලියුමක් ගේන්න කීවා..."🤱 " ඒ මොකට...
28/02/2026

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
පෙනෙන පාට එක්ක ඇත්ත පාට
💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

👼 "අම්මෙ...."
🤱 " ම්...."

👼 "ටීචර් හෙට ලියුමක් ගේන්න කීවා..."
🤱 " ඒ මොකටද ? "

👼 " ලබන මාසෙ ට්‍රිප් එකට යන්න කැමතියි කියලා"
🤱..........

🤔 දැන් මොකද වෙන්නෙ.... මේ සාකච්ඡාවට

🙅 ඔයාලා කරනදේ අහන්න නෙවෙයි....

👼 දරුවෙක් තුළ සංකල්පයක් ගොඩනගන්න අවස්ථාව හදන්නෙ කොහොමද ? 🤔

🤱 " හරි පුතේ මට ඒ ගැන ටිකක් හිතන්න ඕන...."
🤔ඇයි එහෙම කියන්නේ....
😊අපි ළඟ දරුවාගෙ ප්‍රශ්නයට පිළිතුර අතේ 🫴 තිබුණත්, දරුවාට දැනෙන්න ඕන,💝 දෙමව්පියො තීරණ ගන්නෙ හිතලා බලලා කියලා.🙋 ඇත්තටම එහෙම තීරණය කරමු. එතකොට වඩා සුදුසු තීරණය එළියට එනවා. 💘

🙋 තව පුළුවන්...
🤱" පුතේ තාත්තා (අප්පච්චි) ආවහම, කතා කරලා ඔයාට කියන්නම්..." එහෙමත් කියන්න පුළුවන්.🫴

🤗 ඒ වගේම තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවාම, එයත් එක්ක මේ ගැන කතා කරලා දරුවාට තීරණය දැනුම් දෙන්න. 💝

🙋 එතකොට දරුවා ඉගෙන ගන්නවා තව වැදගත් කාරණයක්. 🫴ඒ තමයි පවුල් සංස්ථාවෙ, 💁 තීරණ ගන්නෙ දෙන්නම, ඒ කියන්නේ අම්මා තාත්තා සාකච්ඡා කරලා, එකතු වෙලා.... බව. 🧏

🙋 මේ කාරණා උපුටා ගත්තෙ ළමා මානසික සංවර්ධනය ගැන සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේදි පැවැත්වුණ, දේශනයක් ඇසුරින්. ප්‍රවීණ, පරිණත 🧑‍⚕️ළමා රෝග විශේෂඥ වෛද්‍ය නිලාම් සර්ගෙ දේශනයක්....

විවිධ අය ළඟ විවිධ පාට තියෙනවා...

🩷 ඒ පාට පෙන්වන්න කැමති නම් විතරයි පෙන්වන්නෙ...🤗 කවුරුත් එහෙමයි.

💜 "ස්තූතියි කියන්න පුතේ..."
😍 මගෙ සායනයට එන සමහර දරුවන්ට මෙහෙම කියන්න වෙනවා..🤗
ඇයි ඉතිං ... එනවානම් සායනයට 😊
🎈බැලුමක් ලැබෙනවා...
💜 සමහර දරුවො
මොකක් හරි භාෂාවකින් කෘතඥතාව 🥰
නැතිනම් ස්තූතිය.... ප්‍රකාශ කරනවා
💜 "ස්තූතියි"
🩷 "Thank you"
💙 "නන්(ඩ්)රි".. ( දමිළ භාෂාවෙන් නොලීවෙ, මම නොදන්න නිසා නෙවෙයි 🤣 උඹලට දෙමළ භාෂාව තේරෙනවායැ 🤣)

☺️ තමන්ට මොනවා ලැබුණත් "ස්තූතියි" කියන්න තරම් දිව නැමෙන්නෙ කෘතඥතාව හිතේ තියෙන අයගෙ 🥰

🤗 හිනාවෙන්න පුළුවන්, සතුට තියෙන අයට...🥰
🥹අඬන්න පුළුවන් දුක ❤️‍🩹දැනෙන අයට...
😢කඳුළු ගලන්නම ඕනෑ නෑ අඬන්නට...

මිනිස්සු ලෝකයට දෙන්නෙ...
ලෝකයට පෙන්වන්නෙ....
තමන් ළඟ තියෙන දේ...

🥰 දෙතොල නොකී දේ දෙනෙතේ කියවෙනවා...😊
🥰වසන් කරන හිත මුහුණේ ලියැවෙනවා...

🧑‍🎤ඔහොම කීවෙ, ගුණදාස කපුගේ මහත්මයා. කීවාම නෙවෙයි ගීතයක ගායනා කළේ...

☺️ දැන් නම් මුහුණු පොතේ ලියැවෙනවා...
💜 ඔබටත් ඕන දරුවන්ට ලස්සන හෙටක් හදන්න නම්, 💁 සමාජයට බැණ බැණ ඉන්න එපා ... සමාජය කියන්නෙ අපි අපිම තමයි.

💁 අනුන් ගැන චෝදනා කරනකොට,වෙන කෙනෙකුට අනුන් වෙන්නෙ තමන්...🤗

🙋 ඒ ගුණය, හොඳ හෝ නරක මේ හැමදේම දරුවන්ට කාන්දු වෙන්නෙ 🧬ජානවල තැන්පත් වෙලා....

🙋 ඒ නිසානෙ බබෙක් පිළිසිඳගත් දා සිටම, හොඳ දේ කරන්න, අහන්න දකින්න කියන්නෙ. 🤗 එහෙම හැදෙන පරිසරය අනුව මිනිසාගේ 🧬 ජානමය ප්‍රකාශනය වෙනස් වීම, එපිජෙනටික් (Epigenetic) කියලා කියන්නේ.

☸️ සත්තිගුම්භ ජාතකයෙ ගිරා පෝතකයන්
🦜දෙන්නාටත් වුණේ ඔය සන්තෑසියම තමයි... (පෝතකයා = කුඩා ජීවියා, පැටවා)
👼 පුංචි දරුවන්ට ආශ්‍රය කරන්න ලැබෙන කෙනා, දේවල් අනුව තමයි එයාලාගෙ අනාගත භාවිතය තීරණය වෙන්නෙ..💝

🫴 ඔය මුහුණු පොතේ කුණුහරුප 😡 කියන ඈයො ඉන්නවා නේද ? 🤮හිත්වල තියෙන දහජරාව තමයි එළියට එන්නෙ. 😤ඔය ජරාව සමාජයෙන් දැම්මෙ නෑ, 🤗 අනිවාර්යයෙන්ම දෙමව්පියන්ගෙ වගකීම.

🙋 දැන් මේ කියන සංකල්පය සමාජයෙ භාවිත නොවුණාට, 💁ඇත්තටම නම්...
මොකක් හරි සමාජ විරෝධී නැතිනම්, අනෙකෙකුට හානිදායක දෙයක් වුණාම...
🙈"මුගෙ අම්මට...😡"
🙈"මුගෙ අප්පට...😡" කියලා කටින් පිට නොවුණත්, ඒ හිතින් හිතෙනකොට එතනම තියෙනවා ජෛව විද්‍යාත්මක කාරණයක්..

💞 දරුවන්ට ආදරය කරද්දි...💞
🤳 ෆෝන් එක අමතක කරන්න...📵
👼 දරුවාට සම්පූර්ණයෙන් සවන් දෙන්න...💝
😊 පුළුවන් විදිහට තමන් දන්න විදිහට එයාලගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්න...🤱
😊 දන්නෙ නැති ප්‍රශ්නයකට උත්තරය "හොයලා කියන්නම්" කියලා අව්‍යාජ වෙන්න...💜
🙋ඒ වගේම මතක ඇතුව හොයලා උත්තරය කියන්න....🧏

🫴 මෙන්න මේ හැම තැනකදිම, මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා.
🛜 අන්තර්ජාලයෙන් උත්තර හොයද්දි පරිස්සමින්.

🙋 ඔතන තොරතුරු දෙන අය අවංකව ඔබට උදව් කරන්න තරම් ගුණයක් තියෙනවාද බලන්න.

💁 බොහෝ විට අපි දකිනවා තාවකාලිකව අටවා ගත්ත නාලිකා, පේජ් හෝ ගිණුම් හරහා බොරු සමාජගත කරලා හිටපු ගමන් නැති වෙලා යනවා....🤗

😤 අන්තිමට රැවටුණේ තමන් කියලා තේරෙනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

🙅 හොයා බලන්නෙ නැතුව, කල්පනා කරන්නෙ නැතුව ෂෙයා කරන සමහර පෝස්ට් බැලුවාම, ඒවා ගැන 😱 පුදුමයක් සහ 😟 කණගාටුවක් දැනෙන්නෙ.

🫴 ඔය අන්තිම ෆොටෝ එකේ තියෙන්නෙ, ඒ වගේ වැරදි අදහස් ප්‍රකාශ කළ 📵 පේජ් එකක් රිපෝට් කරලා මාස ගණනකට පස්සෙ , ඒ පේජ් එක අයින් කලා කියලා ආව පණිවිඩයක්.🧏 හැබැයි එතකොටත් එයාට වෙන්න ඕන සමාජ හානිය එයා කරලා ඉවරයි...😟 නොවැම්බර් 02 වැනිදා රිපෝට් කළේ, ඊයෙ... පෙබරවාරි 27 තමයි ඇක්ෂන් එක...😟 පරීක්ෂණවල ස්වභාවය එහෙම තමයි....😤
🗓️ මාස හතරක්...
📆 දින 126ක් ....
⏳පැය 3024ක්...
⏱️ විනාඩි 181440ක්....
✍️ වචන, අදහස් කීයක් වෙන්න ඇතිද...

හිතනවාට වඩා කාරණය බරපතළයි නේද 😟

දැනුවත් වෙන්න පරිස්සම් වෙන්න.
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
දරුවන්ට ආදරය කරමු
💜💜💜💜💜💜💜💜💜💜

🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜පියයුරු පිළිකාවලට වැට බැඳිය හැකිද ? 🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕ඊයෙ සිකුරාදා, "මහනුවර වෛද්‍ය සමාජය"( KSM - Kandy Socie...
07/02/2026

🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜🧜
පියයුරු පිළිකාවලට වැට බැඳිය හැකිද ?
🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕🔕
ඊයෙ සිකුරාදා, "මහනුවර වෛද්‍ය සමාජය"
( KSM - Kandy Society of Medicine )
සංවිධානය කළා, වෛද්‍ය ප්‍රජාව දැනුවත් කිරීමේ, යාවත්කාලීන කිරීමේ සම්මන්ත්‍රණයක්. 🧑‍⚕️

🧑‍⚕️ ඉතිං ඒ සම්මන්ත්‍රණයෙදි ජාන විද්‍යාව කොහොම ද මානව සෞඛ්‍ය දර්ශක ( Health Index) ඉහළ නංවන්න යොදාගන්නෙ කියලා සාකච්ඡා කරන්නට මට අවස්ථාව ලැබුණා....
එතැනදි කථා කළ එක මාතෘකාවක් තමයි පියයුරු පිළිකා....🔥

🧑‍⚕️ පියයුරු පිළිකා, කාන්තාවන්ට විතරක්නෙ හැදෙන්නෙ ?
🟣 එහෙම හිතුවාට ඒක වැරදියි. පිරිමින්ටත් පියයුරු පිළිකාව හැදෙනවා, හැබැයි අඩු ප්‍රතිශතයක්... 1%ක් විතර. ඒ අනුව පරම්පරාගත පියයුරු පිළිකා මවගෙන් පමණක් නෙවෙයි පියාගෙනුත් ඊළඟ පරම්පරාවට යන්න පුළුවන්.😱

🧑‍⚕️ හැම පියයුරු පිළිකාවක්ම ජානගත ප්‍රශ්නයක් නිසා ද හැදෙන්නෙ ?
🟣 ඔව් හැම පිළිකාවක්ම, පියයුරු පිළිකා විතරක් නෙවෙයි, හැම පිළිකාවක්ම ඒවා පිහිටි පටකවල, (Tissue) ගුණනය වීමේ, එහෙම නැතිනම් වර්ධනය වීමේ ජානමය පාලනය නැති වෙලා තමයි හැදෙන්නෙ. හැබැයි, හැම පිළිකාවක්ම පරම්පරාගත (Inherited) නෑ...😊

🧑‍⚕️ ජාන පරීක්ෂාවකින් හොයන්න පුළුවන් ද ?
🟣 ඔව් දැනට අදාළ පිළිකා සෛලවල ජාන පරීක්ෂා කරලා ප්‍රතිකාර නිර්ණය කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඊට අමතරව මෙය පරම්පරාගත පිළිකා තත්ත්වයක් ද කියලා බලන්න පුළුවන්. 😊

🧑‍⚕️ ඕනෑම කෙනෙක් පරීක්ෂා කරන්න පුළුවන් ද ?
🟣 තාක්ෂණිකව (Technically) ඔව්, ඕනෑම කෙනෙක් පරීක්ෂා කරන්න පුළුවන්. ඒත් වෛද්‍ය නිර්දේශය නම්, නිසි සායනික පරීක්ෂාවකින් පසුව තමයි ඒ පරීක්ෂණ තීරණය කරන්න ඕන. එතකොට තමයි වඩාත් පැහැදිලි සහ නිරවුල් ප්‍රතිපල ගන්න පුළුවන්.

🧑‍⚕️ ලංකාවෙ පියයුරු පිළිකා සඳහා ජාන පරීක්ෂාව කරනවා ද ?
🟣 ඔව් ලංකාව තුළ ඊට අවශ්‍ය පහසුකම් තියෙනවා.

🧑‍⚕️ පවුලෙ කාටහරි තිබුණොත් අනෙක් ඕනෑම කෙනෙක් පරීක්ෂා කරන්න පුළුවන් ද?
🟣 මේකට පිළිතුරු දෙන්න, ටිකක් දැනුවත් වෙන්න ඕන. 🧬ජානවල හැසිරීම සුවිශේෂයි. ඉන් කීපයක් පහතින් දක්වන්නම්...

✍️ සමහර ජානවලින්, පියයුරු පිළිකාව හැමෝටම හැදෙන්නෙ නෑ. ඒ කියන්නෙ BRCA1 කියන ජානයෙ ප්‍රශ්නයක් නිසා යම් කෙනෙක්ට පියයුරු පිළිකාවක් හැදෙන්න තියෙන ඉඩකඩ 75%ක් වුණාට ATM කියන ජානය නිසා පියයුරු පිළිකා හැදෙන්න තියෙන ඉඩකඩ ඊට වඩා ගොඩක් වැඩියි. මේකට කියන්නේ High penetrance තත්ත්වයක් කියලා.

✍️ සමහර ජානවලින් පියයුරු පිළිකා විතරක් නෙවෙයි වෙන පිළිකා වර්ගයක් හැදෙන්නත් පුළුවන්. පියයුරු පිළිකාවලට අමතරව පහතින් දක්වන ජානවල ප්‍රශ්න නිසා ඊට ඉදිරියෙන් දක්වලා තියෙන වෙනත් පිළිකා හැදෙන්නත් පුළුවන්...

🫖 PALB2 - ඩිම්බකෝෂ, අග්න්‍යාශ පිළිකා

🫖 CDH1 - ආමාශගත පිළිකා

🫖 PTEN - තයිරොයිඩ්, වකුගඩු, එන්ඩොමෙට්‍රියල්, බඩවැල් ආශ්‍රිත පිළිකා

🫖 STK11 - ඩිම්බකෝෂ, අග්න්‍යාශ, ගැබ්ගෙල, බඩවැල්, වෘෂණ කෝෂ ආශ්‍රිත පිළිකා

🟣 මේ අනුව සමහර වෙලාවට පවුලේ කීපදෙනෙක් වෙනස් වෙනස් පිළිකා වර්ගවලට ගොදුරු වෙලා තියෙන්න පුළුවන්. ඒ ඔය ඉහතින් සඳහන් කළ කුමන හෝ 🧬 ජානයක් නිසා වෙන්න පුළුවන්. හරියටම ජානය හොයත්තා නම්, ඒ ජානයෙ ප්‍රශ්නය තියෙන්නෙ පවුලෙ කවුරු කවුරු ළඟ ද කියලා 🔬හොයාගන්න එක හරිම පහසුයි.

🧑‍⚕️ කාගෙ ද මුලින්ම පරීක්ෂා කරන්න ඕනෑ ?
🟣 පළමුවැනි පියවර තමයි, පියයුරු පිළිකාව තියෙන කෙනාගෙන් ඊළඟ පරම්පරාවට යන්න හැකියාවක් තියෙන ජානයක්ද ? ඒ ජානය මොකක්ද ? ඒ ජානයෙ අදාල ප්‍රශ්නගත තත්ත්වය තියෙන විදිහ හොයාගන්න ඕන. 🔮

🟣 ඒකට සම්පූර්ණ සායනික ජාන පරීක්ෂාව (Whole Exome Sequencing) කරන්න ඕන. එතැනින් කුමන ජානයක, කුමන ස්ථානයක් ද ප්‍රශ්නගතවෙලා තියෙන්නෙ කියලා හොයාගන්න පුළුවන්. ඔය හැම කාරණයක්ම එකම එක පරීක්ෂාවකින් තමයි කරන්නෙ.

🟣 කාට වුණත් මේ පරීක්ෂණය කරන්නෙ එක පාරයි, ජීවිත කාලයටම එක පාරයි.

🟣 ඊට පස්සේ පවුලෙ අනිත් ඕනෑම කෙනෙක්ට මේ ප්‍රශ්නගත ජානය පරම්පරාගතව උරුම වෙලා ද කියලා බලන්නත් පුළුවන්, එතැනදි කරන්නෙ සම්පූර්ණ පරීක්ෂාව නෙවෙයි, ඉලක්කගත පරීක්ෂාව 🎯(Target testing).
ඒක කරන්නෙත් එක පාරයි.

🟣 මෙහෙම පරීක්ෂා කරලා තමන් ළඟ ජානගත ප්‍රශ්නය නැතිනම්, සාමාන්‍ය ජීවිතයෙදි, පිළිකා ගැන විශේෂ අවධානයකින් තොරව ගතකරන්න පුළුවන්.

🟣 ඊට අමතරව බැරිවෙලාවත් තමන් තුළ එහෙම විශේෂිත ජානමය ගැටළුවක් තිබුණත්, පහත සඳහන් ප්‍රතිලාභ ලබන්න අවස්ථාව සැලසෙනවා.

🔥 සංකූලතා මතුවන්නට පෙර හඳුනාගැනීමෙන් ඉදිරි අවුරුදු පහක දි ජීවත්වීමේ ප්‍රතිශතය (5Year survival rate) 99% ක් දක්වා ඉහළ නංවන්න පුළුවන්.

🔥 අතිශය සංකීර්ණ ශල්‍යකර්ම හෝ වෙනත් ප්‍රතිකාර ක්‍රමවලට නොගොස්, ඉතාම සරළ පහසු ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් පිළිකාව සුව කළ හැකි වීම.

🔥 තමන්ට අනන්‍ය වූ ක්‍රමවේදයක් ( Personalized screening strategy ) අනුගමනය කරමින් පිළිකාව මතුවීම ගැන, ප්‍රතිකාර කිරීම ගැන සහ සංකූලතා වලක්වා ගැනීම ගැන සැලසුම් සහගත ක්‍රමවේදයක් භාවිතා කළ හැකිවීම.

🔥 පවුලේ සාමාජිකයන් පරීක්ෂා කිරීම (Cascade screening) ඉතාම පහසු වීම.

🔥 පෞද්ගලික ජීවන දර්ශක ඉහළ නංවාගෙන (Quality of Life) සුවපහසු ජීවිතයක් තමන්ටත් පවුලේ සාමාජිකයන්ටත් හිමි වීම...

💪 තව දුරටත් පියයුරු පිළිකා ගැන වද නොවන්න. 🔬 ජාන වෛද්‍ය පරීක්ෂණයක් නිර්දේශ වීමට අවශ්‍ය සුදුසුකම් පවතීනම් ඒ ගැන අවධානය යොමු කරන්න. (තව කෙනෙකුගේ දැණුම සහ නිරෝගී බව පිණිස share කරන්න...)

නිරෝගී ජීවිතයක් උදෙසා...
💝💝💝💝💝💝💝💝💝💝💝

🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️දරුවා ඇඟිලිවලින් ඇවිදිනවාද? 🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🕵️" ෂර්ලොක්" දොස්තර වොට්සන් කතා කළේ පුටුවට හාන්සිවෙන ...
01/02/2026

🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️🕵️
දරුවා ඇඟිලිවලින් ඇවිදිනවාද?
🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶🚶

🕵️" ෂර්ලොක්" දොස්තර වොට්සන් කතා කළේ පුටුවට හාන්සිවෙන ගමන්..
"ඔයා කොහොමද මෙහෙම කියන්නේ ? " එක එල්ලේ, හෝම්ස්ගෙ ඇස් දිහා බලාගෙන🧑‍⚕️ දොස්තර වොට්සන් ඇහුවා.
"මෙහෙමයි වොට්සන් අපි හැමෝම දකිනවා"
වොට්සන් අවධානයෙන් 🙍
" නමුත් හැමෝම බලන්නේ නෑ "

💁මට ෂර්ලොක් හෝම්ස් කතාපෙළක් තියෙන පොතක් අහු වුණොත්.... ඉවරයක් නෑ.. 📕පොතම කියවලා ඉවර කරලා තමයි තියන්නේ. මේ ඊයේ පෙරේදත්, කලින් කියවලා තිබුණ පොතක් අතට අරගෙන ඒ රසය ඒ විදිහටම විඳිනවා. 📔

🙋හැබැයි මුලින් කියපු පාඨය මම නිතරම කියනවා, විශේෂයෙන්ම ඇසුරු කරන බොහෝ දෙනා එක්ක. 🕵️හෝම්ස් කියන ඒ පාඨය වැදගත් වුණු කතාවක් ඊයේ සිදුවුණා.

🧑‍⚕️ "ඔයාට මේ බබාගේ මේ වෙනස දැනුණේ වයස කීයෙදිද ?"
🧕"ඊයේ පෙරේදා වෙනකන් හොඳට හිටියා සර්..."

මේ කතාබහ සාමාන්‍යයෙන් ඕනම මවක් පියෙක් කියනවා.🍃 සමහර පුංචි වෙනස්කම් දෙමව්පියන්ගෙ දෑසට නොපෙනී, මනසට නොදැනී සාමාන්‍යකරණය වෙන්නෙ හරිම වේගයෙන්.🪺

🧑‍⚕️"දැන් වයස කීයද ?"
🧕" අටයි සර්"

🧑‍⚕️"හොඳට හිටියා කියන්නේ කොහොමද ? බබාට දුවන්න පුළුවන්ද ?"
🧕"දුවන්න නම් බෑ සර් වැටෙනව "
මගෙ ඉණට අත්දෙක...🤷

🧑‍⚕️" එහෙම වැටෙන්න ගත්තේ වයස කීයෙදිද ?"
🧕 " දැන් අවුරුද්දක් විතර"

🧑‍⚕️" කලින් ඇවිදිනකොට ප්‍රශ්නයක් තිබුණෙම නැතිද ?"
🧕" මේ වෙනකං සර් හොඳට ඇවිද්දා "

🙆සමහර අම්මලාගෙ, කටින් උත්තරයක් හරියට ගන්න නම්, පොළවෙ පස් කන්න වෙනවා මට...😂

🧑‍⚕️" සමතලා පොළොවක ඇවිදින්න අමාරුයි කියන්නේ නැද්ද ? පාරේ, පිට්ටනියක ඇවිදිනකොට එහෙම "
🧕"සර් ඉස්කෝලෙ දාපුදා ඉඳන්ම යනකොට ඇවිදින්න අමාරුයි කියලා මම වඩාගෙන යන්නෙ "

🧑‍⚕️"පඩිපේළි නගින්න පුළුවන්ද ?"
🧕" මගක් නැගලා කකුල් දෙක අල්ලගෙන නවතිනවා සර්, ඉතිං වඩාගෙන යනවා "

🧑‍⚕️" ඒ කොයි කාලේ ඉඳන්ද ?"
🧕" දැන් අවුරුදු තුනක් හතරක් විතර"

🧑‍⚕️" පෙර පාසල් යන කාලෙත් එහෙමද ?"
🧕" ඔව් සර්, යන්න කම්මැලිකමට කියලා මං හිතුවෙ ?"

🧑‍⚕️" එතකොට ළමයි එක්ක සෙල්ලම් කළාද ? ඉණිමගේ නගින්න, ටයර් උඩ නගින්න, යකඩ රාමුවේ නගින්න එහෙම ? "
🧕 " නෑ සර් අනිත් ළමයි වගේ මෙයාට නඟින්න බෑ කියනවා. ටීචත් මොකුත් කියන්නෙ නෑ, නිකා ඉන්න අරිනවා "

🧑‍⚕️"දැන් දැන් එයාට ඇවිදින්න අමාරුව වැඩිද ? "
🧕" ඔව් එයා දැන් ඇඟිලිවලින් ඇවිදින්නේ. "

🙋මේ කියන විදිහට ගැටලුව මතුවෙලා තියෙන්නේ වයස 👲අවුරුදු හතරෙදි විතර.

🙋මේක විශේෂ ජානමය තත්ත්වයක් මාංශ පේශි💪 සම්බන්ධව. හැබැයි මං ළඟට එනකොට දරුවාගේ අත පය🦵 හිරවෙලා. ඒවා සම්පූර්ණයෙන් දිග අරින්න බෑ. අපි වෛද්‍ය විද්‍යාත්මකව contractures කියලා කියන්නේ. මේක සංකූලතාවක්,😳 complication. ඒක නිසා කලවය කියන කොටසෙ මාංශ පේශි ලිහිල්. වෙන්නෙ නෑ. ඒ නිසා විලුඹ බිම තියන්න බෑ.

🙇 ඔය මට්ටමට සංකූලතාවක් දක්වා වර්ධනය වුණා කියන්නෙම, 🙆ප්‍රතිකාරවලදී ගොඩක් අමාරු තැනකට ඇවිත්. කරන්නට පුළුවන් ගොඩක් දේවල් සීමාවෙනවා. 😰

🙋 ඉතිං මොකක්ද කරන්න ඕන...
දරුවන්ගේ පුංචි වෙනසක් පවා සංවේදනය කරන්න දෙමව්පියෝ🤱 දක්ෂ වෙන්නම ඕනේ. නැතිනම් ප්‍රශ්නය වෙන්නේ මුළු පවුලටම.

🧬 ජානමය ගැටලු සහගත තත්ත්වයක් කලින් හඳුනා ගත්තහම තියෙන වාසි ගොඩක් තියෙනවා

🔴 ප්‍රශ්නය මතුවෙලා තියෙන කෙනාට මූලික ප්‍රතිකාර පටන් ගන්න ඕනි. සංකූලතා ඇතිවෙන්න කලින්. 🤗එතකොට හැමදේම පහසු වෙනවා. දරුවටත් පහසුයි, පවුලේ අයටත් පහසුයි

👉 මූලික ප්‍රතිකාර බොහොමයක් හරිම සරලයි. ප්‍රතිකාරය විදිහට විතරක් නෙවෙයි, වියදම අතිනුත් පහසුයි.

🔴 ගෙදර අයට, විශේෂයෙන් දෙමව්පියන්ට, තමන්ගෙ දරුවාට ප්‍රතිකාර කරද්දී මහන්සි වෙන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුවෙනවා.🌷 මුල් කාලයේදීම රෝගය හඳුනාගෙන පටන් ගත්තහම ප්‍රතිකාර වල ප්‍රථිඵලය ඉතාම හොඳයි. 🎊

🔴 අනිත් එක, රෝගය හඳුනාගෙන ඒක අලුතෙන්ම ආව ජාන ප්‍රශ්නයක්ද කියලා දැනගන්න එකත් වටිනවා. 🐣අලුතින්ම ආව ජාන ප්‍රශ්නයක් කියන්නේ, දෙමව්පියන්ගෙන් ජානය ආවාට, ඒ ජානයේ තියෙන ගැටලුව ඇවිත් තියෙන්නේ දෙමව්පියන්ගෙන් නෙවෙයි.🧑‍🍼 ඒ පවුල ගත්තහම මුල්ම වතාවට, ඒ ප්‍රශ්නය මේ දරුවා තුළ පිහිටලා තියෙනවා කියන එක.

🔴 එතනදි ගැටළුව තියෙන දරුවා මේ දෙමාපියන්ගේ පළමුවැනි දරුවා කියලා හිතමු.🙋 එහෙම නම් ඊළඟ දරුවා බිහිකිරීමේදී මේ ප්‍රශ්නය කොහොමද බලපාන්නේ කියන එක හොයලා බලන්න පුළුවන්. 🫄නැවතත් ඒ වගේ දරුවෙක් නොලැබෙන්න අනුගමනය කරන්න ඕනේ ක්‍රමවේදය ලෑස්ති කරගන්න පුළුවන් කල් ඇතුව.🕴️

🔴 එක දරුවෙකුට ප්‍රශ්නයක් ආවහම, විශේෂයෙන්ම ජාන 🧬ප්‍රශ්නයක් ආවහම දෙමව්පියන්ගෙ හිතට බයක් එනවා. ඒ ප්‍රශ්නය තියෙන දරුවා ගැන විතරක් නෙවෙයි. 🙍තමන්ට මීට කලින් ලැබුණ දරුවන් ගැනත්, ලැබෙන්නට ඉන්න දරුවන් ගැනත්.

🔴 ඉතිං දෙමව්පියන් විසින් දරුවන්ට ආදරය දක්වනවා කියලා,😍 හැම දෙයක්ම කරලා දෙන්න ගියාම, සමහර වෙලාවට දරුවාගෙ තියෙන දුර්වලතා, 🥹අඩුපාඩු මගහැරී යන්න පුළුවන්. එතකොට ප්‍රශ්නය සංකූලතා ඇතිවෙලා, 😤ප්‍රතිකාර කරන්න බැරි ගානට ආවොත් හරිම කරදරයක් තමයි වෙන්නෙ.

😍දරුවන්ට ආදරය කරමු, ඒ වගේම දකිනවාට වඩා බලන්න පුරුදු වෙමු.
සෞඛ්‍යමත් දරු පරපුරක් උදෙසා
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

සුබ උදෑසනක් වේවා 💝 "සති අග අරුණ" බලන්න...සිංහල වචන අපූරුවට හසුරුවන පුවත් පත් කලාවේදියා Waruna Abesekara ස්තූතියි ඔබට...🙏...
11/01/2026

සුබ උදෑසනක් වේවා 💝

"සති අග අරුණ" බලන්න...
සිංහල වචන අපූරුවට හසුරුවන පුවත් පත් කලාවේදියා
Waruna Abesekara ස්තූතියි ඔබට...
🙏💝🙏💝💝💝

🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄අපූර්වතම යාළුවෝ🥳🥳🥳🥳🥳🥳🥳🥳"මල්ලි ඔයා මේකට එන්නම ඕන..."😱"අයියෙ එතන මොකක්ද මගෙන් කෙරෙන්නේ ?"🤔"මල්ලි.....
04/01/2026

🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄
අපූර්වතම යාළුවෝ
🥳🥳🥳🥳🥳🥳🥳🥳
"මල්ලි ඔයා මේකට එන්නම ඕන..."😱
"අයියෙ එතන මොකක්ද මගෙන් කෙරෙන්නේ ?"🤔
"මල්ලි......."
☎️ඔහොම දිගට ඇමතුම් කීපයක්ම...
මම පොඩි කාලෙ දකින්න ලැබුණ හිනාව ...
🤗 ඇත්තටම ඒ හිනාව එදා වගේම අදත්...

🧑‍⚕️ඩොක්ට හේමචන්ද්‍ර....
පොලොන්නරුව, ජයන්තිපුර හන්දියෙ තිබුණා 🏥ඩිස්පෙන්සරි එකක්... අපිට අසනීප වුණාම 🤧බෙහෙත් ගන්න යන්නෙ... නැතුව ඉතිං සනීපයි කියන්න දොස්තර හමුවෙන්න යන්නෙ කවුද නේද 🤣? (එහෙම පුංචි පැංචියන්💃 දෙදෙතුන්දෙනෙක් මට නම් ඉන්නවා හැබැයි. 😍අම්මාට තාත්තාට කරදර කරනවා ඩොක්ට අංකල් බලන්න යන්න ඕන කියලා.😍)

👋 මේ හේමචන්ද්‍ර අයියා, (අපි ආදරේට කියන්නෙ අය්යා ) මෑතකදි කතා කළා. ප්‍රතික්ෂේප කරන්න බැරි 🙅, සුන්දර ආරාධනයක්. හැබැයි එතන වටිනම කාරණය තමයි, අය්යාට ලැබුණ අවස්ථාවෙදි ඒ දරුවන්ගෙ සුබසිද්ධිය වෙනුවෙන් මාව යොදාගත්තා. 🤗
"මල්ලි මේ දරුවන්ට ඔයාව පෙන්වන්න ඕන "
ඇතිවෙලා නැතිවෙලා යන ✨තරු පෙන්වලා දරුවන්ට නොමග පෙන්වන යුගයක,
💪අප්‍රතිහත ධෛර්යකින්
🥰 ජීවිතයෙ බලාපොරොත්තු වුණ
🏋️ කඩයිම් එකිනෙක පිළිවෙලට
⛹️ ක්‍රමාණුකූලව ජයගත්ත කෙනෙක් විදියට ඒ දරුවන්ට උත්ප්‍රේරකයක් වන්නට අය්යාගෙන් ලද ආරාධනය ප්‍රතික්ෂේප කරන්න මට බැරි වුණා.🤗

👋 ඔන්න උදේම පිරිවෙනක් ආශ්‍රයෙ පැවැත්වුණු මේ දරුවන්ගෙ වර්ෂාවසාන ප්‍රසංගයට පටන්ගන්නට කලින්ම මමත් හේමචන්ද්‍ර අය්යත් ගියා. 🥰 සිතට දැනෙන සතුට දෙගුණ තෙගුණ වෙන්නෙ මේ පුංචි මූණු වල දිදුලණ, බැබලෙන ලෙංගතුකම් සෙනේවන්තකම් දැක්කාමයි.🤗

🧑‍⚕️ වෛද්‍යවරයෙක් විදිහට හේමචන්ද්‍ර අය්යා මේ දරුවන්ට කොච්චර ආදරේද 💝 කියන එක දැක්කෙ, ඒ වෙලාවෙ. පුංචිම පුංචි පැටවු මේ දොස්තර මාමාව වටකරගත් හැටි,🫸🫷 පහක් දාලා සතුට බෙදාගත්ත හැටි.... මොනතරම් සුන්දරද ඒ පුංචි හිත්. 🥰

👋 ඉතිං එයාලාගෙ ප්‍රසංගයෙන් උපුටාගත්තේ ඔය පහළින් තියෙන වීඩියෝ රූප රාමු ටික, මතකයක් විදිහට තියාගන්න ගත්තට ඔයාලට පෙන්නන්නෙ හේතුවක් ඇතුව. බලන්නකො ටිකක් විපරමින්. 🤗

🥰 සමහර බබාලා හරිම ලස්සන චලනයන් මුසුකරමින් ,ගීතවලට නටනවා.🤗 ඒ නැටුම් වල සම්පූර්ණ නර්තන ලීලාව නැති වුණත්, ඒ පුංචි වයසෙ වුණත් තාලයට පාද තියන්ට, 💃 පුංචි අත්පා කරකවලා ලතාවට චලනය 🕺කරන්ට හැකිවුණා කියන්නෙම... ඒක නෙක්ස්ට් ලෙවල්🪜. ඔය අතරෙ සහභාගි විය යුතු නිසාම නර්ථනයට එකතු කරගත්ත තව දරුවො කීප දෙනෙක් ඒ වගේ🩰 ලාලිත්‍යයෙන් නැටුම ඉදිරිපත් කළේ නෑ.

😆 ඔතනදි මට මතක් වුණේ, මම පළමුවැනි දවසෙ නැටුම් පීරියඩ් එකට ගියා විතරයි, 😂 ආයෙ කවදාවත් ගියෙ නෑ. ඉතිං දොස්තර කෙනෙක් වෙන්ට, විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්ට නැටුම් දැනගන්න ඕනයෑ,🕺 මල විකාර😂... මම නැටුවා නම් එක්කො අද වෙනකොට මම කියලා දොස්තර කෙනෙක් නෑ, එහෙම නැත්තං නැටුම් කියලා දෙයක් නෑ...😂

😍 තව එකක් මතක් වුණා. අපි හැමෝම දන්න මුත්තයියා මුරලිදරන් මහත්තයා 🏏දක්ෂ දඟ පන්දු යවන්නෙක්. එතුමගේ පන්දු යැවීම් ඉදිරියේ ලෝකයේ ප්‍රබලම 🏏 පිතිකරුවන් දැවී ගියේ සුලං පොදක් වගේ. මුරලිදරන් මහත්තයාට දඟපන්දු මිසක් 🟡වේගපන්දු යවන්න බෑ. ඒ වගේම තමයි ඉතාම අහම්බෙන් තමයි පිතිකරණයෙන් ලකුණු ටිකක් අරන් දුන්නෙ😁.

🙋 නිකමට හිතමු කවුරු හරි, එතුමගෙන් ලකුණු රැස් කරයි කියලා බලාපොරොත්තු වුණානම්🤔, ඒ මැච් එක ඉවරයිනේ ඉතින්😜. 🙋 අන්න ඒ වගේම තමයි මේ නටන්න පුළුවන් වුන දරුවන් එක්ක නටන්න බැරි දරුවෙක් සංසන්දනය කරන එකත්. හැමෝම දඟපන්දු යවන්න ඕනද 🤔? වේග පන්දු යවන්නේ කවුද එතකොට🤔 ? හැමෝම බැට් කරන්න ඕනද 🤔? එතකොට කඩුලු දවාගන්නෙ කවුද🤔 ?

🤗 ඔන්න ඔය ගැටලුවම තමයි, හැම දරුවාම නටන්න ඕනද 🙅 ? එතකොට ඉංජිනේරුවෝ වෛද්‍යවරු වෙන්නේ කවුද 🤷? නීතිඥයෝ වෙන්නේ කවුද💁 ? ගායනය කරන කෙනා නටන්නම ඕනද 🤦? චිත්‍ර අඳින කෙනා නටන්න ඕනද 🧏? එහෙම නෑ, මෙන්න මේ විවිධත්වයන් තියෙන දරුවන් කණ්ඩායමක් එකම දේ කරන්න ඕන නෑ.

🧏 හැබැයි දක්ෂ ක්‍රීඩකයන් තෝරන්න, ධාවන තරඟ ඕනමයි. 🏏ක්‍රිකට් තරඟ ඕනමයි. වෘත්තීය මට්ටමේ ගායකයන් බිහි කරන්න 🧑‍🎤ගායන තරඟ ඕනමයි. ඒ වගේමයි වෛද්‍ය🧑‍⚕️, ඉංජිනේරු👷, නීතීඥ🧑‍⚖️, ගණකාධිකාරී🧑‍💻 වගේ වෘත්තීයෙන් දක්ෂයන් තෝරන්න විභාග ඕන.

🧞ඔය ඔක්කොම හරි කියමුකො, 🧑‍🎄 දරුවො හැමෝටම ඕන එකම 1️⃣ දෙයක් තියෙනවා. ඇත්තටම නම් 2️⃣ ක් කීවොත් නිවැරදියි.

🔺පළමුවැන්න......
🧑‍🎄 දරුවන්ට දෙමව්පියන්ගෙන් අවධානය ඕන. අපි ළඟට එන දරුවන් අතර ඉතාම විශාල ⏫ සංඛ්‍යාවක් ඉන්නවා, 🔮අංජනමකටවත් හොයාගන්න බැරි ලෙඩ තියෙන🤣. ඒවා මොනම පරීක්ෂණයටවත් හසු වෙන්නෙ නෑ. ඒකට හේතුව ලෙඩේ තියෙන බරපතලකමටත් 💥 ලෙඩේ අල්ලගන්න පරීක්ෂණ 🔬නැතිකමවත් නෙවෙයි, 🙈ඇත්තටම එහෙම ලෙඩක් නෑ... නෑ නෙවෙයි ලොවෙත් නෑ😜. හැබැයි එහෙම ලෙඩකින් දරුවාට ලැබෙන දෙයක් තියෙනවා🙋 ඒ තමයි අම්මා තාත්තා තමන් ළඟ ඉන්නවා. 🤒ලෙඩේ තියෙනකං ඉන්නවා.... ලෙඩේ නැති වුණ ගමන් අම්මලා තාත්තලා අතුරුදහන්....😟

🙋 පැය විසිහතරම අම්මලාව තාත්තලාව ඉල්ලනවාද මේ දරුවො ? 🙅නෑ... එහෙම නෑ. මෙච්චරයි, 🙋දෙමව්පියනි ඔබට පුළුවන්ද එයාලත් එක්ක රෑට 🍛 කෑම වේල ගන්න ?. ඔය ඔබ ඔබ ඉන්න 🤳 ෆෝන් එක ටිකකට පැත්තකින් තියන්න ? ඔය බල බල ඉන්න නාට්‍යය ටිකකට නවත්තලා රූපවාහිනී 📺 තිරයෙන් ඈත්වෙලා දරුවන් සමඟ රෑ කෑම වේල ගන්න පුළුවන්ද ? අන්න එහෙම කළොත් ඔය දරුවන්ගෙ ලෙඩ ගොඩක් සනීපයි.....🥰

🔺 දෙවැන්න.....
දරුවන්ගෙ දක්ෂතා 🚴හඳුනාගැනීම. ඒකටත් ප්‍රධානම බාධකයක් තමයි 📵 ෆෝන් එක, රූපවාහිනී යන්ත්‍රය. ඔය දෙකින් ටිකකට 🚫ඈත් වෙලා දරුවන් වෙනුවෙන් කාලය ටිකක් වැය කරලා බලන්නකො, 🏋️එයාලා මොන මොන දේවල් වලට🤼 මොනතරම් දක්ෂද කියලා. එයාලාට උදව් කරන්නකො ඒ දක්ෂතාව ඔපනංවාගන්න.🧗

🙋 ඒ ඒ දක්ෂතා වලට නැමියාවක් තියෙන දරුවන්, 🧞නිරන්තර පෙළඹවීමෙන් එයාලාගෙ ජාන🧬 ක්‍රියාකාරීත්වය යාමනය කරලා, 🔖ඉතාම සියුම්ව ඒ නිපුණතාව, දක්ෂතාව වැඩි දියුණු කරන්න සුදුසු කායික මානසික 🧿 ඒකාග්‍රතාවය හදනවා.

🙋 තමන්ට හැකියාව තියෙන ක්ෂේත්‍රයක වෘත්තීය 🧑‍⚕️කරනකොට, රාජකාරිය කරනකොට, 🕵️ආදායම් උපයනකොට එයාලා අධෛර්යමත් වෙන්නෙ නෑ🧚, අනුන්ට ඊර්ෂ්‍යා කරන්නෙ නෑ🧜, වෛරය, ක්‍රෝධය නෑ.🧞

🤽 හැකියාව තියෙන පාරෙන් ගොඩයන්න ලේසියි✅, කාලයත් ඉතුරුයි💱. එතකොට තෘප්තිය වැඩියි💜. ආසා කරන්නෙ නැති දේකට නටලා, නටලා මහන්සි වෙලා තිත්ත වෙනකොට වයසත් ගිහින්, අන්තිමට අතිනුත් කයිට්....⚫

🥰 ආදරණීය දෙමාපියනි, මේ අලුත් අවුරුද්ද ලබද්දි දරුවන් වෙනුවෙන් අධිෂ්ඨාන කරන්න🤜🤛 පුළුවන් නම්. අද ඉඳන් දරුවන් එක්ක රෑ කෑම මේසයෙ එකට රෑ කෑම ගන්න....
👌 වෙනස්කම් ගොඩක් දැනෙයි....
දරුවන්ට ආදරය කරමු...💝💝💝💝

Address

පේරාදෙණිය
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Thushara Priyawansha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share