Vajirarama forest solitude

Vajirarama forest solitude (වජිරාරාම අරණ්‍ය සෙනසුන - මහනුවර )

30/07/2026

🙏🙏🙏

බෝවලවත්ත වජිරාරාම අරණ්‍යය සෙනසුනේ වස් ආරාධනා පිංකම - 2026/07/29
30/07/2026

බෝවලවත්ත වජිරාරාම අරණ්‍යය සෙනසුනේ වස් ආරාධනා පිංකම - 2026/07/29

ශෝකාකූල දැනුම් දීමයි.🏳️🏳️🏳️ක්වීන්ස්ලන්ත (ගුඩ්නා) බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවණීය සිටිනාමළුවේ සුගතසාර නායක ස්වා...
28/07/2026

ශෝකාකූල දැනුම් දීමයි.🏳️🏳️🏳️

ක්වීන්ස්ලන්ත (ගුඩ්නා) බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවණීය සිටිනාමළුවේ සුගතසාර නායක ස්වාමීන් වහන්සේගේ පින්වත් මෑණියන් වහන්සේ අභාවප්‍රාප්ත වී ඇතිබව දැනුම් දෙමු.එම මෑණියන් වහන්සේට ඉක්මන් භවයකදීම නිර්වාණ සම්පත්තිය උදා වේවායි ප්‍රාර්ථනා කරමු.

මෙයට,

බෝවලවත්ත වජිරාරාම අරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේලා ඇතුලු දායක සභාවේ ශෝකය.

Notice of Condolence 🏳️🏳️🏳️

It is with profound sorrow that we announce the passing of the beloved mother of the Most Venerable Sitinamaluwe Sugathasara Nayaka Thero, Chief Incumbent of the Queensland (Goodna) Buddhist Temple.

At this time of grief, we extend our heartfelt condolences to the Most Venerable Thero, the members of the family, and all devotees.

May she, through the merits she has accumulated, attain the Supreme Bliss of Nibbāna at the earliest opportunity.

With deepest sympathy,

The Venerable Bhikkhus and the Dayaka Sabha
Bowalawatta Vajirārāma Forest Monastery

වජිරාරාම අරණ්‍ය සෙනසුනේ සේනාසනාධිකාරි පූජ්‍ය.මැණික්හින්නෙ ධම්මානුසාරි ලොකු ස්වාමින් වහන්සේ සහ සේනාසනවාසී ස්වාමින් වහන්සේ...
11/07/2026

වජිරාරාම අරණ්‍ය සෙනසුනේ සේනාසනාධිකාරි පූජ්‍ය.මැණික්හින්නෙ ධම්මානුසාරි ලොකු ස්වාමින් වහන්සේ සහ සේනාසනවාසී ස්වාමින් වහන්සේලා දළඳා සමිදුන් වැඳපුදාගත් අවස්තාවක්.🙏🙏🙏

A moment when the Venerable Chief Incumbent of Vajirārāma Forest Monastery, Venerable Maṇikhinne Dhammānusāri Loku Swamin Vahanse, together with the resident monks of the monastery, paid homage and offered their respects to the Sacred Tooth Relic. 🙏🙏🙏

03/06/2026

🌸 ලෝවැඩ සඟරාව🌸 Vajirarama forest solitude

"තිරිසන් ජාතියෙ උපනත් පව් කොට
අවසන් නොව බිය පවතී පිට පිට
මඳ සන්සුන් කමකුත් නැත හැම විට
සලසන්නේ කෙලෙස ද සිත පිනකට "

අර්ථය:

පව් කරලා තිරිසන් ජාතියක ඉපදුනොත්, ඒ දුකට අවසානයක් නැහැ. නිතරම බය, වේදනාව සහ නොසන්සුන්කමෙන් ජීවත් වෙන්න වෙනවා.පොඩි හරි සැනසීමක් නැති තිරිසන් සතෙකුගේ සිත, පිනකට යොමු කරන්නෙ කොහොමද?

මිනිස් භවයක් ලැබූ ඔබ මම පුණ්‍යවන්තයෙකි. පින් කරමු. සිල් රකිමු. ධර්මයට අනුව දිවි ගෙවමු.🪷

#ලෝවැඩසඟරාව #බෞද්ධධර්මය #තිරිසන්භවය #පව්පින් #සිතපිනකට #ධර්මය #බුදුසසුන

"...ධම්මකාමෝ භවං හෝති – ධම්මදෙස්සී පරාභවෝ..."💫🙏  (පරාභව සූත්‍රය)​(ධර්මයට කැමති පුද්ගලයා (ලෞකික, ලෝකෝත්තර දෙඅංශයෙන්ම) දිය...
24/05/2026

"...ධම්මකාමෝ භවං හෝති – ධම්මදෙස්සී පරාභවෝ..."💫🙏 (පරාභව සූත්‍රය)

(ධර්මයට කැමති පුද්ගලයා (ලෞකික, ලෝකෝත්තර දෙඅංශයෙන්ම) දියුණු වෙයි. ධර්මයට ද්වේෂ කරන, ධර්මය ප්‍රතික්ෂේප කරන පුද්ගලයා පිරිහෙයි.) ✨📖

​"One who loves the Dhamma progresses; one who hates the Dhamma declines."✨📖 (Parabhava Sutta)

🙏✨

📖🪔🪷“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”🪷යමෙකු ධර්මය දකියිද ඔහු මා (බුදුරජු) දකියි. 🙏(වක්කලී ථෙර ගාථා)අඳුර මැද දිළෙන පහනක් සේ, ...
16/05/2026

📖🪔

🪷“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”🪷

යමෙකු ධර්මය දකියිද ඔහු මා (බුදුරජු) දකියි. 🙏
(වක්කලී ථෙර ගාථා)

අඳුර මැද දිළෙන පහනක් සේ, අන්ධකාරය නමැති සසර මගට ධර්මය ආලෝකයකි. ✨

#තිපිටකය #ධර්මය #බුදුදහම #ශ්‍රද්ධාව #පහන්පූජාව #බුදුසරණයි

ශෝක පණිවිඩය"මරණංතංහි ජීවිතං"(ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය)මහනුවර බෝවලවත්ත වජිරාරාම සේනාසනයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලයක්...
14/05/2026

ශෝක පණිවිඩය

"මරණංතංහි ජීවිතං"
(ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය)

මහනුවර බෝවලවත්ත වජිරාරාම සේනාසනයේ උන්නතිය වෙනුවෙන් දීර්ඝ කාලයක් දායක සභාවේ ලේකම් සහ භාණ්ඩාගාරික ධූරයන් දරමින්, සම්බුද්ධ ශාසනයට අමිල මෙහෙවරක් ඉටුකළ,

විශ්‍රාමලත් කෘෂිකර්ම අධ්‍යක්ෂක රාජකරුණා දොළුවීර මහතා අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු.

ඉතා අවංක, කාරුණික මෙන්ම ගුණවත් දිවියක් ගත කළ එතුමාණෝ පසුගිය මැයි 12 වන දින අප අතරින් සමුගත්හ.

අවසාන කටයුතු -

දේහය පිළිබඳ අවසන් කටයුතු අද දින (මැයි මස 14 වනදා) සන්ධ්‍යා භාගයේදී මහනුවර නුවර මල් ශාලාවේදී සිදු කිරීමට නියමිතය.

තම දිවි මඟෙහි රැස්කරගත් සියලු පින් මහිමයෙන්, ශාසන මෙහෙවරෙහි ආනිශංසයෙන් පින්වත් රාජකරුණා දොළුවීර මහතාට උතුම් වූ අජර අමර නිවන් සුව ලැබේවා!

මෙයට -
ආරණ්‍යවාසී සඟරුවන සහ දායක සභාව

11/04/2026

🌸ධම්මපදය - පුප්ඵ වග්ගය 🌸

"යථාපි භමරෝ පුප්ඵං - වණ්ණගන්ධං අහේඨයං
පලේති රසමාදාය - ඒවං ගාමේ මුණී චරේ" 🙏

අර්ථය ÷

බඹරා මලෙහි වර්ණයට හෝ සුවඳට කිසිදු හානියක් නොකර, රොන් පමණක් ගෙන ඉගිලී යන්නා සේ, නුවණැත්තා (මුණිවරයා) ද කිසිවෙකුටත් පීඩාවක්, හානියක් නොවන සේ සිව්පසය පරිභෝජනය කරමින් සමාජය තුළ ජීවත් විය යුතුය.🌿

තෙරුවන් සරණයි! 🙏🌸

🌸 ධම්මපදය විචිත්‍රය 🌸"යෝ හවේ දහරෝ භික්ඛූ - යුඤ්ජති බුද්ධසාසනේසෝමං ලෝකං පභාසේති - අබ්භා මුත්තෝව චන්දිමා" 🌕✨ 📖 අර්ථය:යම් ක...
08/04/2026

🌸 ධම්මපදය විචිත්‍රය 🌸

"යෝ හවේ දහරෝ භික්ඛූ - යුඤ්ජති බුද්ධසාසනේ
සෝමං ලෝකං පභාසේති - අබ්භා මුත්තෝව චන්දිමා" 🌕✨

📖 අර්ථය:
යම් කිසි තරුණ භික්ෂුවක් බුද්ධ ශාසනයෙහි (මහණදම් පිරීමෙහි) ඇලී වාසය කරයිද, වළාකුළෙන් මිදුණු පුන්සඳක් මෙන් ඒ භික්ෂුව මේ ලෝකය ඒකාන්තයෙන්ම ඒකාලෝක කරයි. 🙏🌟

✨ සිතට ගතයුතු පණිවිඩය:
වයස ප්‍රශ්නයක් කර නොගෙන, තරුණ වියේදීම ධර්මයේ හැසිරීමෙන් තමාගේ ජීවිතය මෙන්ම මුළු ලෝකයම ආලෝකමත් කළ හැකිය. 🍃☸️

#වජිරඅරණ
#ධම්මපදය #බුදුදහම #නිවන ❤️🙏

Address

Vajirarama Forest Solitude
Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Vajirarama forest solitude posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share