05/11/2021
මෙම පිටුව නිර්මාණය වෙන්නෙ අරමුණු කීපයක් පෙරදැරි කරගෙන...........
එනම්.., අපේ රෝහලේ ඉතිහාසය පිළිබඳව හා එහි උන්නතිය වෙනුවෙන් අපේ කාලයේදී අප විසින් ඉතිහාසයට එක් කරනලද සිදුවීම් පිළිබඳව සනිටුහන් කිරීමටත්, අප්‍රසිද්ධියේ ඉටුකෙරෙන, අමිල මෙහෙයට වටිනාකමක් දීමටත්, අප තුළ යම් අඩුපාඩු වෙත්නම් ඒවා සපුරා ගැනීමට සුදුසු පසුබිමක් සකසා දීමටත් , දැනුම්වත් වීමෙන් අපේ වටිනාකම් වැඩි දියුණු කරගැනීමටත්, අප රෝහල දියුණුවේ හිණිපෙතටම ඔසවා තැබීමටත්...... සියල්ලටමත් වඩා, අපගේ දෛනික ජීවිතයේ සැලකිය යුතු කාලයක් ගෙවා දැමෙන ඔබෙත් මගෙත් සේවා ස්ථානයෙ අපට ප්‍රමෝදයෙන්, ප්‍රබෝධයෙන්,අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සහයෝගයෙන් කැපවී සේවය පුද කළ හැකි පරිසරයක් ගොඩනංවාලීමටත්ය...