Suwasewana phamacy and nursing home

Suwasewana phamacy and nursing home FOR ANY HEALTH NEED,,WE GIVE GOOD AND QUALITY SERVICES

08/08/2026

🔥 Power bank එකක් ගිනි ගත්තොත්, ඒක වහලා දාලා නිවන්න බෑ.

මොකද ඒ වෙනකොට ඒකට ඕන කරන oxygen ටික ඒක ඇතුළෙන්ම හදාගෙන ඉවරයි.

Airlines මේවට මේ තරම් තද නීති දාන්නේ ඇයි කියලා ගොඩක් අය හිතන්නේ නෑ. හේතුව නිකම්ම නීතියක් නෙවෙයි, මේක පට්ට chemistry එකක්.

මොකක්ද මේ Thermal Runaway කියන්නේ?

Lithium-ion battery එකක් ඇතුළේ ප්‍රධාන කෑලි තුනක් තියෙනවා. Anode එකක්, cathode එකක්, මේ දෙක මැද තියෙන separator එකක්. ඒක හරිම තුනී plastic පටලයක්.

ඒවා අතරේ තියෙන දියරය, electrolyte එක, ලේසියෙන්ම ගිනි ගන්න පුළුවන් ජාතියක්.

ඔය මැද තියෙන පටලය ඉරුණොත්, anode එකයි cathode එකයි කෙලින්ම සෙට් වෙනවා. එතනින් එහාට මේක නවත්තන්න කාටවත් බෑ.

ඇතුළේ වෙන දේ පියවරෙන් පියවර මෙහෙමයි

1️⃣ 80°C කිට්ටු වෙද්දී: Anode එක වටේ තියෙන ආරක්ෂක layer එක කැඩෙන්න ගන්නවා. ඒකෙන්ම රස්නය තවත් වැඩි වෙනවා.

2️⃣ 130°C පනිද්දී: මැද තියෙන plastic පටලය උණු වෙලා හැකිලෙනවා. දැන් අර දෙක එකට ගෑවෙනවා. Battery එකේ තිබ්බ මුළු charge එකම තත්පර ගාණකින් මාර රස්නයක් විදිහට එළියට දානවා.

3️⃣ 150°C පැන්නම: මෙතන තමයි භයානකම හරිය. Cathode එක දිරලා ගිහින් oxygen පිටකරන්න ගන්නවා. අන්න ඒ oxygen වලින් ඇතුළේ තියෙන දියරයට ගිනි තියනවා.

4️⃣ අන්තිමට: Battery එක පුපුරලා torch එකකින් වගේ ගිනි දැල්ලක් එළියට එනවා. FAA lab test එකකදී cell එකේ ඉඳන් සෙන්ටිමීටර 5ක් දුරින් මැනපු උෂ්ණත්වය 1,107°C.

ඒ මදිවට hydrogen fluoride වගේ විෂ වායුත් පිටවෙනවා. ඒවා විෂ විතරක් නෙවෙයි, ඒවත් ගිනි ගන්නවා.

Phone එකකට වඩා power bank එකක් භයානක ඇයි?

Phone එකක තියෙන්නේ cell එකයි. රස්නය බලාගන්න software එකකුත් තියෙනවා. ඒ මදිවට ඔයා ඒක අතේ තියාගෙන ඉන්න නිසා රත් වුණු ගමන් දැනෙනවා.

Power bank එකක තියෙන්නේ cells කිහිපයක්, ඒකත් bag එකක් අස්සේ, කවුරුවත් අතගාන්නේ නැතුව. එකක් ගිනි ගත්තම ළඟ තියෙන එකට රස්නය යනවා, ඊළඟ එකට.

හොඳ brand එකක නම් protection circuit එකක් තියෙනවා. ලාභ, brand එකක් නැති එකක ඒක තියෙනවද කියලා දන්නෙත් නෑ.

🤔 "එච්චර භයානක නම්, ඇයි Cabin එකට ගේන්න දෙන්නේ?"

මේක තමයි අහන්නම ඕන ප්‍රශ්නේ. ඇත්තම කතාව මේකයි.

Cabin එකේ තිබ්බා කියලා ගිනි ගන්න එක අඩු වෙන්නේ නෑ. හැබැයි ලොකු විනාශයක් වෙන එක වළක්වාගන්න පුළුවන්.

👁️ ඉක්මනට දැකගන්න පුළුවන්: Cabin එකේදී නම් ගඳක්, සද්දයක්, රස්නයක් ආපු ගමන් තත්පර ගාණකින් කවුරුහරි දැනගන්නවා. Cargo එකේ නම් දුම් එනකම් කවුරුවත් දන්නේ නෑ.

🧯 Cargo එකේ තියෙන්නේ වැරදි ආයුධය: එතන ගිනි නිවන්න තියෙන්නේ Halon gas. FAA tests වලින් හම්බවුණේ ඒකෙන් දැල්ල නිවුණට cell එකෙන් cell එකට පැතිරෙන එක නවත්තන්නේ නෑ කියලා. හේතුව සරලයි, halon වලට battery එකක් cool කරන්න බෑ.

🧳 ඔයාගේ bag එකම ඉන්ධනයක්: ඔයාගේ bag එකේ තියෙන perfume කුප්පි, රෙදි, deodarant ඔක්කොම battery එකක් ළඟ තිබ්බම ගින්න දරුණු වෙනවා.

💧 Cabin එකේ තියෙන විසඳුම: Crew එක ළඟ වතුරයි, thermal containment bag කියන විශේෂ bag එකකුයි තියෙනවා. ගින්නක් ආවොත් කරන්න තියෙන එකම දේ cool කරන එක.

අපේ අයට මේක වැදගත් වෙන්නේ ඇයි?

Dubai, Korea වගේ රටක ඉඳලා අවුරුදු ගාණකින් කටුනායකට බහින කෙනෙක් හිතන්නකෝ.

Bag එකේ power banks 5ක් විතර දාගෙන එනවා පවුලේ අයටයි යාළුවන්ටයි දෙන්න. ලාභයි, ලේසියිනේ.

හැබැයි පොඩ්ඩක් හිතන්න. Power banks 5ක් කියන්නේ cells 15ක් 20ක්.

IATA එකෙන්ම කියන්නේ ලාභ power banks ගොඩක් UN 38.3 කියන battery test standard එකට අනුකූල නෑ කියලා. ඒවා තියෙන්නේ perfume කුප්පි, රෙදි අස්සේ, halon පාවිච්චි කරන cargo එකේ නම්...

හිතාගන්න පුළුවන්නේ වෙන දේ? අන්න ඒකයි airlines මේකට තද නීති දාලා තියෙන්නේ.

රට ඉඳන් එන අය දැනගන්නම ඕන දේවල්

උපරිමය දෙකයි: 2026 මාර්තු 27 ඉඳන් ICAO නීතියට අනුව එක්කෙනෙක්ට ගේන්න පුළුවන් power banks දෙකයි. අලුත්ද, තෑගිද කියන එක අදාළම නෑ.

විකුණන්න බෑ: FAA එකෙන් කියන්නේ මේවා ගේන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික පාවිච්චියට විතරයි කියලා. විකුණන්න හරි බෙදන්න හරි ගේන ඒවා තහනම්.

Emirates නීතිය: එයාලා දෙන්නේ එකයි, ඒකත් 100Wh ට වඩා අඩු වෙන්න ඕනේ.

මේවා දැක්කොත් අරන් යන්න එපා

🎈 Battery එක ඉදිමිලා, පිම්බිලා වගේ පේනවා නම්
🌡️ නිකම් තියෙද්දීත් රත් වෙනවා නම්
🔊 "සුස්" ගාලා සද්දයක් එනවා නම්
👃 පිච්චෙන රසායනික ගඳක් එනවා නම්

මේ වගේ එකක්වත් flight එකකට අරන් යන්නම එපා.

වෙනම දාන්න: යතුරු, කාසි එක්ක bag එකේ loose විදිහට දාන්න එපා. පොඩි pouch එකක දාන්න.

Seat pocket එකේ තියන්න: උඩ bin එකේ දාන්නේ නැතුව ඉස්සරහා seat pocket එකේ දාන්න. Seat එක අස්සට වැටුණොත් seat එක හෙලවන්න එපා, motor එකට අහුවෙලා battery එක තැලෙන්න පුළුවන්.

කවදාවත් bag එකට දාන්න එපා: easyJet flight එකක් මඟදි Rome එකට හරවන්න වුණේ bag එකේ power bank එකක් තිබ්බ නිසා විතරයි. මොකුත් ගිනි ගත්තෙත් නෑ.

රත් වුණොත්: Bag එකේ දාගන්නේ නැතුව කෙලින්ම cabin crew එකට කියන්න.

Seat pocket එකේම තියන්න කියන්නේ ඇයි? Bin එකට දාන්න එපා කියන්නේ ඇයි?

මොකද මේ හැම නීතියක්ම ගහලා තියෙන්නේ battery එක ගැන හිතලා නෙවෙයි, ඔයාට ඒක දකින්න යන වෙලාව ගැන හිතලා.

කියන්න, මීට කලින් ෆ්ලයිට් එකේ යද්දී ඔයා මේ දේවල් දැනගෙන හිටියද? එහෙම නැත්නම් නොදැනුවත්ව ලගේජ් එකටම දාලා තියෙනවද? ඔයාගේ අත්දැකීමත් කමෙන්ට් කරමු.

08/08/2026

⭕විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ

🔰 රෝගීන් රැසක් ඇඟපත වේදනාව අධික තෙහෙට්ටුව හන්දි කැක්කුම් හිරිවැටිම් වලට වසර ගණනක් තිස්සේ වේදනානාසක ගත්තද සුවයක් නොමැති වී ඇත එනම් බෙහෙත් ගන්නා අවස්තාවේ පමණක් වේදනාව සහ රෝග ලක්ෂණ අඩුවන අතර එම බෙහෙත් නැවැත්වූ විට නැවත පෙරලෙසම හෝ ඊටත් වැඩියෙන් එම රෝග ලක්ෂණ ඔවුන්ට දැනුණි

🔹මෙම රෝගීන් විටමින් ඩී ඌනතාවයෙන් පෙලෙන බව හඳුනා ගැනීමෙන් පසු විටමින් ඩී මඟින් ප්‍රතිකාර කිරීම මගින් ඔවුන්ගේ රෝග ලක්ෂණ සම්පූර්ණයෙන්ම සුව විය

🔘සමහර අදික උණතාවයක් ඇති රෝගීන්ට විටමින් D එන්නත් දීමට සිදු වුනා මෙම නිසා ලිපිය ලියන්නට සිතුනා
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️

🔹විටමින් ඩී ඌනතාවය ඔබේ අස්ථි සහ මාංශ පේශි ස්නායු ඇතුලු ශරිරයේ පටක රැසක ගැටලු ඇති කරන බහුල විටමින් ඌනතාවයකි.

⭕විටමින් D ඌනතාවයේ රෝග ලක්ෂණ මොනවාද?

🔹ළමුන් තුළ විටමින් D හි දැඩි ඌනතාවය රිකේට් වලට හේතු වේ

🔸 රිකේට් වල රෝග ලක්ෂණ

▪️නැමුණු අස්ථි හේතුවෙන් වැරදි වර්ධන රටාවන්.
▪️මාංශ පේශි දුර්වලතාවය.
▪️අස්ථි වේදනාව.
▪️සන්ධිවල විකෘතිතා.
▪️සුලු විටමින් ඌනතාවයෙන් පෙළෙන දරුවන්ට දුර්වල, වේදනාකාරී මාංශ පේශි තිබිය හැක.

🔹විටමින් D ඌනතාවය ඇති වැඩිහිටියන්ගේ රෝග ලක්ෂණ

▪️තෙහෙට්ටුව.
▪️අස්ථි වේදනාව.
▪️කොන්දේ වේදනාව
▪️සන්ධි වෙදනාව
▪️ඇගේ කැක්කුම
▪️මාංශ පේශි දුර්වලතාවය,
▪️මාංශ පේශි කැක්කුම
▪️මානසික අවපීඩනය
▪️අත් කකුල් හිරී වැටිම
▪️ප්‍රතිශක්තිය අඩුවිම නිසා නිතර නිතර ආසාදන වලට ලක්විම

⭕විටමින් D ඌනතාවයට හේතුව කුමක්ද?

🔹පොදුවේ ගත් කල, විටමින් D ඌනතාවයේ ප්රධාන හේතු දෙක වන්නේ:

🔘ඔබේ ආහාර වේලෙහි සහ/හෝ හිරු එළිය හරහා ප්‍රමාණවත් විටමින් D ලබා නොගැනීම.

🔘ඔබේ ශරීරය විටමින් ඩී නිසි ලෙස අවශෝෂණය නොකිරීම

🔘ඇතැම් වෛද්ය තත්වයන්.

▪️බර අඩු කිරීම - සැත්කම්.
▪️ඇතැම් ඖෂධ.
▪️වයස්ගත වයස සහ ඔබේ සමේ ඇති මෙලනින් (වර්ණක) ප්‍රමාණය වැනි විවිධ ජීව විද්‍යාත්මක හා පාරිසරික සාධක කිහිපයක් ද විටමින් D ඌනතාවය වර්ධනය වීමේ වැඩි අවදානමකට ඔබව පත් කළ හැකිය.

🔘තරබාරුකම: මේද සෛල විටමින් D ගබඩා කර තබා ගන්නා අතර එමඟින් එය මුදා හරිනු නොලැබේ. තරබාරුකමට බොහෝ විට සාමාන්‍ය මට්ටමට ළඟා වීමට සහ පවත්වා ගැනීමට විටමින් D අතිරේක විශාල මාත්‍රාවක් ගැනීම අවශ්‍ය වේ.

⭕විටමින් D ඌනතාවය හඳුනා ගන්නේ කෙසේද?

▪️ විටමින් ඩී මට්ටම් පරීක්‍ෂාව (vitamin D level)
▪️ ඔබට ඇතැම් වෛද්‍ය තත්වයන් හෝ විටමින් ඩී ඌනතාවය සඳහා අවදානම් සාධක තිබේ නම් සහ/හෝ එහි රෝග ලක්ෂණ ඇත්නම් ඔබේ විටමින් D මට්ටම් පරීක්ෂා කිරීමට අවශ්‍ය විය හැකිය.

⭕විටමින් D ඌනතාවයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

🔹විටමින් ඩී ඌනතාවයට ප්‍රතිකාර කිරීම සහ වැළැක්වීමේ අරමුණු එක හා සමානයි: ඔබේ ශරීරයේ ප්‍රමාණවත් විටමින් ඩී මට්ටමට ළඟා වීම සහ පසුව පවත්වා ගැනීම.

විටමින් ඩී අඩංගු ආහාර වැඩිපුර ගැනීම සහ වැඩි හිරු එළිය ලබා ගැනීම ගැන ඔබ සලකා බැලිය හැකි අතර, වෛද්ය වරයෙකු විටමින් ඩී අතිරේක ගැනීම නිර්දේශ කරනු ඇත.

🔹විටමින් D ආකාර දෙකකින් පැමිණේ: D2 සහ D3. D2 (ergocalciferol) පැලෑටි වලින් පැමිණේ. D3 (cholecalciferol) සතුන්ගෙන් පැමිණේ.

🔹ඔබට විටමින් අතිරේකයක් අවශ්‍යද යන්න සහ අවශ්‍ය නම් කොපමණ ප්‍රමාණයක් ගත යුතුද යන්න සොයා බැලීමට ඔබේ වෛද්ය වරයා සමඟ කටයුතු කරන්න.

⭕ස්වභාවිකවම විටමින් ඩී අඩංගු ආහාර කිහිපයක් ඇත,

🔘සැමන්, ටූනා සහ මැකරල් සහ සාඩින් වැනි මේද මාළු.
🔘හරක් මස් (ගව) අක්මාව.
🔘හතු.
🔘බිත්තර කහ මදය.
🔘කෝඩ් අක්මා තෙල්.

🔰කායික රෝග පිලිබද විශේෂඥ වෛද්ය බන්දුල සත්කුමාර

08/08/2026

කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගෙ බණ අහන්න අහන්න ඇවිත් හිටපු විශේෂ චරිතයක් අහම්බෙන් කැමරාවේ සටහන් වුන දර්ශනයක් මේ වෙද්දී හැම තැනම ශෙයා වෙනවා..ඒ අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආදරණීය බිරිඳ මල්ලිකා දිසානායක මහත්මිය.. මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ඇයගේ තියෙන නිහතමානීකම ගැන,

හැබැයි ඒ අස්සේ අනුර සහෝදරයට එක එක දේශපාලන කඳවුරු වලින් විවිද මඩ ප්‍ර*ර එල්ල වෙනවා, ඒ ඔහු විවාහ වෙලා ඉන්නේ පුංචි අම්මා එක්ක කියලා, මේ කතාවට මීට කාලෙකට කලින් අනුර සහෝදරයා ලස්සනට උත්තර දුන්නා ඒ මෙන්න මෙහෙම

''මම හිතුවා මේක කියන්න පුළුවන් උචිතම අවස්ථාව මේක කියලා, මීට පෙර වැඩිම උනොත් මා පුද්ගලිකව දෙදෙනෙකුට පවසලා ඇති, මෙය ආරක්ෂා කලයුතු කරුණක් නිසා මා මෙතෙක් කල් විශ්වාස කරපු නිසා, අපි ඉතා ඈත ග්‍රාම වල ඉපදුන මිනිස්සු, ගම්වල තිබෙන ගැටුම් අපේ ජීවිත වලත් තිබුනා, ගම්වල තිබුන පීඩනය අපේ ජීවිත වලත් තිබ්බා, ගම්වල තිබ්බ නීරස රළු ඒ ජීවිතය අපේ ජීවිත වලත් තිබ්බා, අපේ අප්පච්චිට ලොකු පරම්පරාවක් නැහැ, ඔහුගේ නාතීන් එක්කෙනෙක් දෙන්නෙක් හැර මම දන්නේ නැහැ, අපේ අම්මට ලොකු පරම්පරාවක් තිබ්බා, පරම්පරාවක් කියන්නේ පිරිසක් හිටියා, වැරදි අර්ථකතනයක් ගන්න එපා, පිරිසක් කියන්නේ සහෝදරියන් හිටියා සහෝදරයින් හිටියා, අප්පච්චි සහෝදර සහෝදරියන් මම දන්නේ නැහැ, අපේ අම්මගේ එක නැගණියක් හිටියා ඔහු විවාහ වෙලා හිටියේ කොන්ඩේ කපන්නෙක් සමග, ඔහු විශාල ලෙස මත්පැන් පානයට හුරු වෙලා හිටපු කෙනෙක්, මට මතකයි පුංචි අම්මගේ අතේ තාම තියෙනවා කතුරු පාරක්, තමන්ගේ ස්වාමියාගෙන් එල්ල කරන ලද, ඒ පීඩනයට ඔරොත්තු දෙන්න බැරුව,
ඒ ගමට ආව මිනිදෝරු මහත්තයෙක්, ඒ මහත්තයා එක්ක අනියම් සම්බන්දයක් ගොඩ නගාගෙන අපි ඉතාම කුඩා අවදියේ, මට හීනයක් වගේ මතක, ඒ මිනින්දෝරු මහතා එක්ක පුංචි අම්මා යනවා, ගම්වල කතා උනා 'සුමනා පැනලා ගියා කියලා' මට මතකයි,

ඇයට හිටියා දුවරු දෙදෙනෙක් සහ පුතුන් දෙදෙනෙක්, එක පුතෙක් අපේ අම්මා හදාගත්තා, ඔහු ඉපදුනේ මාර්තු මාසේ පළවෙනිදා, මම ඉපදුනේ නොවැම්බර් මාසේ 24 වෙනිදා එකම අවුරුද්දේ 1968.

අපි දෙනාම ගියේ එකම පාසලට එකම පන්තියේ, ආසන්න පුටු දෙකේ, අපි දෙන්නා නිදාගත්තේ එක ඇඳේ, අපි දෙන්නා පාඩම් කලේ එකම කුප්පි ලාම්පුවේ, අපි දෙන්න තරහා උනොත් දෙන්නම එකට පිටත් වෙනවා ඉස්කෝලෙට යන්න, යාලුවෙක් මගදී හමු උනාම ඔහු හරහා අපි දෙන්නා කතා කරනවා, අතරමැදියෙක් හරහා අපි කතා කරනවා, එතකන් අපි කතා නොකර යනවා, සාමාන්‍ය පෙලට අපි ඒකට වැඩි වුනේ, ඔහු විද්‍යා විෂයන් තෝරාගත්තා, මම ගණිත විෂයන් තෝරාගත්තා, අපේ පාසලේ විද්‍යාව සහ ගණිතය කියලා බෙදන්න තරම් ළමයි ගොඩක් හිටියේ නැහැ, අපි එකම පන්තියේ, ඔහු උත්බිත විද්‍යාව සහ සත්ව විද්‍යාව විෂයන් දෙකට වෙනම යනවා, අපි ශුද්ද ගණිතය සහ විවහාරික ගණිතය විෂයන් දෙකට වෙනම යනවා, එකට ඉඳගෙන භෞතික විද්‍යාව සහ රසාන විද්‍යාව හදාරනවා, A/L වලත් අපි එක ළඟ, අපි දෙන්නා දේශපාලනේට යන්නෙත් එකට, 1989 දෙසැම්බර් මාසේ 15 වන දින මට ඇසෙන වෙ*ඩි ශබ්ද මානයේ ඔහු වෙ*ඩි තබා ඝා*-ත*නය කළා, ඔහු සහ මගේ කිට්ටුම මිත්‍රයා පාසලේ ප්‍රේමසිරි, ඔවුන් එප්පාවල ඇඳගල බෝ ගහ ගාව ටයර් සෑයක දාලා විනාස කළා, මා ගෙදරට ගොස් ඉන්නවා පක්ෂෙන් පණිවිඩේ එනකන්, දින 10කට විතර පසුව පක්ෂෙන් පණිවිඩේ ආවා අයියා අත්අඩංගුවට අරගෙන කියලා, ම**රා දැමුවා කියලා නෙවෙයි... ඒ අයියා හොයන්න අපේ අම්මත් පුංචි අම්මත් පන්සල්වල බෝධි පුජා තිබ්බා, කෝවිල්වල බාරහාර වුනා, සාත්තර කරුවන්ගෙන් සාත්තර ඇහුවා, මායම් වී සාත්තර කියන අයගෙන් පේන ඇහුවා, විටෙක කියනවා අඳුරු කරන ලද කුටියක ඉන්නවා කියලා, අම්මයි පුංචි අම්මයි හිතනවා හිරගෙදරක ඇති කියලා, විටෙක කියනවා සුදු වතින් ඉන්නවා කියලා, අම්මයි පුංචි අම්මයි හිතනවා භාවනා කරන තැනක ඇති කියලා, 1989 සිට අඩුම තරමේ වසර 10ක් ගතවෙන තෙක්, මා අද මෙහෙම කියන තෙක්, ඔවුන් මට වෙඩි ශබ්දය ඇසෙන්න මානයේ මියගිය බව මම පවසා නැහැ, කාලය විසින්ම ඒ සටහන් අම්මගෙත් පුංචි අමාගේත් හිතෙන් හිතෙන ඈත් වී යන්න ඇති, අවුරුදු 10කට වඩා වැඩි කාලයක් ඒවිද කොහේ සිටීවිද යන බලාපොරොත්තුවෙන් ඔවුන් ජීවිතය ගත කළා'' කියලා

මිත්‍රවරුනි වර්තමාන ජනපති අනුර කියපු මේ සහෝදරයා එහෙමත් නැත්නම් ඔහුගේ පුංචි අම්මගේ මියගිය ලොකු පුතා තමයි සුනිල්, සුනිල් වෙ*ඩි තියලා ඝා***නය කලාම තනිවුන ඔහුගේ බිරිඳට (සමහර තැන්වල පෙම්වතිය ලෙස හැඳින් වෙනවා) තනි වෙන්න නොදී අනුර සහෝදරයා පිහිට වෙනවා, ඇය නමින් මල්ලිකා, වර්තමාන ජනාධිපති ආර්යාව මල්ලිකා දිසානායක මහත්මිය, වර්තමානයේ ගොඩක් අය මේ සිදුවීම තමයි වරදවා වටහාගෙන එක එක කතා හදන්නේ, දේශපාලන වාසි ගන්න මඩ ග*න්නේ, ඉතින් මිත්‍රවරුනි මේක තමයි කටුක සත්‍ය, ඈත දුප්පත් ගමක භීෂණ කාලයේ තනිවුන ගැහැනියකට පිහිට වුන එක වැරදිද..? මතක තියාගන්න මිත්‍රවරුනි පරාර්ථය වෙනුවෙන් ස්වාර්ථය කැපකරන්න පුළුවන් අතලොස්සකට විතරයි, ඒ අතින් අනුර සහෝදරයාට එකෙන්ම රෙස්ක්පෙට්

07/08/2026

මාස 6ත් 12ත් අතර කාලයක් ඇතුළත සිය පළමු පෙනුම යථා තත්ත්වයට පත් කරන උපකරණය බද්ධ කිරීමට නියුරාලින්ක් (Neuralink) සමාගම සැලසුම් කර ඇති බව ඉයුන් මස්ක් (Elon Musk) නිවේදනය කර තිබේ. ඇස් සහ දෘශ්‍ය ස්නායුව සම්පූර්ණයෙන්ම මඟහරිමින්, සෘජුවම දෘශ්‍ය බාහිකය (visual cortex) උත්තේජනය කිරීම මඟින් උපතින්ම සම්පූර්ණයෙන්ම අන්ධ වූ පුද්ගලයන්ට පවා දැකීමේ හැකියාව ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

මීළඟ මාස 6ත් 12ත් අතර කාලය තුළ පළමු දෘශ්‍ය උපකරණය බද්ධ කරන බවත්, උපතින්ම සියයට 100ක් අන්ධ වුවද ඔබේ දෘශ්‍ය බාහිකයට සෘජුවම දත්ත යැවීම මඟින් ඔබට දැකීමට හැකි වන බවත් ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කර ඇත. ස්වභාවික මිනිස් පෙනුම ඉක්මවා යමින් අතිශය උසස් විභේදනයකින් (ultra-HD) යුත් මෙන්ම අධෝරක්ත, පාරජම්බුල සහ රේඩාර් සංජානන බලයන් ලබා දිය හැකි අනාගත දැක්මක් ද මස්ක් විසින් මෙහිදී විස්තර කරන ලදී.

මෙම විශේෂිත යෙදුම සම්බන්ධයෙන් නියුරාලින්ක් සමාගම මෙතෙක් සමාලෝචනය කරන ලද දත්ත ප්‍රකාශයට පත් කර නොමැති වුවද, මීට පෙර සිදු කළ මොළය සහ පරිගණකය අතර අතුරු මුහුණත් පරීක්ෂණ සඳහා ඇමරිකානු නියාමන නිෂ්කාශනය ලබාගෙන ඇත.

07/08/2026
05/08/2026

තත්පර 11.53ක කාලයකින් කාන්තා මීටර් 100 අවසන් කරපු
දකුණු ආසියාවේ වේගවත්ම සුරංගනාවිය ලංකාවේ සෆියා යමික්...

සමහර වෙලාවට ජීවිතේ අපිව බිමට ඇදලා දාන්න හදනවා වගේ හිතෙනවා නේද?. කොච්චර දහදිය හලලා, මහන්සි වෙලා උඩට එන්න හැදුවත්, වටපිටාවෙන් එන බාධක, ප්‍රශ්න, ආර්ථික අමාරුකම්, අර හීනෙට තිබුණ දොරවල් එකින් එක වහන්න බලනවා. හරියට අපි මුහුදේ යද්දී එක දිගට එන මහ රළ ප හ ර වල් වගේ. හැබැයි ඉතින් ඒ හැම රළ පහරක්ම පරදවලා, මුහුදම අල්ලන්න පුළුවන් එකම එක මනුස්සයෙක්ට, නැත්තම් කෙල්ලෙක්ට පුළුවන් නම් අන්න එතැන තමයි සැබෑ විරිය තියෙන්නේ. අන්න ඒ වගේ නියම විරියකින් හිතේ අස්සෙම හංගගත්ත දැවැන්ත හීනෙකට පණ දීලා අද සම්පූර්ණ දකුණු ආසියාවම හරස් කරලා අපේ රටේ කොඩිය අහස උසට ඔසවපු එක දිරිය දැරිය ගැන තමයි මේ කියන්න යන්නේ. ඇය තමයි අපේ රටේ අභිමානය වුණු සුරංගනාවිය සෆියා යමික්.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් මීටර් සියයක් කියන්නේ අයියෝ පොඩි දුරක්නේ. ඒක තත්පර කීපයකින්, වටපිට බැලුව ගමන් ඉවර වෙන දුරක් කියලා. හරියට අකුණක් ගැ හු වා වගේ. හැබැයි මතක තියාගන්න, ඒ තත්පර දහය ගාණක කෙටි වෙලාව ඇතුළේ හැංගිලා තියෙන්නේ අවුරුදු ගාණක මහන්සිය, දහදිය බිංදු, කඳුළු, තනියම හ ඬ පු රැයවල් සහ ඒ හැමදේම මැද නැඟී හිටපු අභිමානයක්. 2025 ඔක්තෝබර් මාසයේ ඉන්දියාවේ රංචි නගරයේදී පැවති 4 වැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට අපේ සෆියා ගොඩවුණේ නිකන්ම නිකන් ක්‍රීඩිකාවක් විදිහට නෙවෙයි. හිතේ තිබුන හයිය, අරමුණක් සහ රට වෙනුවෙන්ම මොනවා හරි කරන්න ඕන කියන පිරිසිදු බලාපොරොත්තුවක් තුරුළු කරගෙන.

කාන්තා මීටර් 100 අවසන් තරගයේ ආරම්භක සංඥාවත් එක්කම, අර දකුණු ආසියාවේ හතර දිග්භාගයෙන් ආපු දක්ෂම දුවන කෙල්ලන් අතරට ඇයත් එකටම ආවේ බලා ඉන්න අයව පුදුම කරමින්. දුවද්දී ඇගේ මුහුණේ තිබුණේ නිකන්ම දුවන කෙනෙක්ගේ පෙනුමක් නෙවෙයි. අවුරුදු ගාණක දුක් කන්දරාවකට තනි අතින් පිළිතුරු දෙන ස ට න්කාමී පෙනුමක්. හරියට ඒ මොහොතේ මුළු ලෝකෙම නැවතුණා වගේ. ඔන්න අර ඉතිහාසය ආයේ අලුතින් ලියවුණා. තත්පර 11.53ක වගේ කාලයක් වාර්තා කරමින් සෆියා යමික් දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව විදිහට තමන්ගේ නම රන් අකුරින් ලියලා දැම්මා අන්න එහෙමයි. ඒක අලුත් ශූරතා තරග වාර්තාවක් විදිහටත් ඉතිහාසගත වුණේ ලංකාවට පුදුමාකාර ආඩම්බරයක් ගෙනැත් දෙමින්. ඉතිං ආඩම්බර නැද්ද අපේ කෙල්ලෙක් මෙහෙම ලෝකයක් ඉස්සරහ කප් ගහද්දී නේද?

හැබැයි එතනින් එහාට සෆියා නැවතුණේ නැ. සමහර කට්ටියට එක පදක්කමක් ලැබුණහම ඇති, එයාලා එතනින් ඒ ගමන ඉවර කරනවා. හැබැයි සෆියා කියන්නේ වෙනම ලෝකයක තවත් එක පරම්පරාවකට ආස්වාදයක් වෙන්න ආපු චරිතයක්. මීටර් 200 අවසන් ඉසව්වටත් කකුල තැබූ ඇය, ඒකෙත් රන් පදක්කම තමන්ගේ කරගත්තේ හැමෝම පුදුම කරවමින්. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ශ්‍රී ලංකා කාන්තා මීටර් 4×100 සහය දිවීමේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා, තවත් රන් පදක්කමක් ලංකාවට අරන් දෙන්න ඇය පෙළඹුණේ මුළු කණ්ඩායමම උඩටම ඔසවා තබමින්. ඒ ඉසව් දෙකේදීම අලුත් ශූරතා වාර්තා බිහිවෙද්දී, මුළු තරගාවලිය පුරාම රන් පදක්කම් තුනක් දිනාගත් එකම සහ කැපී පෙනෙනම ශ්‍රී ලංකා ක්‍රීඩිකාව විදිහට ඇය ඉතිහාසයට එක්වුණා.

මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලයේ දියණියක් වුණු සෆියාගේ මේ ගමන කවදාවත් මල් මාවතක උද්‍යාන සවාරියක් වුණේ නැහැ. පාර පුරාම තිබුණේ ගල්මුල් සහ උල් කටු. 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවසන් සංචිතයට ඇයගේ නම ඇතුළත් වුණේ නැහැ. හිතන්නකෝ, තමන්ට පුළුවන් කියලා දැන දැනත්, අර අවස්ථාව අහිමි වෙද්දී හිතට දැනෙන වේ දනා ව කොච්චරද කියලා. ඒ වෙලාවෙදි තමයි කොවිඩ් වසංගතය කඩා වැ ටු ණේ. ජීවිතයේ හැමදේම අවිනිශ්චිත වුණා. ඒ මදිවට, රටේ තිබුණු ආර්ථික අමාරුකම්, පවුලේ වගකීම් සහ ක්‍රීඩාව කරගෙන යන්න අවශ්‍ය කරන පහසුකම් නැතිකම කියන අභියෝග කන්දරාව ඇයව වට කරගත්තා. හැබැයි දන්නවද? මේ කිසිම දේකට පුළුවන් වුණේ නැහැ සෆියාගේ හිතේ තිබුණු අරමුණ පොඩි කරන්නවත්, ඇගේ කකුල්වල වේගය මන්දගාමී කරන්නවත්. ඇය වැටුණු හැම සැරේම තවත් හයියෙන් නැඟී සිටියා. තනියම අ ඬ අ ඬ වුණත්, උදේ පාන්දර නැඟිටලා මහන්සි වෙලා පුහුණු වීම් කළා. ඒ හැම දහඩිය බිංදුවක්ම අද මේ රන් පදක්කම් තුනක් වෙලා බැබළෙනවා.

අද වෙනකොට සෆියා යමික් කියන්නේ නිකන්ම නිකන් ක්‍රීඩිකාවක් නෙවෙයි. අපේ රටේ හැම තරුණ කොල්ලෙක්ටම, කෙල්ලෙක්ටම ජීවිතේ අභියෝගයක් ආවම මතක් කරන්න පුලුවන් චරිතයක්. අපිට ජීවිතේ මොන තරම් ප්‍රශ්න ආවත්, අරමුණ පැහැදිලි නම්, කැපවීම ඇතුළේ ණය නැතුව වැඩ කරනවා නම්, ලෝකයේ මොන බලවේගෙකටවත් අපේ හීන අපෙන් උදුරගන්න බැහැ කියන එක ඇය මේ ලෝකෙටම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. දකුණු ආසියාවේ වේගවත්ම සුරංගනාවිය විදිහට අපේ රටේ නම ආයෙත් සැරයක් ලෝක සිතියමේ ලියවුණු මේ අපූරු මොහොත, අපේ ළාබාල පරම්පරාවට කොච්චර ලොකු ආදර්ශයක්ද?

දක්ෂතාවයට අමතරව නොපසුබට උත්සාහයත්, ඔයා ඇතුළේ තියෙන අචල විශ්වාසයත් එකතු වුණාම හීන කියන දේවල් කවදාවත් බොඳවෙලා යන්නේ නැ. ඒවා මේ වගේ යථාර්ථයන් බවට හැරෙනවා නියතයි. සෆියා යමික් කියන්නේ ඒ සත්‍යයේ ජීවමාන සාක්ෂියක්. ඇයගේ මේ විශිෂ්ට ජයග්‍රහණය අපේ රටේ ඉතිහාස පොතේ රන් අකුරින් ලියවිලා අවසානයි. ඒ විතරක් නෙවෙයි, අපි හැමෝගෙම හදවත් ඇතුළෙත් ඒ මතකය කවදාවත් මැකී යන්නේ නැහැ. සෆියා, ඔයා අපේ රටේ අභිමානයක් පුතේ...

දිනෙන් දින අපේ පුංචි ලංකාවේ නම ලෝකයට අරන් ‍යන්න සෆියා යමික් පුතේ ඔයාට අපි උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු...

05/08/2026

කොවිඩ් වයිරසය නැති කරලා දාන්න පුළුවන් පුදුම සහගත බලයක් තියෙන ඖෂධයක් සොයාගෙන තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? බ්‍රසීලයේ ඇල්ලාන්ටටික් වැසි වනාන්තරයට ආවේණික Copaifera lucens කියන ගසේ කොළවල තියෙන ස්වභාවික සංඝටකයක් මගින් SARS-CoV-2 වයිරසය විනාශ කර දමන්න පුළුවන් කියලා විද්‍යාඥයන් විසින් සාර්ථකව සොයාගෙන තියෙනවා! Scientific Reports සඟරාවේ පවා මේ ගැන එළිදක්වලා තියෙනවා.

සාම්ප්‍රදායික ඖෂධ වගේ නෙවෙයි, මේ ගස්වල කොළවල අඩංගු galloylquinic acids කියන සංයෝග මගින් වයිරසය විවිධ පැතිවලින් එකවර ප්‍රහාර එල්ල කරලා අක්‍රීය කරනවා. ඒ නිසා වයිරසයට මේකට ප්‍රතිරෝධී වෙන්නත් ලේසියෙන් විකෘති වෙන්නත් බැහැ. සාඕ පෝලෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයිරෝ කෙනුප් බැස්ටෝස් (Professor Jairo Kenupp Bastos) ප්‍රමුඛ පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙන විදිහට, මේකෙන් වයිරසය සෛලවලට ඇතුළු වීම වැළැක්වීම, එහි ප්‍රජනනය අඩාල කිරීම සහ ශරීරයේ ඇති වන දැඩි දැවිලි ස්වභාවය පාලනය කිරීම කියන කාර්යයන් තුනම එකවර සිද්ධ වෙනවා.

මේ විද්‍යාත්මක සොයාගැනීමෙන් පැහැදිලි වෙන්නේ ස්වභාවධර්මය කියන්නේ කොතරම් ප්‍රබල ඖෂධ කාරකයක්ද කියන එකයි. බ්‍රසීලයේ වැසි වනාන්තර විනාශ කර දානවා කියන්නේ තවදුරටත් බිහි වෙන්න තියෙන කොතරම් නම් ජීවිතාරක්ෂක වෛද්‍ය ප්‍රතිකාර අහිමි කර ගැනීමක්ද?

Source: El-Morsi, R. M., et al. (2026). Bioactive galloylquinic acids from Copaifera lucens as dual inhibitors of SARS-CoV-2 Spike and RdRp proteins. Scientific Reports, 16(1), 4521.

Address

No 84 Abayamawatha New Town Kataragama 0472235378 And 0701938080
Kataragama
91400

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

+94472235378

Website

Alerts

Be the first to know and let us send you an email when Suwasewana phamacy and nursing home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suwasewana phamacy and nursing home:

Shortcuts

Share