19/08/2026
දත්මුල් දියවීම (පරිදන්ත රෝගය) සහ
නවීන දන්ත වෛද්‍ය ප්‍රතිකාර...
දත්මුල් දියවීම, නැතහොත් වෛද්‍ය විද්‍යාත්මකව පරිදන්ත රෝගය (Periodontitis) ලෙස හඳුන්වනු ලබන්නේ දත් වටා ඇති පටක, විදුරුමස් සහ දත් අල්ලා තබාගන්නා හනු අස්ථිය ආසාදනය වී ක්ෂය වීමේ බරපතල තත්ත්වයකි.
මුඛය නිසි ලෙස පිරිසිදු නොකිරීම නිසා දත් අතර මතුවන ආහාර කොටස්, බැක්ටීරියා සහ කෙළ එකතු වී මුලින්ම ප්ලැක් (Plaque) තට්ටුවක් සෑදේ. කාලයත් සමඟ මෙය තද Tartar/Calculus බවට පත්වී දත්මුල් දියවීම වේගවත් කරයි. මීට අමතරව දුම්පානය, පුවක් හැපීම, පාලනය නොකළ දියවැඩියාව, හෝමෝන විපර්යාස සහ ජානමය බලපෑම් ද මෙම රෝගය හටගැනීමට හෝ උග්‍ර වීමට ප්‍රධාන වශයෙන් හේතු වේ.
දත්මුල් දියවීමේ ආරම්භක අවස්ථාවේදී දත් මදින විට විදුරුමසින් ලේ ගැලීම, විදුරුමස් රතු වී ඉදිමීම සහ මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. රෝගය තවත් වර්ධනය වන විට විදුරුමස් පහළට බැස දත්මුල් පෑදීම සිදුවන අතර, දත් අතර පරතරය වැඩි වී අවසානයේ දත් බුරුල් වී ගැලවී යාමේ අවදානමක් මතුවේ. එම නිසා මෙවැනි ලක්ෂණයක් දුටු වහාම සුදුසු දන්ත වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ඉතා වැදගත් වේ.
දත්මුල් දියවීම සඳහා යොදන මූලික දන්ත වෛද්‍ය ප්‍රතිකාරය වන්නේ දත් පිරිසිදු කිරීම (Scaling) සහ දත්මුල් සුමට කිරීමයි (Root Planing)
මෙහිදී දත් මතුපිට සහ විදුරුමසට යටින් තැන්පත් වී ඇති තද බැක්ටීරියා තැන්පතු අල්ට්‍රාසොනික් උපකරණ මගින් ඉවත් කර, දත්මුල් මතුපිට සුමට කිරීම හරහා නැවත විදුරුමස් දතට සවි වීමට ඉඩ සලසයි. ආසාදනය තදින් පවතින අවස්ථාවලදී පාලනය සඳහා විශේෂිත ප්‍රතිජීවක (Antibiotics) ඖෂධ හෝ විදුරුමස් අතරට දමන ඖෂධීය ජෙල් වර්ග භාවිත කරනු ලැබේ. එමෙන්ම වර්තමානයේ Laser Dentistry භාවිතයෙන් අවම වේදනාවකින් සහ වේගවත් සුවවීමකින් යුතුව මෙම ප්‍රතිකාරය සිදු කළ හැක.
විශේෂයෙන්ම LANAP (Laser-Assisted New Attachment Procedure) වැනි ලේසර් තාක්ෂණික ක්‍රම මගින් විදුරුමස් සාක්කු තුළ ඇති ආසාදිත පටක සහ බැක්ටීරියා විනාශ කර (Sterilization), නිරෝගී පටක සහ අස්ථි නැවත වර්ධනය වීමට උත්තේජනය සපයයි. ලේසර් ප්‍රතිකාරයේදී කැපීම් හෝ මැහුම් යෙදීම අවශ්‍ය නොවන අතර, ලේ ගැලීම සහ ඉදිමීම ඉතා අවම නිසා රෝගියාට ඉක්මනින් සුවය ලබා ගත හැක.
රෝගය ඉතා තදින් පැතිරී අස්ථි පවා ක්ෂය වී ඇති සංකීර්ණ අවස්ථාවලදී සාම්ප්‍රදායික ශල්‍යකර්මමය ප්‍රතිකාර (Flap Surgery) හෝ පටක බද්ධ කිරීමේ (Bone & Tissue Grafts) ප්‍රතිකාර වෙත යොමු වීමට සිදුවේ. කෙසේ වෙතත්, දිනකට දෙවරක් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප යොදා නිවැරදිව දත් මදීම, Dental Floss භාවිතය, දුම්පානයෙන් වැළකීම සහ මාස 6කට වරක්වත් දන්ත වෛද්‍යවරයකු ලවා මුඛ පරීක්ෂාවක් සිදු කරගැනීම මගින් මෙම තත්ත්වයෙන් ආරක්ෂා විය හැක.
ඔබත් දත්මුල් දියවීමෙන් පීඩා විඳින්නෙක් නම් අදම Shine Dental Care වෙත පැමිණ අති නවීන Laser Dentistry භාවිතයෙන් අවම වේදනාවකින් සහ වේගවත්ව ඔබේ ප්‍රතිකාරය ලබාගන්න.
තවත් කෙනෙකුට කියවා දැනුම්වත්වන්න මෙම ලිපිය Share කරන්න...
📞 For Appointments & Inquiries
Call Our Hotline 👉 077 012 5055
Instagram :- https://www.instagram.com/doctor__shine/
YouTube :- https://www.youtube.com/.AsankaSenanayake
TikTok :- https://www.tiktok.com/?lang=en
🇱🇰