Regional Directorate of Health Services Kegalle

Regional Directorate of Health Services Kegalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Regional Directorate of Health Services Kegalle, Health & Wellness Website, Bulathkohupitiya Road, Kegalle.

The Office of the Regional Director of Health Services, Kegalle comes under the Health Ministry of Sabaragamuwa Provincial Council and headed by the Regional Director of Health Services.

28/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" 🇱🇰
🔹 සුපිළිපන් බවෙන් පිරිපුන්,
🔹 කාර්යක්ෂම ඩිජිටල් තාක්ෂණයෙන් සපිරි
🔹 නව රාජ්‍ය සේවා යුගයකට මුලපුරමු!

🏛️"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්"සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීම.🇱🇰2026 ජුලි ...
27/07/2026

🏛️"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන්
ශ්‍රී ලංකාවක්"
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ජාතික
මෙහෙයුම ක්‍රියාවට නැංවීම.🇱🇰

2026 ජුලි 27 දින සිට ජුලි 31 දක්වා
ක්‍රියාත්මක වන සුපිළිපන් සතියට සමගාමීව,

කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිදර්ශනී පෙරියසාමි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අංශ ප්‍රධානීන් හා කාර්ය මණ්ඩලය සහභාගිත්වයෙන් එම වැඩසටහන සහ සුපිළිපන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදීම, සිදු කෙරිණ.

ප්‍රමිතියෙන් සහ ගෞරවයෙන් පිරිපුන්, දූෂණයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ මෙම ජාතික මෙහෙයුම වෙනුවෙන් කැපවන සියලුම රාජ්‍ය ආයතනයන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය! 👏✨


රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි  වාට්ටු සංකීර්ණය ඵලදායී ලෙස අක්ෂි ප්‍රතිකාර සේවා සඳහා යොදා ගැනීම සහ අක්ෂි කාච ස...
17/07/2026

රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි වාට්ටු සංකීර්ණය ඵලදායී ලෙස අක්ෂි ප්‍රතිකාර සේවා සඳහා යොදා ගැනීම සහ අක්ෂි කාච සැත්කම් පොරොත්තු ලේඛනයේ සිටින පිරිස අඩු කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද (17) එම රෝහලේදී ගරු සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කෑගල්ල දිස්ත්‍රික්කය සහ ඒ අවට ප්‍රදේශවල පවතින ඇසේ සුද ඉවත් කිරීමේ (Cataract) සැත්කම් පොරොත්තු ලේඛනය කඩිනමින් අවසන් කිරීම සඳහා රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ සිව් මහල් අක්ෂි වාට්ටු සංකීර්ණය "විශේෂිත අක්ෂි ශල්‍යකර්ම මධ්‍යස්ථානයක්" (Specialized Cataract Hub) ලෙස පූර්ණ කාලීනව වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

මෙම රෝහල 2017 වර්ෂයේදී ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර 2024 වසරේදී ඉදිකිරීම් අවසන් කළද එහි උපරිම ධාරිතාවයෙන් මෙතෙක් සේවා සැපයීමට අසමත්ව තිබේ. ශල්‍යාගාර තුනක් පැවතියද මේ වන තෙක් එහි එක් ශල්‍යාගාරයක පමණක් අක්ෂි සැත්කම් සිදු කරනු ලබයි. මසකට සැත්කම් සියයකටත් අඩු ප්‍රමාණයක සිදුකරන මෙම රෝහළ කෑගල්ල දිස්ත්‍රික්කයේ අක්ෂි සැත්කම් මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කර ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල අනුයුක්ත කර උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කිරීමට මගින් අක්ෂි කාච සැත්කම් පොරොත්තු ලේඛනයේ සිටින පිරිස අඩු කිරීමට අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා,සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ශ්‍රීනි අලහප්පෙරුම, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත රණසිංහ, කෑගල්ල දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි. වෛද්‍ය නිදර්ශිනී පෙරියසාමි මහත්මියගේ මග පෙන්වීම යටතේ නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් කුමාර මහතා,වෛද්‍ය කාර්‍ය මණ්ඩලය, කාර්‍යාලීය නිලධාරී මණ්ඩලය ,කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ, රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයවීර යන මහත්ම මහත්මීන් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද, ඇතුළු කාර්ය මණ්ඩල එක්ව සිටියහ.

17/07/2026

රඹුක්කන ප්‍රාදේශීය රෝහලේ අක්ෂි වාට්ටු සංකීර්ණය

ජීවිතය තෝරාගන්න 👨‍👩‍👧දුරකථන පසෙකින් තබන්න 📱පරිස්සමින් ගිහින් එන්න 🤗
05/07/2026

ජීවිතය තෝරාගන්න 👨‍👩‍👧
දුරකථන පසෙකින් තබන්න 📱
පරිස්සමින් ගිහින් එන්න 🤗

💉🚑💉🚑පරිස්සමින් ආයෙමත්සරම්ප පැතිරේ
29/06/2026

💉🚑💉🚑
පරිස්සමින්
ආයෙමත්
සරම්ප පැතිරේ

පරිස්සමින් ගිහිං එන්න🤗🤗🤗🤗🤗🤗🤗🤗ඔබ එනකම් ගෙදර අය බලන් ඉන්නවා.🏊❌
27/06/2026

පරිස්සමින් ගිහිං එන්න
🤗🤗🤗🤗🤗🤗🤗🤗
ඔබ එනකම් ගෙදර අය බලන් ඉන්නවා.
🏊❌

කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි.වෛද්‍ය .නිදර්ශනී පෙරියසාමි මහත්මියගේ නායකත්වයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියෙ...
23/06/2026

කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වි.වෛද්‍ය .නිදර්ශනී පෙරියසාමි මහත්මියගේ නායකත්වයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාවලියෙන් ශක්තිමත් වෙමින් සුවැති සේවා පරිසරයකට පියවර තබන කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය..
🏥🚑💉

උදුගොඩ රෝහලේ රසායානාගාර සහ පරිපාලන ගොඩනැගිලි විවෘත කරමින්.......
21/06/2026

උදුගොඩ රෝහලේ රසායානාගාර සහ පරිපාලන ගොඩනැගිලි විවෘත කරමින්.......

Address

Bulathkohupitiya Road
Kegalle

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 06:00 - 17:00
Wednesday 06:00 - 17:00
Thursday 06:00 - 17:00
Friday 06:00 - 17:00
Saturday 06:00 - 17:00

Telephone

+94352222549

Alerts

Be the first to know and let us send you an email when Regional Directorate of Health Services Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Regional Directorate of Health Services Kegalle:

Shortcuts

Share