27/08/2026
නිකිණි සිසිල් සඳ කිරණින් ලොවම නිවී,
දහම් සිසිල හදවත් තුළ සෙමින් වැදී,
කෙලෙස් මලින් පිරි සිතුවිලි සසල නොවී,
නිවන් මඟට සිත් දොරගුළු විවර වුණී..
ගුවන් ගැබ සිසාරා නැගෙන නිකිණි පුර පසළොස්වක සිසිල් සඳ කිරණ, අප සිත් තුළට රැගෙන එන්නේ අපූර්ව ශාන්තියක් සහ ආධ්‍යාත්මික පිබිදීමක්. මෙම උතුම් දිනය සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, කැපවීම සහ ප්‍රඥාවේ ආලෝකය ලොවට කියන නිහඬ ස්මාරකයක් බඳුයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සිදුවූ සුවිශේෂී ඓතිහාසික මොහොතක් සිහිපත් කරන පුණ්‍යමය දිනයක් ලෙසද නිකිණි පුර පසළොස්වක පොහොය දිනය හැඳින්විය හැකියි. මෙහිදී ප්‍රධාන වශයෙන් සිහිපත් කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් ධර්ම විනය සුරක්ෂිත කිරීම උදෙසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහනුවර වේහාර පර්වත ප්‍රාන්තයේ සප්තපර්ණී ගුහාද්වාරයේ දී ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීමයි. එසේම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන් සියලු කෙලෙසුන් නසා මහ රහත් භාවයට පත්වීම සහ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිධන් කර සේරුවාවිල මංගල මහා චෛත්‍යය රාජයාණන් වහන්සේ ඉදිකිරීම් ආරම්භ කිරීම වැනි ශාසනික වැදගත්කමකින් යුත් සිදුවීම් රැසක් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ වේ.
ඉඳින් ඔබට නිසල නිවන් මඟ සිහිපත් කරන, ධර්මාලෝකයෙන් සිත් සැනසී නිවී යන, පින්බර නිකිණි පොහොය දිනයක් වේවා !
The cool, serene rays of the Nikini Full Moon, spreading across the vast sky, bring a profound sense of peace and spiritual awakening to our minds. This sacred day stands as a quiet monument to the perseverance, wisdom and enduring continuity of the Buddha Sasana, reminding the world of the light of the Dhamma.
The Nikini Full Moon Poya Day is regarded as a meritorious day that commemorates a significant historical moment in the preservation and continuation of the Buddha Sasana following the Parinibbana of Lord Buddha. Foremost among the events remembered on this sacred day is the commencement of the First Buddhist Council, held under the leadership of the Venerable Maha Kassapa Thera at the entrance to the Sattapanni Cave, on the slopes of Mount Vehara in Rajagaha. The Council was convened to preserve and safeguard the Dhamma and Vinaya following the passing away of Lord Buddha.
Nikini Full Moon Poya Day is also associated with several other events of great significance to the Buddha Sasana, including Venerable Ananda Thera, Lord Buddha’s chief attendant, attaining Arahantship after eradicating all defilements and the commencement of the construction of the Seruwawila Mangala Maha Chaitya, enshrining the sacred forehead relic of Lord Buddha.
May this blessed Nikini Full Moon Poya Day bring you the remembrance of the tranquil path to Nibbana and may your hearts be comforted and calmed by the meritorious radiant light of the Dhamma!
வானம் முழுவதும் பரவியுள்ள நிகிணி பௌர்ணமியின் குளிர்ந்த நிலவொளி, நம் இதயங்களுக்குள் அற்புதமான அமைதியையும், ஆன்மீக விழிப்புணர்வையும் ஏற்படுத்துகிறது. இது புத்த சாசனத்தின் நிலைத்தன்மையையும், அர்ப்பணிப்பையும், ஞானத்தின் ஒளியையும் உலகிற்கு எடுத்துக்காட்டும் ஒரு புனிதமான நாள் ஆகும்.
புத்த பெருமானின் பரிநிர்வாணத்திற்குப் பின்னர், புத்த சாசனத்தின் நிலைத்தன்மைக்காக நிகழ்ந்த ஒரு சிறப்புமிக்க வரலாற்றுச் சம்பவத்தை நினைவுகூரும் புண்ணிய நாளாக நிகிணி பௌர்ணமி தினம் கருதப்படுகிறது.குறிப்பாக புத்த பெருமானின் மறைவின் பின், தர்மத்தைப் பாதுகாப்பதற்காக, மகா காஷ்யப தேரரின் தலைமையில் ராஜகிருக நகரில் வேபார மலையின் அருகிலுள்ள சப்தபர்ணி குகை வாயிலில் முதல் தர்ம சங்காயனையை ஆரம்பித்தமை நிகழ்வு இந்நாளில் முக்கியமாகக் கருதப்படுகிறது.மேலும், புத்த பெருமானின் பிரதான உபஸ்தாயகராக இருந்த ஆனந்த தேரர், அனைத்து கிலேசங்களையும் அழித்து அரஹத் நிலையை அடைந்ததும், புத்த பெருமானின் புனித தந்தத் தாது பிரதிஷ்டை செய்யப்பட்ட செருவாவில மங்கள மகா சேய நிர்மாணப் பணிகள் ஆரம்பிக்கப்பட்டதும் இந்த நாளில் ஆகும்.
அனைவருக்கும் தர்மத்தின் ஒளியால் மனம் சாந்தியடைந்து, ஞானத்தின் ஒளியால் மனம் தெளிவடைந்து, அமைதியான நிர்வாணப் பாதையை நினைவுகூரும், புண்ணியமிக்க நாளாக நிகிணி பௌர்ணமி தினம் அமையட்டும்.
Students' Union,
Faculty of Nursing,
University of Colombo.
......................................
Designed By FN MEDIA